Apr 23, 2014

සයිබර් සිහින බක්මහ උළෙලේ “නොකී කතා“...


සිංහල බ්ලොග්කරුවන් එකතුවන්නේ කිනම් අවස්ථාවකදීද, එහි සිදුවීම් නම් අඩුවක් නැතිව විඳගන්නට අවස්ථාව ලැබීම පුදුමයක් නොවේ. 2014 සයිබර් සිහින බක්මහ උළෙලටද එය එලෙසින්ම අදාලය. ඒ හා බැඳුනු බ්ලොග් ලිපිවල හැමදෙනෙක්ම පාහේ දන්නා කතා ලියා තිබුණු අතර නොදන්නා කතාද එමට ඇතිබව කිව යුතුමය. මාගේ තෙවැනි සිහින බක්මහ උළෙල නිසාවෙන් දැන් කණද මා ලෙසින්ම එවැනි “නොකී කතා“ වලට දැඩි සංවේදීතාවක් දක්වන්නට පටන්ගෙන ඇත. මෙතැන් පටන් දිගහැරෙන්නේ මෙවර සයිබර් සිහින බක්මහ උළෙලේ “නොකී කතා“ කිහිපයකි.
 
ජවනිකා අංක 01
 
කොල්ලන් දෙදෙනෙක් බුද්ධදාස පිටියට පිවිසුම් දොරටුවෙන් ඇතුල්වන අතරතුර කතාබහක යෙදෙමින් සිටිති.
 
“මචං මට 12.30 ට විතර යන්න වෙනවා බං...“
 
“ඒ මොකද බං..අද යකෝ ආතල් එකක් ගන්න දවස..උඹ කොහේ කෙළවන්නද?“
 
“නෑ බං...කෑල්ල තරහවෙලා..ෆෝන් එකත් ඕෆ් කරගෙන..මගෙ බඩ බොක්ක දනවා..ඕකි මාව අතෑරියොත් මම මොනවා කරන්නද යකෝ..“
 
“හරි හරි ඉතින් දැන් උඹ දවල් කොහේද යන්න හදන්නේ..“
 
“මම යනවා බං ඒකිගේ ක්ලාස් එක ලඟට කොස්වත්තේ..වැඳලා හරි ෂේප් වෙනවා අදනම්..නෑනත් ෂේප් නිසා අවුලක් නෑ බං...“

ජවනිකා අංක 02
 
කොල්ලන් කීපදෙනෙක් සිටින තැනක කිසිඳු කතාවක් නැත. එක කොල්ලෙක් බඩ අතගා ඈනුමක් අරියි.
 
“මේ සැරේ රෙඩ් බුල් නෑ නේද බං...“
 
“ඔව් නේද බං..සුදීකයා ගේ කිසි උනන්දුවක් තිබ්බේ නෑනේ මේ පාර ගේන්න“
 
“මම හිතන්නේ මචං ඌ බයවුනා මේ පාරත් කෙල්ලෝ දෙන්නට ඉල්ලුම වැඩිවෙයි කියලා..“
 
“කෙහෙම්මල..මොකක්ද මේ ලොතරැයියක් ගෙනැල්ලා තියෙන්නේ..සිකේ අර මැනේජර් නෝනත් තව ටිකක් සෙක්සි වුනානම්..වැඩක් නෑ බං මටනං ගෙදර යන්නත් හිතෙනවා“
 
 
ජවනිකා අංක 03
 
එක කෙල්ලෙක් හතිදාගෙන දුවගෙන එයි. ඔලුවේ හැට් එකක්ද ඇත. තවත් කෙල්ලන් දෙදෙනෙක් අසලට දුවගෙන විත් දාඩිය පිටින්ම වැළඳගනී.
 
“ආ නංගි..මොකද මේකප් එක දාන්නද ලේට් වුනේ“
 
“මම මේකප් දැම්මේ නෑ අක්කි..“
 
“නැත්තේ මොකද නංගි..මේ මගේ මූණෙන් එකයි“
 
ජවනිකා අංක 04
 
කෙට්ටු ටිකක් උස කොණ්ඩය කොටට කැපූ කොල්ලෙක් කාන්තා වැසිකිලිය තුලින් එළියට එයි. ඇස් දෙක බාගෙට ඇර පිටිය දෙස බලයි. අමාරුවෙන් අඩිය තියාගෙන ඉදිරියට එයි.
 
