Dec 29, 2014

සල්මන් ඛාන් එන්න..දකුණු කරෙන් එන්න..උතුරු කරෙන් එන්න


මහින්ද මාමා කොහේදෝ ඉඳලා දූවලා ඇවිත් වේදිකාවට නැග්ගා. සී.ටී.බී වල ඇවිත් පස්සේ ඇණ ඇනිලා ලාවට පිටගැස්ම හැදිලා හිටපු මිනිස්සු දඩි බිඩි ගාලා නැගිටලා අත් උඩට දාලා මහින්ද මාමාට අත වනන්න පටන් ගත්තා..එතකොටම රැස්වීමේ සංවිධායක බුවා දුවලා ඇවිත් සවුන්ඩ්ස් බාරව ඉන්න බුවාට කිව්වා 

“යකෝ සින්දුව සින්දුව..“ කියලා

එතකොට සවුන්ඩ් බාර බුවා “හරි ලොක්කා“ කියලා සින්දුව දැම්මා

“දකුණු කොරෙන් එන්න - උතුරු කොරෙන් එන්න - නැගෙනහිරින් එන්න- සතර දෙසින් එන්න - එන්න එන්න එන්න..රට හදන්න එන්න..එන්න එන්න එන්න...චක බකාස් ලකා පටාස් චුස්..චුස්..“

සෙට් එක හිරවෙලා ට්‍රැක් එක හිරවුණා..ෆුල් ජොලියේ කට කණේ තියාගෙන අත්දෙක උඩටම දාගෙන හිනාවෙවී හිටපු මහින්ද මාමගේ හිනාව නිකං හිරු දුටු පිණි බිඳු වගේ නස්තාර් වෙලා අතුරුදහන් වුනා..හැරිලා ඔරවලා බැලුවා සවුන්ඩ් බාර බුවා දිහා..

Dec 26, 2014

“මකරට“ - පිස්සුව බෝ කරගන්නවද? නැත්නම් බුදියගන්නවද?


චාමික හත්ලහවත්ත අවසානයේ මා හට විකල්ප දෙකක් ලබාදුනි. ඉන් එකක් නම් මේ පිස්සුව බෝ කරගැනීමයි, අනික ගෙදර ගොසින් රිසිසේ කිසිවක් නොවූ ලෙස බුදියගැනීමයි. චාමිකට මා පැවසූයේ එකම එක වාක්‍යයකි. “මා දැනටමත් මේ පිස්සුව බෝ කරගෙන ඇත“ යනුවෙනි. චාමික කියන මේ පිස්සුව කුමක්ද යන්න වටහාගත යුතු මට්ටමකට ගෙන ආ යුතුය. පවතින වටපිටාව තුල බල ව්‍යාප්තියට හා බල සංකේන්ද්‍රණයට එරෙහිව වචනයක් හෝ වෙහෙස වන්නාට මේ රටතුල ඊනියා දේශපාලඥයින් සහ වන්දිභට්ටයින් ලබාදෙන්නාවූ නම් ගණනාවක් ඇත. පිස්සා, දේශද්‍රෝහියා, එන්.ජී.ඕ කුක්කා, ඩොලර් කාක්කා හෝ ඒ හා සමාන නමක් ඒ අතර විය හැක. එහෙත් මෙරට පාසලකට වැස්සකට හෝ ගොඩවූ සහ මේ රටේ වත්මන් තත්වය ගැන යන්තම් හෝ අවබෝධ ඥානයක් තිබෙන්නාවූ පුරවැසියෙක් සිතිය යුතු කාරණය වන්නේ අසීමිත බල ලෝභයට එරෙහි වන්නෝ පිස්සෝද යන්නයි. නැත්නම් ඒකාධිපතිවාදයකට රට ගෙන යාම වලක්වන්නට කිසිවක් හෝ කරන සෑම අයෙක්ම දේශද්‍රෝහියෙක්ද යන්නයි. පිළිතුර හෘද සාක්ෂිය ලබා දෙනු ඇත. ඒ මන්ද යත් සෑම පුරවැසියෙකුගේම හෘද සාක්ෂිය විමලසිරි ගම්ලත් (විමල් වීරවංශ) ගේ මෙන් “ලොක්“ වී හෝ “බ්ලොක්“ වී නැතිබව දන්නා නිසාවෙනි.

   එසේම ඔහුට සහ ඔහු අලුතෙන්ම සංක්‍රමණය වූ පන්තිය තුල යැපෙන්නන්ට හිමි හෘද සාක්ෂිය මෙරට සාතිශ්‍ය බහුතරය ජනතාව සතුව නොමැති බව අප දන්නා බැවිනි. චාමික හත්ලහවත්තයන්ගේ “මකරට“ තුලින් කියවෙන කතාව තුල මා දකින ආකාරයට “මකරා“ යනු පවතින බලලෝභී පාලකයාය, “එලීසා“ කුමරිය යනු රාජ්‍යයත්වය, “ලාන්ස්කොට්“ කුමාරයා යනු විකල්ප බලවේගයයි. විකල්ප බලවේගය විසින් රාජ්‍යයත්වය පැහැරගැනීම උදෙසා පවතින පාලනය පෙරලා දැමීම මේ මකර පුරාවෘත්තයේ හරයයි. නමුත් “මකරට“ ඉන් ඔබ්බට යන්නකි. රාජ්‍යත්වය ලබාගත් කුමාරයා රාජ්‍යයත්වයට ද කොකා පෙන්නා මකරාගේ භූමිකාවටම අවතීර්ණ වීම සහ මකරා පසුව කුමාරයාගේ භූමිකාවට පත්වීම තුල “ද ඩ්‍රැගන්“ කතා පුවත ශ්‍රී ලාංකේයකරණය මනවාට සිදුකර ඇති ආකාරය අගය කල යුතුය. අන්න ඒ නිසාවෙන් මුහුණු මාරුවකට වඩා ක්‍රමවේද මාරුවක අවශ්‍යතාව සැබෑ ලෙසම පෙන්වා දෙන නාට්‍යයක් ලෙස “මකරට“ හැඳින්විය හැක.

   නමුත් නාට්‍යය දිගහැරෙන පසුබිම මානසික රෝහලක මානසික රෝගීන් විසින් නිමකල කෝලමක් නිසාවෙන් සැබෑ ලෙසම ක්‍රමවේද වෙනසකට සූදානම් වන්නේ පිස්සන් පමණක්ද යන සමාජමය කොටුවීමකට නරඹන්නා පත්වීම වැලැක්විය නොහැක. ඒ නිසා මේ පිස්සුව බෝකරගත යුතුම වේ. තවත් එක් කරුණක්නම් මේ නාට්‍ය පුරාවට දිග හැරෙන සජීව සංගීත මුසුවයි. මා මිත්‍ර ළහිරු මාදිවිල විසින් මෙහෙයවන සංගීතය “මකරට“ වෙත විශාල ජවයක් ලබාදේ. එම නිසාවෙන් ප්‍රේක්ෂකයාට මනා ලෙස නාට්‍ය ගීතවත් ලෙසින් දැනෙනු ඇත.

   මෙහි ආකර්ශණීයම කොටස වන්නේ නාට්‍යය තුල යුද්ධය නැමති සංකල්පය සුන්දර ලෙස ජනතාගත කිරීමට දරන සෞන්දර්යාත්මක උත්සහයයි. සමස්තය තුල කියවෙන්නේ සමාජ ධාරාව තුල යථාර්ථයක් ලෙස සිදුවන්නේ කුමක්ද යන්නයි. එසේම නාට්‍යකරුවා දෙන විකල්පය තුලින් කෙසේ පිළිතුරු සෙවිය යුතුද යන්න ජනතාවට භාරය. ඔබට විසින් පිස්සුව බෝකරගත යුතුව ඇත, නැතිනම් පුරුදු පරිදිම බුදියාගත යුතුව ඇත.

Nov 22, 2014

මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙන් කෝල් එකක්


“අඟර දගර පොඩි හාමිගේ වත්ත ලස්සනයි..හේයි...අඟර දඟර පොඩි හාමිගේ වත්ත...“ ජංගම දුරකතනය අපූරුවට නාද වේ. නොදන්නා අංකයකි. සැකමුසු ගතියක් අංකයේ ඇත. ඒත් කෝල් එක ගත්තෙමි.

“ආයුබෝවන්..කව්ද මේ..“

“මේ ජනා පුතාද?..“

අප්පට සිරි ගජ..හුරු පුරුදු කටහඬකි..ඒත් කව්ද කියා නිනව්වක් නැත..බරපතලම කාරණයනම් මගේ කෙටි නමද හොඳාකාරව දන්නා පොරකි..දැන් කකුල් දෙක ජපන් මැන්ඩලින් ගසමින් රා රා රා බොම්බියේ ගීතය ගයති.

“ඔව්..ඔව්..එයා තමයි..“

“ජනා පුතා..මම මෛත්‍රී මාමා..“

“මෛත්‍රී මාමා කිව්වේ...“

“ඇයි පුතා අඳුරගන්න බැරිද..මම මෙත්‍රීපාල සිරිසේන..සෞඛ්‍ය ඇමතිතුමා...හි හි හිටපු...නිදහස් පක්ෂේ ලේකම්...ඇයි පුතා තව පොදු අපේක්ෂකයා මමයි..“

මල කෙලියයි අල ලොරියයි කිව්වලු..ඊයේ මාධ්‍ය සාකච්ඡාවක් තියලා මහින්ද මාමට ගුලි බස්සපු මෛත්‍රී මාමා මේ පාන්දර අහිංසක මට මොනවට කතා කරනවද කියලා මම බයවුණා.

