Oct 28, 2011

ඇවිත් රැඳී සිත් ගං ඉවුරේ නුඹ ....(ආත්මීය කෙටි කතාව)

හැන්දෑවට ගං ඉවුර හරියටම පුංචි පාරාදීසයක් වගේ වෙන්නේ ඉවුරට වෙලා ආදරයෙන් බලන් ඉන්න නුඹ නිසාවත්ද කියලා හිතෙන දවස් අන න්තයි. ඒත් ඒ ගං ඉවුරේ පිපෙන නෙළුම් මල් ඒ වෙලාවට පොහොට්ටු වගේ තිබුණත් ඒවයේ ලස්සන අඩු නොවෙන්න වගේ නුඹ කොහෙම හිටියත් මේ ගංඉවුරේ මට දැනෙන එකම දේ නුඹේ ලස්සන මේ ඉවුරට ලැබිලා කියන එක විතරමයි. හැමදාම  බැරිවුණත් ගම පටන් ගන්න තැනින් හීන් හඬින් තමන්ගේ පාඩුවේ ගලාගෙන යන ගඟට තනිරකින්න කොහොම හරි නුඹත් එනවා. නුඹ නැති දවසටත් ඉන්නවා වගේ දැනෙන්නේ ඒ අඩුව නිසාම තමයි. පුංචි කෙල්ලෙක් පාට මල් ගවුමක් ඇඳගෙන ගංඉවුරේ මහා විසාලෙට හැදිලා අතුපතර විහිදාගෙන ඉන්න මාර ගහ යට ඉන්න කොට හරියටම මැවෙන්නේ ලස්සන චිත්‍රයක්. කිසිම හැලහොල්මනක් නැතිව අඳින්න පුළුවන් ලස්සන චිත්‍රයක්.


... මොකද බං උඹ දැන් බාලඅපරාධ කරන්න ලේස්ති වෙනවද?..

සුරංග කියන්නේ පිටට තට්ටුවක් දාන ගමන්ම. ඒ කියපු කතාවේ අර්ථය හරියට නෙතේරුනත් මේ කියන්නේ කුමක් ගැනද කියලා හිත දන්නවා.

... මොකක්ද බාලඅපරාධේ?..

..ඇයි අර තාම ඉස්කෝලේ යන පුංචි කෙල්ලෙක් එක්ක ගඟ ලඟට වෙලා ආදර මල් පවනේ නැලවෙන එක...

හිනාවෙමින් කියපු කතාවට ඉක්මණින්ම මතක් වුනේ නුඹවයි. ඉස්කෝලේ යන පුංචි කෙල්ලෙක් වුනත් මගේ ලඟඳි කියන පණ්ඩිත ප්‍රාඥ කතා ටික මතක් වෙද්දි මට හිතෙන්නෙ තාම ඉස්කෝලෙ යන්නෙ මම කියලයි. ඔය හුරුබුහුටි මූණු පොඩ්ඩට හැමෝම ආදරේ කරන්නේ හැමදේම හිතේ තියාගෙන නේද කියලා මට දැනෙනවා.

... ඇයි අපිට බැරිද ඉස්කෝලෙ යන කෙල්ලෙක්ට ආදරේ කරන්න..අපි ඉස්කෝලෙ ගියේ නැද්ද?..

තරහින් වගේ කියන්නේ හිතේ නුඹ ගැන මහා මතක පොදියක් රඳවගෙනයි.

... බැරිකමක් නෑ..ඒත් කැම්පස් යන කොල්ලෙක් තාම උසස් පෙලවත් කරලා නැති පුංචි කෙල්ලෙක්ට ආදරේ කරන්න යද්දි කියන්න වෙන්නේ ඕක තමයි...

සුරංගගේ කතාවේ සාධාරණ යථාර්ථයකුත් තියනවා. ඇත්තටම දශකයකට ආසන්න වයස් පරතරයක් තිබුණත් ආදරේට මොන පරතරද කියලා දැනෙන්නේ දැන් තමයි.

.. ආදරේට ඕවා සාධකද බං..ඒ පුංචි කෙල්ලට ආදරේ කියන දේ දැනෙන්නේ මගේ හදවතෙන්..මට ඒක දැනුනේ කලින් උනාට මගේ ජීවිතේ පරකරපු මලක් තරමට අතෑරලා දාලා තියෙද්දි ඒ කෙල්ලගේ ආදරේ නොවෙන්න අද මමත් නෑ බං...

හදවතින් කිව්වේ අතීතයේ හැමදේම හිතේ නලියන තරහක් බවට පත්වෙන්න කලින්. ඒ අතීතෙට මම වෛරකලත් පුංචි කෙල්ලත් එක්ක ගෙවන වර්තමානෙට මම ගොඩක් ආදරේ කරන්න පටන් අරන්.

..අයියේ ඔයාව මට විශ්වාසයි..කවුරු ඔයාට මොනදේ කලත්..කවුරු ඔයා ගැන මොනදේවල් කිව්වත් මට ඔයාව විශ්වාසයි..මම ඔයා වෙනුවෙන් ඕනම කාලයක් ඉන්නවා..

ඒ හුරුබුහුටි ඇස්දෙක ලොකුකරගෙන හුරතල් හඬින් ගංඉවුරෙදි මම අතින් අල්ලගෙන හිටිද්දි කියන ඒ කතා හරියටම පදපෙලක් වගේ හදවතටම වදිනවා.

..ඒත් කෙල්ලේ මම වෙනුවෙන් එච්චර දේවල් කරන්න වටින කෙනෙක් නෙවෙයි මම..