“අපෝ බේබද්දා...අදත් බිව්වා නේද..නෙදකිකින් රිලවා“
 
“පික්ෂුද අයියා....මමනම් කටේ තිබ්බේ නෑ...“
 
“එහෙනම් උඹ වැනෙන්නේ ඇයි...“
 
“මම වැනෙනවා..වෙන්න බෑ...කෝ හිටපං සුවනාගෙන් අහලා බලන්න..මචං සුවනෝ...මම වැනෙනවද බං...“
 
“පල බේබද්දා..“
 
 
ජවනිකා අංක 05
 
බුද්ධදාස පිටියේ ක්‍රීඩාගාරය පිටුපස ස්කූටි බයික් එකක් අසල කොල්ලන් දෙදෙනෙක් සහ මැදිවියේ මහත පොරක් සිටිති. පසෙකින් තවත් කෙට්ටු මැදිවයසේ පොරක් ඒ දෙසට පැමිණෙයි.
 
“මචං උඹ මැන්දිස් මල්ලි නේද...“
 
පැමිණෙමින් සිටි පොර පුදුමයෙන් බලයි.
 
“ඔව් අප්පා..අයියා කොහොමද හරියටම කිව්වේ...“
 
“මල්ලි බකල් ගහ ගහ වැනි වැනි එන විදියෙන් මට හිතුනා උඹ මැන්දිසා වෙන්න ඇති කියලා..ඒ වුනාට උඹ මට ලඟදි කමෙන්ට් කරලා තිබුණේ නෑ...ඒවා සක්කිලි වැඩ“
 
ඒ අතර තුර තරුණ ගැටිස්සියක් ඒ අසලින් තනිව ගමන් කරයි. මැදිවියේ මහත පොර තරුණියට කතා කරයි
 
“නංගි...එතකොට ඔයා කව්ද..මේ දන්නැති කමට අහන්නේ“
 
කෙල්ල තඹයකට ගණන් ගන්නේ නැතිව එතනින් යයි. මැදිවියේ මහත පොරට යකා තදවේ.
 
“කව්ද *#%$ එහෙම ලයින් දීගෙන යන්නේ...ඇයි ආඩම්බරද දන්නේ #$%!!#...මේ නංගි අපිත් ඕවා දැකලා තියනනවා..අඩෝ...මතක තියාගනින් ඔය &#$@% ව.. ඩෙනිමයි ලෙදර් බෑග් එකයි...“
 
“අයියා කළු සෙරෙප්පු දෙකයි...“
 
එතන සිටි කෙට්ටු කොල්ලෙක් පැන උත්තර දෙයි.
 
“අඩෝ තොටත් කෙල්ලෙක්ගේ #$%^ නම් හොඳට මතක තියනවා..ඔය #@$%^ ගැන මම ලියනවා පෝස්ට් එකක්..හිටපිය @#$%^ “
 
ජවනිකා අංක 06
 
“අතාරින්න මට අරූට දෙකක් අනින්න ඕන..අනේ උයා අතාරින්න අප්පා“
 
විවාහක යුවලක් පිටිය මැද පොරයකි.
 
“හරි හරි දැන් ඇයි ඔයා ඌට ගහන්න යන්නේ“
 
සැමියා සෙමින් කණට කර අසයි.
 
“අරූ කිව්වා.. ගෑණුයි තාක්ෂණෙයි විස්වාස කරන්න බෑ කියලා..“
 
“ඉතින් ඇත්තනේ (සෙමින්)“
 
“මොකක්ද තමුසෙ කිව්වේ..?“
 
“නෑ නෑ...යං යං අපි දෙ න්නම ගිහිල්ලා ගහමු“
 
“ඒක මිසක්“
 
 
ජවනිකා අංක 07
 
කොල්ලෙක් බෙරිවුණ මුහුණකින් යුතුව බලා සිටියි.
 
