Jun 27, 2012

“සිරිවර්ධන“ නම්වූ තත්කාලීන බෞද්ධයාගේ මිනුම් දණ්ඩ

සිරිවර්ධන හෙවත් වඳුරඹ මහත්තයා ගැන අලුතින් යමක් කීමට ඉතිරිව ඇතැයි මා සිතන්නේ නැත. එසේම යම් කෙනෙක්ට ඔහු පිළිබඳව වඩාත් තොරතුරු අවශ්‍යනම් මේ දිනවල විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය භාවිතයෙන් එය සම්පූර්ණ කරගත හැක. නමුත් මා අදහස් දක්වන්නේ “සිරිවර්ධන නැමති තත්කාලීන බෞද්ධයාගේ මිනුම් දණ්ඩ“ පිළිබඳවයි. මිනුම් දණ්ඩක් යනු යමක් මැනීම නොඑසේනම් ප්‍රමාණ සමීක්ෂණයක් සඳහා යොදාගන්නාවූ පොදු නිරපේක්ෂ මාධ්‍යකි. නැතහොත් අගයකි. එසේනම් සිරිවර්ධන නැතිනම් වඳුරඹ ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන අමුතු ධර්මයක් දේශනා කරන්නාවූ මේ පුද්ගලයා තත්කාලීන බෞද්ධයාගේ මිනුම් දණ්ඩක් වන්නේ කෙසේද?

    අප දන්නා පරිදි වර්තමානයේ බුදු දහම ශේෂව පවතින්නේ රටවල් කීපයක පමණි. එමෙන්ම බුදු දහමේ හර දර්ශනයෙන් සුපෝෂිත ථේරවාද බුදු දහම ඉතිරිව ඇත්තේද රටවල් කීපයක පමණි. එයින් ශ්‍රී ලංකාව විශේෂ ස්ථානයකට පත්වන්නේ බුද්ධ කාලීනව මෙන්ම එයින් පසු සමයන්හීද බුදුදහමේ උන්නතියට කටයුතු කල රාජ්‍යයක් වශයෙන්ය. නමුත් වර්තමානයේ බුදු දහම පවතින්නේ මොන තත්වයේද හෝ කුමන මට්ටමකද කියා මැනීමට මිනුම් දණ්ඩක් නොමැත.


    අතීතයේදී ශාසන සංශෝධන, ධර්ම සංගායනා, විනය කතිකා, බොදු විවාද මගින් බුද්ධ දර්ශනය ඉගැන්වීම මෙන්ම බුදු දහම පිරිසිදු කිරීමට විශේෂ කාර්යභාරයක් ඉටුවිය. නමුත් තත්කාලීනව ඉහත කිසිවක් නොපැවැත්වේ..එසේනම් වර්තමානයේ බුදු දහම පිරිසිදු වන්නේ කෙසේද? වර්තමානයේ සැබෑ බෞද්ධයා වෙන්කොට හඳුනාගත හැක්කේ කෙසේද?

    මෙම ගැටළු වලට පිලිතුරු ලබාදෙන්නේ “සිරිවර්ධනලා“ සහ “අන්තවාදී බෞද්ධ කණ්ඩායම්“ මගින්ය. ඒ මන්ද සිරිවර්ධනලා වැනි මිනුම් දඬු මගින් සැබෑ බෞද්ධයා හා මිත්‍යා දෘශ්ඨික බෞද්ධයා පැහැදිලි ලෙසම වෙන්කොට පෙන්වන බැවිනි. එබැවින් සිරිවර්ධනලා නැමති මිනුම් දණ්ඩේ වටිනාකම අපූරුවට දැනෙන සමයක් ලෙස මේ කාලය හැඳින්විය හැක. බුද්ධ දර්ශනය දහමක් ලෙසින් හදාරන සහ අනුගමනය කරන පිරිස අතර සැබෑ නුවණින් හා පිලිවෙතින් එය අනුගමනය කරන පිරිස සැබෑ ශ්‍රද්ධාවෙන් මිසක වෙනත් අරමුණු උදෙසා එය අනුගමනය නොකරති..බෞද්ධයන් නැමති පොදු කුලකයෙන් සිරිවර්ධනලා හා අන්තවාදී කණ්ඩායම් පිටුපස යන බෞද්ධයැයි කියාගන්නා පිරිස වෙන්කල විට සැබෑ බෞද්ධයා සොයාගැනීමට හැකිබව කිව යුතුමය..එබැවින් සිරිවර්ධන මිනුම් දණ්ඩක් වශයෙන් තත්කාලීන බෞද්ධයා විශ්ලේෂණයේදී ලබාදෙන දායකත්වය පැහැදිලිය.

     උප්පැන්න සහතිකයේ ආගම බෞද්ධ යයි තිබූ පමණින් බෞද්ධයෙකු නොවන බවට ඔවුන් දෙන උදාහරණ බෞද්ධයන්ට අනුගමනය කල යුතු නියම මාර්ගය පැහැදිලි කර දෙති. “නචච්ඡා වසලෝ හෝති - නචච්ඡා හෝති බ්‍රාහ්මණෝ - කම්මනා වසලෝ හෝති -  කම්මනා හෝති බ්‍රාහ්මණෝ“ බුද්ධ දේශනාවට අනුවම යමෙක් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වන්නේ උපතින් නොව කරන්නා වූ ක්‍රියාවන්ට අනුවය..එබැවින් උපතින් බෞද්ධ වූ පමණින් හා සිරිවර්ධනලා පසුපස ගිය පමණින් බෞද්ධයෙක් වේද යන්න සිතැබැලිය යුතුය.

