Jan 1, 2012

සයිබරයේ සිංහල තරු නැවතත් ගාල්ල රූමස්සලට...


අලුත් අවුරුද්දේ මංගල ලිපිය ලෙස ලියන්න පටන් ගත්තේ බොහොම සුන්දර වගේම වැදගත් ලිපියක් වීම බොහොම සතුටු දායක කාරණයක්. ඒ තමයි සිංහල බ්ලොග් අවකාශයේ තරු ගාල්ල රූමස්සලට එක්වෙන්න යන වැඩසටහන් සම්බන්ධව. ඉතින් දැනටමත් මේ සඳහා පිඹුරුපත් සකසලා වැඩේ බොහොමයක් සංවිධාන කටයුතු අනුෂ්ක ලක්මාල්(බනියා) , කිඩෝ මල්ලි සහ රිද්ම කසුන් (පොඩි මෑන්) සිදුකර තිබීම ඉතා සතුටුදායක කාරණයක් කියලත් මතක් කරන්න ඕන. මොකද ඒ වගේ ක්‍රියාකාරී සංවිධාන ශක්තියක් හා ව්‍යූහයක් නොවන්න මේ වගේ සුන්දර කටයුත්තක් බිහිකිරීම බොහොම අපහසු නිසා.


මීට කලින් වතාවක් මුල්ම වරට එවකට ගාල්ලේ වැසියන් ලෙස(වර්තමානයේ බෙන්දර පාලමෙන් එහා) ෆේස්බුක් එකතුවේ හමුවී සාකච්ඡාකරගත් පරිදි ගාලු කොටුව තුලදී හමුවෙලා බොහොම රසමුසු අත්දැකීම් ගණනාවක් ජීවිතයට එකතු කරගන්නට ලැබුණා. ඒවගේම අන්තර්ජාලය හරහා සිංහල බ්ලොග් කලාව නැමති උත්තුංග සේවාවේ යෙදෙන රුහුණේ පිරිසක් හමුවෙන්න ලැබීමත් ඉතා ඉහල මට්ටමේ අත්දැකීමක් වුණා. මේ එම හමුව වෙනුවෙන් මා විසින් ලියන ලද ගාල්ලේදී අපි එක් රොක්වුණ දා ලිපිය. ඉතින් එදා වෙන්ව යන මොහොතේ බොහෝ දෙනෙක්ගේ අදහස වුනේ නැවතත් ඉක්මණින්ම හමුවෙන්න, ඔන්න ඉතින් එයට අවස්ථාවක් දැන් ලැබිලා තියනවා.

මෙවර විශේෂ වෙනස්කම් රාශියක් හා නිසි සැලැස්මකට අනුව කටයුතු සිද්ධවෙන බව දැනගන්නට ලැබෙනවා. මෙවර එක්වන පිරිසේත් වර්ධනයක් තිබෙන අතර මෙවර දකුණට සීමානොවී ලංකාව පුරා ඕනෑම කෙනෙක්ට එන්න පුළුවන් විදියට කටයුතු සිදුකරලා තිබෙනවා. ඒ වෙනුවෙන් හැදින්වීමට ලියපු ලිපිදෙකක් කිඩො මල්ලී සහ පොඩි මෑන් විසින් පලකරලා තිබුණා. කිඩෝ මල්ලිගේ ලිපිය මෙතනින් සහ පොඩි මෑන්ගේ ලිපිය මෙතනින් කියවලා මේ කටයුත්ත ගැන අදහසක් ගන්න හැමෝටම පුළුවන්. ඒ වගේම පසුගිය හමුවට එකතුවුණු හැමෝම මෙවරත් එක්වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.( තව ටිකෙන් මටත් එකතු වෙන්න බැරිවෙනවා..නමුත් දැනට එකතුවෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා ගියවර වගේම). ඒ වගේම ගිය සැරේ එකතුවෙලා විඳපු අත්දැකීම්වලට වඩා අලුත් දේවල් මෙවර එකතුකරගන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. මෙවර එන්න බලාපොරොත්තුවෙන් ඉන්න සිංහල බ්ලොග්කරුවන්ගේ තොරතුරු එකතු කරගැනීමට විශේෂ පෝරමයක් සංවිධායක මණ්ඩලය නිකුත් කරලා තිබෙනවා, පැමිණෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය එය පුරවලා සහයෝගය දෙන්න කියලා ඉල්ලා හිටිනවා. එම පෝරමය මෙතනින්

ඉතින් මෙවර හමුවත් සුබ සහ විනෝදය සපිරි හමුවක් වෙන්න කියලා බලාපොරොත්තුවෙන් ඉන්න අතර හමුවුණු සහ හමුනොවුණු හැමෝම හමුවෙන්න ආසාවෙන්න ඉන්නවා. එදාට අපි එකතුවෙලා විශේෂ යමක් කරමු කියලා යෝජනා කරනවා. ඒ වගේම සින්දුවක් දෙකක් පාඩම් කරගෙන එන ලෙසත් ඉල්ලනවා, මොකද ගිය සැරේ සින්දු දන්නේ නැතුව වගේම කියපු සින්දු සමහර අපේ හිතවතුන්ගේ හදවත් සිදුරු කරපු ගීත බවට පත්වුණ නිසා. හැමෝම හමුවෙමු එදාට. එතකන් සුබ සමයක්!