“ඇයි මල්ලි...කෝ අද කෑල්ල“
 
“ආ අද ඒකිගේ කුඩප්පච්චිගේ ලොකු තාත්තගේ මල්ලිගේ ලොකු පුතාගේ උපන්දිනේ...“
 
“ආ ඒක මිසක්...ඒකයි එහෙනම් උඹ අද මේ උඹට කැමති ටී ෂර්ට් එකක් ඇඳගෙන ඉන්නේ..“
 
කොල්ලා අනිත් එකා බඳාගෙන අඬන්නට පටන් ගනී.
 
“ඇයි මල්ලි මේ...“
 
“නෑ අයියා..පාර්ටි එක ඉවරයිලු..ඒකි හවස එනවලු“
 
කොල්ලා හොටු පෙරාගෙන අඬන්නට පටන් ගනී.
 
ජවනිකා අංක 08
 
විනිශ්චය මණ්ඩලේ සිටි ගයේෂා ඇන්ටි කොහේදෝ යන්නට යයි. ඇය යන  මාර්ගය අසල කැමරාවක් අතේ තබාගෙන කොල්ලෙක් ගැසූ පොටෝ නරඹමින් සිටී. හදිස්සියේම තමන් අසලින් යන ගයේෂා ඇන්ටි දකින කොල්ලා සලිතව කැමරාවද අතහැර සීරුවෙන් සිටගෙන ඔළුව නමා සිනාවේ. ඇයද සිනාවී ඔහුගෙන් යමක් අසා එතනින් පිටවිය.
 
“ඒ උඹ අර ෆිල්ම් එකේ වීඩියෝ එක දැකපු දවස්වල ගයේෂා ඇන්ටිගේ පලු ඇරියා නේද...“
 
කැමරාව අතේ තබාසිටි කොලුවාට ලැජ්ජාවේ පොලවේ පස්කන්නට සිතේ.
 
“මේ මම...මට මතක නෑනේ...“
 
“අනේ රෙද්ද..දැන් උඹ සීරුවෙන් හිටගෙන දෙකට නැවුන හැටි..ලැජ්ජයි බං..“
 
ජවනිකා අංක 09
 
කොල්ලෙක් පිටිය මැදට දුවගෙන විත් සංවිධායක මණ්ඩලයේ හිතවතෙක්ගෙන් යමක් අසයි.
 
“අයියා..යුවලක් කියන්නේ කොල්ලෙකුයි කෙල්ලෙකුයිම වෙන්න ඕනද?“
 
“ඔව් මල්ලි..“
 
“හා හරි අයියා..“
 
ටිකකින් නැවත කොල්ලා දුවගෙන පෙරකී සංවිධායකයා ලඟටම එයි.
 
“අයියා...යුවලක් කිව්වම කොල්ලෝ දෙන්නෙක්ට බැරිද..?“
 
“මල්ලි කොල්ලෝ දෙන්නෙක්ට යුවලක් වෙන්න ලංකාවේ තහනම්නේ..කොහෙන් හරි කෙල්ලෙක් හොයන් වරෙන් බං..“
 
“අනේ එහෙමද..ෂික් ලංකාව අන්තිමයි අනේ එහෙම බැලුවම..ඒකට ඉන්දියාව...මට කියනකොටත් හින්දි සින්දුවක් මතක් වෙනවා“
 
කොල්ලා ඊට ටිකකට පසු නැවත සංවිධායක මණ්ඩලයේ හිතවතා සොයා ඒ.
 
“දැන් ඒ පාර මොකද මල්ලි“
 
“අයියා..අඩුම ගානේ කෙල්ලෝ දෙන්නෙක්ටවත් බැරිද යුවලක් වෙන්න..“
 
“උඹට දැන් කී සැරයක් සිංහලෙන් කිව්වද..“
 
“හරි හරි අයියා..තරහා ගන්න එපා මේ මට නෙවෙයි අයියෝ...වෙන කෙනෙක්ට“
 
ජවනිකා අංක 10
 
කෙල්ලෙක් කොල්ලෙක් ලඟට දුවගෙන විත් යමක් අසයි. දෙදෙනා හඳුන ගනී.
 
