Sep 5, 2015

සුරේකා “මේ කතාව“ තුල නොකී කථාවක් ද ඇත.


ඈත හද්ද පිටිසර ගම්වලින් දහදුක් විඳගෙන සරසවි වරම් ලබන කොල්ලන්ට,කෙල්ලන්ට විශ්වවිද්‍යාල තුල ශිෂ්‍ය දේශපාලනය අමුතු රහක් එහෙමත් නැතිනම් ඊටත් එහා ගිය ආශ්වාදයක් වන්නේ නිරායාසයෙන්මය. අවුරුදු 18ක් තිස්සේ දිව නොගෑ දේශපාලනික පැණි හට්ටිය තුල ඇද වැටී හොල්මන්වීමට අතිශ්‍යය බහුතරයක් විශ්වවිද්‍යාල දරුවන්ට සිදුවන්නේ දේශපාලනය යනු කුමක්ද සහ “ලාංකේය“ දේශපාලනය තුල තමන්ගේ භූමිකාව කුමක්ද යන්න හරියාකාරව තෝරා බේරා ගැනීම සිදු නොකරන නිසාවෙන්ය. ඒ පිළිබඳ තර්ක තිබිය හැක. නමුත් එකසේ පිළිගත යුතු පරම සත්‍යය වන්නේ විශ්වවිද්‍යාල තුල ඇති දේශපාලනය රටේ සංවර්ධනයටවත්, අධ්‍යාපනයේ ආරක්ෂාවට වත් ඔය කියන තරම් දායකත්වයක් නොදන්වන බවයි.

   වාමවාදී ව්‍යාපාර වල පොත්ත ඝන රතුය, දකින දකින පැත්තෙන් පෙන්නේ දෑකැති, කුළු ගෙඩි, ලේ, දහඩිය සහ ප්‍රතිපත්ති පමණක්මය. ඒ පොත්ත ඇතුලේ කුණුවී පණුවන් ගැසූ ගන්දස්කාර ලෝකයක් ඇති බව මෑතකාලීනව දරුණුවටම කියාපාන්නේ සුරේකා සමරසේන නම් කාලෝචිත මාධ්‍යවේදිනිය විසින් ලියා පලකරන “මේ කතාව“ නම් කුළුදුල් පොත තුලින්ය. ඇයගේ ඒ කතාව තුලින් පෙරකී වාමවාදී ව්‍යාපාරවල ඝන රතු පොත්ත හිල්වෙන්නට අනින කිණිස පහර නිසාවෙන් ඒ අභ්‍යන්තරයේ ඇති කුණු ටික ටික එළියට එන්නේ සාහත්‍යයටද කොකා පෙන්වමින්ය. පොත ආරම්භයේම “පොත පුම්බන්නා“ ට අනුව ( සාමාන්‍යයෙන් පොතක මුල්පිටු අතර පොත ගැන පෙරවදන් සපයන කර්තෘ නොවන පුද්ගලයන් සියල්ල සිදුකරන්නේ පොත පිමිබීමය) සුරේකා එල්ල කරන්නේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්ය. “මේ කතාවේ“ එන ගාමක චරිතය අරුන්දතී බණ්ඩාර ලවා සුරේඛා එල්ල කරන මරාගෙන මැරෙන ප්‍රහාරය අතීතය,වර්තමානය, අනාගතය යන තුන්කල්හිම මහා විනාශයක් සිදුකරන “බංකර් බ්ලාස්ට්“ මාදිලියේ ප්‍රකාශනයක් ලෙස හැඳින්වීම වඩාත් උචිතය. ඒ මන්දයත් වාමවාදී දේශපාලනික ව්‍යාපාර ප්‍රතිපත්ති,විප්ලවය, රතු ස්මාරක වැනි සුන්දර වදන් පෙන්වා ගොඩනගාගෙන සිටින කුණු බංකර් බිඳවැට්ටීමට සුරේඛාගේ බෝම්බ ප්‍රමාණවත් බැවින්ය.

