අවිබලය පැරදවූ පමණින් කොටි අවසන් වූවායයි උපකල්පනය කොතරම් සාවද්‍යදැයි ලෝකය පුරා කොටි ක්රියාකාරකම්වලින් දැක ගත හැකි. අප අමතක නොකලයුතු කරැන නම් කොසෝවෝ රාජ්‍යය බිහිකලේ අවියෙන් නොවන බවයි. ජාත්‍යන්තරයේ කුමන බලපෑම පැමිණියත් බටහිර රටවල් වල අන්තගාමී හස්තයන් එක්වී ඊනියා ගිවිසුමක් මගින් කොසෝවෝ නැමති අවජාතක රාජ්‍යය බිහිකලා සේම ලංකාවේ ඊලමක් හෙට බිහිනොකරයි යන්න කාට උපකල්පනය කල හැකිද. අවිනොමැතිව කොසෝවෝ බිහි කල පරිද්දෙන්ම ඊලමක්ද බිහිකල හැකි බව අමතක නොකල යුතුය.
මෙහිලා විදේශවල වෙසෙන ලාංකිකයන්ට සුවිසල් කාර්යභාරයක් තිබේ. ජාත්‍යන්තරව කොටි කර්තව්‍යයන් පිළිබද තොරතුරැ අප රටට ලැබෙනවා බොහෝම අල්පය. මන්ද ජාත්‍යන්තර රහස් සංවිධාන රැසක් කොටින් නිසා පෝෂණය වන බැවිනි. එබැවින් විදෙස්ගතව සිටින ලාංකිකයන්ට ඒ තොරතුරැ සමිපාදනය වෙනුවෙන් විසල් කාර්යය කොටසක් රට වෙනුවෙන් ඉටුකිරීමට තිබේ.
අනාගතයේ මේ පුංචි දිවයින කැඩී විසිරි යාම වැළැක්වීමට වර්තමානයේ අපෙන් සිදුවිය යුතු හැමදෙයම කිරීම අපසතු යුතුකමකි. අනෙකාට ඇගිල්ල දිගුනොකර තම තම කොටස හැකි පමණින් ඉටු කලහොත් මහා විනාශයක් නතර කරගත් හැක. නියපොත්තෙන් කඩන්න හැකි දෙය පොරවෙනුත් බැරි තත්වයකට ඇද නොදා විසෙන් විස නැසීම කල යුතුය. ජාත්‍යන්තර අතපෙවීමකට මේ රට පත්වුවහොත් සහය දෙන්නට කිසිදිනකට බටහිර රටවල් ඉදිරිපත් නොවිම සාමාන්‍ය දෙයකි.එබැවින් අවදානයෙන් සිටිය යුතුය. පෑනෙන් කල හැකි දෙය..සයිබර් අවකාශයේ අපි කරන්නෙමු. සිරිලක් කොඩිය යටතේ ඒකීය රටක් ලෙසින් මෙය අනාගතයට පිරිනමන්නට නම් අප සතුව ඇති යුතුකම් කොටස නොපිරිහෙලා ඉටුකල යුතුය. අවස්ථාවාදීත්වය පිටුදැක ජාතිකත්වය වැඩිදියුණු කරගත් යුතුය. එවිට අවියෙන් දිනු බිම හදවතිනුත් දිනාගත හැකිවනු ඇත.
මේ යක්කුන්ට පිස්සු. මුන් හීනෙන් නැගිටලා වගේ. මහින්ද ගෝධා සරත් ශවීන්ද්‍රලා වගේ අය තව මේ රටේ ඉන්නවා. ඒක මුන් දන්නේ නැතිව ඇති. එච්චර ගනන් ගන්න එපා.
ReplyDelete