“අයියෝ අයියා මෙච්චර කෙට්ටු වුනේ කොහොමද..එෆ්.බී එකේ පොටෝස් වලින් දැක්කම මම හිතුවේ නෑ මෙච්චර කෙට්ටුයි කියලා..“
 
“මොනවා කරන්නද නංගි අපි කෙට්ටු සරීරනේ..“
 
“ඒ වුනාට අයියා..“
 
“එතකොට නංගි එෆ්.බී පොටෝස්වල මාර සුදුයිනේ..“
 
කෙල්ලගේ මූණ තවත් කළුවෙයි..දාඩියද දාන්න ගනී.
 
“ඒ පොටෝෂොප් අයියා “
 
කෙල්ල රහසින් කියා මාරුවේ.
 
- “නොකී කතා“ එමට ඇත..මතක් වුනොත් ආයෙත් ලියන්නට සිතාගෙන සිටිමි.

73 comments:

  1. හයියෝ වටේටම බෙදලා වගේ! :D

    ReplyDelete
    Replies
    1. අයියෝ උඹේ සීන් එක දාන්න අමතක වුණානේ

      Delete
  2. අදු මේ අතින් දාලා කියන්න ඔට්ටු නැහැ හරිය... >_<

    රහසින් කිව්වෙත් නෑ යකු.. තුන් හතර දෙනාටම ඇහෙන්න කිව්වේ.. :3

    ReplyDelete
    Replies
    1. මෙවුවට කියන්නේ හොරාට කලින් වැට පනිනවා කියලා.. එහෙම නේද ජනා..

      Delete
    2. ඔන්න මමනම් මොකුත්ම කිව්වේ නෑ...හික්ස්

      Delete
    3. 10 හිතාගත්තෑකි :3

      Delete
    4. අපෝ ඉතිං මෙයා වැඩේ නාගත්තනේ..දැන් ඉතින් සේරම දන්නවා

      Delete
    5. @දිනේෂ් : හොරාට කලින් වැට පැන්නේ කවුද ?? හොරයි වැටයි තුන් වෙනි පාර්ශවේ කවුද ??

      @ජනාරංග : කිව්වේ නැති වුනාට යකු මේකේ තියෙන බාගෙට බාගයක්ම මඩ සහ අසත්‍ය ප්‍රචාරනේ..

      @ශම්මි අක්ක : -_- :3

      Delete
    6. අඩේ මේකේ අසත්‍ය ප්‍රචාර නෑ බොල..මේ සම්පූර්ණ සත්‍යය..

      Delete
  3. මට නම් අර කැමති ටී ෂර්ට් අදින්න පුළුවන් කිවුව කපල් එක ගැන විතරයි තේරුනේ.. අනිත් එකනම් ඔය උඩ කමෙන්ට් එකෙන් කියලම තියෙන්නේ.. මරු මරු තව තීනවනම් දාපං අමතක නොකර...

    ReplyDelete
    Replies
    1. අනිත් ජවනිකා ටිකත් හෙමීට අහුවේවි බං..ටිකක් බලන් ඉඳපන්කෝ

      Delete
    2. ඒ සීන් එක නම් මාත් දන්නවා :v

      Delete
    3. ඒ සීන් එක රටටම නෝන්ඩියි..අපේ අල්ලපුගෙදර නංගිත් දන්නවා ඕක

      Delete
    4. හෑ අල්ලපු ගෙදර නංගි.. :D අන්න පොයින්ට් එක .. නංගි කොහමද මෙව්වා දැන ගත්තේ.. :p

      Delete
    5. එයත් තොපිලගේ බ්ලොග් කියවලා නරක් වෙලා ඉන්නේ...

