සිංහල සාහිත්‍ය තුල බොහෝ කාව්‍ය කෘති බිහිවී ඇත. සිංහල සාහිත්‍ය යේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙණ කලිකාලසාහිත්ය,සර්වඥපණ්ඩිත සවැනි පැරකුම්බා රජ සමයේ නිර්මාණය වූ තරම් සාහිත්‍ය නිර්මාණ කවර කලෙකවත් මේ සිරිලක බිහිවී නැත. එසේම බෞද්ධ සාහිත්‍ය සහ ශිෂ්ටාචාරය යොදාගනිමින් සිංහල සාහිත්‍යය තුල බිහිවූ නිර්මාණද අදත් මහා වෘක්ෂ මෙන් අප අතර ශේෂව පවතී, සැළලිහිණි,පරවි,කෝකිල වැනි සඳැස් කාව්‍ය..කුස ජාතකය ඇසුරෙන් රචනා කල “කව්සිළුමිණ“ මෙන්ම සඳ කිඳුරු දා කව වැනි කාව්‍ය නිර්මාණ මෙකල්හිද නිර්මාණ කරුවන්ට අභියෝගවන මට්ටමට පවතී. තාක්ෂණය හෝ කිසිම සාධකයකින් දියුණු වූවත් අදටත් අපේ නිර්මාණ කරුවනට එම නිර්මාණ පරයා යමක් කල නොහැකි බව පිළිගත යුතුය.
බෞද්ධ ඉතිහාසය පදනම් කරගෙන නිර්මාණයක් බිහිකිරීම වෙනුවෙන් කලක පටන් පැවති ආශාවක් ඉටුකරගනිමින් “නච්ච දා කව“ යන මෙම කාව්‍ය කෘතිය විද්‍යුත් ඊ- පුස්තකයක් ලෙස අද ඔබට මෙලෙස ගෞරවයෙන් පුදකරමි. “සබ්බ දානං ජිනාති ධම්ම දානං“ යන කියමනට අනුව සැම දානයකට වඩා උතුම් ධර්ම දානය පිරිනමනු වස් ජාතක කතා පොතේ එන “නච්ච ජාතකය“ පදනම් කරගෙන ලියන ලද කාව්‍ය කෘතියක් ලෙස මෙය ඔබට තිළිණ කරන්නෙමි.