පහුගිය දවසක ගමේ දන්න හඳුනන මිත්‍රයෙක් මුණගැහෙන්න මිත්‍රයගේ වාසභූමියට යනකොට මිත්‍රයා කාලෙකට පස්සේ වැටෙන වැස්සේ ආශිර්වාදයෙන්ද මන්දා රෙදි ටිකක් පිළිවෙලට හෝදනවා. හෝදලා මිරිකලා රෙදි වැලේ එල්ලනවා අව්වට වේලෙන්න. සාදරයෙන් මාව පිළිගත්ත මිත්‍රයා රෙදි එකින් එක එල්ලන ගමන්ම කතාව පටන් ගත්තා. මේ අතරේ මිත්‍රයගේ අතින් වතුර මිරිකිලා වැලේ එල්ලුන මිත්‍රයාගේ පරණ ජොකෙක් එහෙමත් නැත්නම් යට ඇඳුමක් කණ කැස්බෑවෙකුට හරි අගේට ඔළුව දාලා වර්තමාන සමාජ ආර්ථික තත්වය ගැන විමසුමක් කරන්න පුළුවන් මට්ටමේ හිල් කීපයකින්ම සමන්විත වෙලා තියනවා දැකලා මට “හෑ...“ කියවුනේ ඉබේටමයි.
අවුරුදු ගාණක් තිස්සේ රස්සාවක් කරන, තවමත් පවුල් බරක් නොදැනෙන, අම්ම තාත්තා දහදුක් විඳලා හදලා දුන්න ගෙදරක ගෙවල භූතයෙක් වගේ අරක්ගෙන ඉන්න මිත්‍රයට ජොකාගේ හිල් හැදෙනකන් පිහිටපු අහේනිය මොකක්ද කියලා හිතාගන්න බැරිවුණා.