      Delete
    6. ජනා................................. කපනවා ඩො

      Delete
    7. උඹ ඇයි කලබල වෙන්නේ බං..උඹේ කතාවක් එහෙම මෙතන තියනවද? :P

      Delete
  4. මේකෙන් දෙකක් මතක යි වගේ :-))

    ReplyDelete
    Replies
    1. හරි කියන්නකෝ එහෙනම් බලන්න මතක කතා වලට අදාල චරිත කව්ද කියලා

      Delete
  5. Replies
    1. උඹට මතක හිටින්න විදියක් නෑ බං..උඹ සිහිකල්පනාවකින් හිටියේ නෑනේ..තව උඹේ ජවනිකාවකුත් තියනවා දාන්න

      Delete
  6. ඔන්න අපිනම් ආවෙත් නෑ දාන්නෙත් නෑ දැක්කෙත නෑ

    ReplyDelete
    Replies
    1. අනේ වේදනා සංසාරේ.. ඇවිල්ලත් කථා කරන්න බැරි වුනා නොවැ

      Delete
  7. හුටා............................
    මේක දැක්කම අදාල චරිත වලට මොනා හිතෙයිද මංද

    ReplyDelete
    Replies
    1. අදාල චරිත බොහොමයක් මේක දැක්කේ නෑ වගේ ඉන්නවා බං

      Delete
    2. දැක්කම මොඅව හිතන්නද බන් , උන් පව් නෙහ් :/

      Delete
    3. උන් චාටර් නොවෙන විදියට ඉන්නවනම් අවුලක් නෑනේ බං

      Delete
  8. හතරවෙනි ජවනිකාවෙ උද්වේගකර අවස්ථාවක ඡායාරූපයක් සසිදු fb එකෙත් දැම්මා වගේ මතකයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මිත්‍රයා..මමත් දැක්කා වැසිකිලියක් ඉස්සරහා බේබද්දෝ දෙන්නෙක් වැනි වැනී කරට අතදාගෙන ඉන්න පොටෝ

      Delete
  9. හැක් හැක්.. එළස්...

    ReplyDelete
  10. Replies
    1. වැඩක් නෑ..ප්‍රසන්න සහෝදරයා මේ පාර ආවේ නෑනේ

      Delete
  11. ඊලඟ පාරවත් සෙට් වෙන්ඩ බලමුකෝ... :(

    ReplyDelete
    Replies
    1. අපෝ උඹ ඕක හැමදාම කියන සිංදුවනේ බං...

      Delete
    2. මමත් ආය්‍ නම් එන්න කියන්නේම නැ

      Delete
    3. ඇයි දේවා උඹ මූට මේ පාරත් එන්න කිව්වද..?

      Delete
  12. හරිම ආඩම්බර්යි අයියා!!!

    ReplyDelete
    Replies
    1. මටත් ආඩම්බරේ බෑ බං..උඹට අදාල ජවනිකාවේ අංකය දාන්නද මචං

      Delete
    2. මටම හිතාගන්න බැ මොකක ද කියලා.. හික් හිකස්

      Delete
  13. යකෝ නොකී කතා කියපු උන් අඳුර ගන්න පොඩි හරි ඉඟියක් තියෙන්නේ ඕන නතිනම් නොකී කතාවල කික් එකක් නෑ :D

    ReplyDelete
    Replies
    1. මම සිරාවට දාන්නත් හදලා පොඩි පොඩි ඉඟි ටිකක් පස්සේ පව් කියලා නිකං හිටියා...

      Delete
  14. මම ආවද කියල මතක නෑ ඔය සිදුවීම් කියවනකොට . . .

    ReplyDelete
    Replies
    1. සිරාවට මේ පාර මම උඹව දැක්කේ නෑනේ..එහෙම නොපෙනී මගඇරෙන සයිස් එකෙකුත් නෙවෙයි එකේ මට මිස් වුනේ කොහොමද

      Delete
  15. 1නි එක බිමා,
    2වෙනි එක දිල් ස්පීඩියා වෙන්න ඕනි,
    3 අනේ මන්දා,
    4 සුද්දා වෙන්න ඕනි, හැබැයි ඒකා සුවනාට මචන් කියන්නේ නෑ ඒ නිසා වෙන එකෙක්,
    5 කොහෙන් හරි අටම් අය්යා ගෑවිලා ඇති
    6 ජෙිඩි අය්යය් අයිස් අක්කයි :v
    7 ඒ මගේ ඒකා :3 :v
    8 සිහින අය්යාද?
    9 සුද්දා :v
    10 දල්ලෑ 


    අපි අන්තිමට ආවට මීටර් හරිය,
    (මම කියපුවා හරිද?)

