Apr 21, 2014

සයිබර් සිහින බක්මහ උළෙලට පසුව???


2014 සයිබර් සිහින බක්මහ උළෙල ඊයේ අවසන් වුණා. බොහොමයක් අලුත් මුහුණු සහ ප්‍රමාණයෙන් අඩු පැරණි මුහුණු එක්වුණු අවස්ථාවක් වුනත් හැමෝටම ඉතාම තෘප්තියෙන් කතා කරන්න පුළුවන් මොහොතක් අවසන් වුණා කියලා කියන්න පුළුවන්. පුද්ගලකිව සහභාගීවුන තුන්වෙනි සයිබර් සිහින බක්මහ උළෙල. වැල්ලවත්ත සහ මහරගම පැවති ඒවාට වඩා සාර්ථකත්වය ලෙස දකින්න පුළුවන් වෙන්නේ සහභාගිත්වය සහ දායකත්වය කියන කාරනා එක්ක. බ්ලොග් අවකාශයේ මිතුරෝ වෙනුවෙන් සංවිධාන ශක්තියට කැපවුණු කණ්ඩායම තමන්ගේ උපරිමය සිදුකරලා තිබුණා කියලා පැකිලීමකින් තොරව කියන්න පුළුවන්. ඒ වගේම අනුග්‍රහය ලබාදුන්න ඔෂනික් ගේම්ස් ආයතනයත් ඉතාමත් මිත්‍රශීලීව මේ කටයුත්තට දායක වීම අගය කල යුතුයි. හුරු පුරුදු මාධ්‍ය සගයා බස් රේඩියෝව තමන්ගේ  සුපුරුදු කාර්යය සිදුකිරීම අමතක කල නොහැක්කක්.


   නිවේදන කටයුතු සිදුකරන අතර තුරේ පුද්ගලිකව මට හැකිවුණා බොහොමයක් අලුත් බ්ලොග්කරුවන් මුණගැහිලා ඔවුන් සමග අදහස් හුවමාරු කරගන්න. මොකද ඔවුන්ගෙන් එකතු කරගත් අදහස් බොහොමයක් මා සතුව තියන නිසා එය ඉතාමත් වැදගත් කියලා මම විශ්වාස කරනවා. සිංහල බ්ලොග් අවකාශයේ අවුරුදු හතරක අත්දැකීම් එක්ක මෙය බොහොම සොඳුරු මතක සටහනක් කියලා සිහිකල යුතුමයි.

   අන්තර්ජාලයේ සිංහල වපසරියේ මගේ ඉතාමත් ලඟ හිත මිතුරන් බොහෝ දෙනෙක් නැවත මුණගැහීම හිතට පුදුමාකාර සතුටක් මතුකල දෙයක්. නම් වශයෙන් සඳහන් නොකලත් වැලඳගෙන ඒ සතුට ප්‍රකාශ කලේ අන්න ඒ වගේ මිතුරන් එක්ක. අතට අතදීලා සුභ පැතූ හැමදෙනාම ඒ මිත්‍රශීලීත්වගේ ගැඹුරුබවට හොඳ උදාහරණයක්. හැමදෙයක් අතරෙම සයිබර් අවකාශයේ සොඳුරු මෙන්ම කටුක අත්දැකීම්ද සිහිවුණු අවස්ථා අනන්තවත් තිබුණා. 

ජායාරූපය - ලිෂාන් පුවක්ඕවිට


හමුවුණු කතාබහකල සහ හැඟීම් බෙදාගත් හැමටම බොහොමත්ම ස්තූතියි. අපි ඉදිරියටත් හොඳ දෙයක් කරමු. එවිට මේ තෘප්තිමත් මිහිර හැමදාම අපි සමගින් රැඳේවි.


42 comments:

  1. සමබර සහ නීරස නොවූ වගේම වින්දනීය නිවේදනයක් නියැලීම වෙනුවෙන් මගේ ප්‍රණාමය ජනරංග

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඉවාන්..මම හිතන්නේ මම මේපාර වැඩිම වෙලාවක් කතාකලේ ඉවාන් එක්ක

      Delete
  2. ඇත්තෙන්ම ප්‍රීතිමත් දිනක්. අනිවාර්‍යෙන්ම ආයෙ හම්බවෙමු සයිබරයෙන් මිහිමතට මනුස්සකම රැගෙන………

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම මිත්‍රයා..නැවත හමුවෙමි සුපුරුදු මිතුදමින්

      Delete
  3. මේ පාර එන්න බැරි වුණාට ඊළග පාර මං අනිවා එනව...
    දැං කට්ටිය හිතයි මේ පාර එකට නාව එකා කෝමද ඊළග පාර එකට එන්නෙ කියල...
    ආවාම බලාගන්නකො

    ReplyDelete
    Replies
    1. ආ ඇත්තද උඹට දැන්මම කිව්වද ලබන සැරේ නිවාඩු දෙනවා කියලා

      Delete
    2. ලබන පාරවත් එන්න මහේෂ්..මොකද අපි ජීවත් වෙනවා කියලා දැනෙන්නේ මෙහෙම දේවල් එක්ක විතරක් නිසා

      Delete
  4. ඔබේ දායකත්වයට තුති මලයා..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම නලීන් අයියා..කටයුත්ත බොහොම හොඳින් සිද්ද්වුණානම් එච්චරයි

      Delete
  5. Replies
    1. ඇත්තෙන්ම සංජීව..වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම

      Delete
  6. සජීවි සයිබර් උළෙලක් දියත්කරපු ඔබේ කටහඬ මා කවදත් අගයනවා ස්තුතී උඹට..!!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රාජ් අයියා..ඇගයීම ගැන ඉතාමත් සතුටුයි..

