හින්ඳුන්ගේ
මූලග‍්‍රන්ථයක් ලෙස සැලකෙන මහාභාරතය පෙරදිග ඉතිහාස වෘත්තාන්තය පිළිබඳ තතු කියන
වැදගත් මූලාශ‍්‍රයක් ලෙස අදටත් විශ්වාස කෙරේ. මහාභාරතය තුලින් රාම නැමති වීර චරිතය
සහ රාවණ නම්වූ එදිරිවාදී චරිතය ගොඩනගා ඇති අතර විවිධ විද්වතුන් මේ රාම සහ රාවණ
පුවත විවිධාකාරයෙන් විග‍්‍රහ කරති. ඇතමෙක් සඳහන් කරන ආකාරයට රාම සහ රාවණ යනු සජීවී
සත්‍ය වෘත්තාන්තයක චරිත නොව එය උපදේශ ග‍්‍රන්ථයක එන නිමිති දෙකක් පමණක් බවට
තර්කයක් ගොඩනගා ඇත. ඒ අනුව ’රාම’ යනු ’හොඳ’ බවත්, ’රාවණ’ යනු ’නරක’ බවත් මත පලකර ඇත.
එහෙත් රාමායණය හුදෙක් නිමිත්තක් ලෙස සලකා පසෙකට දැමිය හැකි මිත්‍යාවක් නොව,
ඉන් එහා ගිය සාධක ඒ
තුළින් හමුවීම නිසා තවත් විද්වතුන් පිරිසක් එය දක්ඛිණ පෙරදිග ඉතිහාසය නැමති ද්වාරය
විවර කරන යතුරක් බවට හඳුන්වති.
රාවණ සම්බන්ධ
ඉතිහාසය ලාංකිකයන්ට වැදගත්වන්නේ රාවණ නම් චරිතයක් ලංකාව තුල විසුවේ නම් එය ලංකාවේ
ඉතිහාසය ගවේශණය කරන්නන්ට ඉහළ පිටුවහලක් බවට විවාදයක් නැත.