කාලෙකට පස්සේ අහපු කතාවක රසය දෙන්න හිතුවේ ටිකක් ලේ පිරිසිදු කරගන්න එක්ක. මොකද මේ දවස්වල රටේ වාතාවරණය නිසාවෙන් ගොඩක් අය ඉන්නේ පිපිරි පිපිරි.ඉතින් කාලීන හා සමාජ මෙන්ම කලාව සම්බන්ධ ලිපිවලින් ටිකක් එපිටට ගිහින් සාමාන්‍යකරණීය කරපු කතාවක් ඉදිරිපත් කරන්න හිතුවේ ඒකයි. මේ කතාව සමහරවිට අහලත් ඇති, මගේ කණට ඇහුණෙත් ටිකක් කාලෙකට ඉස්සර. මෙන්න මේකයි කතාව. එක තරුණයෙක් හිටියලු බොහොම මහන්සියෙන් අලුත් රැකියාවක් එහෙම හොයාගෙන බොහොම ධෛර්ය සම්පන්නව මාසෙට ගාණක් හොයාගෙන ජීවත් වෙන. ඉතිං දවසක් මේ තරුණයා කාර්යාලයේ වැඩකරගෙන හිටිද්දි දුරකතන ඇමතුමක් ආවලු තරුණයාගේ ගෙදරින්, ඒ පණිවුඩයෙන් කිව්වේ මේ තරුණයාගේ ලඟම ඥාතී කෙනෙක් වෙන මාමා කෙනෙක් අසාධ්‍යවෙලා රෝහලේ ඉන්නවා කියලත් ඒ මාමට මේ තරුණයා ඉක්මණින් මුණගැහෙන්න ඕන කියලත්. මේ පණිවුඩේට තරුණයා ටිකක් කලබල වුනා. මොකද මේ මාමා තරුණයට බොහොම ආදරෙන් සලකපු කෙනෙක්.කොහොම වුනත් තරුණයට මේ මාමාව බලන්න කාලෙකින් යන්නත් බැරිවෙලා තිබුණේ. අන්තිමට තරුණයා රෝහලේ මාමා ඉන්න කාමරේට ගියා.
මාමා බලාගන්න හිටපු කීපදෙනා තරුණයා එක්ක කතා කරලා මේ තරුණයාට මාමව බලන්න ඉඩ දුන්නා.
“මේ දැනුත් අංකල් ඔයා ආවද කියලා ඇහුවා..“