Nov 18, 2014

මෛත්‍රීපාල සිරිසේනයන් දුටු සිහින 4


මෙත්පල් සිරිසේනයන් හිමිදිරියේම පිබිද දත කට විකාගෙන කඩිමුඩියේ නිදි සරම පිටින් නිවසින් පිටවන්නට විය. රථාචාරීතෙමේ නින්දෙන් අවදිකරවාගෙන සැනෙන් සැප රියට නැගී නික්මිණි. හෙතෙම කොහි යන්නෙහිද කියා කිසිවෙකුට නිනව්වක් නොවීය. සැප රිය දෙහිවල පුරවර නියම්ගම් පසුකර බෙල්ලන්තරට සැපත්වන්නට විය. එහිවූ සුරම්‍ය ප්‍රාසාදයක් මෙන් දිලෙන සත්මල් ප්‍රාසාදය, රත්න ප්‍රාසාදය පරයන ආරාමයට හෙතෙම ඇතුල්විය.

   එහි විසූ කසාවත තරව නොදැවටූ සිනාසර මුවින් පිරි වහන්දෑ තෙමේ වෙත මෙත්පල් සිරිසේනයන් ගොස් බිම දණගසා වැඳ නමස්කාර කොට මුනිවත බිඳින්නට විය.

“කිමෙක්ද මෙත්පල්..කඩිමුඩියේ මා සදහම් සෙවණට සැපැත්වුණේ?“

මෙත්පල් තෙමේ රෑ නිදිවර්ජිතව සිටි බව පෙනෙන්නට වන් වහන්දෑ සැකමුසු ලෙස හෙතෙම දෙස බැලීය. මෙත්පල් තෙමේ අඳෝනාවක් පරිද්දෙන් යමක් දෙසන්නට විය.

“අනේ ස්වාමීන් වහන්ස..මා පෙර දින රැයේ ස්වප්න මාලාවක් දුටුවෙමි..ඒවා විචාරන තුරු මා හට නිදිවර්ජිතවම හිඳින්නට සිදුවිය..“

වහන්දෑ එය අසා විස්මයට පත්ව තව තවත් තතු මෙත්පල් තෙමේ වෙතින් විචාරන්නට විය.

“කිමෙක්ද මෙත්පල් ඒ සිහින නම්..“

මෙත්පල් තෙමේ හරිබරි ගැසී සිහින දෙසා වදාරන්නට විය.

Nov 12, 2014

පොදු අපේක්ෂකයා අර්ජුන රණතුංග??


රටතුල දේශපාලනය පිළිබඳ අවබෝධයක් හෝ දැනුමක් ඇති ජනතාව තුල පවතින ප්‍රධානතම ප්‍රශ්නය වන්නේ විපක්ෂය විසින් ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයා කව්ද යන්නයි. ආසන්නතම ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබෙන පරිදි එම පොදු අපේක්ෂකත්වය සඳහා පාර්ශව ගණනාවක එකඟත්වය මත පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා තෝරාගැනීමට තීරණය කර ඇති බවයි. තවමත් එය සම්පූර්ණයෙන්ම තහවුරු කරගැනීමට නොහැකි වුවත් බොහෝ දුරට සිදුවන්නට යන්නේ මෙය බව පැහැදිලිය.

   1963 දෙසැම්බර් මස 1 දින ගම්පහදී උපත ලබන අර්ජුන ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සහ කොළඹ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යෙයෙක් වේ. 1996 ලෝක කුසලානය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරුවේත් ඔහුයි. වර්තමාන පාර්ලිමේන්තුව තුල ස්වාධීනව ක්‍රියාකාරන අර්ජුන විපක්ෂය තුල පොදු අපේක්ෂකයා වශයෙන් අවධානය ලැබීමට හේතුව වූයේද එම කාරණයමයි. එසේම විපක්ෂයේ බොහෝ පක්ෂ සමග සබඳතා පැවතීම හේතුවෙන් එය අර්ජුනට වාසි සහගත කාරණයක් විය.

Nov 10, 2014

මහින්ද අයියට එන්න කියාපිය..(කඩාකප්පල්කාරී කතා වස්තුව)


මහින්ද මාමා උදේම සයනයෙන් අවදිවෙලා බිත්තියේ ගහලා තිබුණ පොටෝ ටික දිහා බැලුවා..ජේ.ආර්, ගඩාෆි, චාවේස් හෙන මරුමුස් පාටින් පේලියට පොටෝස් එල්ලලා තියනවා..එතන කොනේම පොටෝ එකේ කුරක්කන් සාටකේ බෙල්ලේ එල්ලගෙන ලතාවට හිනාවේගෙන අත් දෙකම උස්සගෙන ඉන්න තමන්ගේ පොටෝ එක දැකපු මහින්ද මාමට ලැජ්ජත් හිතුනා. මොන උලව්වකට තමන්ගේ පොටෝ තමන්ගෙම ඇඳ ගාව එල්ලගෙනද කියලා. එහෙම කල්පනා කරලා හැරිලා බැලුවා ආරියාව ශිරන්ති නැන්දා තාම නිදිද කියලා..හුටා පටොං කිව්වල ශිරන්ති නැන්දා ඇඳේ හතර මායිමක නෑ...මහින්ද මාමා මුලින්ම ජංගමේ අරගෙන නිව්ස් ඇලර්ට්ස් බැලුවා..එහෙම බැලුවේ ශිරන්ති නැන්දා නින්දෙන් නැගිටලා විපක්ෂෙටවත් ගිහින්ද කියලා..එහෙම ඇලර්ට් එකක් නෑ කියලා දැක්කම මහින්ද මාමාගේ ඇඟට ලේ සුට්ටක් උනන්න පටන් ගත්තා. මොකා ගියත් පාඩුවක් නැතිවුනාට තමන්ගේ ගෙදර මනුස්සයා විපක්ෂෙට ගියොත් හිත හදාගෙන ආණ්ඩුවේ ඉන්න පුළුවන්ද..මහින්ද මාමා කල්පනා කලා.. තාම විපක්ෂේ එවුන්ට ඕක තේරිලා නැත්තේ වෙලාවට..නැත්නම් යන යන තැන ගෑණු මහින්ද මාමගේ අරකයි මේකයි අතගාන කොට, රට වටේ පොඩි එවුන් වඩාගන්නකොට උන් තාත්තේ ගානවා, සීයේ ගානවා..ඕවා ඇහෙද්දිත් ගෙදර උන්දෑ බොහොම අමාරුවෙන් ඒවා ඉවසගෙන රජ සැප නේද කියලා ඉන්නවා..එහෙව් එකේ විපක්ෂේ එතනට ඉලක්කේ බලලා කෙලියොත් තමන් සෙත්ත පෝච්චි තමයි කියලා මාමට හිතුනා..කෙල ගුලියක්ම ගිලුණා මාමට.

   ඇඳෙන් බැස්ස මාමා ඇඳ යට බැලුවා, ටීපෝ එක යට බැලුවා. ඒ ශිරන්ති නැන්දා රෝල් වෙලා ඇඳෙන් වැටිලාවත්ද කියලා. ඒත් හිටියේ නෑ..ඒ අතරේ මහින්ද මාමට ලාවට ඇහෙනවා මාලිගාවේ තාප්පෙන් එහා කව්දෝ කට්ටියක් මර විලාප තියනවා..

“මහින්ද අයියට එන්න කියාපිය - මේවට උත්තර දෙන්න කියාපිය“
“නෑ නෑ නෑ..දෙන්නෙම නෑ - මෙදා පාර දෙන්නෙම නෑ“
“අපි යන්නේ කොයි පාරේ - කලින් එවුන් ගිය පාරේ“

Nov 9, 2014

විරාත් කෝලි හඬා වැටේ Breaking Team News


කොරිඩෝව දිගේ ඇවිදගෙන ආ යමෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ගේ හොටෙල් කාමරයේ දොරට වරක් දෙවරක් තට්ටු කලහ. මැතිව්ස් සිටියේ අයිපොඩ් එකෙන් ළහිරු පෙරේරාගේ මොට්ටු සිංදුව අහන ගමන් හයිද්‍රාබාද් හංඳියේ සුමනක්කගේ කඩෙන් උණු උණුවේම මිලට ගත් මුරුක්කු ටිකක් හපන ගමන්ය. යාන්තමට දොරට තට්ටු කරන හඬ ඇන්ජිට ඇසුණි.

“වරෙං හු *** ඇතුලට“

නිතර ලංකාවට පැමිණ ලංකාවේ එක එක බලු කොල්ලන්ගෙන් කට කැඩෙන කතා අසා පුරුදු කෝලිට මැද වචනය නොතේරුණත් මුල සහ අග වචන දෙක ලාවට තේරුණ නිසා දොරේ අගුල ඇරගෙන කාමරය ඇතුලට රිංගා ගත්හ. කාමරය තුලට පැමිණියේ කෝලි බව දුටු ඇන්ජිට ප්‍රශ්නාර්ථ ලකුණු ගණනාවක් එක්වර මතුවෙන්නට විය.  කෝලි සිටියේ දැඩි ලෙස ශෝකයට පත්ව බිමබලාගත් ගමන්මය. කාමරය තුලට ආවෙත් හිමින් හිමින් අඩිය තබාය. සිහි කල්පනාවක් නැතිව මෙන් තවමත් වාඩි නොවී කාමරය තුල හිටගෙන සිටී.

“ආ මචං...වාඩියං තුන් හතර පොලකින්“

ඒත් කෝලි කිසිඳු හැඟීමකින් තොරව ඇන්ජිගේ ඇඳේම ස්ප්‍රීන් මෙට්ටය මත ඔහේ වාඩිවිය. තාමත් බිම බලාගත් ගමන්මය.

Nov 8, 2014

“මගුල් නැටීම“ යනු මෙය වේ


අපේ ආයතනයේ ගිණුම්කරණ අංශයේ හිතවතුන් පහුගිය දිනවල අමුතු අමුතු වාක්‍යය කියන්නට පටන් ගෙන තිබුණි. ඒවායින් කීපයක් නම් “මොන හු යන්නක් කියනවද?“..“අනේ බං මේ මොන ප යන්නක්ද“ වැනි වාක්‍ය උදාහරණ කීපයක් පමණි. ඒ අතර මා හට සිහිවුණේ අපේ වහරේ අප නිතරම භාවිතා කරන මගුල් නටනවා යන්නයි. “උඹ මොන මගුලක් නටන්නද මේ හදන්නේ?“ යනුවෙන් ඔබට අනන්තවත් ඇසී ඇත. ඒත් ඔබ කෙදිනක හෝ මගුල් නටනවා දැක ඇද්ද යන්න කල්පනා කලේද.

