ආසියානු පැසිෆික් කලාපයේ 2016 අවුරුද්දේ හොඳම මුදල් ඇමති ලංකාවේ ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා වන රවී කරුණානායකයි කියලා දැනගත්තම උඩ පැනලා අත්පුඩි ගහන්නද නැත්නම් අනේ අපොයි කියන්නද කියලා හිතාගන්න බැරි මට්ටමකට සමහරු පත්වෙලා. ඒත් කලබල නොවී බොහොම සාපේක්ෂව හිතලා බැලුවම මේකට අදාල කරුණු ගණනාවක් මතකයට පැමිණියා. එහෙම ටිකක් විශ්ලේෂණාත්මකව බැලුවම රවී දකුණු ආසියාවේ නෙවෙයි ලෝකෙම හොඳම මුදල් ඇමති විදිහට සම්මාන ගත්තත් පුදුම වෙන්න දෙයක් නෑ කියලා හිතුනා.
සම්මානය පිදුම, "ද බෑන්කර්" සඟරාව
බ්‍රිතාන්‍යයේ ද බෑන්කර් සඟරාව පරිශීලිනය කරපු අයෙක් හොඳින් දන්නා කාරණය තමයි මේ සඟරාව විසින් ප්‍රමුඛතාවය දී කටයුතු කරන්නේ ආර්ථික ප්‍රතිසංස්කරණවාදයයි. ඒ වචනයේ අභ්‍යන්තරයේ තියෙන්නෙම ලෝකයේ ආර්ථිකය සංවෘත තැනක සිට පූර්ණ විවෘත ආර්ථිකයක් බවට පත්කිරීමේ ක්‍රමය මීට වසර හැට හැත්තෑවකට පෙර ආරභවුණ ආකාරයයි. ආර්ථික ප්‍රතිසංස්කරණවාදයට කත්අදින සඟරාවක් එවැනි ප්‍රතිසංස්කරණවල නූතන මුහුණුවර අකුරක්වත් වෙනස් නොකර ලංකාව ඇතුලේ ක්‍රියාත්මක කරන රවීට සම්මානයක් නොදෙනවනම් වෙන කාට දෙන්නද කියලා ටිකක් හිතලා බලන්න පුළුවන්.