ජීවිතේ අපි ආදරේ කරන බොහෝ දේ තාවකාලිකයි. සංස්කාර ධර්මයන්ගේ අනියතභාවය අනිත් හැමදේටම වඩා ඉක්මණට අපි ආදරේ කරන දේ අතරට ආරෝපණය වීම අහේතුකව පිළිගන්න වෙන සත්‍යයක් බවට පත්වෙලා. සමහර විට ජීවිතේ අපි වඩාත්ම ආදරේ කරන දේවල් අපේ ඇස් ඉදිරිපිට සිතුවමක් බොඳවෙලා යන්න වගේ නැතිවෙලා යන්න ගතවෙන්නේ බොහොම සුළු කාලයයි. ආදරේ කියන අකුරු අතරේ ඒ වේදනාත්මක මතක බොහොමයක් ලියවෙන්නේ ඒ හින්ඳම වෙන්න ඇති.
සංසාරය කියන සංකල්පේ එක්ක අපි ජීවිතේ ගැන ගැඹුරට හිතද්දි සංසාරය පුරාවටම අපි විසින් එකතු කරගෙන එන දේවල් අතර ප්‍රිය වර්ගයාද රැගෙන ඒම නිරායාසයෙන්ම සිදුවෙනවා. ඒත් ඒ ප්‍රිය වර්ගයා මේ ජීවිත කාලය තුල කරන බොහෝ දේවල් වලින් හිතටම දැනෙන වේදනාව මෙතෙක් කියලා කියන්න මිම්මක් නෑ. සමහර විට අපි ආදරේ කරද්දි හරි ආත්මාර්ථකාමීව ආදරේ කරනවා. ඒ ආදරේ අපිටම විතරයි, එයින් අංශුමාත්‍රයක්වත් බෙදාහදාගන්න අපි කැමති නෑ. පොදු සමාජයේ විචාරක ඇසට මෙය විවේචනයට ප්‍රස්තුතයක් වුනාට පෘතග්ජන හිතට මෙය සාමාන්‍ය කාරණයක් බව තේරුම්ගත යුතුයි.