මම කියපු කතාවට ඇය මගේ කට අතින් වැහුවා. වහලා පුංචි හඬ හුරතල් විදියට අවදි කලා.

..කාට වටින්නේ නැතිවුනත් මට මගේ රත්තරන් අයියා වටිනවා ගොඩක්..අනිත් අය වගේ ඔයාව දාලා ගිහින් තව කෙනෙක්ට ලංවෙලා ඔයාගේ ආදරේ අවලංගු කාසියක් ගාණට දාලා කතාකරන්න මට බෑ..ඒ වගේම මට එහෙම යන්න කෙනෙක් ඇත්තෙත් නෑ..එහෙම යන්න වුවමනාවකුත් නෑ..මොකද දන්නවද අයියේ..මේ ආදරේ මට වටිනවා..මට මුලින්ම ලැබුණු ආදරේ මම පණවගේ රකිනවා..අනිත් අයට වටින්නේ නැතුව ඇත්තේ එයාලාට ආදරේ කියන්නේ නිකම්ම වචනයක් නිසා වෙන්න ඇති..ඒත් අයියයවයි අයියගේ ආදරෙයි මට හොඳටම ඇති..

මගේ අතීතයේ මම අමතක කරන හැමදේම පැත්තකට විසිකරලා ඇය කියන ඒ කතා මට මහමෙරක් වගේ.

.. ඒ වගේම අයියේ මට අයියව ලැබුණත් නොලැබුණත් මට අයියව වටිනවා. ඒක නිසා මට අයියව වගේ තවත් කෙනෙක් නෑ..මම දන්නවා අයියගේ ආදරේ තරම..

මම කියන්න ඕන හැමදෙයක්ම ඒ පුංචි කෙල්ල ආදරේ ගොඩක් තුරුළු කරන් කියද්දි මේ හිත් ගං දෑල වගේම මේ ගංඉවුරත් පාළුවෙයිද කවදාවත්. ඒ ආදරේ තියනකම්ම කිසිම දෙයක් මතක් නෙවේවි මට අතීතේ වලදාපු. 

10 comments:

  1. ආදරේට වයස ප්‍රශ්නයක් නෙවෙයි නෙ.මේ අය්යේ ඈත්ත සිද්ධියක් ද?

    ReplyDelete
  2. හිතේ ආදරේ ඇත්තක්මනම් මේ කිසිම දෙයක් ප්‍රශ්ණයක් නෙමෙයි කියලයි මම නම් හිතන්නේ..

    ReplyDelete
  3. @හිම හංසි - ඒක ඇත්ත නංගා..සත්‍ය සිදුවීමක් තමයි..හික්ස්
    @දිනේෂ් - සහතික ඇත්ත. ආදරේ තමයි හැමදේටම පදනම දෙන්නේ

    ReplyDelete
  4. අවුරුදු දහයක පරතරක් කිසි සේත්ම ගනන් ගන්න ඕනෙ දෙයක් නෙවෙයි.
    මං මේකට ෆෝන් එකෙන් කමෙන්ට් එකක් දැම්මා.ඒක ඇවිල්ලා නෑ නෙ.

    ReplyDelete
  5. ආදරණීය ආදරය
    ආදරණීයයි හැමදාම

    එක හුස්මට කතාව කියෙව්වා.ලස්සනයි

    ReplyDelete
  6. @නිසුපා- ඇත්තටම වයස් පරතරය කියන දේ ආදරය කියන පරතෙරක් නැති සොදුරු කඩතුරාවෙන් වැහිලා යනවා. ගොඩක් ස්තූතියි ගොඩක් මහන්සිවෙලා අදහස් දැක්වූවාට

    @පබලු - ස්තූතියි පබලු. ආත්මීය කතාවක සුමිහිර විඳින්න පින තියෙන්නේ ආත්මීය හදවත් වලට විතරයි

    ReplyDelete
  7. ආදරේට වයස ප්‍රශ්නයක් නෑ තමයි....ආදරේ කියන්නේ අපරාදෙකුත් නෙවෙයි....ම්ම්ම් බෝම ලස්සන කතාව...අර මහාචාර්යතුමා මරපු කෙනා කව්ද?
    මේක ටෙලි නාට්ටි ඇඩ් එකක් ද?
    ඔයාට ජය..
    ආ තව එකක් අපෙ අම්මා ආච්චියි සීයයි දෙන්නත් වයස පරතරය අවුරුදු 10ක්..ඔය ඉන්නෙ අපූරුවට ලමයි 10 දෙනෙක්ගෙ පුංචි පවුලකුත් එක්ක...කසාද සහතිකෙකුත් නැතුව...

    ReplyDelete
  8. බොහොම ස්තූතියි මලයා...ආ..කතාව කොටස් වශයෙන් තමයි පලකරන්නේ..දෙවනි කොටස ලගදිම දානවා

    ReplyDelete
  9. හරිම ලස්සනයි ජනරඟ.. ආදරයක් ඇතිවෙන්න වයස හෝ වෙන මොනම සධකයක් වත් බලපාන්නෙ නෑ.. ඒත් ආදරයේ පැවැත්මට ගොඩක් දේවල් බලපානවා.. නියමයි. ගොඩක් කාලෙකින් බ්ලොග් පැත්තෙ ආවෙ. ඔයාගෙ කතාවත් බලන්නම ඕන.

    ReplyDelete
  10. @හංසි - ගොඩක් ස්තූතියි හංසනී..ඔව් ඔයා කියන කතාව ඇත්ත

    ReplyDelete