Jun 12, 2010

නිරිතදිග සුළඟ(සඳරාණි ප්‍රියලංකා සුදුසිංහ)


නිරිතදිග සුළඟ ඇවිදින්
හිතට මැසිවිලි කියන මොහොතක
ආදරයේ සුළිසුළඟ හමලා
කේඩෑරිව ඇත මගේ සිත අද...

දියපොදක් නැති කතර මද හිඳ
ඇඟිලි ගැන්නෙමි සෙනෙහෙ දියකට
වියලි සුළඟින් නොලැබී සැනසුම
දෙතොල් තව වියැලි ගියා මිස...

කාත් කව්රුත් නොමැති මුඩූබිම
අඳුරටත් බිය සිතුනු හන්දම
ගිනිවැදුණු දුර අහසේ ඉරටම
ආදරේ මම කරමි තව තව ...

සඳරාණි ප්‍රියලංකා සුදුසිංහ
ශාස්ත්‍ර පීඨය
පේරාදෙණිය විශ්ව විද්‍යාලය

No comments:

Post a Comment