      Delete
  7. Replies
    1. අනිවාර්යයෙන්ම කෙන්ජි..ආවේ නෑනේද එනවා කිව්වට

      Delete
  8. Replies
    1. මේ පාර දැක්කේනම් නෑ මචං..කොහොම වුනත් ජයවේවා

      Delete
  9. නිවේදනයත් සංවිධායක කමිටුවටත් තුති!

    ReplyDelete
    Replies
    1. බොහොම කැමැත්තෙන්ම ස්තූතියි බාරගන්නවා මිත්‍රයා

      Delete
  10. ආ.. මේ අපේ නිවේදන කොල්ලනේ!
    :) ජය ජනා

    ReplyDelete
    Replies
    1. අප්පා උඹේ සරම යහතින් ගෙදර අරන් ගියාද..ජයවේවා මචං

      Delete
  11. මං මේ ඊයේ හවස ඉදන් තාම ජනරංග අයියාගේ නම ගැන කල්පනා කොරනවා.. හම්මේ :3

    නම ගැන බ්ලෝග් පොස්ට් එකක් දාන්න තරම්..

    ReplyDelete
    Replies
    1. අප්පා ඒකත් එහෙමද නංගියේ...හැබැයි මගේ නම “ජනරංග“ නම් නෙවෙයි “ජනරඟ“...සොඳුරු සහ මිත්‍රශීලී හමුවීමක් නංගි..බොහොම ස්තූතියි ඔයාගේ කවි පොතක් ප්‍රදානය කරපු එකට..අදරෑට කියවන්න ඉන්නේ

      Delete
  12. ලොකු සතුටක් වින්දා. බොහොම ස්තුතියි සියලු දෙනාටම

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම අපිටත් සතුටක් මිත්‍රයා

      Delete
  13. කතන්දර, වෙනි, සුදික, ඉවාන්,අටමා ඇතුලු ඔබ සැම සමග ගෙවුන ටික වෙලාව සුන්දරයි. බෙලොග් ඵකක් නැතත් මාව ඔයාලාගේම කෙනෙක් වගේ සලකපු එක මාට අාඞමිබරයක්...නැවතත් ඔබ සැමට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට බං සිරාම සිද්ධිය වුනේ පැවිලියන් එක පිටිපස්සේ උඹයි,මමයි,අටමයි,සුදු මහත්තයයි හිටපු වෙලාවේ..අටමට අර ඩෙනිම ඇඳපු කෙල්ල ගස්සලා ඔරවලා ගියාම අටමාගේ ප්‍රතිචාර ටික තමයි මරු

      Delete
    2. නිල් ඞෙනිම දුබුරැ ලේදර් බැග් එක (බලවුස් එකේ පාට මතක නැ) බලපන් හුත්$%&*(((*&*&^%% තියන ආඞමිබර මතක තියා ගනින් ඔිකිව!!!! ඔකිගේ $%^&*(*(%##%^% හු$^&*(%#@ ඔිනේ නැද්ද මචංලා (අටමාගේ සොදුරැ ආමන්තුනය)

      Delete
    3. මම මේ බලන් ඉන්නේ අටමා ඒකි ගැන ලියනවා කියපු පෝස්ට් එක ලියනකං..ඇඬෙනවා..අටමාට නිකං පුස් පාට් දාපු පලවෙනි කෙල්ල ඒකි වගේ තමයි ඌ දැඟලුවේ

      Delete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. එන්න බැරි උනා අයියේ...මුල ඉදංන්ම එන්න කොහොමටවත් විදියක් තිබුනෙවත් නෑ....ලබන පාර එනටනම් එනවා කොහොමහරි.....මඩ ගොඩවල් බැලීමට නොඉවසිල්ලෙන් බලා ඉමි

    ReplyDelete
    Replies
    1. අපරාදේ..සහභාගීවිය යුතුම අවස්ථාවක්..කමක් නෑ ආයෙත් ගෙට් එකකටවත් සෙට් වෙන්නකෝ

      Delete
  16. වැල්ලවත්තෙන් ඇති වූ මිතුදම නොවෙනස්ව ඉදිරියටත්. මේ පාර එන්න ප්‍රමාද වුණා.

    ජයවේව !!!

    ReplyDelete
    Replies
    1. ඒවා එහෙම බිඳෙන වෙනස්වෙන මිතුදම් නෙවෙයිනේ සූදික අයියා..ප්‍රමාදය ගැන දුක්වෙන්න එපා..නැවත හමුවෙමුකෝ..ඒ වුනාට “රෙඩ් බුල්“ නැතුව අපිට මොන අවුරුදුද..ජයවේවා!

      Delete
    2. මගදි අනුමත වෙන්න වුනානේ නේද අයියන්ඞි

      Delete
    3. හතරදෙනෙක් බුද්දේ පිට්ටනියට ඇතුල්වුණා බඹරු වගේ

      Delete
  17. අවුරුදු උත්සව වලට එන්න නොලැබුනත් ජනාව මුණ ගැහෙන්න ඕනකම තියෙනවා.. බලමුකෝ හෙමිහිට..

    ReplyDelete
    Replies
    1. ඊළඟ පාර ආවම සෙට් වෙමු..හැරිලා යන්න බලාගෙන එන්න එපා ඒක නිසා ලබන පාර..හරිද මචං

      Delete
  18. Replies
    1. “දැන් ඉතින් එහෙම බෑනේ පවුල් වෙලා මං“

      Delete
  19. නැවත හමුවෙමු!

    ReplyDelete