Jun 18, 2011

නොමල හේතුවාදියා...

මම හිතන විදියට ඒබ්‍රහම් ටී. කෝවුර් කිව්වම නොදන්න කෙනෙක් නෑ. මෝහන්දකාරයෙන් මත්වෙලා හිටපු ලෝකවාසීන් එයින් මුදවගෙන යථාර්ථවාදී මිනිසුන් බවට පත්කරන්න ජීවිතේ බොහෝ දේවල් කැපකරපු පුද්ගලයෙක් තමයි ඒබ්‍රහම් ටී. කෝවුර්..ඉන්දියානුවෙක් විදියට උපත ලැබුවත් ජීවිතයේ වැඩි කොටසක් මේ සුන්දර ලංකාද්වීපයේ සේවය කරමින් මෙහි ජනයාට වඩාත් යහපත් හා බුද්ධිමය සමාජයක් දායාද කරන්න අනූපමේය මෙහෙවරක් කරපු කෝවුර් මහත්මයා හේතු වාදියෙක් විදයට හදුන්වන්නේ ඔහු ජනයාතුල මුල් බැසගත් මිත්‍යා විශ්වාස හේතුවත් එක්ක සංසන්දනය කරලා ප්‍රතික්ෂේප කරලා දාපු කෙනෙක් නිසා. ඔහු ඒ දේවල් ප්‍රායෝගිකවම කරලා පෙන්නුවා. හොල්මන්. අවතාර.යක්ෂ ප්‍රේතයෝ.දෙවියෝ වැනි සංකල්ප එකහෙලාම ප්‍රතික්ෂේප කරපු කෝවුර් මහත්තයා එවැනි සිද්ධියක් වාර්තාවුණොත් තමන්ගේ කණ්ඩායම එක්කම  ගිහින් ඒවා විසඳලා දීලා එනවා.


  මේත් එවැනි ප්‍රායෝගිකව මිත්‍යාවක් බොරුකරපු අවස්ථාවක්. මේ සිද්ධියට ඉන්දියාවේ මෑතකදී ස්වර්ගස්ථවුණ සත්‍ය ශ්‍රී සායි බාබා තුමත් සම්බන්ධයි. කෝවුර් මහත්තයා ඉන්දියාවේ හා ලංකාවේ පත්තර වල ඒ දිනවල දිගින් දිගටම සායි බාබාතුමා විවේචනය කරමින් ලිපි පල කලා. සායිබාබා තුමන්ගේ මිත්‍යාවන් ගැන කරුණු හෙලිකරපු ඒ ලිපිවලට හොඳ ප්‍රතිචාරත් තිබුණා. ඒ අතරම සායිබාබා තුමා ප්‍රකාශයක් කරලා තිබුණා සිය බැතිමතුන්ට මෙන්න මෙවැනි පුද්ගලයන්ගේ ප්‍රකාශ හුදෙක් තම ධර්මය හෑල්ලුවට ලක්කරන ඒවා විතරයි කියලා.
  ඕක ආරංචිවුණ කෝවුර් මහත්තයා ප්‍රසිද්ධියේ සායිබාබා තුමන්ට අභියෝග කරමින් තමන්ට හමුවෙන්නට දිනයක් දෙන්න කියලා ඉල්ලුවා. ඒත් මාසයක් බලං හිටියත් සායිබාබාතුමා දිනයක් දුන්නේ නෑ. මෙහෙම බලං ඉදලා බැරිම තැන තමන්ගේ සගයෝ කීපදෙනෙක් සහා මාධ්‍ය කණ්ඩායමක් එක්ක කෝවුර් මහත්තයා සායිබාබාතුමාගේ ආරාමය පිහිටි පුත්තරප්පති ගමට ගියා. ඒ වෙනකොට එතන හිටපු නිලධාරියෝ කිව්වේ සායිබාබා තුමා දිල්ලියට ගිහින් කියලා. තමන්ගේ අභියෝගයේ අභිප්‍රාය අතනොහැරපු කෝවුර් මහත්තයත් ගියා කට්ටියම එක්ක දිල්ලියට. එතකොට දිල්ලියට මෙම ආරංචිය ලැබිලා සායි බැතිමතුන් කුපිත වෙලා හිටියේ. එතකොට කෝවුර් මහත්තයා සමග ගියපු මාධ්‍ය කණ්ඩායමත් වර්ධනය වෙලා තිබුණා. කොහොමවුණත් කෝවුර් මහත්තයට අනතුරක් වේවි කියලා විශේෂ පොලිස් ආරක්ෂාවකුත් දීලා පලාත් ආණ්ඩුව බලාගෙන හිටියා මේ අභියෝගෙන් කව්ද දිනන්නේ කියලා.

