Sep 2, 2015

අසහනෙන් ඉන්නේ පිරිමි ද?


නාන ලිඳ ලඟ සෝමක්කාගේ දුව දිය රෙද්ද ඇඳගෙන නාන ලිඳෙන ගොඩවන විට ඇගේ සිරුලෙ ලාලිත්‍ය, රසමුසු තැන් දැක හවස් වරුවෙම ලන්ද අයිනේ කණ් අඩි පැලෙන්නට කසිප්පු වඩි දෙක තුනක්ම වක්කරගත් උපාලිට සැණින් වෙරි බහින වාතාවරණයක් උදාවීම පුදුමයක් නොවෙයි. ලිඳ ලඟ දෙල් ගහේ දෙබල අස්සෙන් බැලූවිට පෙනෙන් නාන ලිඳේ සොබා සෞන්දරත්වය ඉක්මවා ගිය ලැජ්ජා හිතෙනා දර්ශන ටිකට් නැතිවම බලන්න අවස්ථාව ලද පිරිස අතර උපාලිට හිමිවුණේ ගැලරියේ තැනකි.

“ෂික් විතරක්..කෙල්ලෙක්ට දිය රෙද්දක් ඇඳගෙන කැලෑ පාරකින්වත් යන්න බැරි වෙලානේ දැන්,.. දිය රෙද්ද නොතිබ්බනම් මෙලහකට මුගේ කටේ සෙවල සේරම එළියේ“


සෝමක්කාගේ දුව ඒ.කේ 47 න් තැබූ උණ්ඩ සෙට් එකම උපාලිගේ පළාත් පත්තුවක නෑවිත් මගදිම බිමට පතබෑවුණේ ඒ උණ්ඩු සෙට් එකම සමන් මල් වගේ පාවෙලා ඇවිත් උපාලියගේ පපුවේ වැදුණ නිසා. කහ පාට පඬු ගැහුණ ෂර්ට් එකේ උඩ බොත්තම් දෙකම ගැලවිලා තිබුණ නිසා කාන්තාරයක් වගේ උපාලිගේ පපුවේ ගහලා තිබුණ “ජීවිතේ මල් අපෙ අම්මා ඉන්නකල්“ කියන පාඨයෙන් “මල් අපේ අම්මා“ කියන කොටස විතරක් සෝමක්කාගේ දුවට පෙනුනා.

ඇත්තටම පිරිමි මෙහෙම හොරෙන් හැංඟිලා ගෑණු නාන දිහා බලන් ඉන්නේ මොන අසහනෙකටද කියලා කල්පනා කරන ගෑණු බහුලයි. පහුගිය කාලේ නිළියක් කියලා හිතාගෙන ඉන්න හැලියක් කැලෑ පත්තරේකට කියලා තිබුණා ලංකාවේ ඉන්න පිරිමි ඉන්නේ පට්ට අසහනෙකින් කියලා. ඕක දැකපු ගමන් මතක් වුනේ ඔය කියන හැලිය ඇතුලු ගෑණු පරපුරම ඉන්නේ හරි සහනදායී හැඟීමකින්ද කියලා. පිරිමි කියන කුලකෙට තමන්ගේ තාත්තාගේ ඉඳන් පුංචි එකා දක්වා අයිති වෙනවා කියලා ඒ උත්තමාවියට කව්රුවත් තේරුම් කරලා නොදුන්නද මන්දා. ඒ අතින් බැලුවම සන්නා මාමා කියන විදියට ඒ හැලියත් බිහිවෙලා තියෙන්නේ තාත්තාගේ අසහනේ අතුරු ප්‍රතිඵලයකට වෙන්න ඇති. 

හැම පිරිමියම වල් කියලා හිතන එකත්, හැම ගැහැණියම වල් කියලා හිතන එකත් මේ සමාජයේ කරන්න පුළුන් අන්ත අඥාන විග්‍රහයක්. නිදාගන්න ඇඳේදි තමන්ගේ මිනිහා වලස් පතයෙක් වගේ දහ දුක් දෙනවනම් ඕනම කාන්තාවකට තමන්ගේ නිදි යහන මළ සොහොනක් වෙන්නේ බොහොම ඉක්මණට, ඒ වගේම තමන්ගේ මිනිහා නිදි යහනෙදි දර කොටයක් වගේ ඔහේ ඉන්නවනම් අසහනේ නෑ කියලා කියන්න පුළුවන් වේවි, ඒත් ඒ ගෑණු මනුස්සයටත් ඒ දරකොටේ ලිපේ දාන්න හිතෙන එක පුදුමයක් නෙවෙයි. එතකොට ඕකේ අනික් පැත්තත් අපිට හිතන්න පුළුවන්. පිරිමි කැමති ඇඳේදි සද්දේ දාලා කෙඳිරිගාන, දඟලන ගෑණු මිනිස්සුන්ට කියලා ඕනම පිරිමියෙක් විශ්වාස කරනවා. එතකොට මතක් වෙන්නේ බටහරි රටක නිර්මාණය වුණු කොමඩි කතාවක්.

