Jan 7, 2012

2012 සොඳුරු නිමේෂයක සිංහල බ්ලොග්කරුවන්ගේ ගාලු ආගමනය...සතුටින් නිමවිය..


කලක පටන් සිංහල බ්ලොග්කරුවන් රාශියක් එකට එකතුවෙලා වින්දනා ත්මක අවකාශයක සිසිලස විඳින්න ආසාවෙන් සිටියත් එයට අවස්ථාවක් නොලැබුණා.නමුත් ඒ අවස්ථාව සිංහල බ්ලොග් අවකාශයේ ප්‍රවීනයන් හා නවකයන් රැසකට අද විඳගන්නට ස්වර්ණමය ඉඩකඩක් ලැබුණා. ඒ අද ගාල්ල රූමස්සල වෙරළ ප්‍රදේශය කරගෙන පැවති 2012 සිංහල බ්ලොග් කරුවන්ගේ ගාලු හමුව නිසාවෙන්. එහි උණුසුම පහව යන්නටත් කලින් එහි සොඳුරු මතක ගෙන එන්නට “අපේ ඉසව්ව“ ට හැකිවීම එම සුන්දර අත්දැකීම විඳීමෙන් ලද පන්නරය බව සඳහන් කල යුතුමය.


නිශ්චිතව සඳහන් කරපු වෙලාව වුණු උදෑසන 8 ට ගාල්ල නව බස්නැවතුම හා දුම්රිය නැවතුම යාකරන පාලම මතට දකුණ නියෝජනය කරන බ්ලොග්කරුවන් රාශියක් එක්වුණා. ඒ අතර සංවිධාන කටයුතු සිදුකල පොඩි මෑන්(රිද්ම), බනියා(අනුෂ්ක..බනියා නම අද දිනට තහනම් වූ බැවින්) පැමිණ කටයුතු අරඹා තිබුණු අතර නොවැලැක්විය හැකි හේතුවක් මත කිඩෝ මල්ලිට සහභාගිවීමට නොහැකිවීම කාටත් කණගාටුදායක කාරණයක් විය.මන්ද මෙය සංවිධානය කිරීමේදී කිඩෝ ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකල බැවිනි. ඒ අතරම දකුණ නියෝජනය කරමින් පසුගිය ගාලු හමුවටද සහභාගීවූ ප්‍රාර්ථනා, හිමහංසි ද එක්ව සිටියහ. ඒ අතරම අමුතුම හා අලුත් චරිතයක්ද විය. එනම් මෙතෙක් කලක් සැඟවී සිටි මන්තර කාරී මං හෙවත් නදීකා අක්කාය. එයත් සුවිශේෂී අත්දැකීමක් විය. එසේම ඉන්දරේ, රෙප් මහත්තයා,සමිල,මහිම සමග තවත් බොහෝ දෙනෙක් එතන විය. ඒ අතරම බුකියේ දැඩි මඩ ප්‍රහාරයකට ලක්වූවත් දැඩි කැපවීමකින් බන්ඩාරවෙල සිට(අලි ගැට පේර නැතුව) පැමිනි යසන්ත මල්ලී හා මා සමගින් යසන්තට මඩ ව්‍යාපාරය දියත් කල චිරාන්ද හම්බන්තොට නියෝජනය කරමින් පැමිණ සිටියහ.

පැමිණි පිරිස් ලේඛනගත කිරීම හා මුදල් කටයුතු ප්‍රාර්ථනාගේ පින්බර දෑතින් සිදුවීම ඉතා ශෝචනීය විය. ඒ අතර උදේ පාන්දරම බඩ සමග විරසක වූ පිරිස් කඩවලට රිංගා සිටීම නිසා කටයුතු මදක් පමාවිය.
අභීත අයියා ඇතුලු පිරිස එක් බසයකිනුත්, රාජ් අයියා ඇතුලු පිරිස තවත් බසයකිනුත් පැමිණීමට නියමිත බැවින් ගාල්ලට රැස්වූ සියලු දෙනා මාතර බසයක නැගී රූමස්සල හන්දියට යාමට පිටත් විය.බනියා හා රිද්ම වතුර ඇදීමට ගොස් අතුරුදන් විය.