    මේ දිනවල සිරිවර්ධනලා සම්බන්ධ සිදුවීමේදී කියන්නා වූ තවත් කතාවක්නම් බුදු දහම විකෘති කරයි යන්නය. මේ රටේ බෞද්ධයන්ට කුඩා කල පටන් පාසල සහ පන්සල මූලික කරගෙන මෙන්ම සමාජය මූලික කරගෙන බුදු දහම පිලිබද විශාල දැනුමක් ලැබෙයි..ඒ දහම කොහෙන්වත් මතුවූ සිරිවර්ධන කෙනෙක්ට වෙනස්කල හෝ විකෘතිකල හැකියයි යමෙක් කියයි නම් එය නිකන් සබන් බෝල ප්‍රකාශයක් පමණි..මීට වඩා අසීරු සමයන්හි පවා සුරැකිව පැමිණි සම්බුද්ධ දේශනාවන් සිරිවර්ධනට විකෘති කල හැකිය කියනවානම් අදාල පුද්ගලයා බෞද්ධයෙක්ද සහ ප්‍රඥාසම්පන්න මිනිසෙක්ද යන්න පිරික්සා බැලිය යුතුය..සිරිවර්ධනලාගේ පස්සෙන් ඇවිදින පිරිස යහමින් බුදු දහම දනී..එමෙන්ම සිරිවර්ධනගේ දහමද දනී..එය වෙන්කර හදුනති..නමුත් ඔවුන් පසුපස යන්නේ සිරිවර්ධනගේ දර්ශනය පසුපසය. එහි තිබෙන අත්භූත හා අභව්‍ය ස්වභාවය පසුපසය..මන්ද එදා සිටම ලාංකිකයා අත්භූත දේ පසුපස එලවීමට ඉතා කැමතිය.

    අවසාන වශයෙන් කිව යුත්තේ මේ සිරිවර්ධන නැමති මිනුම් දණ්ඩ තත්කාලීන බෞද්ධයාට ලැබුණු ඉතාමත් වටිනා තෑග්ගකි..සැබෑ ලෙසම මෙය “වෙස්වලාගත් ආශිර්වාදයකි“..එබැවින් එය සැබෑ පිරිසිදු දහමක පාරිශුද්ධත්වය රැකීමෙහිලා නුවණින් විමසිය යුතු දෙයක් මිස අතින් පයින් විමසිය යුතු දෙයක් නොවන බවය.

7 comments:

  1. ගහ මරාගන්ට යනවට වඩා මෙවැනිදේ මුල් බැසගන්නට ඉඩ සැලසෙන සාදකයන් මුලිනුපුටා දානවනම් තත්වය මිට වඩා යහපත් වෙයි...අනික බුහුදහමේ කොහේවත් බලකරලා කියලා නෑ නොවැ බුදුදහම අදහන්ට කියලා නිර්මල බුදුදහම දර්ශණයක් මිසක. මම හිතන්නේ ලංකාව බෞද්ධ රටක් කියන මතය උඩ පිහිටලා බෞද්ධ රටේ මෙවැනි දේ සිදු නොවිය යුතුයි යන ලෙබලය උඩ සිට බොහොදෙනා මගොඩි වැඩ දෙශපාලනික ලාබ අනිසංශ ලබාගැනිමට උත්සහයක යෙදෙනවා...පුද්ගලයන් වශයෙන් තමන්ගේ හිතට එකඟව සිතනවනම් තමන් බෞද්ධ..ද? නැද්ද කියන එක තත්වය මිට වඩා යහපත්වෙවී

    ReplyDelete
  2. මම ඔබේ අදහස එක්ක එකඟයි..මෙතනදි මේ කාරණය බොරදියේ මාළු බෑමේ සංසිද්ධියක් කරගන්න උත්සහ කරන පාර්ශව වැඩියි

    ReplyDelete
  3. ඔන්න තව3ක් රත්නපුරේ....බුදුවරු

    ReplyDelete
  4. dan kale inna minissunta attatama pissu neda....??

    ReplyDelete
  5. ah...eka nemei ayya.mama oyage kana konittapu ekata mata gemak denawa kiwwa neda?ai appa ohoma napuru wenne......manwage ahinsaka punchi babekta ghanna hitenawada appa........

    ReplyDelete
  6. සිරිවර්ධන අමු පිස්සෙකි..නමුත් මෙහි කියන්නාක් මෙන් අපිට එයින්ද බුදු දහමට වැදගත් දෙයක් කල හැකිය.බොරු විකෘති කරන ලද ධර්මය ඇත්තේ මෙමෙ අඤ්ඤ කොරොස්, මෛත්‍රී බුද්ධ යයි කියාගන්නා එකා ලඟ බව ඕනෑ බූරුවෙකුට තේරේ

    ReplyDelete