Apr 20, 2011

සියලු ධර්මයන්ට එහා ගිය ධර්මයක්.....කොහේද?

     පසුගිය දිනක හෙළබිමින් බිහිවූ කාදිනල්තුමන් අපූරැ ප්‍රකාශයක් කර තිබිණි. එම ප්‍රකාශයනම් කතෝලික උත්සව සමයන්හි පවා මත්පැන්.දුම්වැටි.මස් මාංශ වලින් තොරව සැමරීම කිරීම සුදුසු බවයි. එම ප්‍රකාශය වැදගත් ප්‍රකාශයකි එයට අපි සම්පූර්ණයෙන්ම එකග වෙමු. නමුත් කාදිනල්තුමන් තවත් අරැම පුදුම ප්‍රකාශයක්ද එය සමගින් කරතිබිණි. එය නම්..සියලු ධර්මයන්ට එහා ගිය ධර්මයක් සියලු ලක්වැසියන් ඇදහිය යුතු බවය...
එයනම් එක්තරා ආකාරයක දරැණු හා ව්‍යංග අදහස් උත්පාදනය කරන්නා වූ ප්‍රකාශයක් බව සදහන් කල යුතුමය. 
       මහාචාර්ය නලින් ද සිල්වා මහතාද සිය ලිපියකින් මෙම ප්‍රකාශයට පිළිතුරැ සපයා තිබිණි.නමුත් මෙහිදී අපේ අදහස ප්‍රකාශකර සිටිය යුතුය. කුමක්ද මේ සියලු ධර්මයන්ට එහා ගිය ධර්මය..එය නොපවතින්නක්ද?පවතින්නක දිගුවක්ද?නව සංස්කරණයක්ද? මෙය නොපැහැදිලි කරැණකි.
       බුදු දහම අදහන අපට ඇත්තේ එකම ධර්මයක් හා එහි කෙළවර එකම ප්‍රතිඵලයකි.එනම් අවසන අමාමහ නිවන් සාක්ෂාත් කරගැනීමයි. ඉන් අනතුරැව පැවැත්මක් නැත. නමුත් අනෙක් බොහෝ ආගම් මෙයට ඉදුරාම වෙනස් අවසන් ප්‍රතිඵලයක් උද්ගතවන්නා වූ දහමක් අදහති. එය අමරණීයත්ව හෝ ස්වර්ගය හෝ වේවා යම් ආකාරයක ඊනියා සැනසුමකි. මෙය බොදු දහම අනුව ප්‍රතික්ෂේප කරන්නකි.
      බුදු දහම අනුව සසර දිවිගෙවීම දුකකි. එය කොතරම් දිව්‍ය සම්පත් ලැබුවත් අට ලෝ දහම නැමති සීමාවේ පතනය වන්නකි. එසේනම් අමරණීයත්වය හෝ ස්වර්ගය යනු තවදුරටත් සසරට දිගුවක් එක් කරනු විනා සදාකාලක සමාධිගත තත්වයක් නොවෙයි. බොහෝදුරට මෙම සංකල්ප අනුගමනය කරන්නන් විසින් ජීවිතය පිළිබද ඇති ලෝබකම නිසාවෙන් අනුගමනය කරන්නක් මිස සාදාකාලික සැනසුමක් ගැන පැතීමක් නොවේ. එසේනම් බුදු දහමින් සුපෝෂිත ලංකාවේ ජනතාවට දෙන්නාවූ අලුත් හා උසස්ම දහම කුමක්ද? එය සුපෝෂිත වන්නේ කුමක් අරඹයාද? එය පෝෂණය කරන්නේ කව්රැන් විසින්ද? මෙය ගැටලුවකි.

2 comments:

  1. මේ පිලිබඳව තර්ක කිරීම සුදුසු නොවන බව මගේ හැඟීමයි. මේ ආගම් දෙකක පවතින විශ්වාසයයි. ඒ විස්වාසය තුල තදින් එල්බ ගෙන සිටින තැනැත්තා සිය විස්වාසය අත් නොහරිනු ඇත. ඒ පිලිබඳව තර්ක කරන්නාද මෝඩයෙකි. එයින් සිදුවන යහපතක් ද නැත.
    ශුද්ධවූ බයිබලයේ මෙසේ සඳහන් වෙයි.. " In the beginning The God created heaven and Earth..."

    එසේම අපේ ධම්මපදයේ මෙසේ සඳහන් වෙයි.. ".. Mind precedes things, dominates them and creates them.." එතන සිටම මේ ආගම් දෙක දෙපැත්තකට යන බව මධ්‍යස්ථව සිට බලන්නෙකුට වටහා ගත හැක. මේ ලෝකයේ ස්වභාවය වෙයි.

    ReplyDelete
  2. ගුණතුංග ගේ කතාව ඇත්ත.

    ReplyDelete