   විවාහ මංගල්‍යය අවස්ථාවලදි පති පතිනි යුවල පෝරුවට කැඳවාගෙන ඒමට වෙස් නැටුම් හෝ පහතරට නැටුම් ඉදිරිපත් කරන බව සත්‍යයකි. ඒත් ඒවා මඟුල් නැටීම් නොවන බව ඕනෑම එකෙකුට තේරෙන දෙයකි. එසේනම් මගුල් නැටීම් යනු මොනවාද.

Nov 6, 2014

ආකර්ශණීය දේශපාලන නායකයන්ට මතක හිටින පාඩමක් - Game Change


ඇතැම් නායකයන් දරුවන් වඩාගෙන සුරතල් කරති, කම්කරුවන් බදාගනිති, කාන්තාවන්ට සුරතල් කතා කියති, මයික් පුපුරන්නට බෙරිහන් දෙති. තවත් නායකයන් පිරිසක් එසේ නොකරති. දේශපාලනය තුල ආකර්ශණය උදෙසා සිදුකරන්නා වූ දේ තුලින් ලංකාවේ වපසරිය තුලනම් ඡන්ද ගොඩ වැඩිකරගැනීමට කදිම උපාය මාර්ගයක් බව අප දන්නෙමු. නමුත් සෑම රටකදීම එය සාධාරණ තර්කයක් නොවන බව පිළිගත යුතුය. එහිලා Game Change යනු ඉතා වැදගත් උදාහරණයකි.

   Game Change යනු අැමරිකානු චිත්‍රපට අධ්‍යක්ෂක ජේ රෝච් ගේ නිර්මාණයක් ලෙසින් මාර්ක් හැල්පරින් සහ ජෝන් හෙයිල්මන් ගේ කෘතියක් ඇසුරුකොටගෙන 2012 වසරේ නිර්මාණය කරන ලද දේශපාලනික චිත්‍රපටයකි. සැබෑ ලෙසම මෙය තේමා කරගන්නේ බැරක් ඔබාමා සහ ජෝන් මැකේන් අතර 2008 වර්ෂයේ පැවති එක්සත් ජනපද ජනාධිපතිවරණය ආශ්‍රිත තේමාවකි. මෙහි කතා නායිකාව වන්නේ ජෝන් මැකේන් විසින් සිය උප ජනාධිපති අපේක්ෂිකාව ලෙස තෝරාගන්නා ලද ඇලස්කාවේ ආණ්ඩුකාර තනතුර හෙබවූ සාරා ෆාලින් යන තැනැත්තියයි. මෙය ආකර්ශණීය නායකයන්ට අතුල් පහරක් එල්ල කරන්නාවූ සිදුවීමක් තේමා කරගත් චිත්‍රපටයකි.

   එකල ඔබ විදේශීය තොරතුරු පිළිබඳ අවධානයෙන් සිටියානම් 2008 මැතිවරණයේ අග කොටස දක්වාම වැඩි වාසි අත්කරගෙන සිටියේ අප්‍රිකානු සම්භවයක් ඇති බැරක් ඔබාමා නොව ජෝන් මැකේන්ය. නමුත් බොහෝ දෙනා විශ්වාස කරන ආකාරයට අවසානයේ නොසිතූ විරූ පරාජයක් අත්වීමට හේතු සාධක වූයෝ ඔහුගේ උප ජනාධිපති අපේක්ෂිකා සාරාගේ ක්‍රියා කලාපය සහ අගේ දේශපාලන දර්ශනයේ ඇති අඩුලුහුඩුකම්ය. ලංකාවේ දේශපාලඥයන් රූපවාහිනී නාලිකාවකට කැඳවා ලංකාවේ දේශපාලනික ඉතිහාසය, ව්‍යවස්ථාව, පාලන තන්ත්‍රය පිළිබඳ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් පැවැත්වුවහොත් ඔවුන්ගේ දැනුම මානාවට ඔබට ප්‍රදර්ශනය වනු ඇත. එහෙත් අවාසනාවට එවැනි නිර්භීත යමක් කරන්නට මෙරට ජීවිතයට ආසාවක් ඇති මාධ්‍ය ප්‍රධානීන් කටයුතු නොකරති. නමුත් ඉඳහිට දෙරණ නාලිකාවේ 360 වැඩසටහනේ නිවේදිකාව වන දිල්කා ප්‍රශ්නය සමග උත්තර කොලයක සටහන් කරගෙන පැමිණ සහභාගීවන දේශපාලන චරිතයෙන් අසනා ප්‍රශ්න වලට එසේ පූර්ව සූදානමකින් හෝ දැනුමකින් තොරව පැමිණෙන චරිත බොහෝවිට ඇදගෙන නාන තත්වයකට පත්වනු දැක ඇත. 

Nov 5, 2014

ලංකාවේ කැබිනට් එකේ සිට ඉන්දියාවේ කැබිනට් එක දිහා බැලුවෙමි


ලංකාවේ කැබිනට් එක එසේ මෙසේ කැබිනට් එකක් නොවන බව ඔබ දන්නවා ඇති. එය 2010 වර්ෂයේ ලෝක වාර්තාවක් තැබීමට සමත්වුනේ ශ්‍රී ලංකාව ලොව තුල අද්වතීය ස්ථානයකට ගෙන යමින්. ඒ ලොව විශාලතම කැබිනට් මණ්ඩලය ලෙස “ජම්බෝ කැබිනට්“ යන නාමයෙන් පවා පිදුම් ලබමින්. ව්‍යවස්ථාදායකය තුල සුවිශේෂී තත්වයක් හිමි කැබිනට් මණ්ඩලයට වර්තමානයේ සාමාජිකයන් 67 ක් එක්කර සිටී. වත්මන් කැබිනට් මණ්ඩලය පත්කරනු ලැබුවේ 2010 වර්ෂයේ අප්‍රේල් මස 23 වැනිදාය. මෙම කැබිනට් මණ්ඩලයට ජනාධිපතිවරයා, අගමැතිවරයා මෙන්ම ජේෂ්ඨ ඇමතිවරු 10 දෙනෙක් සහ ඇමතිවරු 54 දෙනෙක් සහ විශේෂ ව්‍යාපෘති ඇමතිවරයෙක්ගෙන් සමන්විත වේ.

   මෙම ඇමති මණ්ඩලයේ අධ්‍යාපනික සහ වෘත්තීය සුදුසුකම් පිළිබඳ නිශ්චිත සහ නිරවද්‍ය තොරතුරු ලබාගැනීම එතරම් ලේසි පහසු කටයුත්තක් නොවේ. නමුත් දළ වශයෙන් ගත්කල මෙම කැබිනට් මණ්ඩලය තුල මහාචාර්යවරුන් දෙදෙනෙක්, ආචාර්යවරුන් 5 දෙනෙක් (සම්මාන ආචාර්ය පදවිලාභී මර්වින් සිල්වා මහතා ඇතුළුව), එක් වෛද්‍යවරයෙක් (දන්ත වෛද්‍ය රාජිත සේනාරත්න මහතා) අන්තර්ගත වේ. අනෙකුත් අති බහුතරයම දේශපාලනික අත්දැකීම් මිස අධ්‍යාපනික සුදුසුකම් මත තනතුරු දරන්නන් නොවේ. එසේම අධ්‍යාපනික සුදුසුකම් පැත්තක තබා තමන්ගේ වෘත්තීය ක්ෂේත්‍රයන්ට අදාල ඇමතිකම් දරන්නන් හෝ නොවන බව අධ්‍යයනය කල හැක. එහිලා ගත් කල ලංකාවේ කැබිනට් මණ්ඩලය ගැන ඔබ දරණ ආකල්පය මදක් සිහිපත් කොට බලන්න. මෙම මණ්ඩලය නඩත්තු කිරීමට විශාල මුදලක් මහජන බදු ඇතුලත් රජයේ ආදායමෙන් දරන්නට වී ඇත. උදාහරණයක් ලෙස ජනාධිපතිවරයාගේ පමණක් ගමන් විදයම් සඳහා වසරකට රුපියල් කෝටි 250 ක් දරන්නට සිදුව ඇත (2015 සඳහා ඇස්තමේන්තුගත). එහිලා බලන කල්හිදී එතරම් වියදමක් දැරීමට සුදුසු පුද්ගලයන් ඒ සඳහා තෝරා යැවීම මහජනයා සතු වගකීමකි. එසේම එසේ තෝරා යවන පුද්ගලයන් අතරින් නිවැරදිම පුද්ගලයා අදාල තනතුරුවලට පත්කිරීම රජයක ඉහල පාර්ශව සතු වගකීමකි. එය කොතරම් දුරට ඉටුව ඇත්ද යන්න සලකා බැලිය යුතුය. දැන් ලංකාවේ කැබිනට් එක දෙස බලා අවසන්ය. දැන් අවදානය යොමු කල යුත්තේ ලංකාවට අසල්වැසි රාජ්‍යය ඉන්දියාවේ කැබිනට් මණ්ඩලය දෙසය.

Nov 3, 2014

අපිට මෝටර් බයිසිකල් නිෂ්පාදනය කරන්න බැරිද?


