විදුලිබිල වැඩිවූයේ එසේ මෙසේ ප්‍රතිශතයකින් නොවේ.එය ඉතිහාසයේ සුවිශාලතම ගාස්තු ප්‍රතිශතක වර්ධනය ලෙස වාර්තාවේ. එපමණක් නොව එයින් වැඩිපුරම බලපෑම සිදුවන්නේ මසකට විදුලි ඒකක 120ට අඩු පරිභෝජනයක් වාර්තාවන පාරිභෝගිකයන්ටය. එනම් මෙරට විදුලි පරිභෝජනයෙන් 80%කට ආසන්න ප්‍රමාණයක් විදුලි ඒකක 120ට අඩු ප්‍රමාණයක් පරිභෝජනය කරන මෙරට අඩු ආදායම් ලාභීන්ය. ඔවුන්ගේ විදුලි බිල සීයට සීයකින් වර්ධනය වීම කොතරම් ආශ්චර්යමත් කාරණයක්ද යන්න ඔබට වැටහෙනු ඇත. මේ රජයට ඡන්දය දුන් අය ලෙස අපිට මෙය විවේචනය කිරීමට අයිතියක් ඇත, එසේම ආණ්ඩුවට ඡන්දය නොදුන්නත් ඡන්දය කටුගෑවත් මෙරට ප්‍රවේණිගත අයිතියක් සහිත ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක සිවිල් වැසියෙක් ලෙස ඔබට සහ අපට මෙය විවේචනය කිරීමේ අයිතියක් ඇත.
Apr 30, 2013
Apr 29, 2013
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර නැවතත් මරාදැමූ වග
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ආයෙත් මාර දැම්මා. ඒ අන්කව්රුවත් නොව මේ රට විසින්මය. භාරත සීයට සීයක් හොඳ මිනිහෙක් නොවිය හැක. එහෙත් ඔහු නරක මිනිහෙක් නොවේ. විජය කුමාරණතුංග නම්වූ මානව හිතවාදී මිනිසාගේ සෙවණැල්ලක් පරිද්දෙන් දේශපාලනයට අත්පොත් තැබූ ඔහු කොලොන්නාවට ලකී අයියා වූ අතර රටට භාරත විය. මීට වසරකට වැඩි කාලයකට පෙර මහ පාරේ වෙඩි කා නිකරුණේ පලමු වතාවට මිය යන්නට පෙර ඔහු ජනාධිපතිතුමන්ගේ වෘත්තීය සමිති උපදේශකවරයා විය. ඔහු වෙඩි කෑවේ පලාත් පාලන මැතිවරණයේ කොලොන්නාවේ තම සගයන් වෙනුවෙන් පෙනී සිටීමෙන්ය. අන්තිමට එදා ඔහු පෙනී සිටි කාණ්ඩයත් ඔහුගේ නාමය හැරයන තත්වයට පත්ව තිබීමෙන් භාරත පෙනී සිටිය එවුන්ගේ වත්මන ගැන උපදින්නේ චිත්ත සංවේගයකි.
Apr 25, 2013
ෆැන්ටසි පුරය - 4 වැනි කොටස
පසුගිය කොටස් 1 2 3
“මේ මමද?“
මේකි සැරදාපු සද්දෙට මගේ කටේ කෙලත් නැතිවුණා ගිලින්නවත්.
“ඔව් නැත්නම් කව්ද කන්න වගේ මම යනවා බලාගෙන හිටියේ මෙතන..වෙන කව්රුවත් නෑනේ..“
ලැජ්ජාව කියන දේ දෙගොඩතලා යනවා. වෙලාවට ඇහෙනමානේ කව්රුවත් නෑ. රිද්මයගේ කාමරේ උඩ තට්ටුවේ වුනාට මේ වෙලාවේ ඌ ගෙදර නොහිටියේ පෙර පිනකට. මට කියන්න දෙයක් තිබුණෙත් නෑ මේ යෝදිට.
“මම..මම බැලුවෙ නෑ..ඔයා යන දිහා..මගේ මේ රුපියල් දහයක් වැටුණා..මම ඒක බැලුවා“
අපේ සද්දෙට රත්ගමයත් කාමරේ දොර බාගෙට ඇරලා ඔලුව දාලා බැලුවා.උගේ ඔලුවේ කැක්කුම මෙච්චර ඉක්මණට හොඳවෙලාද උගුඩුවා.
“ඇයි මචං අකියා...මොකුත් අවුලක්ද?“
“නෑ බං මේ රුපියල් දහයක් වැටුනා..ඒක හොයනවා..“

Subscribe to:
Posts (Atom)