Jan 6, 2012

අදිසි වෙඩික්කරු (The Invisible Shooter) - 7 වැනි කොටස

පසුගිය කොටස්  1  2  3  4  5  6


මාධ්‍ය උසිගැන්වී තිබිණි.විවිධ සිරස්තල වලින් දවසට පුවත්පත්වල වෙළුම් කීපයක් නිකුත්වන තරමටම සිදුවීමේ කූටප්‍රාප්තියට ලඟාවී තිබිණි. ලන්ඩන් ටෙලිග්‍රාෆ් පුවත්පත හැකි උපරිමයෙන් ආරක්ෂක අංශ විවේචනය කරමින් පුවත් පලකෙරෙනි. විද්‍යුත් මාධ්‍යද සජීවී පුවත් ඉදිරිපත් කරමින් මහචාර්ය ඩෙවන්ස්ගේ ඝාතනය හා රුඩී මෙන්ඩලගේ පාපොච්චාරණය නමින් නම්කල මාධ්‍ය සාකච්ඡාව පලකිරීමට සූදානමින් සිටියේය.


“විද්‍යා හා තාක්ෂණ සංගමයේ ප්‍රධානී මහාචාර්ය ඩෙවන්සගේ ඝාතයට සම්බන්ධ සියලු කාරණා ඔහුගේ අතිජාත මිතුරා අද රාත්‍රියේ දිග අරී“

මෙලෙසින් පුවත් පත් වලින් හා සියළුම මාධ්‍යවලින් මෙයට පුළුල් ප්‍රචාරයක් ලබාදෙමින් තිබිණි. නමුත් මේ කිසිඳු පුවත් පතක් හෝ මාධ්‍යක් දෙස වැරදිලාවත් නොබැලූ හෝ අවධානය යොමුනොකල පුද්ගලයෙක් සිටියේය. ඒ අතිශූර රහස් පරීක්ෂක ජෙෆ් ගානර්ය.

ඔහු තම සගයන් දෙදෙනා සමග පරීක්ෂණ කටයුතු දිගින් දිගට කරගෙන ගියා මිස මේ කිසිවක් ගැන අවධානය යොමු නොකලේය. ඇතැම්විට තව තවත් පරීක්ෂණ කටයුතු වේගවත් කලා මිස.

“සර් අපි මේ තරම් මහන්සි වෙන්න දේකුත් නෑ නේද මැන්ඩල් මහත්මයා හැමදේම හෙලිකරනවනම්..අපිට තියෙන්නේ අපරාධකාරයා අත්අඩංගුවට ගන්න විතරයි නේද?“ 

ස්ටීවන්ස් ගානර්ගෙන ප්‍රශ්න කෙරීය.

“මැන්ඩල් මහත්තයා මොනවා කලත් අපි කලයුතු කටයුතු නවත්තන්න ඕනකමක් නෑ..අපිට තවත් බොහෝ දේ ගැන හිතන්න ඕන“

මාධ්‍ය සාකච්ඡාව පැවැත්වෙන මොහොත දක්වා මාධ්‍ය මෙන්ම ජනතාවද මහත් නොඉවසිල්ලෙන් බලාසිටියෝය. බ්‍රිතාන්‍යයේ මහා බුද්ධිමහිමය ලෙසින් වැජඹී සිටි විද්‍යා හා තාක්ෂණ සංගමයේ සභාපති මහාචාර්ය ඩෙවන්ස් අධි ආරක්ෂාවක් මැද ස්නයිපර් ප්‍රහාරයකින් මීට සීයයකට නුදුරු දුරකින් සිට සූක්ෂම හා කෘර ආකාරයෙන් ඝාතනය කල ඝාතකයා එලිදරව් වීමට තිබුණේ සුළු මොහොතක් පමණි. පොලිස් අංශ සූදානමින් සිටියේ වචනයකහෝ වැරදීමක් සාක්ෂියක් කරගෙන මැන්ඩල් අත්අඩංගුවට ගැනීමටය.එසේම මහාචාර්ය බින්ස් හා කොන්ටෝ ගැනද දැඩි අවධානයකින් පසුවිය.

“සර් මාධ්‍ය සාකච්ඡාව හේතුවෙන් රුඩී මැන්ඩල් දැඩි ආරක්ෂාවක් ඉල්ලා තිබුණා තමන්ගේ ජීවිතයට තර්ජනය විය හැකි බව කියලා“

මැක් ෆැක්ස් පණිවිඩයක් පෙන්වමින් ගානර් ගෙන් ඇසීය.