රූමස්සල හන්දියේදී ගයාන් කල්හාර සහ පාදඩයා ලියන ශෂික එක්විය.පසුව අභීත අයියා ඇතුලු පිරිස රැගත් බසය බනියා හා පොඩි මෑන්ද රැගෙන පැමිණ අපිද සමගම රූමස්සලට ටොප් ගියර් එක දැමීය.


බස් එකේදි කොළඹ සිට අධි වේගයේ පැමිණි අභීත අයියා, වෙනිවැල් අන්කල්,සිංහයා,සිහින(තිසර),මගේ මරණය,රංග,සෝඩා  ගුණේ(පස්සෙ බලද්දි අපේ පැත්තේ පොරක්නේ),ගෝල්ඩ් පිෂ්(හෙවත් අයිස් මාලුවා),පැණි දොඩම් ඇතුලු පිරිස හඳුනා ගැනීම ඉතා රසබර විය.
 පසුව ඉතා කටුක එහෙත් ස්වාභාවික මාර්ගය දිගේ දිගු දුරක් ගෙවා රූමස්සල සොඳුරු මුහුදු තීරයට අවතීර්ණ වුනු අතර රංග අයියා ඇතුලු පිරිස සුපිරි විනෝදයකට එහිදී ඉඩකඩ ලබාගත්හ.(අවසන එයම සුපිරිම වී ගියහ)



ඒ අතරතුර වෙරලේ සිරි නරඹමින් ඡායාරූප ගනිමින් විවිධ විකාර කරමින් අපේ පිරිස සතුට බෙදාගන්නට විය. මුහුද දැක නැති පිරිස් මුහුදේ ගැඹුර බැලීමද, කාලයකින් නොනෑ පිරිස නෑමද කුණු ඇතිල්ලීමද සිදුවිය. පසුව තිසර මල්ලීගේ ගිටාරයේ නාදයට සො ඳුරු ගීත ගණනාවක්ම ගුවනට මුසුවිය. පුරුදු පරිදි හිම හංසිගේ අඩෝවැඩියාවට හා ප්‍රාර්ථනාගේ දත්මිටි කෑමත්, චිරාන්,යසින්ත,නලින්,රෙප් මහත්තයා වැන්නන්ගේ විකාර ඈනුම් ඇරීම් නිසා දහවල් කෑම ගෙන ඒමද ඉක්මන් විය.

දහවල් කෑම ගන්නා අතරේ මගදී පමාවුණු රාජ් අයියා ඇතුලු පිරිස සංක්‍රමණය වීමෙන් පිරිස සම්පූර්ණ විය. රාජ් අයියා බොංගෝව සමගින් සිටි අතර ඒ සමග නිරිඇල්ල අයියා,වර්ණා අක්කා,හසී අක්කා,සඳකිදුරා,පවිත්‍ර,නාකියා(බොහොදුරක් ගෙවා රජරට සිට පැමිණ),පවනි තරංගා(තීක්ෂණ) වැනි බොහෝ දෙනෙක් විය. ඒ සියල්ල හඳුනාගෙන විවිද හිතමිතුරු කම් වර්ධනය කරගත්හ.




                                                මේ ලෙඩේට කියන නම කවුරුවත් දන්නවද?
                                                               සුපිරි වින්දනය
                                                සිහනයාගේ ගිටාරය ටියුන් වීම පමණක් විය
ඉතින් සොඳුරු අත්දැකීම් රැසක් අවසානයේදී පොඩි මෑන් හැමෝටම මේ අවස්ථාවේ තුති පුදමින් අරමුණ පැහැදිලි කලා.ඒ වගේම යලිත් හමුවෙන්න පොරොන්දු වුණා. අභීත අයියා කතාකරමින් බ්ලොග් ප්‍රවීනයන් වශයෙන් පැමිණි මාතලන් අයියා සහ මගේ මරණය ගැන මතක් කලා ඒ වගේම ඉදිරියට අභියෝගයක් ලෙසින් ඉදිරිපත් කරන “සයිබර් සිහින උලෙල“ ගැනත් කතා කරා.

