මහින්ද රාජපක්ෂ මහතා 2004 අවුරුද්දේ වේදිකාවක ජනතාව අමතමින් සිටින අතර කතාව අවසන්වූ විගසම එම ප‍්‍රදේශයේ සිටි ප‍්‍රකට රාජ්‍ය සේවකයෙක් මෙන්ම ශ‍්‍රී.ල.නි.ප කාර්යධරයෙක් ප‍්‍රසිද්ධ වේදිකාවේ සිටි මහින්දගෙන් ප‍්‍රශ්නයක් ඇසීය.
ඇයි ඔබතුමා පොදු පෙරමුණ ජේ.වී.පී එකත් එක්ක එකතු වෙනවට විරුද්ධ?
එයට සෘජුවම පිළිතුරක් නොදුන් මහින්ද රාජපක්ෂ කියා සිටියේ යන ගමන් එයට හේතුව කියන්නම් යනුවෙනි. කතාව අවසන්කර ඔහු යමින් ගමන් කිසිවක් නොකීබව සහතිකයක. ඒ මහින්දගේ හැටිය.
2005 ජනාධිපතිවරණයට පෙර සිටි මහින්ද රාජපක්ෂ අගමැතිවරයා එවකට පොදු පෙරමුණු - ජ.වි.පෙ සන්ධාන ආණ්ඩුවේ ප‍්‍රබල චරිතයක් නීරූපණය කරන්නේ සිය දේශපාලනයේ සොඳුරුතම හා වාසනාවත්ම අවධිය ලඟ ලඟගම එන බව දැන දැනම වන්නට ඇත. පාද යාත‍්‍රා, ජන ඝෝෂා මතක නැවත කරළියට මහින්ද විසින්ම ගෙන එන්නේ 2005 ජනාධිපතිවරණයට තමන්ගේ පැත්තෙන් මුට්ටිය දැමීම අරමුණු කරගෙනමය. එහෙත් බණ්ඩාරණායක ආධිපත්‍ය තිබූ ශ‍්‍රී.ල.නි.ප ප‍්‍රමුඛ සන්ධාන ආණ්ඩුවේ රාජපක්ෂ නාමය ඉහලට එන්නට ලෙහෙසියෙන් ඉඩක් ලැබෙන්නේ නැත. එවකට ජනපතිනිය වූ චන්ද්‍රිකා මැතිණිය සිය මලණුවන් වූ අනුර බණ්ඩාරණායකට ජනපති අපේක්ෂකත්වය අත්තනෝමතිකව පිරිනමන්නට වෙරවීරිය ගනිද්දී ශ‍්‍රී.ල.නි.ප - ජ.වි.පෙ ප‍්‍රමුඛ සන්ධානය මහින්ද රාජපක්ෂ චරිතය ඔසවා තැබුවේත්, චන්ද්‍රිකාට එය පිළිගෙන සිය ප‍්‍රයත්නය හමස් පෙට්ටියෙහි දමා සදාකාලිකවම අගුළුලන්නටද සිදුවූයේ ඒ මහින්දගේ බඹරය වැල්ලේ පවා කැරකෙන අවධිය වූ බැවින්ය.
ඒ ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජනපති වෙද්දී බිම් මට්ටමේ පෝස්ටර් ඇලවීමේ පටන් පොකට් මීටින් දක්වාත්, අනෙක් පැත්තෙන් ජාතික කතිකාවතක සිට මහා රැුළි දක්වාත් කොන්දේසි විරහිතව සහය දුන්නේ ජනතා විමුක්ති පෙරමුණය. එහෙව් ජ.වි.පෙට පසුකලක පල නොකියා පලා බෙදා අවසන් පයින් ගසන්නේද මහින්දය. එයිනුත් නොනැවතී ජ.වි.පෙ දෙකඩ කරන්නට කුමන්ත‍්‍රණ කරන්නේද මහින්දමය. ඒ මහින්දගේ හැටිය.
