අප පාසල් යන සමයේ අපේ ගම් පළාතේ චන්දන නමින් තරුණයෙක් ජීවත්විය. දක්ෂ වඩු කාර්මික ශිල්පියෙකුගේ එකම පුත්‍රයා වූ චන්දනට වඩු කාර්මික ශිල්පය ගුරුමුෂ්ටි නොමැතිවම ප්‍රදානය කිරීමට ඔහුගේ පියා කටයුතු කරන ලදි. එයින්ද නොනැවතී තමන්ගේ සහජ හැකියාවක් වූ කැටයම් ශිල්පය සහ පොල්කටු ආශ්‍රිත නිර්මාණකරණයද ප්‍රගුන කල චන්දන තමන්ගේ ජීවිකාව ලෙස කලේ කැටයම් නිර්මාණකර අලෙවි කිරීමයි.ගමේ පමණක් නොව අසල ගම්වලද පන්සල්වල ප්‍රමුඛ තරුණ දායකයෙක් මෙන්ම ගමේ සමිති සමාගම්වල ඉතා යහපත් ක්‍රියාකාරී චරිතයක් වූ චන්දන ප්‍රකට තරුණයෙකි.
ප්ලාස්ටික්,සිමෙන්ති සමගින් ගෙවල් ලස්සන කරගන්නා මිනිසුන් ජීවත්වන සමාජයක ලී කැටයමට ඇති ඉල්ලුම එන්න එන්නම අඩුවීමෙන් චන්දන පත්වන්නේ බරපතල ආර්ථික ප්‍රශ්නයකටය.අවසානයේ ලී කැටයක් පාර අයිනේ තබාගෙන විදේශිකයන්ට සහ ස්වදේශිකයන්ට විකුණා කීයක්හරි හොයාගෙන ජීවිතය ගැටගසාගත් චන්දනට අවසානයේ එයද වැඩිකල් කිරීමට ඉඩක් නොලැබුනේ අලෙවිය එතරම් සාර්ථක නොවූ නිසාය. දහඅතේ කල්පනා කරමින් පවුල ආරක්ෂා කරන්නට තැත්කල චන්දනගේ උදව්වට එන්නේ පාසල් සමයේ ඔහුගේ මිතුරෙකු වූ ප්‍රසන්නය, නවීන පන්නයේ මෝටර් රථයක් පවා හිමි කිසිඳු දෑතේ කර්මාන්තයක් නොදන්නා ප්‍රසන්න දෑතේ කර්මාන්තයේ ප්‍රවීණයෙක් වූ චන්දනගේ ආර්ථිකය ගොඩගන්නට අත දෙන්නේ ඔහුගේ මනසට නව කැටයම් වෙනුවට කේරල ගංජා ඇතුලත් කිරීමෙන්ය.