යලිත් සයිබර් සිහින උලෙලේදී හමුවෙන බලාපොරොත්තුවෙන් සියල්ලන්ම විසිරී යන්නට තීරණේ කලේ ඉර බැහැගෙන යන වෙලාවට. රූමස්සලට සමුදුන්නේ හැමෝම හිතේ දුකක් තියාගෙන බව නොරහසක්.කවුරුහරි ගැන හෝ සුවිශේෂී සිදුවීමක් ගැන සඳහන් කරන්න අමතක වුනානම් එයට සමාව ඉල්ලා සිටිනවා...

 මිතුරනේ නුඹලාගේ හමුවීම ඇත්තෙන්ම හිත මහා ප්‍රීතියකින් පුරවන්නක් වුනා..ඉක්මණින්ම නැවත හමුවෙමු..


62 comments:

  1. ඇත්තටම අද දවස නම් ගොඩක් ලස්සනයි.ලස්සනම ලස්සන හීනයක් වගේ :)

    ReplyDelete
  2. නියමයි ජනරංග අයියා.. ලෙසටම ලියල තියෙනවා.. :D එක හුස්මට කියෙව්වා ඔන්න.. මට මඩ නොගැසීම පිලිබද හද පිරි තුති.. :පී

    ReplyDelete
  3. ඉරිසියාවේ බැරුවා!
    රු 13 දුර වෙලත් අපිට එන්න බැරි උනානේ !://

    ReplyDelete
  4. මටනම් පොඩි මඩක් ගහලා.කමක් නෑ.ගිය පාර ගෙට් එකේ වගේ ලොකු මඩක් නෙවෙයි.ඔව් අයියේ ඈත්තටම සතුටුයි අපිටත්.පොඩ්ඩක් කදු නෑගල බෑහෑල කකුල් දෙක රිදුනට මොකද සෝයි දවස

    ReplyDelete
  5. "රූමස්සල හන්දියේදී ගයාන් කල්හාර සහ පාදඩයා ලියන ශෂික එක්විය.පසුව අභීත අයියා ඇතුලු පිරිස රැගත් බසය බනියා හා
    පොඩි මෑන්ද රැගෙන පැමිණ අපිද සමගම රූමස්සලට ටොප් ගියර් එක දැමීය."

    අම්මට සිරි.. ඉන්දියං බස් ඒ තරම් සිරාද ? අඩෝ ටොප් ගියර් එකේ කොමද කදු අදින්නෙ.. ප්‍රස්ට් ගියර් එක :D

    ReplyDelete
  6. ඈ... මන් විතරක් අංකල් ?! අනිත් අය අයියලා !!! චිකේ !...කමක් නෑ.. කමක් නෑ.. ගත්ත ෆන් එක මදැයි ! හරිම සතුටුයි කට්ටිය හම්බ වෙච්ච එක ගැන !

    ReplyDelete
  7. කියවනකොටත් ගොඩක් සතුටුයි.....සහභාගී වෙන්න බැරි වුන දුක හිතේ තිබුනත් කස්ටිය ගත්තු ෆන් එක දකිනකොට මමත් එතන ඉන්නවා වගේ හිතුනා...සයිබර් සිහින උළෙලේදී අනිවා හමු වෙමු....ජය!!!

    ReplyDelete
  8. @සඳකිදුරා - ඇත්තටම හීනයක් වගේ මචං..උඹලා හැමෝම හමුවීම සතුටක්

    @යසයා - ගොඩක් ස්තූතියි මචං..මඩ ලියන්න වෙලාව මදි

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. සැංවිධායක පොඩි මෑන් , බනී , කිඩෝ.../// ඔය නම් අතරට ගයාන් කල්හාර සොයුරාත්.... කොළඹ සිට සංබන්ධීකරණය පැවැත්වූ රාජ් සොයුරාත්... නිතරම හයියට හිටි බ්ලොග් පරම්පරාවේ වැඩිහිටි උදවියත් පැමිණී සියලු දෙනාමත් ඇතුලත් විය යුතුයි.... :)

    ReplyDelete
  11. @නුවණ් තාරක - ඒවා ඉතින් වෙලාව තමයි..කමක් නෑ..එක හීනෙන් එලිවෙන්නේ නෑනේ බං

    @හිම හංසි - මඩනං බොහෝ ඇත ඒත් වෙලාව නැත..තෑන්ක්ස් ආ

    ReplyDelete
  12. @බනියා - මොකේ හරි කන්ද නැග්ගනේ බන්..ෆස්ට් හරි ලාස්ට් හරි..ඒ මදෑ...

