Sep 18, 2010

අපේ සරසවියේ සුන්දරම පින්තූර ටිකක්...මගේ ඇසින්

ඔන්න මම හිතුව මේපාර අපේ විශ්ව විද්‍යාලයේ ලස්සන පින්තූර ටිකක් දාන්න. මේ රුහුණ විශ්ව විද්‍යාලයේ ප්‍රධාන සංකීර්ණය. නිර්මාණය කරලා තියෙන්නේ ලෝකප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පියෙක් වන බ්‍රිතාන්‍ය ජාතික "ජෙප්රි බාවා" විසින්
මේ විශ්ව විද්‍යාලය ළඟ තියන ස්වභාවිකව නිර්මාණය වුන. මේක හදුන්වන්නේ "වැව" කියල තමයි

මේ ප්‍රධාන පුස්තකාල සංකීර්ණය. බොහොම වැදගත් පොත් විශාල ප්‍රමාණයක් වගේම ආසියාවේ සුපිරි තාක්ෂනය මෙයට යොදාගෙන තියනවා

මේ ඉන්නේ වැව ගාව ෆොටෝස් ගත්තු මම. මෙතනට වැව හරිම ලස්සනයි

මේක තමයි අපේ විශ්ව විද්‍යාලයේ "එළිමහන් රංග පීට්ය" මෙතන අපිට බොහොම හුරුපුරුදු තැනක්

මේ ලස්සන මල් එක්ක බැලුවම ඈතින් පෙන්නේ බ්‍රව්න්ස් කදුවැටිය සහ එළියකන්ද ප්‍රදේශයයි


අරලිය මල් විශ්ව විද්‍යාලය පුරාම ලස්සනට හැදිලා පරිසරේම සුවඳ කරනවා


මේ කළා පීඨයේ ශ්‍රවනාගාරය තමයි. මෙතන ගොඩක් දවස්වලට මොනවමහරි තියනවා. අඩුමගානේ ෆිල්ම් එකක් හරි


ඉහල ආපන ශාලාව ළඟ ඉදන් බැලුවම විශ්ව විද්‍යාලයේ පිවිසුම පැත්ත පෙන්නේ මෙහෙමයි. මේක ගොඩක් උදෙන් ගත්තු එකක්..එකයි මෙච්චරටම ලස්සන


මේ විශ්ව විද්‍යාලේ ලස්සනම පීඨ අතරින් එකක්වන විද්‍යා පීඨයේ..උද්භිත විද්‍යා අංශයයි..මේ පරිසරය ගොඩක්ම ලස්සනයි

මේ සත්ව විද්‍යා අධ්‍යයන අංශයට යන පාර..මේ පාරේ ඇවිදින්න අපි හරිම කැමති..අපේ පීඨයට අයත් නොවුනත් මේ ලස්සන බලන්න අපි නිතරම එනවා.

ඉතින් පින්තූර ටිකක් බැලුවනේ.. ඉඩක් ලැබුනම තව ලස්සන පින්තූර ටිකක් දාන්නම්..දැන් කියන්න බලන්න මේ ටික ලස්සනද කියලා?

17 comments:

  1. ඇත්තටම ගොඩක් ලස්සනයි.

    ReplyDelete
  2. Mr.Bawa is a Sri Lankan for sure

    ReplyDelete
  3. http://en.wikipedia.org/wiki/Geoffrey_Bawa

    ReplyDelete
  4. /*
    නිර්මාණය කරලා තියෙන්නේ ලෝකප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පියෙක් වන බ්‍රිතාන්‍ය ජාතික "ජෙප්රි බාවා" විසින්
    */

    අනේ මෙයාට සමාව දෙන්න වුණු වරදට. තාම නවක පොඩි ළමයෙක් නේ!

    ReplyDelete
  5. ‍ගොඩක් ලස්සනයි ..... !

    ReplyDelete
  6. ගොඩක් ලස්සනයි කැම්පස් එක. ජෙෆ්‍රි බාවා කිව්වම ඉස්සෙල්ලාම මතක් වෙන්නේ ලංකාවේ පාර්ලිමේන්තු සංකීර්ණය. ඊට පස්සේ මතක් වෙන්නේ කන්ඩලම හෝටලය. දක්ෂ ඉංජිනේරුවෙක්.

    ReplyDelete
  7. මං ගාවත් පින්තුර ටිකක් තියෙනවා...
    ලස්සන හැදින්විමකුත් එක්ක ලස්සනට වැඩේ කරලා තියෙනවා දේව්...

    ReplyDelete
  8. ලස්සනයි මාත් ඈවිත් තියෙනවා එක පාරක්

    ReplyDelete
  9. @පවී - තියනවනම් දාන්නකෝ පින්තූරටික ලෝබකමට තියන් ඉන්නේ නැතුව

    @හිම හංසි - ස්තූතියි නංගා

    ReplyDelete
  10. දේව්දාස් තාම රුහුණට ගිහින් සති කිහිපයයි... දේව් බාහිර ශිෂ්‍යයෙක් නිසා ඇවිදින්න තියෙන නිදහස ගොඩක් අඩුයි... ඒත් මේ පින්තූර දැක්කම ඇවිදලා බලන්නමයි හිත...

    දේව්දාස්...

    ReplyDelete
  11. නියම පින්තූර ටික සහෝ........

    ReplyDelete
  12. elaz dekkama awilla balanna one kiyala hithuna

    ReplyDelete
  13. lassanai mamath ewith thiyenawa,yaluwo kawruth ruhune.

    ReplyDelete
  14. උඹ රුහුණෙද? කොයි කාලෙ-කොයි ෆැකල්ටියෙද?

    ReplyDelete