පාන්දර සාගරිකා දුම්රියේ මගේ දකුණු පසින් ඉඳගත්ත මහත්මයා එයාගේ කමිසයේ උඩ සාක්කුවෙන් එළියට ගත්ත සීයේ නෝට්ටු කිහිපයක් ගණන් කරලා ආයෙත් සාක්කුවට දාගත්තා. ඊට පස්සේ ලොකු හුස්මක් අරගෙන මගේ දිහා බැලුවා.
‘හැමෝටම අමාරු කාලයක් මහත්තයෝ..’
ඒකට වචනයෙන් දක්වන්න ඕන මොනවගේ ප්‍රතිචාරයක් ද කියලා හිතාගන්න බැරිවුණු මම තොල්පට තදරකරගෙන හෙමින් සීරුවේ ඔලුව කිහිප වරක් සොලවමින් උත්තරයක් දුන්නා.