    @වෙනිවැල් - අනේ සුදු අයියේ එහෙම හිතන්න එපා..අර නිතර කියවුනු එකම ලියවුනා වෙනි අයියේ..මම මගුලටත් එනවා කියපු එකානේ ඉතින්

    ReplyDelete
  13. @කුඹුවි- අනිවාර්යයෙන්ම..ජයවේවා..

    ReplyDelete
  14. @පොඩි මෑන් - ඌන පූර්ණය ගැන හදපිරි තුති මචන්..උඹ, බනියා,කිඩෝ,ගයාන් මෙහන්..ඒ වගේම රාජ් අයියා,අභීත අයියා එකතු නොවෙන්න මේ අත්දැකීම හීනයක් පමණක් යන්න මතක් කල යුතුමයි

    ReplyDelete
  15. ඊළඟ චාන්ස් එක නම් අනිවා මග හරින්නේ නෑ,කියන්න ඊළඟ දවස .මමත් සෙට් වෙන්නම්.හැමෝටම සුභ පතනවා.

    ReplyDelete
  16. කට්ටිය හොදට විනෝද වෙන්න ඇති කියලා හිතනවා,,,එන්න නොහැකි වීම ඇත්තටම දුකක්!

    ReplyDelete
  17. අපිත් සැට් වෙන්න බොහොම ආසාවෙන් ඉන්නවා.. බලමු ඉදිරියට....වැඩේ සංවිධායකයන්ටත් සහභාගීවුවන්ටත් සුභ පැතුම්... !!!

    ReplyDelete
  18. අපරාදේ !
    එන්න හිතන් හිටිය ගමනක් මිස් උනා.
    මේ ෆොටෝ දකිනකොට ඊර්ෂ්‍යාවේ බෑ අප්පා.

    ReplyDelete
  19. සිරාවටම මැක්සා වැඩක්....අයෙත් සෙට් වෙන්න බලාගෙන ඉන්නේ......
    ජයවේවා!!!!!!!!

    ReplyDelete
  20. @තරිඳු - අනිවාර්යයෙන් සෙට්වෙලා අඳුනගෙන හොඳ ෆන් එකක් ගමු..

    @සබිත් - ඇත්තටම හොඳ විනෝදයක් ලැබුවා..සයිබරයෙන් එහා ගියපු සුන්දර අත්දැකීමක් කාලෙකට පස්සේ

    ReplyDelete
  21. අභීත අය්යා කරපු ලබ්බක් නෑ යකෝ.
    කොළඹින් එන උන්ව කෝඩිනේට් කරේ "මගේ මරණය" අය්යා.
    අභීතයි මායි කරේ හතර වටේ කෝල් කරන එක විතරයි :D

    ReplyDelete
  22. @බස්සා - බොහොම ස්තූතියි මධුරංග..ඇත්තටම හැමෝම හිටියනම් තවත් සුන්දර වේවි..කටිටිය වැඩිවුණා කියලා ඉඩකඩ මදිවීමක් නැති එකේ සේරම හිටියනම් මරු..