Sep 3, 2015

රනිල් වික්‍රමසිංහ සමග පොෂ් වෙමු


බැරක් ඔබාමාට හෙණ කැත පුරුදු ඇත.ලෝකෙට ලොක්කා ලෙස පොර සේ ජීවත් වූවද ඔබාමාටද කැත පුරුදු ඇත. නිල නිවසේ තමන්ගේ කාමරයේ කව්රුත් නැති අවස්ථාවල දිග කලිසම ගලවා යට කලිසම පිටින් සිගරට් පත්තු කරගෙන දුම් දමමින් කාමරයේ එහා මෙහා යාම ඔබාමාගේ තවත් කැත පුරුද්දකි. අපට එය කැතවුණත් ඔබාමාට එය දරුණු ආතල් එකක් ලැබෙන වැඩකි. ISIS පෙන්නා ලෝකෙම බයකර ගන්නා ආතල් එකටත් වඩා එය ආතල් බව දන්නේ ඔබාමා පමණක්ම බව සීයට එකසිය පනහක් විශ්වාසය. තමන්ගේ මායියා මිචෙල් හෝ පින්පාට කළු කෙල්ලන් දෙදෙනා නැති හැම විටම ඔබාමා කාමරයට වී ෂෝට පිටින් දුම්ඉරීම අත්හැර නොගතහැකි පුරුද්දක් බවට පත්ව තිබිණි.

    දිනක් උදේ පාන්දරම විශේෂ ප්‍රකාශක් කරන්නට නියමිතව තිබුණ හෙයින් අත්දික ෂර්ට් එක ඇඳ යට කලිසමද ඇඳ, ටයි පොල්ලත් දාගෙනම දිග කලිසම නොඇඳ ඉක්මණටම සිගරට් එකක් අදින්නට ඔබාමාට අවැසි විය. සාක්කුවේ තිබූ රැජිනගේ ලාංජනය සහිත රත්තරන් පාට සිගරට් අසුරනයෙන් ගත් සිගරට්ටුව කටේ ගසාගෙන සාක්කු සේරම පුරා ලයිටරය සොයන්නට විය. අවසානයේ කාමරයේ කණ්ණාඩි මේසය උඩ තිබී ලයිටරය වෙනුවට සූර්යයා ගිනි පෙට්ටියක් සොයාගැනීමට ඔබාමාට හැකිවිය.

Sep 2, 2015

අසහනෙන් ඉන්නේ පිරිමි ද?


නාන ලිඳ ලඟ සෝමක්කාගේ දුව දිය රෙද්ද ඇඳගෙන නාන ලිඳෙන ගොඩවන විට ඇගේ සිරුලෙ ලාලිත්‍ය, රසමුසු තැන් දැක හවස් වරුවෙම ලන්ද අයිනේ කණ් අඩි පැලෙන්නට කසිප්පු වඩි දෙක තුනක්ම වක්කරගත් උපාලිට සැණින් වෙරි බහින වාතාවරණයක් උදාවීම පුදුමයක් නොවෙයි. ලිඳ ලඟ දෙල් ගහේ දෙබල අස්සෙන් බැලූවිට පෙනෙන් නාන ලිඳේ සොබා සෞන්දරත්වය ඉක්මවා ගිය ලැජ්ජා හිතෙනා දර්ශන ටිකට් නැතිවම බලන්න අවස්ථාව ලද පිරිස අතර උපාලිට හිමිවුණේ ගැලරියේ තැනකි.

“ෂික් විතරක්..කෙල්ලෙක්ට දිය රෙද්දක් ඇඳගෙන කැලෑ පාරකින්වත් යන්න බැරි වෙලානේ දැන්,.. දිය රෙද්ද නොතිබ්බනම් මෙලහකට මුගේ කටේ සෙවල සේරම එළියේ“

Jul 1, 2015

ජනතා විමුක්ති පෙරමුණ කොතනටද?



2010 ජනාධිපතිවරණයේ ජනතා විමුක්ති පෙරමුණට වැරදුණ තැනකි. සෘජුවම එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය වැනි පක්ෂ සමග ඒකාබද්ධව එවකට පොදු අපේක්ෂකයා වූ සරත් ෆොන්සේකා මහතාට සහය පලකිරීම තුලින් අවසානයේ ලැබූ පරාජය හේතුවෙන් ජ.වි.පෙට බොහෝ දේ අහිමිවිය. ඒ අහිමිවූ දේ අතර එතෙක් ජ.වි.පෙ රැකගත් දේශපාලන දර්ශනයේ හර සම්පන්න කාරණාද විය. එය ඉතිහාසයේ ප්‍රථම වතාවට ජ.වි.පෙ නිර්මාතෘ එහි අසහාය නායක රෝහණ විජේවීර සහෝදරයා ඝාතනය කල එක්සත් ජාතික පක්ෂය සමග සමගි සන්ධානගතවීම තුලින් ධනවාදයේ රෙදි කඩේ එක් කොණක ගැට ගැසීම තුලින් සෝමවංශ ඇතුලු පිරිස විශාල වරදක් කරගත්හ.