ඉස්සර අපේ ගම ආශ්‍රිතව ජීවත්වෙලා තියනවා සයිමන් කියලා මනුස්සයෙක්. මේ පුද්ගලයගේ වෘත්තිය තමයි කම්මලක් පවත්වාගෙන යාම. 71 කැරැල්ල කාලේ මේ පුද්ගලයා පොලීසියෙන් අත්අඩංගුවට අරගෙන කොළඹ මූලස්ථානය දක්වාම රැගෙන ගිහින් තියනවා. එච්චර බරපතලෙට සිද්ධිය මතුවෙන්න හේතුවක් තියනවා. ඒ හේතුව තමයි 71 කැරලිකාර කණ්ඩායම් වලට තුවක්කු නිෂ්පාදනය කර දීමේ වරදයි. ඒ සමයේ තිබුණ වාතාවරණය එක්ක ඒක විශාල වරදක්. ඒ වගේම පරීක්ෂණ සිදුකරලා අන්තිමට ටික දවසක් බන්ධනාගාර ගතවෙලා සයිමන් උන්නැහේ ගෙදර ඇවිත් තිබුණා. පරික්ෂණ පවත්වගෙන යන නිලධාරීන් අතට පත්වුණු සයිමන් විසින් හදපු තුවක්කු කීපයක් තිබුණා. නිලධාරීන්ගේ ඇස් උඩයන මට්ටමට ඒවායේ නිමාව ඉහල මට්ටමක තිබිලා තියනවා. ඒ විතරක් නෙවෙයි ඒ තුවක්කුවල බටේ කෙලවර හිල් කීපයක් විදලා තියනවා දැකපු නිලධාරියෙක් සයිමන්ගෙන් අහලා තියනවා ඒ ඇයි කියලා.

“එතකොට සර් තුවක්කුවේ සද්දේ අඩුවෙනවා සර්..මොකද මේ බටේ කෙළවර තමයි උණ්ඩෙ පිටවෙද්දි පීඩනේට වැඩියෙන්ම සද්දේ ඇති කරන්නේ කියලා..“

හරියටම කියනවනම් අද නවීනතම ස්වයංක්‍රීය තුවක්කුවල භාවිතාවන සයිලන්සර් වැනි තාක්ෂණයක් තමයි තිබිලා තියෙන්නේ. ඉතින් මේ වගේ දේවල් කරන්න පුළුවන් මිනිස්සු අපේ රටේ හිටියා, අදත් ඉන්නවා. පුරාවෘත්යක් වුනත් දඬු මොණරය වගේ සංකල්පයක් එන්නෙත් ලංකාවේ ශිෂ්ටාචාරයේ බොහොම ඈත අවධියක. රාවණා දඬු මොණරෙන් උඩින් යද්දි ඉන්දියාවට පිළිගන්න වුණා රාම ආවේ මුහුද මැද්දෙන් ගල් පාලම් හදාගෙන හති දාගෙන පයින්ම කියලා. ඒ විතරක්ද නූතන තාක්ෂණික ඉංජිනේරුවන් පවා විමතියට පත්කරන ජය ගඟේ බැස්ම, දැදුරු ඔයේ පැරණි සොරොව්ව, සීගිරි පව්ව ඉහලට ජලය ගෙන යන තාක්ෂණය, සීගිරියේ වතුර මල්. අතීතය ගැන පාරම් බාන්නට බොහෝ දේවල් අපිට තිබෙනවා. ඒත් වර්තමානය ගැන.

Oct 26, 2014

රතු වීරවංශ, කහ වීරවංශ සහ නිල් වීරවංශ


“ජේ.ආර්.ජයවර්ධනගේ දුෂ්ඨ ධනපති පාලනය පෙරළලා දාන්න අපි පන්ති කරනවා තමයි..ඔව් ඒක කාටවත් නවත්තන්න බෑ..යූ.එන්.පී එක තරුණ සමිති හදනවනම්, ශ්‍රී ලංකා එක තරුණ බලමණ්ඩල හදනවනම් අපිට පන්ති තියලා තරුණයෝ මේ කාලකණ්ණි ආණ්ඩුව එලවන්න පෙළගස්සවන්න බැරිද..හැබැයි පුතෝ අපි පන්ති පවත්වන එක නවත්තන්න උඹලගේ ඔය හෙණ්ඩුවට බෑ පුතෝ..“ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ හඬින් එසේ වදන් පිටවෙද්දි කකියන ලෙයද සහිතව අත්පුඩි ගැසූ දහස් ගණන් ලංකාව තුල විය. 89 යේ වෙඩි උණ්ඩ වලින් විජේවීර නිහඬවූ පසුව ජ.වි.පෙ තුලින් විජේවීරගේ හඬ නැවත ඇහෙන්නට වූයේ විමල් වීරවංශගෙන් බව පිළිගත යුතුය. ජ.වි්‍පෙ 89 මර්ධනයෙන් පසුව ඉතිරිවුණ සෝමවංශගෙන් ඒ හඬ නොඇසුණි. “මේ රටේ යුක්තිය,සාධාරණය පැත්තක දාලා බඩවියත වෙනුවෙන් දේශපාලනය කරන ආණ්ඩුවකට එරෙහිව කතා නොකරන කට මොකටද හත්තිලව්වේ,..එහෙන් කොටියා ගහනවා මෙහෙන් ආණ්ඩුව ගහනවා..චන්ද්‍රිකා නෝනා හිනාව දාගෙන කැබිනට් එක එක්ක සවාරි යනවා“ විමල්ගේ හඬ චන්ද්‍රිකා ආණ්ඩුවට එරෙහිව ජවිපෙ වේදිකාවේ සීනුව විය. 

Oct 25, 2014

තණ්හාය රතීය රඟාය...ඒත් හැබෑය (පිස්තෝල සහ සෙල්ලම් පිස්තෝල)


මා කුඩා කාලයේදී වරක් දෙවිනුවර විශ්ණු දේවාලයේ පෙරහැර සමය හා සමගාමීව පැවැත්වෙන වෙළඳ සල්පිලෙන් ප්ලාස්ටික් සෙල්ලම් තුවක්කුවක් මිලට ගත්තෙමි. එවකට ඉතා ප්‍රකට සෙල්ලම් බඩුවක් වූ එහි වූ විශේෂත්වය වන්නේ ප්ලාස්ටික් ගෝලාකාර ඇට දමා සීරුවට උණ්ඩයක් පරිද්දෙන් සූදානම් කර ඉලක්කයට ශබ්දයක්ද සමගින් යැවිය හැකිවීමයි. එමගින් මා සැබෑ තුවක්කුවකින් වෙඩි තබනවා යන්නේ ආශ්වාදයක විඳිබව සිහිපත් කල යුතුය. තුවක්කුව අප දෑතට එතරම් සමීප වන්නට හේතුව වූයේ විසිවෙනි සියවස අගභාගයේ ලංකාව තුල පැවති යුධමය වාතාවරණය විය යුතුය. ජයසිකුරු, රිවිරැස, ඉදිරි පිම්ම ආදී හමුදා ක්‍රියාන්විත මාධ්‍ය හරහා දිනපතා ප්‍රචලිත වීම තුල අපද උතුරු කරයේ යුධ වදින ක්‍රියාන්විතයන් හා යම්තාක් දුරට මානසිකව බැඳී සිටියෙමු. එහි ප්‍රතිඵලයක් විදියට වීරත්වය හා යුධ මානසිකත්වය කේන්ද්‍ර කරගෙන අපිද “සෙල්ලම් පිස්තෝලය“ අතට ගත්තෙමු.

Oct 22, 2014

කළු අරලිය, ක්ලබ් වසන්ත සහ ප්‍රායෝගිකත්වයේ චින්තනය


කල්බ් වසන්ත යනු ප්‍රබන්ධ කතාවක එන මනෝරාජික චරිතයක් නොවේ. “කළු අරලිය“ නමින් මේ දිනවල රූපවාහීනී මාධ්‍යයක් තුල විකාශනය වන මේ ටෙලිය තුලින් මැවෙන්නේ ප්‍රායෝගිකත්වයේ චින්තනය බව වටහාගත යුතුයි. මනෝරාජික චරිත අතරින් ලොව ප්‍රබලතම චරිතයක් වන්නේ ආතර් කොනන් ඩොයිල් විසින් බිහිකල ෂර්ලෝක් හෝම්ස් චරිතයයි. බොහොමයක් හෝම්ස් රහස් පරීක්ෂක කෘතීන් කියවා අවසන අපට සුසුමක් හෙලා පැවසිය හැකි කාරණය වන්නේ එවැනි රහස් පරීක්ෂකයන් ප්‍රායෝගිකත්වයේ ලෝකය තුල සිටියානම් කෙතරම් අගේද යන්නය. නමුත් කළු අරලිය තුල මැවෙන බොහෝ චරිත තුලින් අපිට ඒ සීමාවෙන් ඔබ්බට ගිය ප්‍රායෝගිකත්වයක් දැනීම නිර්මාණයේ සාර්ථකත්වය මෙන්ම වර්තමාන සමාජ සංවේදනයේ ප්‍රබලත්වයද විද්‍යමාන කරන්නකි.

Oct 19, 2014

මිටින් මුදා හැර බැලුවෙමි...



දයාබර හිතවතුනි මුලින්ම කියන්න අවශ්‍ය මගහැරුණ සංකලනි නවකතාව කොටස් වශයෙන් පලකරන්න බැරිවුණු එක ගැන බොහොම කණගාටුයි. නමුත් හැකි ඉක්මණින් එය සම්පූර්ණ ඊ-කෘතියක් ලෙසින් පලකරන්න සූදානමින් ඉන්නවා. ඒක නිසා ඒ වරදට මුලින්ම සමාව ඉල්ලා හිටින්නටත් දයාබර කෘතවේදී පාඨකයන් ලෙසින් ඒකට සමාව දේවි කියලත් විශ්වාස කරනවා. මාස 5 කට පස්සේ තමයි ආයෙත් අකුරු කරන්නේ. ඒ සංවේදී ආදරණීය හැඟීමක් සම්බන්ධව.

   අපි ආදරේ කරන දෙන්නෙක් දිහා බලමු. විශේෂයෙන් ආදරය කියන බැඳීමත් එක්ක තමන්ගේම ප්‍රාණියෙක් විදියට දැනෙන එක සාමාන්‍ය දෙයක්. නමුත් ඒක බොහොම විශේෂ හැඟීමක්. තමන් ආදරේ කරන පෙම්වතිය හෝ පෙම්වතා තමන් සන්තකයේ තිබෙන වටිනම දෙයක් විදියට පිළිගැනීම නිසා ධනාත්මකව බලපෑම් ගණනාවක් වෙන්න පුළුවන්.