    @මධුරංග -අපරාදේ..ලඟදීම සෙට්වෙන්න උත්සහ කරමු සහෝදරයා..කණගාටුවෙන්න එපා

    ReplyDelete
  23. @ගිනි කුරුල්ලා - අනිවා..සෙට් වෙමු එහෙනම් ගිනිකුරුල්ලා

    ReplyDelete
  24. @රංග - අප්පට උඩු එහෙමද රංග අයියා? එහෙනම් අභීත අයියා තනිකරම ප්‍රෝඩාවනේ දාලා තියෙන්නේ..එහෙනම් මගේ මරණය අයියාට බොහොම ස්තූතියි..ඒ වගේම හතර වටේට කෝල්ස් අරගෙන කට්ටියම සෙට්කල අභීත අයියාටත් රංග අයියාටත් දැඩිසේ ස්තූතිය..දැන් තමයි තිරය පිටුපස කතා මතුවෙන්නේ

    ReplyDelete
  25. අනිවා රංගයියේ අපිව කොළඹින් එක්කං ඒම මරේගේ තනි මහන්සියෙක් සිද්ද වෙච්චි දෙයක්! :D
    හැමෝම හමුවීම සතුටක්!

    ReplyDelete
  26. @පූසා- එහෙනම් අභීත අයියාගේ ප්‍රෝඩාව පිළිබඳ හෙලිදරව්වක් ලඟදීම කල යුතුය..තෑන්ක් යූ පූසා

    ReplyDelete
  27. පිස්සුම කොරයි!!
    මැක්සා ෆන් එකක් ගත්තා!!
    ගොඩාක් අය අදුන ගත්තා... නියමායි!

    ReplyDelete
  28. @චාමික - සිරාවටම බන්..උඹලා හැමෝම අදුනගන්න ලැබුණු එක මාර සතුටක්

    ReplyDelete
  29. අභිය ගෙන් ඉතින් වැඩක් කියලා කෙරුනෙ අර ඔෆිස් එක පිසා හට් එක ළඟ තිබුනු එක විතරද මන්දා ??? :-DDD

    ReplyDelete
  30. @වෙනි අයියා- පව් බොලේ අභීත අයියා..ඔච්චරම මැඩෙව්වම හරියනවද අහිංසක කොල්ලා..ඊයේ දෙයියනේ කියලා හිතේ හැටියට මූදු වතුර ටිකක් නෑවා

    ReplyDelete
  31. මැක්සම ෆන් එකක් ගත්ත සිරා දවස
    ගොඩාක් අය අදුන ගත්තා.
    වැඩේ සංවිධානය කරපු සෙට් එකට ගොඩක් පින්.

    ReplyDelete
  32. එළ එළ... අපිටත් එක්කම ෆන් අරන් තියෙන්නේ... එහෙනම් අප්‍රේල් හම්බෙමුකෝ...!!!

    ReplyDelete
  33. මැක්සා ෆන් එකක් ගත්තා හැමෝම.....සේරටම වඩා වටින්නේ කට්ටියම අදුනගත්ත එක...සංවිධානය කල හා පැමිණි හැමෝටම ජය!!!

    ReplyDelete
  34. කවුද යකෝ ටියුං කලේ..

    ReplyDelete
  35. පොටෝ එකක් ගන්න කියලා ගලක් උඩින් පනින්න ගිය ජනරග කියල එකෙක් හක්කත් පන්න ගත්තලු. පැනපු පාරට දිව පිල මිනිහට දැන් දිව දෙකයිලු.

    ReplyDelete
  36. ඊරිසියාවෙ බෑ............:( නියමයි!! කොලඹ එකටවත් අනිවා එන්න ඕනෙ..

    ReplyDelete
  37. @මහිම - සිරාවට..මහිමයා නේද බයික් එකේ එන ෆොටෝ එක තියෙන්නේ..අපරාදේ බයික් එක ගැන කියන්න බැරිවුනානේ..

    @චතුරංග - අපරාදේ මචං එන්නනේ තිබුනේ..දැකලත් නෑනේ මම උඹව

    ReplyDelete
  38. @කල්ප - ඇත්තටම එකම අත්තක වහන එකම විදියේ කුරුලු කිරිල්ලියන් රාශියක් එකතැන අදුනගන්න ලැබීම ලොකූ සතුටක් කල්ප..ඔබට වගේම මටත්

    @සිහිනයා- ඉතිං බන් සින්දුවලට බැක් කරාට වඩා උඹ කලේ අර ඉන්ඩිකේටර් එකේ අනුසාරයෙන් ඕක ටියුන් කරපු එකනේ...කොහොමහරි සින්දුවලට උඹෙන් ලැබුණු හයිය මාර වටිනවා..ඒවගේම උඹව අදුනගන්න ලැබුණු එකත් මාර වටිනවා..