   ඊටත් පෙරාතුව චන්ද්‍රිකා ආණ්ඩුව සමග පරිවාස ආණ්ඩු ගසන්නට ගොස් ජ.වි.පෙ තමන්ගේ බිම් මට්ටමේ කාඩරය මෙන්ම පක්ෂ පරිපාලන ව්‍යූහයද විශාල අර්බුදයකට නතු කරන ලදි. විශේෂයෙන්ම මනාප පොරයට වැටීම තුලින් වසර තිහකට අාසන්න ජ.වි.පෙ දේශපාලන ඉතිහාසයේ නොමැකෙන කළු පැල්ලම් තබාගත්හ. එහෙත් එසමයෙහි ජ.වි.පෙ ස්වර්ණමය සමයක් ලෙස සැලකිය හැකි යමක් වන්නේද එහි වැඩිම පාර්ලිමේන්තු නියෝජනයක් සිදුවූ සමය මෙන්ම වැඩක් කල හැකි ඇමති ධූර කීපයක්ද ජ.වි.පෙ ට හිමිවූ නිසාවෙනි. එහෙත් පරිවාස ආණ්ඩුවෙන් දික්කසාද වූ ජ.වි.පෙ ට නන්දන, විමල් වැනි ප්‍රමුඛ පෙල චරිත අහිමිවූ අතර අවසානයේ පක්ෂ අර්බුද මැද පක්ෂයේ තිරය පිටුපස ක්‍රියාකාරීම චරිතයක් වූ කුමාර් ගුණරත්නම් ඇතුලු පිරිස ජනරළ ලෙසින් කඩාගෙන යන්නට ගියහ. 

Jun 30, 2015

අපේ අයියා ගෙනා මනමාලයා..



කට්ට කෙළවරටම මහන්සි දවසක ඉස්කෝලේ ඇරිලා සී.ටී.බී එකේ අමර දුකක් විඳලා හන්දියෙන් බැහැලා මම ගෙදර එමින් හිටියේ. මහන්සියටයි,බඩගින්නටයි ගෙදරට දුවලා යන්න හිතුන වාර අනන්ත වුනත් අමාරුවෙන් බරබාගේ ඇදගෙන එනවා වගේ ගෙදර පැත්තට ගොඩවුනා. කඩුල්ලෙන් පනිනවා එක්කම ගේ පැත්තෙන් ඇහුණ සද්දෙන් තේරුනේ ගෙදර වාතාවරණේ එච්චර හොඳ නෑ කියලා.

   අපේ අප්පොච්චා කවදාවත් අරක්කු සිගරට් කටේ තියපු කෙනෙක් නෙවෙයි. තැපැල් පියුන් කෙනෙක් විදියට අවුරුදු ගානක් තිස්සේ බයිසිකලෙන් කඳු පල්ලම්, ගම් ගාණකම ඇදපු අපේ අප්පොච්චා කවදාවත් අම්මා එක්ක ගෝරි දාගන්නේ නැති තැන්පත් මනුස්සයෙක්. අපේ අම්මා ඉඳලා හිටලා අල්ලපු ගෙදර සොපි නැන්දලා එක්ක බර බර දාගත්තට ඒවත් අද තරම් සද්දෙන් ගිගුම් දෙන මට්ටමේ කචල් නෙවෙයි. 

   කොල්ලොම තුන්දෙනෙක් වෙච්ච අපේ ගෙදර බැනුම් අහන්න තරම් වැඩක් කරන්න හිටියේ මම විතරයි. ලොකු අයියා ඉතාලි හීනයක් හිතේ තියාගෙන කොළඹට වෙලා ජොබ් කට්ටක් කරනවා, පොඩි අයියා කැම්පස් එකේ දෙවැනි අවුරුද්දේ..එහෙව් එකේ අපේ ගෙදර අම්මගේ සද්ද පූජාව මෙච්චර ප්‍රබල ඇයි කියලා මට ලොකු ප්‍රශ්නයක් ආවා. ගෙට ඇතුල් වෙන තැනම අම්මා කම්මුලේ අත තියාගෙන අඬ අඬ බෙරිහන් දෙනවා, අප්පොච්චා පඩි කොණේ වාඩිවෙලා වැඩිය සද්දෙ නැතුව බෙරිහන් දෙන අම්මට බනිනවා. මට හිතාගන්න බැරිව හිටියේ මොකක් නිසාද මේ රණ්ඩුව කියලා.