මේ කතාවෙදි උසාවි සිදුවීමක් තමයි වෙන්නේ. විත්තිකරු විත්ත කූඩුවට නැගලා ඉන්නේ. වරද තමයි මියගිය කාන්තාවක් සමග ලිංගිකව හැසිරීම. විනිසුරු අහනවා තමන් වැරදිකරුද කියලා. පිරිමියා කියනවා “ නෑ ස්වාමිණී මම නිවැරදිකරු කියලා“ එතකොට විනිසුරු අහනවා කොහොමද තමන් නිවැරදිකරු වෙන්නේ කියලා. එතකොට පිරිමියා කියනවා.

“ස්වාමීනි හෙතු දෙකක් නිසා මම නිවැරදිකරු වනවා, එකක් තමයි මම මේ කාන්තාවගේ ස්වාමි පුරුෂයා, ඉතින් මම මෙයා එක්ක නැතුව වෙන කාත් එක්ක ලිංගිකව එකතු වෙන්නද කියලා“

එතකොට විනිසුරු අහනවා දෙවැනි හේතුව.

“දෙවනි හේතුව ස්වාමීනි මම දැනන් හිටියේ නෑ මගේ නෝනා මැරිලා කියලා..මොකද සාමාන්‍යයෙන් ඒ වගේ වෙලාවට එයා ඉන්නේ එහෙම තමයි ස්වාමීණි“

ඉතින් එවැනි අකරතැබ්බ වෙන්නෙත් මේ සිස්ටම් එකේ මොකක් හරි ලොකු ප්‍රශ්නයක් තියන නිසා. ඇත්තම කාරණේ සමහර පිරිමි වගේම සමහර ගැහැණුත් ඉන්නේ ලිංගිකමය වශයෙන් අසහනයෙන්. ලෝකයේ කාන්තා මෙන්ම පුරුෂ ලිංගික සේවකයන් බිහිවෙන්නේ අන්න ඒ හේතුවෙන්. ඕනම සුන්දරයි කියලා හිතන දෙයක් බොහොම ඉක්මණට අන්ත වදයක් වෙන්නේ ඒකේ රස විඳින්න දන්නේ නැති නිසා. මෑතකදි ප්‍රකට විශ්වවිද්‍යාලයක් කරපු සමීක්ෂණයකින් හෙළිවෙලා තියන කරුණක් තමයි ලෝකයේ බොහොමයක් කාන්තාවන්ගේ කොඳු නාරටිය ආශ්‍රිත රෝගවලට හේතුවෙලා තියෙන්නේ ඒකාකාරි ලිංගික ඉරියව් හේතුවන් කියලා. මොනතරම් ලිංගික අධ්‍යාපනය ප්‍රචලිත රටවල පවා මේක සාමාන්‍ය දෙයක්. ඒ වගේම බොහොම හෙමින් සීරුවේ වෙලාව අරගෙන කරන්න ඕන මේ වැඩේ බොහොමයක් දෙනෙක් කරන්නේ හරියට “කාල ගණන යන්ත්‍රයක්“ ක්‍රියාත්මක කරලා වැඩේ පටන් ගන්නවා වගේ හදිස්සියකින්. 

අසහනය කියන කාරණය මානසික සහ ශාරීරකව බැඳුණු අවශ්‍යතාවන් මත පදනම්වන සිදුවීමක් නිසා ඒක කාට,කොතන, මොන විදියට ඇතිවෙයිද කියන එක කියන්න බෑ. සෝමක්කාගේ දුවගේ දිය රෙද්දෙන් පටන් අරගෙන අසහනෙන් අවසන් කරන්න බැරි මේ අදහස් ටික අතරේ දුවද්දි මිනිසාගේ මූලික අවධියට පය තියලා බලන්න පුළුවන්. හිතලා බැලුවම ආයෙත් වක්‍රයක් වගේ කැරකිලා අපි යන්නේ එතනටම තමයි.