May 25, 2014

සංකලනී - 13 වැනි කොටස



පසුගිය කොටස් සියල්ල මෙතනින්


ගොඩක් හවස් වෙලත් මිතුලගෙන් ප්‍රතිචාරයක් නැති තැන සංකි ජංගම දුරකතනය පැත්තක දාලා කාමරෙන් පිටවෙලා මිදුලට ගියා. මිදුලේ ගස් අතරේ ඇවිදිමින් සංකි කල්පනා කලේ තමන් ඇයි මේ තරම් මේ කොල්ලගේ කෙටි පණිවිඩයක් හරි බලාපොරොත්තුවෙන් ඉන්නෙ කියලා. සංකිට ඒ අතරෙම හිතුනා තමන්ගේ හිත ආදරයක් වෙනුවෙන් බලාගෙන ඉන්නවදෝ කියලා..මල විකාර..වෙන වැඩනෑනේ..ඒත් එහෙනම් තමන්ගේ හිතේ මෙච්චර හොල්මන් කරන්නේ මොන හැඟීමක්ද කියලා සංකිට තේරුනේ නෑ.

සංකිට පාර පැත්තේ හවස ලොතරැයි විකුණන කෙනෙක්ගේ බයිසිකලේක සවිකරලා තියන රේඩියෝවක වාදනය වෙන ගීතයක් ඇහුණා.

May 17, 2014

සංකලනී - 12 වැනි කොටස



මිතුල සතුටට ඇඳ උඩ දඟලද්දි තමන්ගේ ජංගමේට ආපු කෙටි පණිවිඩයට පිළිතුරක් යවන්නත් කලින් ජංගමේ නාද වෙන්න පටන් ගත්තා. කෝල් එක එන දුරකතන අංකය දැක්කම මිතුලගේ ඇඟට දාඩිය දාන්න පටන් ගත්තා. සංකලනිගේ නම්බර් එක තමන්ගේ දුරකතනේ දිස්වෙද්දි මිතුලට වෙන්නේ මොනවද කියලා හිතාගන්න බැරිවුණා.

“මල කෙළියක් වෙන්න යනවද මන්දන්නේ නෑ...මම මේකි කියලා වෙන මොකෙක්ටවත් මැසේජ් කරලද දන්නේ නෑ...ඒත් මගේ නම කිව්වම අඳුනගත්තනේ..“

මිතුල එක එක විකාර කල්පනා කර කර ඉන්න අතරේ කෝකටත් කියලා ආන්සර් කලා. ඒත් මිතුල මොකුත්ම කියන්නේ නැතිව අහගෙන හිටියා.

May 2, 2014

සිංදු කුමාරිය - The Singing Princess


ඇයගෙන් දුරකතන ඇමතුමක් හෝ කෙටි පණිවිඩයක් නොමැතිව ගතවන සිව්වන දිනයද අවසන් වෙන්නට තව ඇත්තේ හෝරා කීපයකි. හාත්පස අන්ධකාරය, නිහැඬියාවට මුසුවූ පාළු මූසල හැඟීම තොර තෝංචියක් නැතිවම  හිතට වදදෙන්නට පටන්ගෙන ඇත. හැමදෙයක්ම අවසන්ය යන හැඟීම තුලින් එක් අතකින් ගෙන එන්නේ සහනදායී සිතිවිල්ලකි. අනික් අතින් එයම තනිකමක් සහ වෙනසක රංගනයද යෙදීම තුලින් සිතතුලම දෙයාකාරී උත්තේජනයන් සපයන සිදුවීම් බවට පෙරලී ඇත. ඒ සියල්ල අතරේ ඇය කොහිද යන්න හෝ මා නොදනී. ඇය සමග ගතකල අන්තිම හෝරා කීපයේ පවා ඇය මා පිළිබඳ පැහැදිලි හෝ පහන් හැඟීමකින් ගතනොකල බව පමණක් මා දනී.

“ඔයා ඔය රේස් එක දුවලා හති වැටෙන දවසක් ඒවි...එදාටවත් හැරිලා ආපස්සට බලන්න..නැත්නම් ඔයාගේ බෙල්ලට අංශක දෙසීය හැත්තෑවකට වැඩිය හරවන්න පුළුවන් කියන එකත් අමතක වෙයි“

මගේ ඒ වචනවල ගැබ්ව තිබූ උපහාසය, අවවාදය හෝ අන්යමක් ඇය ගත්තාද යන්න මා නොදනිමි. එහෙත් ඇය එයින් යමක් අවබෝධකරගත් බව පෙනෙන්නට තිබුණි.

Apr 29, 2014

“සුනිල් අයියා“ ගේ සටන් ජවනිකාව - Review of an expected movie


සුනිල් අයියා අපේ ගමට සිටි වීරයාය. ගමේ ඕනෑම ආරවුලකදී නිතැතින්ම සිහිවන චරිතය සුනිල් අයියාය. ඔහුට ගම්මුන් බොහෝ දෙනෙක් ගෞරව කලේ ගමතුල නිල නොලත් පොලිස්කාරයාගේ භූමිකාව ඔහුගෙන් ඉටුවන බව ගම්මුන් බහුතරයක් විශ්වාස කල නිසාවෙනි. වැඩුණු දේහදාරී ශරීරයත්, ගැඹුරු හඬත් නිසාවෙන් ඔහු පිළිබඳ මතය සත්‍යාපනය කිරීමට එයම සාධයකයක් විය. ගමේ එකෙක් කොහේදී හෝ ගුටි කෑවත් මතක් වූයේ “සුනිල් හිටියනම් ඕක වෙන්නේ නෑ“ යන යෙදුම් වලින්ය. එබැවින් සුනිල් යන සාධකය කොතරම් දුරට ගමේ පොදු ධාරාව තුල නිදන්ගතව තිබෙන්නක්ද යන්න ඔබට වටහාගත හැකිවනු ඇත.

එකල හින්දි සිනමාව සහ සිංහල සිනමාවේ සටන් ජවනිකා දැඩි ලෙස ගැමි ජනතාවගේ සිත් තුල වීරත්වයක් බිහිකල සමයක් විය. හින්දි සිනමාවේ සටන් ජවනිකා රූපවාහිනියෙන් නැරඹූ අපි චිත්‍රපටයේ වීරයා පිළබඳ ඇතිකරගත් “මහා පොර“ සංකල්පය හිතේ තබාගෙන ජීවිත්විය. සිංහල චිත්‍රපට තුලද මහා පොරවල් බිහිවන සටන් ජවනිකා තිබුණද ඒවාටත් වඩා හින්දි චිත්‍රපටවල නළුවන් අපිට පොරවල් විය. සුනිල් අයියාද අපට පෙනුනේ පියවි ඇසින් දැකිය හැකි එවැනි පොරක් ලෙසය. හින්දි චිත්‍රපටවල රූපරාමුවල දකින නළුවාගේ වීර භූමිකාව අප දුටුවේ සුනිල් අයියා තුලින්ය. සුනිල් අයියා පාරේ යනවිට ඔහුගේ ක්‍රියාකාරකම් දැකීමෙන් අප එහි සමාන අසමානකම් පිරික්සන්නටද විය. ඒ හැම කරුණකින්ම සුනිල් අයියා යන වීර චරිතය හුදෙක්ම හින්දි චිත්‍රපටවල හෝ සිංහල චිත්‍රපටවල වීරයාගේ චරිතයට එහාගිය සජීවීබවකින් අත්විඳින්නට අපට හැකිවිය.

Apr 26, 2014

සංකලනී - 11 වැනි කොටස


සංකලනී පසුගිය කොටස් මෙතනින් කියවන්න......

“මොන රෙද්දක්ද බං...දෙයක් කිව්වම අහං ඉඳපං..“

සිසුරු කාමරේට ඇවිත් පිස්සු කියවද්දි මිතුල කෑ ගැහුවා. ඒත් සිසුරුවා නෙවෙයි නතර වුනේ. ඌ කියන්නෙම සංකලනි ගැන හිතේ තියනවනම් දැන්ම ඒ ගැන ඒකිට කියන්න කියලා. ඒත් යන්තම් යකඩයක් වගේ හිටපු සංකලනී ගිනියම් වෙලා මෙලෙක් වෙන්න පටන් ගත්තා විතරයි. ආයෙත් පොඩිහරි දෙයක් වෙලා ආයෙත් යකඩයක්ම වුනොත් ජීවිතේට සංකිට ලංවෙන්න බැරිවෙයි කියලා මිතුල හොඳටම දැනගෙන හිටියා. ඒක නිසා බොහොම සීරුවට වැඩේ කරගෙන යන්න ඕන කියලා මිතුල හිතුවා. 

“ඒ වුණාට මිතුලයා මොකෙක් හරි අර කැරකෙන ග්‍රහයෙක් ඕකිගේ පෘශ්ටයට පාත්වුනොත් ආයෙත් උඹ මැරෙන්නද..?“

සිසුරු කියන කතාව ඇත්ත වුනත් මිතුල තව ටිකක් හිතන්න ඕන කියලා හිතුවා.

“උඹ කියන එක ඇත්ත මචං.. ඒ වුනත් මේ වෙලාවේ හදිස්සි වෙලා බෑ..උඹත් හෙමීට  හිතපං...“

“මට ඇත්තම කියපං...උඹ අර කැත්තට පොල්ල වගේ ඉන්න සංකිට කැමති සිරාවටමද..නැත්නම් උඹ ඇරියස් එක කවර් කරන්නද ඒකි එක්ක යාළු වෙන්න හදන්නේ?“

Apr 23, 2014

සයිබර් සිහින බක්මහ උළෙලේ “නොකී කතා“...