Jun 27, 2015

දේදුණු කොඩියට ඇමරිකාවේ ඉඩ [ඉරිදා විචාර]


ක්ෂණිකව ලොවම කතාබහට ලක්වන මාතෘකාවක් වූ දේදුණු කොඩිය හෙවත් අමරිකා එක්සත් ජනපදය තුල සමරිසි විවාහ හෙවත් සමලිංගික විවාහ නීතිගත කිරීම දැඩි මතභේදයට තුඩුදුන් සිදුවීමක් බවට පත්වෙලා. සතියක් පුරාවටම අමරිකාව පුරාවට සුළිසුලඟක් පරිද්දෙන් ඇදී ගිය සමලිංගික විවාහ නීතිගත කිරීමේ ප්‍රතිපත්තිය අවසානයේ ජනපද 50 තුලම ක්‍රියාත්මක කල හැකි පරිදි නීතිගත කිරීමට අමරිකානු ඉහළ අධිකරණය තීන්දු කිරීමත් තුලින් අමරිකාව පුරාම දේදුණු පැහැති ධජ ඉහල නැංවුණේ ලොවම අපේක්ෂා නොකල පරිදිය.

   එක්සත් ජනපද මීළඟ ජනාධිපතිවරණයට ඇත්තේ තව මාස කීපයකි. හිලරි ක්ලින්ටන් සහ ජෙබ් බුෂ් තරඟයට පිවිසෙන බව පෙනෙන්නට ඇත. සමලිංගික විවාහ නීතිගත කිරීමත් මැතිවරණය උදෙසා වත්මන් රජය ගත්තා වූ පියවරක් යන්න සැක සහතිය. ඒ මන්දයත් ඉදිරි මැතිවරණයේදී පක්ෂ මාරුවක් සිදුවන බව පෙනේනට ඇති නිසාවෙනි.

Jun 24, 2015

ෆීනික්ස් කුරුල්ලා නැවත නැගී සිටිනු ඇත!


“එක්සත් ජාතික පක්ෂය ඉවරයි, කවදාවත් ආයෙත් ආණ්ඩුවක් ගන්නවා බොරු“ යන්න එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය නිරතුරුවම සිය පාක්ෂිකයන් පිනවීමට භාවිතා කල තේමා පාඨයයි. එය බහුතරයක් ජනතාව අතර පැවති විශ්වාසයක් විය, එපමණක් නොව එය එ.ජා.ප පාක්ෂිකයන් පවා පිළිගෙන තිබූ යමක් විය. මැතිවරණ 20 කට වැඩි ප්‍රමාණයක් පරාජයට පත්වීමෙන් අනතරුව එ.ජා.ප යට ප්‍රධාන පෙළේ හැඩගැස්මක අවශ්‍යතාව දැඩිව දැනී තිබිණි.

   එසේම එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන දේශපාලන පක්ෂ අතර සීඝ්‍රයෙන් සිය ජනප්‍රියත්වය අහිමිකරගනිමින් සිටි පක්ෂයක් බව පොදුවේ පිළිගත යුතුය. එසේම එ.ජා.ප ප්‍රබල ඡන්ද පදනම වේගයෙන් අඩුවීම සිදුවෙමින් තිබිණි. එයට හේතු ලෙස එ.ජා.ප ඡන්ද දායකයින් සිය පක්ෂයෙන් දුරස්වීම හා තීරණාත්මක මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකීසිටීම දැක්විය හැකිය. අතැම් පාක්ෂිකයින් එ.ජා.ප ය හැරදා සන්ධානය සමග එක්වීමද එසමයෙහි සිදුවිය. ඒ අතර ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද සිටීම විශේෂයක් විය. එසේ පක්ෂ මාරුකල ඇත්තන් සන්ධානකාරයන් මෙන්ම “එක්සත් ජාතික පක්ෂයට දිනන්නට බෑ“ යන තේමා පාඨයම දේශපාලන වේදිකාවල ගායන කිරීම පටන් ගන්නා ලදි. නමුත් වර්තමානයේ ඔවුන් අයිතිවන්නේ අවාසනාවන්තයින්ගේ ගොන්නටය. ඒ මන්දයත් ඔවුන් නොසිතූ පරිදි එක්සත් ජාතික පක්ෂය පාලක පක්ෂය බවටත්, රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා බවටත් පත්ව ඇති බැවින්ය.

