Apr 23, 2015

සයිබර් සිහින බක්මහ උළෙල 2015 - නොකී කතා


ගියවර සයිබර් සිහින බක්මහ උළෙල සමාප්තවී කුණු බැනුම් අසන්නට සතියක් පුරාම සිදුවූ යම් දෙයක් ඇත. එයනම් සයිබර් සිහින බක්මහ උළෙලේ නොකී කතා ලිපියයි. එය වනාහි ඉල්ලාගෙන කෑමක් ලෙස යථෝක්ත සත්‍ය ලෙසම ඉදිරිපත්කල හැක. නමුත් ඒ කෑම නිසාවෙන් පශ්චාත් සයිබර් සිහින බක්මහ උළෙල සමය ඉතා විවෘත මෙන්ම රසවත් කාලපරිච්ඡේදයක් වූයේ අදාල ලිපිය තුල පලවූ ජවනිකා සොයා යාමට ගත් උත්සහය නිසාවෙනි. කෙසේ වෙතත් මෙවරද නොකී කතා නොකියාම සිටියහොත් පලක් නොවන නිසාවෙනි.

   නමුත් හැමදේටම පෙරාතුව 2015 සයිබර් සිහින බක්මහ උළෙල පිළිබඳ කතා කිරීමේදී බොහෝ දෙනෙක් පැවසූ පරිදිම සාර්ථකව සහ දැඩි කැපවීමකින් එය අවසන් කල හැකිවූ බව පැවසිය යුතුමය. එය නන් අයුරින් සහය දුන් සංවිධායක කමිටුව ඇතුලු පිරිසට ස්තූතිවන්ත විය යුතුය. මන්ද 5 වැනි සංවත්සරික සයිබර් සිහින බක්මහ උළෙල ලෙහෙසියෙන් පැත්තකට දැමිය හැකි ඉසව්වක් නොවූ බැවින්ය. 

   දැන් නොකී කතා කිව යුතු වේලාවයි. මෙහි එන සිදුවීම් සත්‍ය සිදුවීම් වන අතර හෘදයාබාධ, උදරාබාධ, ක්ෂණික කෝපය වැන භයානක රෝගාබාධ ඇති පාඨකයන් මෙය කියවීමෙන් වලකින ලෙස ඉල්ලා සිටිමි.


ජවනිකා අංක 01
එක් පුද්ගලයෙකුගේ ජංගම දුරකතනය නාදවේ.
ඒ - හලෝ අයියේ..උඹ හෙට එනවද?
බී - ඔව් බං එනවා..
ඒ - කැමරාව ගේනවද?
බී - ඔව් බං නිකං තියන එකනේ උස්සගෙන එනවා..
ඒ - ඒ මාර සීන් එක ඕයි මගේ කැමරාව පාදඩේ ගිහින්...
බී - ඉතින්...මගේ කැමරා එකෙන් පොටෝ ගනිං..
ඒ - ලෙන්ස් එක මොකක්ද අයියේ.
බී - 18 යි 55බං
ඒ - අපෝ මදි මදි...කෙල්ලන්ගේ ලඟට ගිහින් ගන්න බෑනේ..මම රෙන්ට් එකට ගේනවා හොම්බ දිග එකක්..
බී - කීයක්ද යකෝ දවසට...තොට පිස්සුද..
ඒ - ඒවා අවුලක් නෑ අයියා..කෙලේලො ටිකගේ සුපිරි පොටෝ ටිකක් අරගන්න එව වගේද ඔය දාහේ පටි..

ජවනිකා අංක 02
මැදිවියට ලංවූ එහෙත් තරුණ නටඹුන් ඉතිරිව ඇති හිටපු තරුණයෙක් දෙස බලා සිටින තවත් මැදිවියේ දෙදෙනෙකි

“බලපං අරූ එන්න එන්න මොඩ් වෙනවා“

“ඒක තමයි ඕකා හැමදාම අවුරුදු උත්සවේට මොකක් හරි අලුතෙන් ගන්නවා..බලපං මේ පාර අලුතෙන් සපත්තු දෙකක් අරගෙන..“