    ReplyDelete
  39. ඔන්න ඒකත් කියෙව්වා..මඩ මදි මඩ මදි..

    ReplyDelete
  40. @රෙප් මහත්තයා - අම්මපා ඇත්ත..දැන් දිව දෙකයි..තාම රිදෙනවා රෙප් මහත්තයෝ..ගෙදර අය හොඳ ඒවා කියනවා හක්කත් පන්නගෙන ඇවිත් කියලා..කෝ ඉතින් වැටෙනකන් බලන් හිටියා මිසක් නැගිට්ටෙව්වෙවත් නෑනේ රෙප් මහත්තයලා..කොහොමවුනත් අදුනගන්න ලැබීම මාර සතුටක්

    @හිතුවක්කාරි- අපරාදේ මම හිතුවෙ එයි කියලා..කමක් නෑ අප්‍රේල් වත් මීට් වෙමු

    ReplyDelete
  41. @මාරයා - මාරයියේ වෙලාව තිබුණේ නෑ ඊයේ රෑ මඩ ටිකක් ගහන්න..මඩ පෝස්ට් එකක් වෙනමවත් දාන්න හිතන් ඉන්නවා..බලමුකෝ..

    ReplyDelete
  42. අපේ පැහැදිලි ඉරිසියාව!

    ReplyDelete
  43. අපේම උන් තමයි අපේ දියුනුවට පාර කපන්නේ... චික්.... නොදෝමකින්....

    ReplyDelete
  44. විශාල විනෝදයක් ජනිත කල අවස්ථාවකි..

    ReplyDelete
  45. වැඩි වෙලා ඉන්න බැරි වුනත් හිටපු ටිකේ මාරම ෆිට් එකක් දැනුනා. කට්ටියව අදුන ගන්න ලැබුනු එකම කොච්චර වටිනවද.
    සයිබරයට ඉන්න ලැබෙයිද දන්නැති වුනත් ලංකාවෙ හිටියොත්නම් දවසකට කළින්ම එනවා. ආයෙ ෂුවර්ම තමා.

    දැන් එතකොට අභි අයියා සියඹලා ගෙනත් නෑනෙ බලන් යද්දී.. ලොල් තමා..

    ReplyDelete
  46. @ඉන්දික - ඉරිසියා කරන්න එපා බන්..අප්‍රේල්වත් එන්න ට්‍රයි කරපන්කෝ..එතකොට ඩබල් ෆන් ගනිමු

    @අභීත - සහතික ඇත්ත අභීත අයියා..ඊයේ රෑ ඉදන් ඔය තත්වේ තමයි

    ReplyDelete
  47. @අමිල - සහතික ඇත්ත බන්..මාර අවස්තාවක්

    @නාකියා- දුර ඉදන් ආවට හොද ෆන් එකක් ගත්තනේ..මාර ඩාන්ස් එකක්නේ දැම්මේ නාකියා අයියා

    ReplyDelete
  48. එන්න බැරි උන එක ගැන ඇත්තටම දුකයි යාළුවා.. ලංකාවේ හිටියනම් මේ චාන්ස් එක කීයටවත් මහ අරින්නේ නෑ.. ඒත් ඉතින් මොනා කරන්නද?? කොහොම උනත් සොදුරු දවසක් ගෙවුන බව නම් ෆොටො වලින් දැක්කා..

