හිතට තනිකම පවරලා හිතේ ලෙන්ගතුකම් මකා
සසර සැනසුම දුර තියා
මගේ ලොවේ හිරු හැංගුනා...
කප්පරක හීනය බොඳවෙලා
වැහි හතක සීතල හදවෙලා
නෙතු අතර කඳුලක රස තියා
දුර කඳු අතර ඔබ හැංගුනා..
කියා නොකියා හිතට සෙනෙහස
අසම්මතයක තනිවෙලා මම
අසමසම ඉර හෙට නැගේවිද
සඳයි මම ඔබ නමින් පායන ...