Aug 20, 2013

අපේම කෙනෙක්ගේ වැඩක් LAYDEEZ හෙවත් ලංකාවේ කාන්තා ව්‍යවසායකයින්ගේ අනාගත දැක්ම


කළමණාකරණයේදී ව්‍යවසායකත්වය (Entrepreneurship) කියන්නේ මගේ විෂය ක්ෂේත්‍රය. එහිදී ව්‍යාපාර නිර්මාණකරණය (Venture Creation) කියන්නේ බොහොම සිත්ගන්නා සුළු විෂයක් වගේම සුවිශේෂ අංශයක්. මේ දෙකම බොහොම ප්‍රායෝගිකව දකින්න පුළුවන් වැඩක් වගේම එයට එක්කල නිර්මාණශීලීත්වය (Creativity) සමගින් වන පුංචිම පුංචි ව්‍යාපාරයක් පටන් ගන්න අපේම කෙනෙක් තීරණය කලා. ඒ අපේ හිතවත් අයේෂා දිල්හානි නංගි. හාපුරා කියලා පතිකුලයට ඇතුලත්වුණාට පස්සේ පටන්ගත් මේ ව්‍යාපාරය Laydeez කියන සන්නම් නාමය සහිතව.

  අපේම කෙනෙක් පටන් ගත්තු මේ දේ ගැන මුලින්ම මමත් දැනගත්තේ අපේ මහී නංගිගේ පුංචි උත්සහයෙන්. විශේෂයෙන්ම වර්තමානයේ සුවිශේෂ විලාසිතා බවට පත්වෙන වලලු,මාල,මුදු,කරාබු වගේම බොහොම දේවල්, වෙනස් විදියේ දේවල්, කැමති විදියේ දේවල් තමයි මේ හුරුබුහුටි ව්‍යාපාරයේ නිෂ්පාදිතය විදියට ඉදිරිපත් කරන්නේ. සුවිශේෂත්වය තමයි මේ සියලුම දේ අන්තර්ජාලය හරහා සිදුවීමයි. ඒකයි මම මේ ලිපියට ලංකාවේ කාන්තා ව්‍යවසායකයින්ගේ අනාගත දැක්ම කියලා යෙදුවේ. මොකද e-commerce හෙවත් විද්‍යුත් වාණිජ්‍යයේ e-trading සංකල්පය තාම ලංකාවේ එතරම් ප්‍රචලිත නෑ. විශේෂයෙන්ම කාන්තා ව්‍යවසායකයින් අතර.


   මගේ Academic Research එක කරන්න බලාපොරොත්තු වෙන්නේත් ලංකාවේ නව ව්‍යවසායකයින් සහ තාක්ෂණික බලපෑම කියන කාරණය තේමා කරගෙන නිසා මට අයේෂා නංගිගේ මේ හුරුබුහුටි ව්‍යාපාරය බොහොම ප්‍රායෝගික නිදර්ශනයක් වුණා. ඉතින් ඒ විතරක් නෙවෙයි අපේම හදවතක් අනාගතය වෙනුවෙන් පියවරක් තියන්න ගත්ත මේ උත්සහයට හදවතින්ම සුබ පතනවා වගේම මේ පියවරෙන් ලොකු ගමනක් යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.


 සමහර විට අනාගතයේදී දවසක ව්‍යාපාර උපදේශකයෙක් (Business Consultant) කෙනෙක් විදියට මට මේ හුරුබුහුටි ව්‍යාපාරයට උදව් කරන්න ඉඩක් ලැබේවි. ඉතින් ඊට කලින් හැමෝටම ආරාධනා කරනවා මේ ව්‍යාපාරය දිරිමත් කරන්න එකතු වෙන්න කියලා. ඒ වගේම හිත ගියපු දෙයක් තියනම් මිලට ගන්න, මොකද සාධාරණ වගේම පුංචි මුදලකටයි මේවා මිලකරලා තියෙන්නේ.

4 comments:

  1. මාත් මේ අයිසට කියලා මොනා හරි ගෙන්න ගන්න බලං ඉන්නේ...

    ReplyDelete
  2. අයිසටයි එයාගෙ අලුත් වැඩේටයි ජය හෝ

    ReplyDelete
  3. එක තැනක ඉඳන් වැඩක් කරන්න හදන එකත් කොච්චර ෂෝක්ද?

    ReplyDelete