“හික් හික්..ඕකා මොනවා අලුතෙන් ගත්තත් ඌ හම්පඩ ටී ෂර්ට් ටික විසි කරන්නේ නැතුව තාම අඳිනවනේ..“

“ඒකනේ බං කෙල්ලෙක් තියා බල්ලෙක් වත් උගේ ලඟට නොයන්නේ“

ජවනිකා අංක 03
ක්‍රීඩා මණ්ඩපය කෙලවරේ කොල්ලන් දෙදෙනෙකු කතා කර කර සිටින තැනකට ක්‍රියාශීලී කොල්ලෙක් කඩිමුඩියේ පැමිණෙයි.

“ඒ බං..අරූ බැඳලද..“

“කව්ද බං..“

“අර අර සූකිරි කෑල්ලක් එක්කගෙන ඇවිත් ඉන්නේ..කෑල්ලනම් පාදුක්ක පැත්තෙද කොහෙදලු“

“ආ එහෙමද...ඒත් බං ඕකා හැමදාම කව්රුහරි ලස්සන කෑල්ලක් එක්කගෙන එනවා අමාරුවෙන්..ඒත් ඒකි සෙට් කරගන්නේ වෙන එකෙක්..“

“අන්න ඒක තමයි මචං සත්‍යම කතාව“

ජවනිකා අංක 04
ක්‍රීඩා මණ්ඩපය මැදින් මැදිවියේ පොරක් විසිවෙවී ගමන් කරයි. විසිවෙන්නේ මහන්සියට මිස අන්යමක් නිසා නොව. එම පුද්ගලයා ඉදිරියට තරුණයෙකු පැමිණෙයි, ඒ අසල තරුණියක්ද සිටී

තරුණයා - මේ X අයියා..අර ඔයාගේ වයිෆ් ද?
X අයියා - තොට පිස්සුද යකෝ..මම ගෑනි ගේනවද මෙතනට හිටං..
තරුණිය - ඒක තමයි මාත් කල්පනා කලේ..
X අයියා- ගෑනි ගෙනැල්ලා වසන්න පුළුවන්ද යකෝ..ඇරත් මට ඉන්නේ හෙන ලොකු ළමයි මම මේ වගේ පිස්සු කෙලියට..කෝක වුනත් ගෑනි එනවා වගේ දැක්කොත් මට කියපං..

ජවනිකා අංක 05
දහවල් දොලහද පසුවී ජැන්ඩියට ඇඳගත් කොල්ලෙක් පිටියට ඒ. ඉතා සැහැල්ලුවෙන් පැමිණෙන ඔහු විටක උඩ පනී, තනියම හිනාවේ, කෑගසයි..බණ්ඩා කොළඹ පැමිණි ආකාරයක් දිස්වේ.

“මොකද බං තනියම“

“අරකි තාම කොරියාවේ බං..ඒකනේ මං මේ ෆුල් පං එකේ ඉන්නේ“

“එන්නේ නැද්ද ලඟදි“

එවිට කොල්ලාට ඇඬුම් එන්නට එයි. සාක්කුවෙන් ලේන්සුව ගෙන හොටු පිහදායි.

“හිත පාරන්න එපා යකෝ..ඒකි හෙට එනවා මගේ නිදහස් කාලය ඉවරයි“

“හරි බං ගණන් ගන්න එපා..“

“මගුල තමයි..දවස් දෙකකින් කෝල් කලේ නෑ බං..ආපු ගමන් ඕකි ටොපියක්වත් නොදී මාව මරනවා..ඕ යෑර්ස්“

ජවනිකා 06
තරුණියන් පිරිසක් එක්වී ඡායාරූපයක් ගැනීමට සූදානම් වේ.

“මේ මල්ලි..ලස්සනට ගන්න හොඳේ..කෙට්ටුවට සුදුවට පේන්න ගන්න“

“අනේ අක්කේ..මේ තනි ෆ්රේම් එකට ගන්නෙත් ලෝක අමාරුවෙන්..ඇරත් කැමරාවෙන් සුදුකරන්න බෑනේ..ඔන්න පොටෝෂොප් වලට වත් දාලා සුද්දයක් දාමු“

“මම තොට කිව්වා කියලා හිතා ගනින්..“

“හා අක්කේ..“

ජවනිකා 07
කජු කිරි කොල්ලෙක් කණුවක් බදාගෙන හූල්ලයි. ඊයේ පෙරේදා මතුවූ රැවුල් ගස් තුන හතර ගලවාගන්නට මෙන් මූණ හූරා ගනී. තරුණයෙක්ද ඒ අසලට පැමිණේ.