විධායක ජනාධිපති මහින්ද, අගමැති මහින්දට වඩා හාත්පසින්ම වෙනස්ය. එදා නොදී බැරිකමට චන්ද්‍රිකා දුන් අගමැතිකමට වඩා ජනතා ඡුන්දයෙන් සහ එල්.ටී.ටී.ඊ විරසකයෙක් ලැබුණු ජයග‍්‍රහණය තුලින් මහින්ද තුල අමුතු ජනපතිවරයෙක් ගොඩනැගෙන්න්ට පටන් ගත්හ. එල්.ටී.ටී.ඊය සමග සාකච්ඡුා මාර්ගයට බසිමින් සහ අනෙක් පැත්තෙන් ප‍්‍රසිද්ධ වේදිකාවල පපුවට ගසා ගනිමින් සිංහල ජාතිවාදය පෝෂණය කරන්නේ උතුරේ ගැටළුව පළිබඳ දූරදර්ශී මතවාදයකින් නොවන බව අවබෝධකරගත හැක. එම ගැටළුවට ආයුදයෙන් මිස විකල්ප විසඳුමකට මහින්ද නොනැමෙන්නේ ඔහු පිටුපස සිටි සිංහල ජාතිවාදී බලවේගවල බලපෑම නිසාවෙන්මය. එදා විමල් වීරවංශලා, රතන සාදුලා, නලින් ද සිල්වා ලා, චම්පක රණවකලා මහින්ද ඔසවාගෙන ගියේ තුවක්කුව අතට ගන්නා තැනටය. රට තුල ගොඩනැගුන යුදවාදී මානසිකත්වය එයට කදිම ප‍්‍රතිපෝෂණයක්ද සපයන්නටවීම තුලින් මහින්ද රාජපක්ෂ දුටු ආසන්නම මෙන්ම එකම විකල්පය යුදවාදිත්වය පමණක්ම විය.
රාජතාන්ත‍්‍රික සබඳතාවල අනාගතය, දේශීය සංහිඳියාවේ ඇතුල් පැත්ත මෙන්ම ජනවාර්ගික අර්බුදයෙහිලා ස්ථිරසාර විසඳුමක පර්යාය අරමුණ පසෙකලා එල්.ටී.ටී.ඊ යට එලව එලවා පහරදීම සහ අවසානයේ වේළුපිල්ලේ පිරබාහරන්ගේ ඝාතනය සමග ත‍්‍රස්තවාදය අතුගාදැම්මාය යන තීරණාත්මක ලක්ෂයට සේන්දුවීම සිදුවුණි. අන්තිමට ජනතාව මහරජාණෝ ඔටුන්න පළඳවන විට බොරු ලැජ්ාවක් පාමින් අකමැත්තෙන් මෙන් ශීර්ෂය පහත්කරන්නේ යුද ජයග‍්‍රහණයේ තනි අයිතිය තමන්වෙත පවරාගනිමින්ය. ඒ මහින්දගේ හැටිය.
මුලින්ම මහින්දට වරදින තැන වන්නේ යුද ජයග‍්‍රහණය වැඩි වැඩියෙන් තීරණාත්මක සාධකයක් ලෙස ඉදිරියට ගෙනයාමට සිදුකරන ලද උත්සහය තුල එයට හවුල්වූ බලවේග සහ එවකටත් පසමිතුරුව සිටි විදේශීය බලවේග මහින්දව පරාජය කලයුතුය යන ස්ථාවරත්වයට එළඹ සිටීමය. යුද ජයග‍්‍රහණයේ උණුසුම නික්මෙන්නටද පෙර මහින්ද මෙන්ම තවත් පසෙකින් යුද්ධකල ජනරාල් සරත් ෆොන්සේකා 2010 ජනපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස මහින්දට එදිරිවන්නේ මහින්දගේ බලයේ කූටප‍්‍රාප්තියෙන් අනතුරුව බැස්මේ අවධියක් වෙත ගමන්කරන බවට මුල්ම ඉඟිය ලබාදෙමින්ය. එහෙත් 2010 දී මහින්දට තමන්ට 2005 ජය ප‍්‍රදානය කල බොහෝ පාර්ශව අහිමිව තිබුණි. එයට ප‍්‍රධානතම හේතු සාධකය වූයේ මහින්ද විසින් වැපිරූ පවුල්වාදය බව සැකයක් නැත. එසේම මහින්ද රාජපක්ෂ නැමති ජනපතිවරයාට යුද ජයග‍්‍රහණය නැමති ඉතා තීරණාත්මක තුරුම්පුවද අතේ තබාගෙන 2015 දී තමන්ගේම පක්ෂයේ මහ ලේකම්වරයාට පරාජය වන්නටද බලපාන තීරණාත්මක සාධකය වන්නේ පවුල්වාදයම බව ලියුම්කරුගේ මතයයි.
