ගතවන තත්පරයක් තත්පරයක් පාසා හිත නොසන්සුන්කමකින් වදදුන්නා, අද හවස තුන වෙද්දි මොනවා වෙයිද ඒ වෙන දේවල් වලට කොහොම මුහුණ දෙන්නද කියලා හිත හරි පැහැදිලි විවරණයක් දුන්නේ නෑ. ඒත් ඊයේ ජිත්මි මාව මුණ ගැහෙන්න හිටියා කියලා කියනකොට එයාගේ මූණේ තිබුණේ එච්චර හොඳ ලකුණක් නෙවෙයි. ඒක හිතේ ලොකු බයක් ඇති කරා. ඔට්ටුව පරදීවිද මම? ලක්ෂෙනම් බල්ලට ගියාවේ..ඒත් ජිත්මි නැතිවුනොත්...ඒ මදිවට අර ගොබ්බයට අයිතිවුනොත් කොහොමද වාවන්නේ..හිත එක එක දේවල් කිව්වා.
“හිතට හයිය ගනින් බං...තව දවස් හයකින් සේරම ඉවරවෙන්න තියන එකේ අද ඒකට එක අඩියක් හරි තියපං...“
සමීර කතාකරලා බොහොම බරපතල වචන ටිකක් කිව්වා. ඇත්ත ඒ කතා සේරම ඇත්ත. හිත බොහොම අමාරුවෙන් ශක්තිමත් කරගෙන හවස ගමන යන්න ගියා.
මාතර බෝධිය පහුවෙද්දි ඉබේම හිතට මොකක්දෝ වෙනසක් දැනුනා. හිතට නැති හයියක් ආවා..