“ඒ බං..උඹ ෆේක් ඉන්න කාලේ වගේ ආතල් එකක් නෑ යකෝ රියල් ආවම ෆේස් බුක් එකට“

පොඩි කොල්ලාගේ මූණ දෙකවේ.

“ඔව් ඕයි..මගේ පතිවත කෙලසිලා වගේ හැඟීමක් මට දැනෙනවා..හිටපිය ආයෙත් හදාගන්නවා ෆේක් ඔරිජිනල් එකක්“

ජවනිකා 08
මැදිවියේ පොරක් වැටේ එල්ලී පොටෝ ගනිමින් සිටී. තරුණයෙක් ඔහුට ලංවී කතාවකට අර අදී

“මොකද බං උඹට ඡන්දෙන් පස්සේ වුනේ..“

“ඒවා ගැන කතා කරන්න එපා මල්ලි..වෙන දෙයක් කතා කරපං“

“ඒ උනාට චාටර් හොඳේ..ඇත්තටම උඹ රට ගියාද“

“තොට පිස්සුද යකෝ..කව්රුවත් එකෙක් නිසා මම රට දාලා යන්න ඕනද..ඔය කලින් ගියපු එකක පොටෝස්..ඡන්දේ කෙලවේගෙන එද්දි මම ඒපා හොයාගෙන තියාගත්තා“

මේ නොකී කතා කීපයක් පමණි. ඔබටද නොකී කතා අපමණ කියන්නට ඇත. හැකිනම් ඒවා අදහස් ලෙස පලකරන ලෙස ඉල්ලා සිටිමි. එසේම කොතරම් විනෝද වූවත් මේ සංකල්පය අපි අගයකල යුත්තකි. ඉහත සඳහන් ජවනිකා මෙහි රසය තව තවත් වර්ධනය කල සිදුවීම්යි.

48 comments:

  1. හි හි නියමයි,, කට්ටිය වයින් වුණාම කමෙන්ට් වලින් හොයාගන්න පුළුවන් අදාළ අය,

    ReplyDelete
    Replies
    1. දැනගත්තට කියන්න එපා හොඳේ...භයානක ප්‍රතිඵල අත්වෙනවා

      Delete
  2. 1: තරිදු ධනංජය
    2:වැපා
    3:රෙපා
    4:නලීන් අයිය
    5:රැවනා
    6:නොදනී
    7:චකබ්ලාස්ට්
    8:මාරය

    ReplyDelete
    Replies
    1. 6 කෞෂි අක්කද මන්ද

      Delete
    2. ‍>_< මූ අතෙනුත් දාල ලියල. තාත්තෙ කව්ද මේවට වග කියන්නෙ :3

      Delete
    3. මන් කිව්වෙ එක මූ තම‍ා :-D

      Delete
    4. සාර්ථක උත්සහයක් සසිඳුවා

      Delete
    5. 6 - අනිවා ගයනි අක්කා..

      Delete
  3. පට්ට....පැත්තකට වී සිට ඇත්තේ පෙර පිනකට...

    ReplyDelete
  4. අම්මපා අපිත් බේරුණා

    ReplyDelete
  5. එකෙක් දෙන්නෙක් ගැනනං හිතාගත්තහැකි.

