Oct 19, 2014

මිටින් මුදා හැර බැලුවෙමි...



දයාබර හිතවතුනි මුලින්ම කියන්න අවශ්‍ය මගහැරුණ සංකලනි නවකතාව කොටස් වශයෙන් පලකරන්න බැරිවුණු එක ගැන බොහොම කණගාටුයි. නමුත් හැකි ඉක්මණින් එය සම්පූර්ණ ඊ-කෘතියක් ලෙසින් පලකරන්න සූදානමින් ඉන්නවා. ඒක නිසා ඒ වරදට මුලින්ම සමාව ඉල්ලා හිටින්නටත් දයාබර කෘතවේදී පාඨකයන් ලෙසින් ඒකට සමාව දේවි කියලත් විශ්වාස කරනවා. මාස 5 කට පස්සේ තමයි ආයෙත් අකුරු කරන්නේ. ඒ සංවේදී ආදරණීය හැඟීමක් සම්බන්ධව.

   අපි ආදරේ කරන දෙන්නෙක් දිහා බලමු. විශේෂයෙන් ආදරය කියන බැඳීමත් එක්ක තමන්ගේම ප්‍රාණියෙක් විදියට දැනෙන එක සාමාන්‍ය දෙයක්. නමුත් ඒක බොහොම විශේෂ හැඟීමක්. තමන් ආදරේ කරන පෙම්වතිය හෝ පෙම්වතා තමන් සන්තකයේ තිබෙන වටිනම දෙයක් විදියට පිළිගැනීම නිසා ධනාත්මකව බලපෑම් ගණනාවක් වෙන්න පුළුවන්.

  • බොහෝ සෙයින් ආදරය දැක්වීම.
  • නිරතුරුවම සොයා බැලීම සහ උපදෙස් දීම.
  • දැඩිසේ පරිස්සම් කිරීම.
  • විශේෂ අවධානයකින් යුතුව කටයුතු කිරීම.
ඉහත කාරණා එක්ක බැලුවම ඒ හැඟීම ආදරය සම්බන්ධයකට වගේම යහපත් පවුල් ජීවිතයකට කොතරම් වටින දෙයක් විදියට දකින්න පුළුවන්ද. ඒත් මේ හැඟීමම ඇතැම්විට සෘණාත්මකව නැතිනම් අහිතකරවත් ආදරයකට බලපාන්න පුළුවන්. ඒ මෙන්න මේ විදියට,
  • දැඩි අවධානය,පරිස්සම නිසා එක් පාර්ශවයකට වදයක් ලෙස දැනීමත් අනෙක් පාර්ශවයට ඒ සඳහා දැඩි වෙහෙසක් දැරීමට වීම.
  • සැකය,අවිශ්වාසය වැනි කාරණා නිරතුරුවම පැන නැගීම.
  • පාර්ශවයක් අනවශ්‍ය ලෙස පාලනයට උත්සහ කිරීම නිසා ආධිපත්‍යවාදය පැතිරීම.
කලින් කියපු කාරණා එක්ක දැකපු යහපත් ආකල්පයට දැඩි පහරක් එල්ල කරන කාරණා ටිකක් තමයි පස්සේ කියවුනේ. ඒත් අපි යථාර්ථවාදී ලෝකය දිහා හැරිලා බැලුවම මේ වගේ කාරණා වලට භාවිතාමය සාක්ෂි කොතරම් දකින්න පුළුවන්ද. ඔබම ඔබ ගැන හිතලා බලන්න. කොච්චරනම් තමන් ආදරය කරන කෙනාව තමන්ගේම දෙයක් කියලා හිතන නිසා සිදුකරන සෘණාත්මක සහ ධනාත්මක දේවල් ගැන. කොච්චරනම් ඔබ අනිත් කෙනාව පාලනයට,තමන් මත්තේම තියාගන්න උත්සහ කරනවද කියලා. නැත්නම් අනිත් කෙනාගැන දැඩි ලෙස වෙහෙසෙන්න ගිහින් පීඩාවට පත්වෙනවද කියලා. ආදරය කියන අකුරු ටික නිසා නේද මේ හැමදේම.

   ඒත් මේ වගේ චූල සංකල්ප නොවෙන්න ආදරය සුන්දර නොවෙන්න තිබුණා, ආදරය විශ්වීය මහා සංකල්පයක් නොවෙන්න තිබුණා. ඒත් බලන්න ආදරය තුල නිදහස,ස්වාධීනත්වය තියනකොට ඒක කොතරම් ශක්තිමත් පදනමක්ද කියලා. ඒ වගේම එතන කොච්චර සුන්දරත්වයක් ගැබ්ව තියනවද.

   අර අපි කතාවට කියනවා වගේ ආදරේ කරන කෙනා අත් මිටට තදකරගෙන ඉන්නවනම් අතෑරලා බලන්න. ඈතින් ඈතට පියඹලා යනවනම් ආදරයක් තිබිලා නෑ, එහෙම මිටින් මුදාහැරියම ඈතට පියඹලා යන ආදරයකින් වැඩකුත් නෑ කියලා දැනේවි. ඇත්තම ආදරේ කොච්චර මිටින් මුදාහැරියත් ඈතට පියාඹලා යන්නේ නෑ. මොකද ආදරේ කියන බැඳීම එච්චරටම ප්‍රබල නිසා. ඒ වගේම සමුගෙන යන්න යන කෙනෙක්ගේ පස්සෙන් සෙවණැල්ල වගේ ගිහින් ආදරය කරද්දිත් සමුගෙන යන්නම යනවනම් එතනත් මිටින් මුදාහැරියම දුර යාමට සමානයි. 

   ඉතින් ආදරයෙදි මේවා බොහොම වටින කාරණා. ඇත්තටම සුන්දරත්වයක් ආදරයේ දකින්නනම් අපිට ආදරයෙදි නිදහස,ස්වාධීනත්වයට ඉඩ තියන්න වෙනවා. මේ සුන්දර පද ටිකත් කියන්නේ ඒ කතාවම තමයි.

7 comments:

  1. ආදරය අර්ථකතන දෙන්න විග්‍රහ කරන්න අමාරු වචනයක් හැඟීමක් බැඳීමක්

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මිත්‍රයා..ඒක නිසා ඒක සංකල්පයක් විදියට හැඳින්වීම වඩා ප්‍රායෝගිකයි කියලා මම හිතනවා

      Delete
  2. Replies
    1. අපැහිදිලි දේ පැහැදිලි වෙනවා මිත්‍රයා කාලයත් එක්ක..

      Delete
  3. ජනා මොකෝ කාලයක් අතුරුදහන් වෙලා

    ReplyDelete
    Replies
    1. අධික වැඩ රාජකාරි බන්..අලුත් රැකියාව එක්ක

      Delete