මේක මගේ මිත්‍රයෙක් කරපු වැඩක්. ඒක නිසා එතුමාට උපහාර වශයෙන් මේක ඉදිරිපත් කරන්න කැමතියි. සිද්ධිය වුණේ මීට අවුරුද්දකට විතර කලින්. අගනගරේ සුප්‍රසිද්ධ හෝටලයක තිබුණ සාදයක් ඉවරවෙලා සාදෙට ආපු ඇත්තෝ ආගිය තොරතුරු කතා කරමින් ඉන්නවා. එතන තිබුණේ බොහොම උද්යෝගයෙන් අඩු පාළු ස්වභාවයක්. මගේ මිත්‍රයට මේ පාළුව කියන දේ පාඩුවේ තියෙන්න ඉන්න බැරි පුද්ගලයෙක්. මිනිහත් මේ සාදේ ආරාධිතයෙක් විදියට ඇවිත් හිටියා.
ඔහොම ඉඳලා ඉඳලා මේ අප්‍රිය පාළුව තව දුරටත් විඳගන්න බැරිවෙච්ච මගේ මිත්‍රයා නැගිටලා කට්ටියගෙම අවධානය ගන්න මෙහෙම දෙයක් කලා.
"සුභ සන්ධ්‍යාවක් නෝනාවරුනි මහත්වරුනි...දැන් බොහෝ වෙලාවක් තිස්සේ නිසංකලංකව තිබුණ මේ සාදයේ මම වෙනසක් කරන්න අදහස් කලා..."
පාටියේ හිටපු එකෙක් මෙහෙම නැගිටලා බෙරිහන් දෙද්දි සේරම හොල්මන් වෙලා බලන් හිටියා. සමහරු කන බොන දේවල් පවා නවත්තලා හිටියා. ඊට පස්සේ මගේ මිත්‍රයා කියපු දේට කට්ටිය තවත් හොල්මන් වුණා.