   කෝවුර් මහත්තයා තමන් හමුවෙන්න එනවා කියන ආරංචියට භජන් කිය කිය හිටපු සායිතුමා වැඩේ පැත්තකා දාලා දිල්ලි ආශ්‍රමයේ ඉහල මාලයේ තමන්ගේ කාමරේට වැදිලා දොරේ අගුලුත් දාගෙන. කෝවුර් මහත්තය කොච්චර උත්සහ ගත්තත් එලියට ගන්න බැරිවුණා. අන්තිමේ කෝවුර් මහත්තයා කලේ සායිතුමා දේශන පවත්වමින් හිටපු වේදිකාවටම නැග්ගා. සායි බැතිමතුන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වුනත් මේ කෙට්ටු වීර පුර්ෂයාගේ සිංහ නාදයට සියල්ල නිෂ්ශබ්ද වුණා.
  කෝවුර් මහත්තයා පිරිස අමතලා හරවත් හා වේගවත් දේශනයක් කරමින් මිත්‍යාවට නොරැවටී තම ආත්ම ශක්තියෙන් ජීවත් වෙන්නේ කොහොමද කියලා දීර්ඝව කතාකලා. ඇත්තටම මිනිස්සුන්ටත් ටිකෙන් ටික මේ කතාව තේරුනා. කතාවේ අන්තිමට කෝවුර් මහත්තයා සෙනග අතරට ගිහින් හරියට සායිතුමා වගේව අල්ල දික්කරලා ඒකට අළු මැව්වා..සෙනග මහා හයියෙන් භජන් කියමින් කෝවුර් මහත්තයට වදින්න හැදුවා. ඒත් නැවතත් කෝවුර් මහත්තයා වේදිකාවට නැගලා මහ හයියෙන් කෑ ගහලා කිව්වා මැජික්කාරයන් කියන්නේ මිනිසාගේ අධ්‍යාත්මික නායකයන් නෙවෙයි කියලා. මැජික් පෙන්නුව පලියට එක එකාට වඳින්නත් එපා කියලා..

  මෙහෙම කියලා තම කබා අත අස්සෙන් ගත්තේ අළු සහිත පොකැට්ටුවක්..අරන් පිරිසට කිව්වා මම මේක කොළඹින් මිලට ගත්ත එකක්..මේක කබායේ හංගගෙන තමයි මම අලු මැව්වේ..ඒක නිසා මීට පස්සේ මැජික්කාරයන්ටවත් බොරු දේවපුත්‍රයන්ටවත් රැවටෙන්න එපා. මෙහෙම කියලා සායිබැතිමතුන්ගේ ජයගෝෂා හා මාධ්‍යවේදීන්ගේ පැසසුම් මැද සිංහ සෙයියාවෙන් ආයෙත් කෝවුර් මහත්තයා ලංකාවට ආවා..බලන්න ඇත්තටම මේ සිද්ධියෙන් අපේ ජීවිතේට ගන්න කොච්චර දේවල් තියද කියලා.

14 comments:

  1. අඩෝ මේක ඇත්තටම වුන දෙයක්ද මම අදනෙ දන්නේ...

    ReplyDelete
  2. ඒක හරි. සායිබබාටට වදින එවුන් අදත් ඉන්නවානේ. මැජික් කාරයන්ට රැවටෙන්න හොද නෑ.

    ReplyDelete
  3. @කිඩෝ - ඔව් බං මේක ඇත්ත සිද්ධියක්

    @මධුරංග - අනිවා අදත් ඉන්නවා..ඒත් තාමත් එහෙමයි

    ReplyDelete
  4. මම් මෙතුම ලිව්ව පොතක් කියවල තියනව.