15 comments:

  1. අඩේ එදා කියපු සින්දු කෑලි තාම මතකයි බන් :D මේ පාර සින්දු ටිකක් පාඩං කරගෙන එන්න ඕනෙ දැන්නං හොද සුවර් එකක් තියනවා ගැරඬි එන එකක් නෑ කියලා එදා ආවෙත් නෑ නේ ;)

    ReplyDelete
  2. සිරාවට..අර මිල්ටන් ගේ සින්දුවට උඹට ඇඬෙන්න ආවානේ..අපරාදේ මේ සැරේ උඹව අඬවන්න ප්‍රමුඛයා නෑනේ..කොහොමවුනත් හොඳ සින්දු කාරයෝ ටිකක් සෙට්වුනොත් එදා වගේ අපිට අප්සට් සින්දු කියන්න පුළුවන්

    ReplyDelete
  3. හික්ස්.. එන්න ආසයි.. :) ඔච්චර දෙයක් කරපු එකේ මට එන්න අපේ ගෙදරින් අවසර ඉල්ලන්න කෙ‍ටුම් පතක් සකස් කරලා දෙන්න බැරි වෙයි ද දන්නේ නෑ.. :D :D

    ReplyDelete
  4. උඹලම උඹලට තරු කියල කියා ගන්නේ කොහොමද?

    ReplyDelete
  5. @ ඇනෝ :- නෑ නෑ... අපි වල්ග තරු.. ඇත්ත තරුත් එනවා.... ඒකයි එහෙම කිවුවෙ... @ චතුමුතු :- කොහේද ඉන්නෙ කියන්න බලන්න... අපි ඒකටත් ප්ලෑනක් ගහන්න... :D

    ReplyDelete
  6. මල්ලි පුළුවන්නම් කොළඹ ඉඳන් යන අයගේ පහසුව තකා රාජ්ගේ ලිපියත් ශෙයාර් කරන්න.....

    ReplyDelete
  7. මෙදාපාර මමත් එනව,ඔන්න සින්දු කියන්න නම් මම දන්නෙ නෑ,ඒත් හොඳ සප් එකක් නම් උපරිමයෙන් දෙදෙනව....

    ReplyDelete
  8. @Abeetha - Godak isthoothi sahaodara..menna Colombo ayata Raj ayyage article eka..http://raj-rajmyblog.blogspot.com/2011/12/blog-post_29.html

    ReplyDelete
  9. ගිහිල්ලා ඇවිල්ලා අපිටත් විස්තර කියන්න....

    ReplyDelete
  10. ගාල්ලේදි හමුවෙමු..ලොකු ජොලියක් දාමු..හැමොම එන්ඩො...කොළඹ මිතුරන්ට ගාල්ලට පාර කියන අලුත්ම විදිහ..මෙන්න

    http://raj-rajmyblog.blogspot.com/2011/12/blog-post_31.html

    ReplyDelete
  11. අනේ එන්ට වෙන එකක් නෑනෙ...

    ReplyDelete
  12. මමත් එන්නයි බලාපොරොත්තුව. මේ වගේ අපූරු හමුවකට මීට කලින් සෙට් වෙලා නෑ

    ReplyDelete
  13. ලංකාවේ හිටියනම් මමත් අනිවාර්යෙන් ඔතන තමයි.. ඒත් ඉතින් මොනා කරන්නද? :(

    ReplyDelete
  14. @රාජ් - කොළඹ වැඩකටයුතු එහෙනම් එළට කෙරෙනවා..ඔහොමයං ඔහොම යං

    @නිසුපා - ඒ මොකද අක්කේ..අයියෝ එන්නකෝ ටිකක් මූණු පොඩ්ඩවල් ටික බලාගන්න

    ReplyDelete
  15. @ සුමිත් - සාදරයෙන් පිළිගන්න බලාගෙන ඉන්නවා..එහෙනම් එදාට හමුවෙමු..

    @දිනේෂ් - දුක්වෙන්න එපා සහෝදරයා..ලංකාවට ආපු දවසක ගෙට් එකකට සෙට් වෙමු..

    ReplyDelete