10 comments:

  1. ගෑනු ඔක්කොම පත්තිනි අම්මලා පිරිමි අපි වලත්තයෝ :3

    ReplyDelete
    Replies
    1. මතකද බං ඕක මහ දරුණු කතිකාවතක් බවට පත්වුණා මීට අවුරුදු දෙකකට විතර ඉස්සර අපේ එවුන් අතරේ

      Delete
  2. //"ඒ වෙලාවට එයා ඉන්නේ එහෙම තමා "// තදින් සිනා

    ReplyDelete
    Replies
    1. මොකෝ බං..නිකං අත්වින්ඳා වගේ ගතියක් තියද

      Delete
  3. ඉවාන් කිව්ව එක තමා මටත් හොදටම වැදුනේ..

    තනිකර අසහනය බං. වෙන මොකක්ද???

    ReplyDelete
    Replies
    1. ඔය අසහනේ කියන එකෙත් එක එක ප්‍රභේද තියනවනේ..පිරිමින්ට හැදෙන අසහනයට පොදු ව්‍යවහාරේ දෙන නම තමයි “කුලප්පුව,මදනගාය,මෝල්ගාය“ වගේ නම්, ඒත් කාන්තාවගේ අසහනේට දෙන්නේ කාන්තාව වගේම සුන්දර නම් “ආශාව,උන්මාදය,රතිය“ ඔය වෙනස හැරුණු කොට වෙන මගුලක්නම් පෙනෙන්නට නැත

      Delete
  4. බලනකොට ගැහැනු පිරිමි භේදයකින් තොරව දෙගොල්ලම අසහනයෙන් ඉන්නේ. කොහොම නමුත් හොද කතිකාවකට මුල පුරල තියෙන්නේ. කෝ මේ අපේ කාන්තා පක්ෂය දක්වන්නකෝ බලන්න අදහස් ටිකක්.

    ReplyDelete
    Replies
    1. කාන්තා පාර්ශවය මේවට අදහස් දක්වනවා අඩුයි. ඒත් පැහැදිලිවම මිනිහා කියන සත්වයා ජීවවිද්‍යාත්මකව කාන්තා, පිරිමි විදියට වෙන්වුනාට අභ්‍යන්තරයේ ජීවත්වෙන ආකල්,සංස්කෘතික මෙවලම්,දැනුම,හැඟීම් වගේ කාරණා එක්ක දෙදෙනාම සමාන තැනකට එනවා

      Delete
  5. ගෑනු ඔක්කොම පත්තිනි අම්මලා වත් පිරිමි ඔක්කොම වලත්තයෝ වත් නෙවෙයි. හැමෝටම ලිංගික අවශ‍යතා තියනවා. ඒත් පිරිමින්ට සාපේක්‍ෂව ගෑනු ‍වැඩි පාලනයක් තියනවා. ඒ වගේම පිරිමි ප්‍රසිද්දියේ කරන ගොඩක් දේවල් ගෑනු ප්‍රසිද්දියේ කරන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. //ගෑනු ඔක්කොම පත්තිනි අම්මලා වත් පිරිමි ඔක්කොම වලත්තයෝ වත් නෙවෙයි. හැමෝටම ලිංගික අවශ‍යතා තියනවා// එකඟයි.
      //ඒත් පිරිමින්ට සාපේක්‍ෂව ගෑනු ‍වැඩි පාලනයක් තියනවා. ඒ වගේම පිරිමි ප්‍රසිද්දියේ කරන ගොඩක් දේවල් ගෑනු ප්‍රසිද්දියේ කරන්නෙ නෑ //
      මෙතනදි පිරිමියෙක් වීම හෝ ගැහැණියක් වීම මත නෙවෙයි මේ පාලනය රැඳෙන්නේ.. ඕක අපේ රට තුලද සාපේක්ෂව සත්‍යය වෙන්න පුළුවන්. ඒත් අපේ රට ඇරුණම රටවල් තොගයක් මේ ලෝකේ තියන නිසා එතනදි ඕක බොහොම වෙනස්. ලිංගික අවශ්‍යතාව පාලනය වෙන්නේ මිනිසා තුල තිබෙන ආකල්පමය විනය සහ දැඩි ආත්ම සංයමය නිසා මිසක් ඒකට ගෑණු පිරිමි කියන එක අදාල නෑ.

      Delete