මහින්ද ලංකා ඉතිහාසයේ වාසනාවන්තම ජනාධිපතිවරයා මෙන්ම අවාසනාවන්තම ජනාධිපතිවරයා වන්නට හේතුව තමන්ගේම පවුල් ගස බව ඔහු තවමත් අවබෝධකරගෙන නොමැතිබව සහතිකය. මහින්දගේ පාලන කාලය තුල ඔහු හැකිතාක් තමන්ගේ පවුල සහ හිතවතුන් පෝෂණය කිරීමෙහිලා නිර්ලජ්ජිතවම සිය බලය පාවිච්චි කලේ ව්‍යවස්ථා, නීතිරීති පමණක් නොව සම්ප‍්‍රදායන් පවා වෙනස් කරමින්ය. එසේ පවුල්වාදය පැතිරවීම නිසාවෙන් මහින්දට මුලින්ම අහිමිවූයේ ඔහුගේ සෙවණැල්ල මෙන් සිටි දේශපාලනික බලවේගයන්ය. 2015දී ඔහු පරාජයට පත්ව මැදමුලනට ගොස් තාප්පයට නගිනවිට කඳුළු හෙලන්නට ඉතිරිවූයේදී තමන්ගේ දේශපාලනික බලවේග වලින් කෝඳුරු තෙල් හත් පට්ටයක් පමණක් මිස තම පාලන කාලය පුරාවටම පෝෂණය කල පවුල හෝ හිතමිත‍්‍රාදීන් නොවේය.
වංචා ¥ෂණ කෙටි කලකින් ජනතාවට අමතක වේ, එසේම ඝාතන සහ මර්දනයන්ටද ජන මනස තුලදී අත්වන්නේ සමාන ඉරණමක්ය. නමුත් මහින්දගේ පවුල්වාදය මුලින්ම පාර්ලිමේන්තුවේදී දිග හරින්නේද ජ.වි.පෙ වෙනුවෙන් අනුර කුමාර දිසානායකය. එදා මාධ්‍යයට එළිකල රාජපක්ෂ පවුල් ගස ජන මනසින් අතුගා දමන්නට මහින්ද රාජපක්ෂගේ සංදර්ශන වලට හෝ සංවර්ධනයට නොහැකිවිය. එසේම භූත විද්‍යාත්මක කරුණු කෙරෙහි මහින්දගේ අන්ධ විශ්වාසයද එක පැත්තකින් ඔහුගේ කඩාවැටීමට හේතුවක් විය. එහෙත් අදද ඔහුගේ අතේ ගුලිවී ඇති රන් කොන්තය හෙවත් සර්ව ජන වශී බෝලය දකිනා කල්හි තවමත් මහින්දට එවැනි කාරණා වෙත අතහැරිය නොහැකි ඇබ්බැහිවීමක් පවතින බව තේරුම්ගත හැක. ඒ මහින්දගේ හැටිය.
2010 සිට 2015 දක්වා කාලය මහින්ද රාජපක්ෂ ජනපතිවරයාගේ ගරා වැටෙන කීර්තිය සහ වර්ධනය වන දූෂණය මැනවින් විද්‍යමාන කල කාල පරිච්ඡේදයකි. මේ දූෂණයන් අතරට ඔහුගේ රෙජීමය පුරාවටම සිදුකෙරුණ ඝාතනයන්, පැහැරගැනීම්, බලය අත්තනෝමතිකව විමධ්‍යගතකරණ, ජාතිවාදය, දේශපාලනික කුමන්ත‍්‍රණ වැනි කාරණා හේතු සාධක විය. මහින්ද විසින් යුද්ධය විකුණා උපයාගත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය උපයෝගී කරගෙන කරන ලද එකම දෙය වූ 18 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුලින් ඒකාධිපතිත්වයක් කරා ඔහුගේ පාලනය කැන්ඳාගෙන යන්නේ මහින්දට තමන්වම තේරුම්ගන්නට බැරි තත්වයක් තුලදීය. ඒ තරමට බල තණ්හාවෙන් සහ බලය පරිහරණයට ඇති ගිජුකමින් මහින්ද මත්වී සිටියේය. ඒ මහින්දගේ හැටිය.