    ReplyDelete
    Replies
    1. අනේ උඹේ මීටරේ..සෙද්ද.. ටිකක් හරි ටිකක් වැරදියි :D

      Delete
    2. හුරේ එකක් දල්ලෑ ලු.. :D

      මාත් කියන්නම් ද 10 ම..

      Delete
    3. හා කියමුකෝ බලන්න

      Delete
    4. ඒ දල්ලෑ කියපු 10 වෙනි එක මොණරි :P

      Delete
    5. මොණරි ඉතින් ඉල්ලගෙන කනවා ආයෙත්

      Delete
  16. දුක තමයි රංජනී....මොනවා කරන්නද?

    ReplyDelete
    Replies
    1. අනේ සුමනෝ විමලෝ කමලෝ කිව්වලු

      Delete
  17. මේක මරු ජනා.... ටික ටික දන්නවා දන්නවා වගේ.. ;)

    ReplyDelete
    Replies
    1. උඹේ වෙලාවට උඹේ ජවනිකාවක් අහුවුණේ නෑ බං ලිෂා

      Delete
  18. ශික් බන් ... එන්න උනේ නැහැ ... ඊලඟ පාරවත් එනවා... මේවා දකිනකොට ඉරිසියයි... එල මචන් ... :3

    ReplyDelete
    Replies
    1. පල බේබද්දා යන්න...ඔන්න මමනම් නෙවෙයි ඕක කිව්වේ...ඒ වගේම උඹටත් නෙවෙයි බං ඕක කිව්වේ

      Delete
  19. මං කතා ඔක්කොම අඳුන ගත්තා :D

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කතාවකුත් තියනවා..දාන්නද වැපෝ?

      Delete
  20. හෙක් හෙක් හෙක් ....කවදද කොහෙද ඔය අවුරුදු උත්සවේ තිබ්බේ ...?

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං මාත් මේ කල්පනා කලේ...මට කිසි දෙයක් මතක නෑනේ

      Delete
  21. මේ අර විජේසේකරය ඇන්ඩෝයිඩ් ඇප් එකක් කරන එක බලහං

    ReplyDelete
    Replies
    1. අපෝ බං තොට තාම ඕක මතකද..මම හිතුවේ විකාරෙන් වගේ ඒ වෙලාවේ කිව්වට ඕක අමතක වෙලා ඇති කියලා..

      Delete
    2. රෙද්ද... එක කරල ඉවරයි :/ FB PM එකක් දාන්න ....

      Delete
    3. අන්න ඒකනේ..සුද්දා හොඳ එකා..

      Delete
  22. අපි හොද මිනිස්සු වෙලා. අහුවෙන්න වැරද්දක් තිබිලාම නැ. මේ දවස්වල පොඩ්ඩක් එකෙක් මාව බයිට් එකට ගන්න හදනවා. අපිත් බයිට් උනා වගේ ඉන්නවා මොකෝ දිග අරින්නේ එයාගෙම චරිතෙනේ

    ReplyDelete
    Replies
    1. කව්ද බං ඒ..ඇත්තටම මේ පාර උඹේ ජවනිකාවක් අහුවුණේ නෑ බං..ලබන පාර දාන්නම් හොඳේ..උඹ තරහා නෑනේ බං :D

      Delete
  23. Replies
    1. ඒ පාර මේකේ එවුන් උඹට තව නමක් දාලද..? මල කෙළියයි..කලින් සාදිරිසි දැන් ගොබිලයා

      Delete
  24. කවදද ඕක තිබ්බෙ ඈ?? :3

    ReplyDelete