හැටේ දශකයේ මුල් භාගය යනු ලංකාවේ ,ලෙස බොහෝ දෙනෙක් අදටත් විශ්වාස කරති. හරියටම
එදා යුරෝපයේ පුනර්ජීවනයෙන් පසු සාහිත්‍යය, දේශපාලනය ගැන පොදු සමාජයේ විවාද,කතිකාවත්,ප‍්‍රපංච බිහිවූවාක් මෙන් ලංකාවේද හැටේ
දශකයේ සාහිත්‍ය පිළිබඳ දැඩි වාද විවාද බිහිවූ බව කිව යුතුය. ලියෝ ටොලස්ටෝයිගේ ”War and Peace”කෘතිය ලොව මේ තාක් බිහිවූ විශිෂ්ටතම නවකතාව ලෙස
ලෝකයේම ගෞරවාදරයට පාත‍්‍රවී ඇත. එකල Daily News පුවත්පතේ සිංහල සාහිත්‍ය පිළිබඳව ඉංග‍්‍රීසි
භාෂාවෙන් කෙරුණු සංවාදයකදී ගූණදාස අමරසේකර ශූරීන් කියා තිබුණේ හරියට ඉංග‍්‍රීසි
භාෂාව හැසිරවීමට හෝ නොහැකි පරිවර්තකයින් සිටින ලංකාවේ ටොලස්ටෝයිගේ “War and Peace” වැනි කෘතියක් සිංහලට පරිවර්තනය කිරීම සිහිනයක්
බවයි. එයට විරුද්ධව මත පලකල රෙජී සිරිවර්ධන පවසා තිබුණේ ලංකාවේ එවැනි සමත්කමක්
කරන්නට හැකි පුද්ගලයින් අනිවාර්යයෙන්ම සිටින බවයි. ගුණදාස අමරසේකරගේ මේ උඩඟු කතාවට
හිත රිද්දවාගත් පුද්ගලයෙක් විය. හෙතෙම ඒ වනවිටත් විදෙස් කෘතීන් ගණනාවක් සිංහල බසට
පෙරලා තිබුණු අතර අමරසේකර ශූරීන්ගේ අභියෝගය තමන් බාරගත යුතුයයි තීරණයට එළඹිනි.
අවසානයේ එය ’යුද්ධය සහ සාමය’ නැමැති අපූරු අනුවාදනයක් බවට පත්වන්නේ සිංහල සාහිත්‍යය
තුල තමන්ට කල නොහැක්කක් නැතිබව සපථ කරමින්ය. හෙතෙම සිරිල් සී.පෙරේරා නම් විය.
සිංහල සාහිත්‍යය තුල පරිවර්තන සාහිත්‍යය යම් තැනක සිටීනම් ඒ තැන වෙනුවෙන් අනූපමේය
මෙහෙයක් ඉටුකලේ එතුමන්ය. 93 වැනි වසරේදී සිය ජීවිතය නැමැති කෘතියේ
අවසන් ෙඡ්දය ලියා පලකල ඔහු සිංහල සාහිත්‍යයේ රුසියානු ලකුණ ලෙස හඳුන්වන්නේ නිකම්ම
නොවේය.
May 6, 2019
සැකකාරයා - කෙටි කතාව
කාමරය පුරා ගිගුරුම් දෙමින් ඇසෙනා
හඬවල් ගණනාවකි. ඒ හැම හඬකම ඇත්තේ උස් කෑගසුමකි, නැත්නම් විලාපයකි, ගෝරනාඩුවකි. ඒ සියලුම හඬ මිශ්‍රවී එක්
එක් සංඛ්‍යාතවලින් කාමරයේ බිත්තිවල හැපී නගන්නාවූ ශබ්දය ඉතා අමිහිරිය, කර්ණකාශ්ඨකය. බිත්තිවල වදින සෑම හඬක්ම එක්
කණෙකින් ඇතුලුවී හිස්කබල තුල ඒ මේ අත වැදී මොළයට තදින් පහර දේ. ඒ පහරවල වේදනාව
ස්නායු දිගේ හෘදය වස්තුව දෙසට වේගයෙන් ගමන් කරයි. ඒ වේගය නිසාවෙන් රුධිර ගමනයද
වේගවත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස හෘදය වස්තුවේ ගැස්මේ වේගය සියයට ගණනාවකින් වැඩිවූ
බව මට දැනුණි.
“වැරදියි...වැරදියි..වැරදියි..නරුමයා..නරුමයා...නරුමයා...අධමයා...අධමයා..අධමයා..“
ඒ සියලු වාග් මාලාවන් වචන මාත්‍රයෙන්
පැහැදිලි කිරීම්ද සමග විශාල අරගලයකය. හිස බදාගෙන විඳගැනීමට නොහැකි තරමට ඒවා
වේගවත්ය, එමෙන්ම ශක්තිමත්ය. මෙලෙස මොහොතක්
ගතවන්නට ඇත. බැරිම තැන හැඳි වස්ත්‍රය පිටින්ම කාමරයෙන් එළියට බසින්නට සිත්විය.
ඉන්පසු දිගු සාලයෙන් පිටවිය. පසුව කොරිඩෝවෙන් හා ඉස්තෝප්පුවෙන්ද පිටවිය. වචන වලට
වඩා මා ඉස්සර විය. පාද චලනයන් යුහුසුළු විය.
May 3, 2019
බුද්ධි අංශයෙන් කෝල් එකක්! - ජනයාගේ කොලම
පහුගියදා
ලංකාවේ සිදුවුණු මරාගෙන මැරෙන පිපිරීම් සම්බන්ධව බුද්ධි අංශ කලින් කල
දැනුවත්කිරීම් ගැන හාංකවිසියක්වත් තමන් නොදන්නා බව ජනාධිපතිතුමා කොහේදී හෝ කියනු
අහන්නට ලැබුණු. ජනාධිපතිතුමාගැන දැනුනේ අපමණ සංවේගයකි. අපමණ අගයක් දෙන්නට පැමිණි
පොළවෙන් උපන් මිනිසා බ්‍රහ්ම දණ්ඩණයෙන් කොණ්කර දමා ඇතැයි නිකමට වගේ හිතුණු වාර
අනන්තය.
ඒත්
කිව්ව විදිහට ඇත්තටම ජනාධිපතිතුමාට බුද්ධි අංශ වාර්තා ගැන අහන්න නොලැබුණා වෙන්න
බැරිද? ඇත්තටම එතුමට කව්රුවත්ම මේ ගැන කියලා නැතිවෙන්න පුළුවන් නේද? මෙහෙම හිතලා
බලද්දි මෙහෙම සිද්ධි කීපයක් ඇත්තටම වෙන්න බැරිද.
Subscribe to:
Posts (Atom)