මේ රටට දෙයියන්ගේ රට කියන්නේ දෙවියන්ගේ බැල්මට සහ ආරක්ෂාවට ලක්වෙන රටක් නිසා වෙන්න ඇති. තිලෝගුරු බුදුන් තුන්වරක් වැඩියා කියලා විශ්වාසයක් තිබෙන් ඒ වගේම අඩුවක් නැතුව තෙවලා දහමින් පෝෂණයවුනු බිම. දෙයියන්ගේ රටේ වෙන දේවල් හරි විපරීතයි. ගරුකල යුතු දේවල් වලට ගරු නොකරන නිගරු කල යුතු දේවල් පසසන, ගරු කල යුත්තන්ට ගල් ගහන, ගරු නොකල යුත්තන් පුදසුනේ මල් තබා පුදන කාලෙක ඒවා බලන් ඉන්න වෙන එකත් එක්තරා විදියක පාපයක්. තමන් එන්නේ කොතනින්ද යන්නේ කොතනටද කියලා අවබෝධයක් නැති මිනිස්සු උඩබලාගෙන කෙල ගහගන්නවා..තමන්ගේ මුහුණටම වැටෙන තමන්ගෙම කෙළ පිඩ තමන්ගේ නොවෙයි වගේ ඉන්නවා..
තමන්ට කීයක් හරි හොයාගෙන කාලා බීලා කාමසුඛල්ලිකානු යෝගයේ හැසිරිලා මැරිලා ගියාම සැපයි කියලා හිතන පරපුරක් බිහිවෙලා. තමන්ට කියලා ඊට එහා ගියපු සමාජ වගකීමක් සහ ස්වකීය ප්රපංචයක් බිහිකල යුතුයි කියන හැඟීම සහ දැනීම නූගත්භාවය සහ ප්රායෝගික නොවීම කියන සාධක එක්ක වල් වැදිලා. රටට තමන්ගෙන් වෙන්න ඕන වගකීම් ඉටු නොවුනම තමන්ටත් කලින් රට වල පල්ලට යනවා කියලා නොතේරෙනවද.