    ReplyDelete
  49. ඒ දවස කවදාවත්ම අමතක නොවන දවසක් :)))

    ReplyDelete
  50. @දිනේෂ් - අපි දිනේෂ් සහෝදරයවත් මතක් කලා කතාකරන අතරතුරේ..ලංකාවේ ඉන්න දවසක අනිවාර්යයෙන් හමුවෙමු

    @වර්ණා - සහතික ඇත්ත.කීපවරක්ම කිරිටොෆි බුල්ටෝ වූ දවසක් කෙසේ අමතක වෙන්නද

    ReplyDelete
  51. උඹලගෙ පින්තූර ටික දැක්කම ඇත්තටම දුක හිතෙනව එන්න බැරි උනාට. ආවෙ නැති එකත් හොඳයි වගේ උඹල එක්කොම බං පුංචි කෙල්ලො කොල්ලො නේ මං මැන්ටලේ ඔතනට ආවනං උඹලටත් මහ ඇනයක් වෙනව. බලමු ඉදිරි දවසකදි. ඇත්තටම දුකයි උඹලව දැකල කතා කරල අඳුර ගන්න අවස්ථාව නැති උන එකට හැමෝටම 2012 ජය වේවා.

    ReplyDelete
  52. යන්තම් බේරිලා මේ සැරෙත්,.. හී හී... සුන්දර දවසක් එච්චර ඉක්මනට ගෙවිලා ගිය එක ගැන නම් දුකයි,.

    ReplyDelete
  53. @දයියා - පිස්සුද ලොක්කා බාගෙට බාගයක් හිටියේ අභීත අයියා,මගේ මරණේ වගේ මැන්ටල් පොරවල් තමයි..වයස් භේදයක් නෑ ආවානං ඉවරනේ අනේ..

    @ප්‍රාර්ථනා - මානුෂික හේතූන් මත මෙවර මඩ ගැසීමෙන් වැලකීමට ඊයේ රාත්‍රී තීරණය කෙරිනි

    ReplyDelete
  54. අපි ඉතින් මෙහෙ ඉඳන් හූල්ලනව ඇරෙන්න වෙන මොනව කරන්නද
    වෙන ඉතින් සේරම අකුරක් නෑර කියවනවා ඔරවගෙන (ඉරිසියාවට)
    සුන්දරයි ලමයිනේ සුන්දරයි!

    ReplyDelete
  55. එළ එළ හෙන සෙට් එකක් ගිහිල්ලනේ...ඉරිසියායි දැක්කම...ඔය “සයිබර් සිහින උලෙල“ ගැන විස්තර දාන්න..කවදා වගේද ඒක තියන්න යන්නේ....

    ReplyDelete
  56. @වැලිමැඩියා- ඊරිසියා කරන්න එපා බොල..වරෙන්කෝ කොහොමහරි කස්ටියට සෙට් වෙන්න ලගදිම..

    @ඔබ නොදුටු ලොවක් - අප්‍රේල් 22 තමයි හිතාගෙන ඉන්නේ හේන්ද්‍රි පේද්‍රික් ග්‍රවුන්ඩ් එකේ.තාම ස්ථීර නෑ

    ReplyDelete
  57. //අප්‍රේල් 22 තමයි හිතාගෙන ඉන්නේ හේන්ද්‍රි පේද්‍රික් ග්‍රවුන්ඩ් එකේ.//
    මෙන්න මේක දැක්කාම කනට මී පැණි දානවා වගේ.ආහ්....වැරදුනා ඇස් දෙකෙන් නෙ බලන්නෙ.එතකොට කොහොමද කියන්නේ???

    ReplyDelete
  58. අප්‍රේල් ගෙට්ටුව සඳහා දැන් සිටම ලෑස්ති වෙමි. ආයෙ ඉරිසියා කොරලා වැඩක් තියෙනවද

    ReplyDelete
  59. @නිසුපා - එතකොට කියන්නේ නෙත්කලු වාක්‍යක් වගේ කියන්න පුළුවන්..එහෙනම් සෙට් වෙමු එදාට

    @පිණිබිඳු- ඒක ඇත්ත..අප්‍රේල් අවුරුදු සිහින සැණකෙලියේ අපි දෙන්නා එකට බනිස් කමු

    ReplyDelete
  60. හරි සොයියි..... මලයා :) මඩ නෑ.. :D කට්ට කෑවත් ලස්සන දවසක්.. :D

    ReplyDelete
  61. @චතූමිතු- සහතික ඇත්ත.හමුවීම සතුටක් අක්කණ්ඩි

    ReplyDelete
  62. නියම වැඩක්........

    ReplyDelete