සිංහල බ්ලොග්කරුවන් එකතුවන්නේ කිනම් අවස්ථාවකදීද, එහි සිදුවීම් නම් අඩුවක් නැතිව විඳගන්නට අවස්ථාව ලැබීම පුදුමයක් නොවේ. 2014 සයිබර් සිහින බක්මහ උළෙලටද එය එලෙසින්ම අදාලය. ඒ හා බැඳුනු බ්ලොග් ලිපිවල හැමදෙනෙක්ම පාහේ දන්නා කතා ලියා තිබුණු අතර නොදන්නා කතාද එමට ඇතිබව කිව යුතුමය. මාගේ තෙවැනි සිහින බක්මහ උළෙල නිසාවෙන් දැන් කණද මා ලෙසින්ම එවැනි “නොකී කතා“ වලට දැඩි සංවේදීතාවක් දක්වන්නට පටන්ගෙන ඇත. මෙතැන් පටන් දිගහැරෙන්නේ මෙවර සයිබර් සිහින බක්මහ උළෙලේ “නොකී කතා“ කිහිපයකි.
 
ජවනිකා අංක 01
 
කොල්ලන් දෙදෙනෙක් බුද්ධදාස පිටියට පිවිසුම් දොරටුවෙන් ඇතුල්වන අතරතුර කතාබහක යෙදෙමින් සිටිති.
 
“මචං මට 12.30 ට විතර යන්න වෙනවා බං...“
 
“ඒ මොකද බං..අද යකෝ ආතල් එකක් ගන්න දවස..උඹ කොහේ කෙළවන්නද?“
 
“නෑ බං...කෑල්ල තරහවෙලා..ෆෝන් එකත් ඕෆ් කරගෙන..මගෙ බඩ බොක්ක දනවා..ඕකි මාව අතෑරියොත් මම මොනවා කරන්නද යකෝ..“
 
“හරි හරි ඉතින් දැන් උඹ දවල් කොහේද යන්න හදන්නේ..“
 
“මම යනවා බං ඒකිගේ ක්ලාස් එක ලඟට කොස්වත්තේ..වැඳලා හරි ෂේප් වෙනවා අදනම්..නෑනත් ෂේප් නිසා අවුලක් නෑ බං...“

Apr 21, 2014

සයිබර් සිහින බක්මහ උළෙලට පසුව???


2014 සයිබර් සිහින බක්මහ උළෙල ඊයේ අවසන් වුණා. බොහොමයක් අලුත් මුහුණු සහ ප්‍රමාණයෙන් අඩු පැරණි මුහුණු එක්වුණු අවස්ථාවක් වුනත් හැමෝටම ඉතාම තෘප්තියෙන් කතා කරන්න පුළුවන් මොහොතක් අවසන් වුණා කියලා කියන්න පුළුවන්. පුද්ගලකිව සහභාගීවුන තුන්වෙනි සයිබර් සිහින බක්මහ උළෙල. වැල්ලවත්ත සහ මහරගම පැවති ඒවාට වඩා සාර්ථකත්වය ලෙස දකින්න පුළුවන් වෙන්නේ සහභාගිත්වය සහ දායකත්වය කියන කාරනා එක්ක. බ්ලොග් අවකාශයේ මිතුරෝ වෙනුවෙන් සංවිධාන ශක්තියට කැපවුණු කණ්ඩායම තමන්ගේ උපරිමය සිදුකරලා තිබුණා කියලා පැකිලීමකින් තොරව කියන්න පුළුවන්. ඒ වගේම අනුග්‍රහය ලබාදුන්න ඔෂනික් ගේම්ස් ආයතනයත් ඉතාමත් මිත්‍රශීලීව මේ කටයුත්තට දායක වීම අගය කල යුතුයි. හුරු පුරුදු මාධ්‍ය සගයා බස් රේඩියෝව තමන්ගේ  සුපුරුදු කාර්යය සිදුකිරීම අමතක කල නොහැක්කක්.

Apr 19, 2014

සුබ උපන් දිනයක් “අපේ ඉසව්ව“ සහ “සිතුවිලි පලස“


අප්‍රේල් 18 කියන්නේ අපේ ඉසව්ව සහ සිතුවිලි පලස කියන නිවුන් බ්ලොග් අඩවි දෙකේ සංවත්සරය සැමරෙන් දවස. හරියටම 2010 වර්ෂයේ අප්‍රේල් 18 වෙනිදා උදෑසන ගාල්ල වටරැක ප්‍රදේශයෙන් මුලින්ම අන්තර්ජාලයට එක්කල බ්ලොග් අඩවි දෙක අදවන විට සිව් වසරක කඩඉම පසුකරලා. නිරාමිස ප්‍රීතියක් විඳින්නට හැකි මට්ටමට මේ බ්ලොග් අඩවි දෙක අද පත්වෙලා. “සිව් අවුරුදු අස්වැන්න“ නෙලන මොහොතේ ඒ සතුට විඳින්නට හැකිවීම ඉතාමත් තෘප්තිජනක සිදුවීමක්.

   සිංහල සයිබර් අවකාශයට දෛනිකව එකතුවන බ්ලොග් අතරේ බොහොමයක් රසවිඳින්න අද අන්තර්ජාලයේ සිංහල වපසරිය තුල සැරිසරන හිතවතුන්ට හැකිවෙලා තියනවා. අපේ ඉසව්ව නිර්මාණය කලේ කාලීන, දේශපාලනික මති මතාන්තර ඉදිරිපත් කිරීමට සහ නව කතා, කෙටි කතා වෙනුවෙන්මයි. එහි ප්‍රතිපලයක් විදියට අපේ ඉසව්ව ප්‍රකාශන විදියට පොත් 5ක් ඉදිරිපත් කරන්නට හැකිවුනේ සිව් අවුරුදු අස්වැන්න විදියටයි. ඒ අතරේ පාඨක සිත් ඇද බැඳ තබාගත් නව කතා තුනක් සම්පූර්ණ කල අතර “සංකලනි“  නවකතාව තවමත් පලවෙමින් පවතිනවා.

Feb 26, 2014

“බිහිරි අලින් මැද වීණාව“ අපේ ඉසව්වෙන් ඔබ වෙත



වසර හතරක් පුරාවට අපේ ඉසව්ව බ්ලොග් අඩවිය හරහා මා විසින් රචනයේ යෙදුන කාලීන සහ දේශපාලනික ලිපි සියයකට අධික ප්‍රමාණයක් අතරින් තෝරාගත් ලිපි මාලාවක් අන්ර්ගත කරමින් නිර්මාණය කල “බිහිරි අලින් මැද වීණාව“ The Fiddle among Deaf Elephants මෙලෙසින් ඊ-පුස්තකයක් ලෙස ඔබට තිළිණ කරන්නට තීරණය කලා. වසර හතරක් පුරාවට අපේ ඉසව්ව සමග නිරතුරුවම රැඳෙන සහෘද පාඨකයින් වෙනුවෙන් තිළිණ කරන මේ කෘතිය මෙහිදී ඔබට භාගතකල හැකියි.

Feb 23, 2014

මලී සහ අත්තම්මා තුලින් වන සමාජ බලපෑම


 
මලී සහ අත්තම්මා යන සිංහල මෙගා ටෙලි නාට්‍යයක පළමුවෙනි සහ දෙවැනි කොටස්ය. අනෙකුත් සිංහල මෙගා ටෙලි වලින් මලී යන යථෝක්ත කතා මාලාවේ පළමුවැන්න වෙනස්වන්නේ එය ලාංකේය ජනසමාජය තුල මුල්බැසගත් යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය ආශ්‍රකරගෙන ගැමි සමාජය තුල තවමත් නොනැසී පවතින් විශ්වාස වල බලපෑම විදහා දක්වන වෘත්තාන්තයක් වූ බැවින්ය. එයට ලැබුණු අසීමිත ප්‍රේක්ෂක ප්‍රතිචාර හමුවේ “මලී“ නැමති පළමුවෙනි කොටසින් නොනැවතී “අත්තම්මා“ නැමති දෙවනි කොටස දක්වාද අධ්‍යක්ෂවරයා දිගුවක් ලබාගන්නේ මෙහි ඇති ලාභදායිත්වය මැනවින් විදහා දක්වමින්ය. කතානායිකාව වන ඩිංගිරි අම්මානම් වූ පාරම්පරික වෙදකම සහ යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රයද පරපුරෙන්ම ප්‍රගුණකල මැදිවයසේ වැන්ඳඹු කාන්තාවක් සහ ඇගේ දියනිය වටා ගෙතී ඇති මෙම කතාමාලාවේ ඔවුන්ගේ සතුරා වන්නේ ඩිංගිරිගේම ඥාතියෙක් වන යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය සහ වෙදකම ප්‍රගුණ කල උක්කුවා ගුරුන්නාන්සේ වටාය. එහි දෙවන කොටස වන අත්තම්මා හි වෙනසක් වන්නේ මලී ලෙසින් හඳුන්වාසිටි ඩිංගිරිගේ දියණිය වෙනුවට ඇගේ මිණිපිරිය වන සාරධී එක්වීමය. කතා මාලාව පුරාවටම යන්ත්‍ර මන්ත්‍ර හදි හූනියම්වල බලය සහ ඒවායේ විශ්මයජනක හැකියාවන් පෙන්වන අතර ඒවායින් බොහොමයක් දකුණෙන් හැදෑරු ඒවා බවද සඳහන්වේ. කෙසේ වෙතත් මෙයට ලොල්වූ රසිකයන් සත්‍ය ලෙසම රසවින්ඳනයට එම සිදුවීම් එක්කරගන්නේ තමන්ගේ යටි සිතට ලබාදෙන විධානයත් සමගය. එම විධානයනම් තමන්ටද මෙවන්වූ අකටයුතුකම්, අසරණවීම් සිදුවූ විට මෙම ගුප්ත විද්‍යා ශාස්ත්‍රයේ පිහිට ලබාගත හැකිවේය යන්නයි.