    ReplyDelete
  5. ආචාර්ය කොවූර් සතුව ඉතා ඉහල ජොතිෂ්‍ය දැනුමක් තිබුනා. තමන්ගෙ එකම පුතාගෙ හඳහන හැදුවෙත් එතුමමයි. ඔහුගෙ පුත්‍රයගෙ ලග්නයම තමයි නම විදියට යෙදුවෙත්, ඒරියස් කොවූර් ලෙස.
    ගොඩක් අය නොදන්න දෙයක් . . . . ආචාර්ය කොවූර් ඉදිරිපත් කලා අභියෝග 10ක් (මට මතක හැටියට). තවම ඒ අභියෝග දහයට මූන දෙන්න පුලුවන් කෙනෙක් ඉදිරිපත් වෙලා නෑ . . . .
    ප.ලි.
    ආචාර්ය කොවූර් ගැන ඇත්තෙන්ම මේ වගේ කොමෙන්ට් එකකින් කියන්න පුලුවන් ප්‍රමානය සීමිතයි.

    @කිඩෝ:
    ඔව් . . . ඒක ඇත්තටම සිදු උන දෙයක්. ඊට සම්භන්ද කීප දෙනෙක්ම තාම ජීවතුන් අතර ඉන්නව තාම.

    @මධුරංග:
    ආචාර්ය කොවූර් කියන විදියට යන්තම් ඇස්බැන්දුම් කීපයක් දන්න ඉන්දියන් ජාතිකයෙකුට අගට "බබා" හෝ "ස්වාමි" වගේ නමක් දාගත්තම . . . නිකම්ම දේව පුත්‍රයෙක් වෙන්න පුලුවන්. ඉන්දියාවට මේ දේව පුත්‍රයන් ලොකු ආදායමක්

    ReplyDelete
  6. ඔව් මෙතුමගේ පොත්වලින් ලස්සනට මිත්‍යාව ප්‍රතික්ෂේප කරනවා

    ReplyDelete
  7. ඕනයා..බොහොම සවිස්තරව කෝවුර් මහත්තයා ගැන කිව්වා මටත් වඩා හොඳට..අපි හේතුවාදියෝ වුණේත් එතුමන්ගේ පොතපත ඇසුරෙන්

    ReplyDelete
  8. හැබැයි මචෝ සායිබබාව අනුගමනය කරන බොහො දෙනෙක් හොදට ඉගෙන ගත්තු අය...
    කවුර් ගැන මං දන්න අනිත් කරුණ තමා එතුමාගේ ඇට සැකිල්ල තර්ස්ටන් විද්්‍යාලයේ තියනවා කියන එක!

    ReplyDelete
  9. කවුර් මහතා කියන්නේ ඇත්තෙන්ම අනුගමනය කරන්න වටින පුද්ගලයෙක්.. මමත් ඔය සායිබාබා තුමන්ගේ කතාව අහලා තියෙනවා...

    ReplyDelete
  10. මේ පෝස්ට් එක ඉතාමත් වටිනවා.

    සබිත් කිව්ව වගේ බොහොම උගත් අය පවා සාය් බබාව අදහනව.

    සාය් බබා වගේ හොරුන්ව අදහන්නෙ ආත්ම විශ්වාසයක් නැති, කොන්ද හය්ය නැති, කොච්චර පොත පතින් ඉගෙන ගත්තත්, මොලය මුහුකුරා ගිය නැති අය. සද්දෙට අධෝ වාතයක් පිට වුනත් දේවාල ගානෙ දුවන කට්ටියය්, සාය් බබා වන්දනා කොරන කට්ටියය් අතරෙ වැඩි වෙනසක් නැහැ.

    ReplyDelete
  11. @සබිත් - ඔව් අන්න ඒක තමයි ලොකුම ඛේදවාචකේ උගුතුන් පවා මෝහන්දකාරයෙන් ක්‍රියාකරනකොට සාමාන්‍ය දැනුමක් තියන මිනිස්සු සාධාරණයි..

    @දිනේෂ් - කෝවුර් මහත්තයාගේ පොතකින් හා දේශනයකින් ගන්න තියන දේවල් බොහොමයි දිනේෂ්

    @Observer - පැහැදිලිවම..මේ සිද්දියෙන් වුණත් ඒකට පැහැදිලි උදාහරණ සපයනවා..‍මේ වගේ සිද්ධි ගණනාවක් තියනවා එතුමා ගැන

    ReplyDelete
  12. ලක්බිම පත්තරෙ ක්වුර් මහත්මයගෙ ලිපි ගියා නේද?? :)

    ReplyDelete
  13. ඔව් සහෝදරයා..ලක්බම පත්‍තරේ කෝවුර් සංකල්පනා නමින් එතුමන්ගේ ගවේශණාත්මක ලිපි පෙලක් පලවුණා..මමත් කියෙව්වා

    ReplyDelete
  14. හේතුවාදය අදහමි

    ReplyDelete