හිමින් සීරුවේ ලයමඩල පසාරු කරන සුසුම් වැල් අද කොතරම් කුරිරුද යන්න සිතෙන නිමේෂයක්. එක පැත්තකින් එන හීන හුළඟත් ඇඟට කොච්චර වදයක් වෙලාද. ජීවිතේ මංසලක අතරමං වෙලා..ඒක හුදෙකලාව දීපු තෑග්ගක්ද දඬුවමක්ද හිතාගන්න බැරුව.
“මම ඔයාට ආදරේද නැද්ද මම දන්නේ නෑ...“
“ඔව්...කියන්න“
“ඒත් මම ඔයාට ගොඩක් කැමතියි...ඒ අවුරුදු ගාණක් තිස්සේ මම ආදරෙන් වචනයක්වත් නොකිව්වත්...ඔයා මටම ආදරේ කරන නිසා...“
“හ්ම්ම්“
පිටකරන්න සුසුමකට වඩා දෙයක් හිතේ තිබුණේ නෑ.
“මම මේ නගරෙට ආස නෑ..මම දන්නෑ ඒකට හේතුව“
හිතට දැනුනේ මහ පුදුමයක්. මම මගේ හදවතෙන් ආදරය කරන නගරයට මම හදවතින් ආදරය කරන කෙනා අකමැතිවීම. දෛවයේ එක්තරා අභියෝගක්.සරදමක්ද මන්දා.