Jun 21, 2015

ජනතාව ඉල්ලුවේ UNP ආණ්ඩුවක්ද? [ඉරිදා විචාර]


සුමනා සහ සරත් දැඩිසේ ආදරය කරන පෙම්වතුන් වෙති. දෙදෙනාගේම ගෙවල් වලින් මෙම සම්බන්ධයට දැඩි ලෙස බාධා එල්ලවන්නට වූ අතර නමුත් කිසිවිටක දෙදෙනා සම්බන්ධය නවත්තන්නට සූදානම් නොවුණි. කෙසේ වෙතත් බාධකවල පීඩනය ඉවසාගත නොහැකි තැන දෙදෙනාගේ අවසන් තීරණයවූයේ ගෙවල්වලට හොරෙන් පැන ගොස් විවාහවී පාඩුවේ ජීවත් වීමයි. දෙදෙනාම කඩිනමින් සිය තීරණය ක්‍රියාත්මකකල අතර මිතුරන් කීපදෙනෙක්ගේද සහය ඇතිව හඳපානේ පැන ගොස් විවාහවී ඈත ගමක කුලී නිවසක ජීවත්වන්නට විය. විවාහයේ නැවුම් සුවඳින් සහ ආදරයේ ජීවයෙන් දෙදෙනා සතුටින් කෙටි කලක් ජීවත් විය. අගහිඟකම් සහ අනෙකුත් ප්‍රශ්න නිසා අඩදබර පැමිණියේ ඉන් අනතරුවය, අන්තිමට දෙදෙනාට දෙදෙනා එපා වන තරමටම ප්‍රශ්න තදබල විය.

Jun 19, 2015

2020 ජනපති... පාඨලී චම්පික රණවක


පාඨලී චම්පික රණවක 2020 දී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා බවට පත්වනු ඇතැයි යන කතාව කලඑළි බසින්නේ ලංකා දේශපාලනයේ සංක්‍රාන්ති සමයකය. වත්මන් ජනපතිවරයා ප්‍රමුඛ රජය විධායක බලතල සංශෝධනයකට සැරසෙන විට එයට එරෙහිව මතදැක්වූ චම්පික එවකට ප්‍රධාන මාතෘකාවක් විය. ඇතැම් අය පැවසුවේ චම්පිකට ජනාධිපති හීනයක් ඇති හෙයින් විධායක ජනපති ධූරය නැති කරනවාට කැමති නැති බවයි.

Jun 5, 2015

මට මේ ජනාධිපතිකම එපා යකෝ !



උදේ පාන්දරම කාමරේ අස්කරන්න කියලා පටන් ගත්තා. ඊට පස්සේ ජනේලේ එහෙම ඇරලා වැඩ පටන් ගන්නකොටම ගෙදර ඉස්සරහ වැට ගාවින් වාහනයක් ජරාස්... ගාලා බ්රේක් පාරක් ගහලා නැවැත්තුවා..සුදු අත්කොට ෂර්ට් එකක් ඇඳගත්තු කොල්ලෙක් වාහනේ පිටිපස්සේ දොරෙන් බහිනවා දැක්කා..ඒත් එක්කම ඉස්සරහ දොර ඇරගෙන බැස්සේ හොඳට දැකලා පුරුදු කෙනෙක්..හත්තිලව්වේ මේ අතිගරු ජනාධිපතිතුමා..නෑ නෑ අතිගරු අයින්කරගත්තා නේ.මේ ජනාධිපති මෛත්‍රීපාල උන්නැහේ නේද..සෑහෙන්න කලබලෙන් උන්නැහේ වාහනෙන් බැහැලා ගේ පැත්තට ඇවිදගෙන එනවා..ගාර්ඩ් එකේ දෙන්නෙක් පස්සෙන් දුවගෙන එනවා..හදිස්සියටද කොහෙද මෛත්‍රීතුමා දුඹුරුපාට සපත්තු දෙකත් අතේම අරගෙන එනවා..

   ඉස්තෝප්පුවට ඇවිත් දොරෙන් ගේ ඇතුලට කොක් බැල්මක් දාලා විපරම් කරපු මෛත්‍රීතුමා හොයන්නේ මාව කියලා ඉවෙන් වගේ දැනුනා. ඒ පාර මොන බාල්දියක් පෙරලෙන්න එනවද කියලා මට හිතාගන්න බැරිවුණා.