Feb 22, 2014

සංකලනී - 10 වැනි කොටස



පසුගිය කොටස් 1 2 3 4 5 6 7 8 9 
සිසුරුගේ කෑගැහිල්ලට ඊට ඉස්සරහ පිටබැද්දර ගෙදර දුමින්ද අයියා නාන්න යන ගමන්ද කොහොද බාල්දියත් අතේ අරගෙනම එළියට ආවා. ගුණසිරි අංකල්ගේ හාමිනේ විතරක් නෙවෙයි තව අහල පහල කීපදෙනෙක්ම ගෙවල් වලින් එළියට ඇවිත් සිද්ධිය බලාගෙන හිටියා. කට්ටිය එහෙන් මෙහෙන් වට වෙනකොටත් සිසුරු කෑගහනවා.
“අයියෝ බං මිතුලයා..උඹ මෙහෙම හදිසි අනතුරකින් මැරෙන්න හිටපු එකෙක් නෙවෙයි බං..ඊටත් වඩා මේ හරියට පයින් යන්නවත් බැරි කෙල්ලෙක්ගේ බයික් එකට යටවෙලා මැරෙන්න හිටපු එකෙක් නෙවෙයි බං..මොනතරම් නින්දාවක්ද බං උඹට මේ වුනේ..අනේ අයියෝ “
කට්ටිය එහෙන් මෙහෙන් මතුවෙද්දි සංකලනි ස්කූටියේ ස්ටෑන්ඩ් එකවත් ගහන්නේ නැතුව බයක් එක බිම අතෑරලා මිතුල වැටිලා හිටපු තැනට ආවා. කෙල්ල බය වෙච්ච තරමට දාඩිය බේරෙනවා, ඉකි ගහ ගහ ඇඬෙනවා..කොච්චර තද හිතක් තියන කෙල්ලෙක් වුනත් අනුන් වැරදි කරාම කඩු පොලු උස්සගෙන ගියාට තමන් වැරැද්දක් කරාට පස්සේ පූස් පැටියෙක් වගේ අඬන එකනම් කෙල්ලන්ටම පොදු අනන්‍යතාවක්. කට්ටිය වැඩිවෙද්දි මෙච්චර වෙලා බොරු එහෙත් සාර්ථක රංඟනයක නිරතවෙලා හිටපු මිතුලගේ බාගෙට වහගෙන හිටපු ඇස්දෙකට වැඩිවෙන සෙනග පෙනුනා. තවත් රංගනේ නිරතවුනොත් මේ පාරත් ඇණගන්නේ තමන්මයි කියලා තේරුම්ගත්ත මිතුල හෙමින් සිසුරුට පයින් ඇන්නා. එතකොටම නිකන් සේරම තේරුණා වගේ සිසුරුත් තමන්ගේ අඳෝනාව නවත්ත ගත්තා. මිතුල ඇස් ඇරලා අමාරුවෙන් වගේ බිම වාඩිවුණා. පස්සේ අතපයේ වැලි පිහිදාගත්තා. මිතුලගේ වැලමිට තුවලා වෙලා ටිකක් ලේත් ඇවිත්. 

Feb 14, 2014

සමුගන්නට අවසරයි..


 
මේ ආදරෙන් මම ඈතට ගියේ ඔයාගේ හොඳට..ඇය අකුරු කලා. නිහඬතාවයේ කෙළවර ඔහුද අකුරු කලා.
 
ජීවිතේ වැඩියෙන්ම ආදරේ කරපු දේ නැතිවුණාම තවත් වෙන හොඳක් කොහෙද නංගි..
 
ඔහු සංවේගය කැටිවුණු අකුරුවලට චිත්තස්වරයේ කම්පිත රාවය යාන්තමට එක්කලා.
 
ඔයාට තේරෙන්නේ නෑ අයියේ..
 
වෙන්න ඇති..නොතේරුන හැමදේම කවදාහරි තේරේවි..ඒත් එදාට තවත් නැතිවෙන් දෙයක් නැතිවෙයි..
 
තවත් නිහඬතාවයක් සංවාදයට එක්කලා. අකුරුවලින් ඔබ්බට ගිහින් හඬින් හඬ එකට හමුවෙන තැනකට. ඒත් නිහඬතාවය එහෙම්ම ඉතිරිවුණා.
 
මට ඔයාට ලංවෙන්න බෑ..ඒ බව ඔයා දන්නවා..
 
ඇය කිව්වා. ඒත් ඔහු දැනන් හිටියා ඇයට ලංවෙන්න බැරි තමන්ට විතරක්ම වග. ඒ සිතුවිල්ල විසින් ඔහුව ආත්මානුකම්පාව නැමති දැලෙහි පතුලටම සිරකර බැඳ දැමුවා.

Feb 13, 2014

ඇමතිතුමාට අමුතුම ලෙඩක් !


 
ඇමතිතුමාලා ගැන කතා කරන්න බොහෝ දේ තියනවා. ඒ බොහෝ දේ ලියන්න පටන්ගන්න කොට ලියලා ඉවරකරන්න බැරි තරමට රසබර සිදුවීම් එහෙමත් තියනවා. මේකත් එහෙම සිදුවීමක් කියලා ගත්තට කිසි තරහක් නෑ ආයුබෝන්. ඔන්න යටගියදවස බරණැස බ්‍රහ්මදත්ත කියලා නිරිඳෙක් දසරජ ධම් අනුව රාජ්‍ය කරන කාලයට වසර තුන්දහසකට විතර පස්සේ කාලෙක එක්තරා රටක එක්තරා දුරබැහැර පළාතක එක්තරා ඉස්කෝලයක් තිබුණා. සාමාන්‍ය පාසල් දිනයක් නිසා එදත් පුරුදු විදියට දරුවන් පාසල් භූමියේ ඉගනීම් කටයුතු, ක්‍රීඩා කටයුතු, කෙලිකවටකම් වගේ බොහොමයක් දේවල් කර කර හිටපු වෙලාවක්.
 
එතකොටම ඉහල අහසේ මහ සද්දයක් ඇති කරමින් හෙලිකොප්ටරයක් විද්‍යාල භූමියේ පැත්තක තිබුණ පිට්ටනියට පහත් කරන්න පටන්ගත්තා. ජීවිතේ පලමුවෙනි වතාවට සද්දන්ත හෙලිකොප්ටරයක් අහසේ යනවා දැක්කට මෙහෙම ඇස්මානෙට දැකලා නැති දරු දැරියෝ විතරක් නෙවෙයි පිටිසර පාසලේ ගුරුභවතුන් පවා පිටිය වටේට එකතුවුණා. මහ දූවිලි වලාවක් අතරින් හෙලිකොප්ටරය පහත් කරද්දිම ආරක්ෂක හමුදා සහ පොලීසියේ වාහන ගණනාවක් ඇවිත් පිටිය වටකරලා සන්නද්ධ ආරක්ෂාව දෙන අතරේ හෙලිකොප්ටරය සම්පූර්ණයෙන්ම බිමට බාලා නතර කරා. දරුවෝ ටික බොහොම උනන්දුවෙන් සහ සතුටෙන් එකිනෙකාට මත පලකරමින් සද්දන්ත යන්තරේ දිහා බලන් ඉන්න අතරේ පිටියේ එක් පසකින් විශාල කන්ටේනරයක් පිටිය මැදිට ආවා. ඒකේ අලුත්ම පාටට දිලිසෙන කාර් දෙකක්ම රැගෙන ආවා. ඇසිල්ලකින් එක කාර් දෙකම කන්ටේනරයෙන් බිමට බැහැලා හෙලිකොප්ටරය ලඟට අවා. දැඩි ආරක්ෂාව මැද්දේ හෙලිකොප්ටරයෙන් එලියට බැස්සේ ළමයි හොඳට ටෙලිවිෂන් එකෙන් දැකලා පුරුදු ඇමතිතුමෙක්. තමන්ගේ කරේ දාගෙන හිටපු දිග රෙදි කඩකින් දාඩිය පිහිදාගත්ත එතුමා පිළිගන්න හෙලිකොප්ටරය ලඟටම පළාතේ දේශපාලන ප්‍රධානියත් තමන්ගේ සුඛෝපභෝගී වාහනයෙන් ඇවිත් හිටියා. ඇමතිතුමා අත් අල්ලලා පිළිගත්ත මෙහොතෙම අඩියක් දෙකක් තියලා අර කන්ටේනරේ ගෙනාපු කාර් එකට ඇමතිතුමා නැග්ගා. විදුලි වේගයෙන් දූවිල් වලා මැද්දේ ගෙනාපු කාර් දෙකයි, පළාත් ප්‍රධානියාගේ වාහනෙයි, ආරක්ෂාවට ආපු වාහන තොගයයි සේරම ගියා. ඒත් හෙලිකොප්ටරය පැත්තටවත් කාටවත් යන්න බැරිවෙන්න ආරක්ෂාවට සෙබළු හිටියා. දැන් පාසලේ දරුවන්ට ප්‍රශ්න ගණනාවක් හිතට මතුවෙලා තිබුණා.
 

Feb 11, 2014

සංකලනී - 9 වැනි කොටස



පසුගිය කොටස්  1 2 3 4 5 6 7 8
 
 
මිතුල කල්පනා ලොව මල් වනේ..සිහින රජදහනේ අතරමං වෙලා ඉන්න වෙලාවේ ගලා කඩාගත්ත හරකෙක් වගේ මොකෙක්ද මිතුලගේ කාමරේට රිංගනවා සද්දේ සහ හතිදාන සද්දේ විතරක් මිතුලට ඇහුණා. ඇසිල්ලකින් වගේ දැක්කේ මිතුලගේ ඇඳේ වාඩි වෙලා හතිදාන ඕෂධයා. හතදාන දැමිල්ලට මෙතනම හුස්මයයි කියලා කොල්ලට හිතුනා.
 
“මේ බං උඹට පාරේ යද්දි ඇදුම හරි හතිය හරි හැදිලා මගේ කාමරේට රිංගුවා එහෙම නෙවෙයි නේද..?“
 
මිතුල ඇහුවම හතිදාන ගමන්ම ඕෂධ අතින් නෑ කියලා සංඥා කලා. තව ටිකක් හයියෙන් හතිදාන්නත් පටන් ගත්තා.
 
“ආ එහෙමනම් කමක් නෑ..නැත්නම් මේ නිවාඩුත් නැති එකේ උඹගේ මරණෙට කොඩි දාන්නයි, ගොක්කොල් කපන්නයි යන්නේ කොහොමද“
 
ඒ කතාවට ඕෂධයගේ හතිය නැවතුනා.
 