    ReplyDelete
    Replies
    1. සේරම වගේ දන්න කියන අය ඉන්නේ

      Delete
  6. හොඳ වෙලාවට ආවේ නැත්තේ! නැත්නම් ජවනිකා දෙක තුනක් වදියි වගේ මේ පේන හැටියට

    ReplyDelete
    Replies
    1. උඹට විභාගේ තිබුණේ නැත්නම් අනිවා උඹ මේ සීන් දෙක තුනක ඉන්නවා

      Delete
  7. කොරලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇයි අප්පා ඔයා මගදී ගියේ

      Delete
    2. හොද වෙලාවට අපි ගියේ නැත්තං අපිටත් මේ සෙතේම තමා

      Delete
    3. අටමා උඹට මතකද වැනි වැනි මට කියපු ඒවා..දාන්නද මචං ඒවත්

      Delete
    4. උඹට ඉතින් හැමදාම පේන්නේ මගේ වැනිල්ල විතරයි , ...හැබැට මොනවද බං මං කියුවේ ......මෙතන නං කියන්ඩ එපා ...මේල්ලුවක් දාහං

      Delete
  8. තොගේ කොම්පීතරයේ සිංහල අකුරු නැති වේවා!

    ReplyDelete
    Replies
    1. ඇයි බං උඹ මට දෙස් තියන්නේ..උඹ ගැන මේකේ කොහේවත් සඳහනක් නෑනේ

      Delete
  9. කවුද යකෝ වැපාට මඩ ගහපු එකා.....!

    ReplyDelete
    Replies
    1. කොතනද බොල වැපාට මඩ ගහලා තියෙන්නේ.. හිටං

      Delete
  10. Anka 6 kaawisin kaata kiyana laddakda ayye? :o

    ReplyDelete
    Replies
    1. මට මතක විදියට උඹත් ඒකේ ලඟපාත හිටියා

      Delete
  11. ආමි කොලම්බටා, සයිබරේ බැලුමටා, අපි නෑ ඕවටා, හුටා!

    ReplyDelete
  12. වෙලාවට මම (අපි) නෑ යකෝ :3

    ReplyDelete
    Replies
    1. අර කෙල්ල පවු නිසා උඹගේ ඒවා දැම්මේ නෑ හරිය

      Delete
  13. "මැදිවියට ලංවූ එහෙත් තරුණ නටඹුන් ඉතිරිව ඇති හිටපු තරුණයෙක්" වැපා අංකල් සූයි !!! ::o

    ReplyDelete
    Replies
    1. වැපාට අපහාස කරන්න එපා යකෝ..ඌ මගේ බුදු පිට් එක :D

      Delete
  14. හිකි හිකි වෙලාවට මඩ නැ :D ඇ පාදුක්කෙ කෙල්ලව සෙට් කරගත්තෙ මන් :3

    ReplyDelete
    Replies
    1. උඹ හැමදාම ඔය කතාව කියනවා බං මොකක් හරි ඉවරවුනාම..ඒත් අන්තිමට හැමදාම උඹ තනියම

      Delete
  15. අන්තිමය නම් කවුද කියල මම දන්නව. ඒත් නම කියන එක හරි නෑනෙ අපේ මාරයියට....... අනිත් අයව නම් දන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. ඡන්දේ ඉවරවෙලා මාරයා රට ගියාද..මට මතක නෑනේ..

      Delete
  16. අන්තිමයා ගැනනම් මුකුත්ම නොකියමි..

    උඹ මෙහෙමවත් ලිවුව එක හොදයි බං.. අර වල් රජා නැති උනත් හරි මේවයේ ෆොටෝ ටිකක් එඩිට් කරලා දාන්න එකෙක් නැති උනානේ..

    ReplyDelete
    Replies
    1. මේ බොහොම සාන්ද්‍ර කරලා ලිව්වේ බං..නැත්තං මුං තරහා වෙනවනේ

      Delete
  17. අන්තිම උන්දැ මලා කියල හිතුවේ මං. ඇයි බං මොන්ටිසෝරි පොඩි උන් වුනත් අවුට් වුනාම බැට් එක අතෑරලා යනව නොවැ සාටර් නොවී.

    ReplyDelete
    Replies
    1. ඌ තාම පොඩි එකා බං..මොකුත් කියන්න එපා ඌට ආයෙත් යාවි

      Delete
  18. වෙලාවට මම නෑ යකෝ :3

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි හිතාගෙන ඉන්නෙ උඹ

      Delete
  19. වෙලාවට අපි අහු වෙලා නෑ...

    ReplyDelete