මහින්ද රාජපක්ෂ තමන්ගේ දේශපාලන සතුරන්ගේ බලය අවතක්සේරුකර සිතන චරිතයක්ය, ඔහුට එම දුර්වලතාවය හේතුවෙන් බොහෝ දේශපාලනික අවාසිසහගත සිදුවීම් විය. විශේෂයෙන්ම එවැනි විරුද්ධ බලවේග සරල පියවර තුලින් පාගා දැමිය හැකියයි ඔහු සිතා සිටිමුත් අවසානයේ 2015 ජනවාරි 8 පරාජයටද හේතුවන්නේ එයයි. එසේම මහින්ද කරපින්නාගත් සිංහල ජාතිවාදී බලවේගය නැමති නාගයාගේ පෙනය පුප්පවා ජනතාව බය කරන්නටත්, ඒ තුලින් වාසි සහගත තත්ත්වයන් උදාකරගන්නට සමත්වූවත් පසුකලෙක එම නාගයා විසින්ම මහින්ද රාජපක්ෂට දෂ්ට කිරීම තුලින් ඔහු අසාධ්‍ය තත්වයට පත්වන්නේද සරල සමීකරණයක් ජනතාවට ඉදිරිපත් කරමින්ය. ඒ මහින්දගේ හැටිය.
වසර දෙකක් තම ධූර කාලයේ සිටින්නට ඉඩ තිිබියදී කඩිමුඩියේ මැතිවරණයක් කැඳවූයේ නිසි ලෙස තමන්ගේ ශක්තිය පිළිබඳ අවබෝධයක් නොතිබූ නිසා මෙන්ම, ශීඝ‍්‍රයෙන් පිරිහීයන තමන්ගේ කීර්තිය වස්ත‍්‍රයට පැලැස්තරයක් දමාගැනීමේ අරමුණින් මිස අන්කවර කරුණක් නිසාවත් නොවේය. නමුත් මහින්ද වරද්දගත්තේ එතනින්ය. ලංකා ඉතිහාසයේ විධායක ජනාධිපති ධූරය ව්‍යවස්ථාවට එක්වූ දා පටන් වසර 37ක ඉතිහාසයේ මැතිවරණයකින් පරාජයට පත්වූ එකම ජනාධිපතිවරයා බවට පත්වීම සහ ඉන් 7 මාසයකට පසුව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් පමණක්ම බවට පත්වන්නටත් මහින්දට සිදුවුණේ සිය දේශපාලනික ඥානයේ අඩුලූහුඩුකම් සහ තමන්ගේ පාලන කාලයේ කරන ලද කෲරතර සහ අත්තනෝමතික කර්තව්‍යයන්ට පින් සිදුවන්නටය.
ඔහුට රිසි පරිදි වසර දෙකක් බලය පතුරා තමන්ගේ වැරදි හදාගන්නට යම්තාක් දුරට හෝ ඉඩක් තිබිණි. අගමැති පදවිය නින්දිත ලෙස තමන්ගේ පරිපාලනයේ තබාගැනීමට, රජයේ තීරණාත්මක තනතුරුවල පටන් ග‍්‍රාම සංවර්ධන සමිතියේ සභාපතිකම දක්වා ඥාතී හිතමිත‍්‍රාදීන්ට පවරාදීමෙන් තොරව පක්ෂයේ මෙන්ම රටෙත් ඉදිරි පරපුරකට ඉඩකඩ දෙන්නට තිබිණි. තමන්ගේ පාලන සමයේ සිදුවුණු ඝාතන, වංචා, දූෂණ පිළිබඳවා සාධාරණ පරීක්ෂණ කරන්නට සහ ද`ඩුවම් දියයුත්තන්ට දඩුවම් දෙන්නට ඉඩකඩ තිබිණි. එසේම පශ්චාත් යුදමය තත්වය පාලනයට අඩුම තරමේ උගත් පාඩම් සහ ප‍්‍රතිසංධාන කොමිසමේ නිර්දේශ හෝ ක‍්‍රියාත්මක කරන්නට තිබිණි. එසේ කලානම් මහින්ද මේ තරම් අවාසනාවන්ත නොවන්නට ඉඩ තිබිණි. නමුත් මහින්දගේ හැටි එසේ නොවීය.
(2015.11.15 ඉරුදින)
මහින්ද අමු ගොං ය.
ReplyDeleteපින කලින් ගෙවා ඉවර කරගත්තේ ගොං කම නිසාමය.
ඒ මහින්දගේ හැටිය.