“ඒ මගුලෙන් වැඩක් නෑ..මොකක්ද උඹ අර පොතුත් එක්ක රටකජු කාපු එක ටවුන් එක මැද කෙල්ලෙක් නිසා..“
 
ඕෂධ එහෙම ඇහුවම මිතුලට හීන් දාඩිය දැම්මා. උඩට  ගත්ත හුස්ම පහලට දාන්න වුනෙත් නෑ.

Jan 23, 2014

පොලීසියෙන් ගේ වටලා මහා මෙහෙයුම


අබරං පාන්දර ජාමෙට නාගෙන එහෙම ඇවිත් ගෙදර ඉස්තෝප්පුවේ වාඩි වුණේ කෝපි කෝප්පෙකුත් හදාගෙනමයි. පාන්දර හීතලට හිරිගඬු පිපෙද්දි කෝපි කෝප්පය අබරංගේ හීතල ටිකක් විතර අඩුකරලා දුන්නා. ගෙදර උන්දැයි පුතයි නෑගමනක් ගියපු නිසා මේ ටිකේ අබරං ගෙදර හිටියේ තනියම. කලින් දවසේ ගෙදර උන්දැගේ මල්ලි එහෙම නැත්නම් අබරංගේ මස්සිනා ගෙදර ආපු නිසා අබරංට පාළුවක් තිබුණේ නෑ. මොකද මස්සිනා සේතං කතාබහට බොහොම දක්ෂ මිනිහෙක්. ඒත් ඊයේ හවස ආපු මහන්සියටද කොහෙද වැඩි කතාබහක් නැතුවම රෑට පොල්සම්බෝලයි,පරිප්පුයි එක්ක සුදුහාලේ බත් පංගුවක්ම දෙසාබාපු සේතං කලින්ම නිදාගත්තා. ඒ විතරක් නෙවෙයි තාම උදේට නැගිටලත් නෑ.

   ඉස්තෝප්පුවට වෙලා අබරං කෝපි කෝප්පේ අහවර කරනකොට වටින් ගොඩින් එළිය වෙන්න ගත්තා. ගෙදරට දාර විස්සක් තිහක් විතර එහායින් තිබුණ වැටට ඔබ්බෙන් තිබුණේ මහපාර. උදේ ඉදන්ම මහපාරේ එක එක වාහන එහෙට මෙහෙට යනවා අබරං පුරුදු විදියටම බලං හිටියා. ටිකකින් මහා සද්දකරගෙන වාහන ගණනාවක් අබරංගේ ගේ ඉස්සරහ ඇවිත් නතර කරා..දඩ බඩ ගාල පොලීසියේ බර ගාණක් ආයුධත් අරගෙන ඒ වාහන වලින් බැහැලා අබරංගේ ගේ ඉස්සරහ බැරියර් දාන්න පටන් ගත්තා. අබරං ඇස් දෙක නලලේ තියාගෙන මේක බලන් හිටියා.

Jan 18, 2014

සංකලනී - 8 වැනි කොටස


 
සංකලනී පසුගිය කොටස්  1 2 3 4 5 6 7 
 
 
“ආදරේ කටු සටහන් අපේ..
ඉතිරිවී තියෙනවනම් හිතේ..
ආයෙමත් ආයෙමත්
ආයෙමත් වෙමු අපි අපේ..“
 
මිතුල සාලේ සෝපාවට වෙලා බර කල්පනවක ඉන්න ගමන් සිංදුවේ වචන ටිකත් ඉබේම වගේ කියෙව්වා. මිතුලගේ හිතේ තිබුණෙම සිසුරු කියපු කතාව. සංකලනි දැනටමත් අර කියපු කොල්ලට හිත දීලද දන්නේ නෑ කියලා හිතුනා. නැත්නම් මෙච්චර ගෙම්බර් දාන්න දෙයක් නෑනේ. මිතුල දිගින් දිගටම කල්පනා කලේ ඒක ගැන.
 
“මේ හලෝ...මොනවද ඔච්චර කල්පනා කරන්නේ..හිත ගෙවෙයි...“
 
අක්කා ඇවිත් මිතුල හිටපු කල්පනා ලෝකේ සුන්නද්දූලි කරලා දැම්මා. ෂික්.මේ ගෙදර හිතන්නවත් නිදහසක් නෑනේ හරියට.මිතුලට එහෙම හිතුනා.
 
“මොනවා කල්පනා කරන්නද හලෝ..මම මේ සින්දු අහනවා..“
 
“ඔව් මම දැක්කා සින්දු අහනවා..මේ ඒක නෙවෙයි මම දෙයක් අහන්න හිටියේ..“
 
“මොකක්ද අප්පා ඒ..“

Jan 10, 2014

දිනමිණ පත්තරේ මිනී මරන්න පටන් අරගෙන යකෝ..


සමන්මලී හිටියේ මිදුල අතුගාන ගමන්. සමන්මලීගේ ගෙදර එක්කෙනා වෙච්ච සුරංග ඉස්සරහා කාමරේට වෙලා අල්මාරියේ පරණ ලිපිගොනුවක් හොයමින් හිටියා. සමන්මලීට කඩුල්ල පැත්තෙන් බෙල් එකක් වදින සද්දයක් ඇහුණා. ඒ හැමදාම වගේ තමන්ගේ ගෙදරට පත්තරේ අරන් එන පත්තර විකුණන මනුස්සයා ඇවිත් බෙල් කරන සද්දේ. සමන්මලීගේ තාත්තා ගෙදර ඉන්න කාලේ ඉඳන් ගත්තේ දිනමිණ පත්තරේ. ඒත් කසාද බැඳලා බින්න බැහැපු තමන්ගේ මනුස්සයා මුල් කාලේ දිනමිණ ගන්නවට එච්චර කැමති නැතිවුණත් පස්සේ කම්මලේ බල්ලා වගේ දිනමිණටම හුරුවුණා. 

   සමන්මලී පත්තරේ අරන් ඉස්තෝප්පුවට ඇවිත් පුරුදු විදියට පත්තරේ බලන්න පටන් ගත්තා. ඉස්සරහ කාමරේ හිටපු සුරංගට ටිකකින් සද්දයක් ඇහුණා..ඒ ගේ ඉස්සරහ ලිඳ පැත්තෙන්..ජබුග්..ගාලා සද්දේ ආවේ හරියට කව්රුහරි ලිඳට පැන්නා වගේ..සුරංග කෝකටත් කියලා හොයමින් හිටපු ලිපිගොනුවකුත් අරගෙනම එලියට ආවා.එතකොට දැක්කේ සාලේ පුරා විසිරිලා තියන දිනමිණ අද පත්තරේ පිටු ටික වගේම මිදුල මැද බිම වැටිලා තියන ඉදල. සුරංගගේ හිතට අනියත බියක් ආවා. ලිපිගොනුව බිම දාලා අඩියට දෙකට ලිඳ ගාවට දිව්වා..දෙයියනේ සමන්මලී ලිඳේ පැනලා..ලිං පතුලේ යමරෙට දඟලනවා..

Jan 4, 2014

සංකලනී - 7 වැනි කොටස


පසුගිය කොටස්  1  2  3  4  5  6 

ආදරයක් හිතේ මෝදු වෙද්දි ඒකට සීමා මායිම් තියෙන්න විදියක් නෑ. මොකද එහෙම සීමා මායිම් එක්ක වැඩෙන දෙයක් නෙවෙයි ආදරේ කියන්නේ. මිතුලගේ හිතේ සංකලනී ගැන ආදරේ දවසින් දවස ටිකින් ටික වැඩිවෙන්නේ කොල්ලා කෙල්ල ගැන හිතන වාර ගණන වැඩිවෙනවත් එක්කමයි. ඒ අතරේ සංකිගේ අහංකාරකම් නිසා තව තවත් ඒ ආදරේ වැඩිවෙනවා මිසක් අඩුවුනේ නම් නෑ. ඒත් මිතුලගේ හිතේ තිබුණ වේදනාව තමයි තමන් කරන කිසි දේකට සංකි ආදරේ වෙනුවෙන් ප්‍රතිචාරයක් නොදෙන එක.

   ඒ අතරේ සංකි අනිත් පැත්තේ ගෙදරට වෙලා හිටියේ තරහින් පිපිරි පිපිරි. කෙල්ලට හිතාගන්න බෑ පන්සලේදී තමන්ව වතුර බාල්දියකින් නාවලා ඉවරවෙලා බලහත්කාරයෙන් වගේ සමාව ගන්නත් හදලා ඒ මදිවට දැන් පාරෙ තොටේ යන්නවත් දෙන්නේ නැතුව මේ යකා කරදර කරන්නේ ඇයි කියලා. කොච්චර කිව්වත් සංකිගේ හිත පිළිගන්නෙම නෑ එදා පන්සලේදී තමන්ගේ ඔලුවට මිතුල වතුර බාල්දිය පෙරලුවේ අත්වැරැද්දකින් කියලා. ඒක තවත් ඔප්පු වෙන්න හේතුවුනේ මිතුලගේ මුරණ්ඩු වැඩමයි. දවසේ වැඩි හරියක් සංකිට මතක් වෙන්නේ මිතුල.හැබැයි ඒ මතක්වෙන වාරයක් පාසා හිතට එන තරහා නිසා මේ වෙනකොට බර ගාණක් සංකිගෙන් බැනුම් අහලා තිබුණා. ඒ නිසාම සංකි මේ ටිකේම ඉන්නේ හරි නොසන්සුන්කමකින්. සංකි හිතාගත්තා ආයෙත් තමන්ට කරදර කරන්න ආවොත් මිතුලට හොඳ දෙකක් කියනවා ආයෙත් රෙදි ගැලවෙන්නම කියලා. ඒ අතරේ මිතුල හිතින් සැලසුම් හදන්නේ සංකිට කොහොමහරි ලංවෙන්න..හැමදෙයක් මැදින්ම හෙනේට හිටියේ කෙහෙල්මල් වතුර බාල්දියයි ගමේ තමන්ගැන තිබුණ නසරානි ප්‍රතිරූපයයි කියලා මිතුල තේරුම් අරගෙන තිබුණා.