“අනිවාර්යයෙන්ම මැක් කිසඳු අඩුවක් කරන්න එපා..ඔහු ඉල්ලන තරම් ආරක්ෂාව දෙන්න..බලඇණියක් හරි කමක් නෑ යවන්න“

“හොඳයි සර්“

**********************************

බ්‍රයිට් ග්‍රෑන්ඩ් හෝටලයේ බිම මාධ්‍යවේදීන්ගෙන් මෙන්ම අතිවිශාල ජනතාවකගෙන් පිරීතිබිණි. මාර්ග බාධක යොදා වාහන පැමිණීම නවත්වා තිබිණි.රාත්‍රී කාලයේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවට රුඩී මැන්ඩල් පැමිණෙන මොහොත ආසන්න වන විට ජනතාවගේ නොඉවසිල්ලද වර්ධනය වන්නට විය.

ඒ අතර ඊට මදක් නුදුරින් ගානර් සහ ස්ටීවන් තම රථය නවත්වාගෙන බලාසිටියහ. ඔවුන් සමග ස්කොට්ලන්ඩ්යාඩ් බල ඇණියක්ද විය.

“එමර්ස්..රෙඩාර් යන්ත්‍රය සූදානම්න්ද?“

“ඔව් සර්..“

ගානර් සියල්ල සූදානම් කරමින් සිටියේ වඩාත් ආරක්ෂාවටය. අධික සෙනග හේතුවෙන් එම ස්ථානයේ තත්වය උණුසුම් විය. ඒ අතර ස්ටීවන්ස් ද සිටියේ නොඉවසිල්ලෙනි. නමුත් මැක් සිටියේ ඊට ගව් ගණනක් දුරින් ස්ථානගත කරය. ගානර්ගේ සැලසුම තවමත් පැහැදිලි නොවීය.

“සර්..මැන්ඩල් මේ දේට හවුල්නම් ඇයි අපිට ඒක නියමාකාරයෙන් අහුවුණේ නැත්තේ“

ස්ටීවන් ප්‍රශ්නයක් නැගීය.

“ස්ටීවන්ස්...ඇත්තම කතාව කියනවනම් මේ මැන්ඩල්ගේ භූමිකාව පිළිබඳ මටත් නිශ්චිත අදහසක් නෑ..එදා මම මිනිහා බය කරන්න කතාවක් ගෙතුවට මිනිහාගේ කටයුතු නියමාකාරයෙන් ග්‍රහණයකර ගන්න අමාරුයි..“

“එතකොට ස්ර් අපි මේ මනුස්සයට මෙහෙම මාධ්‍ය සාකච්ඡා තියන්න දීමෙන් මේ තත්වය තවත් ව්‍යාකුල වෙනවා නේද?“

“නෑ ස්ටීවන්ස් ඇත්තටම මෙතනදි මගේ සැලසුමේ ප්‍රධාන පුරුක තමයි මැන්ඩල්..මේ එහි උච්ඡතම අවස්ථාව..අවාසනාවකට අපිට මැන්ඩල් බිලි දෙන්න වෙලා තියනවා..“

“මොනවා...බිලි දෙන්න?“

“ඔව් ස්ටීවන්..ඉවසීමෙන් බ ලන් ඉන්න“

වොකි ටෝකී යන්ත්‍රය අතට ගත් ගානර් සහයකයෙක් ඇමතීය.

“මැන්ඩල් මහත්තයා එන වාහනය මාර්ග බාධකය ලගින් නවත්වලා ඔහුව එලියට ගන්න..ඊට පස්සෙ උපරිම ආරක්ෂාව යටතේ ඔහු හොටලයට ගෙනියන්න..හැබැයි ආරක්ෂාවේ කිසිදු සිදුරක් වෙන්න බෑ කලින් වගේ...එහෙම වුනොත් දෙයියම්පා එකෙක්ටවත් මම ඉන්න දෙන්නේ නෑ...“

කියූ ගානර් යන්ත්‍රය විසන්ධි කෙරිය.

“එතකොට සර් ඔබ ද න්නවා ඔහුට ජීවිත තර්ජනයක් තියනවා කියලා..එහෙනම් ඔහුව මෙහෙම තැනකට ගෙනෙන එක භයානකයිනේ..“

“අවාසනාවකට“

ගානර් පවසනවාත් සමගම  දැඩි පොලිස් ආරක්ෂාව සමග මැන්ඩල් ඇතුලු පිරිස රැගත් රථපෙල ගානර් ඇතුලු පිරිස සිටි ස්ථානය පසුකර ගියහ. ගානර් වහාම රථයෙන් එලියට බැස පිරිසට අනදෙන්න විය.

“පලමු කණ්ඩායම ඉදිරියට යන්න...වට පිටාව ගැන සැලකිලිමත් වෙන්න..රෙඩාර් යන්ත්‍රයේ තත්වය විටින් විට මට දැනුම් දෙන්න“

“දැනට විශේෂයක් නෑ සර්..“

රෙඩාර් යන්ත්‍රය පාලනය කරන කණ්ඩායම පැවසීය.

“හරි යම් වෙනසක් ඇතිවුනොත් මට කියන්න“

හඳුනා නොගත් සැකකරුවෙක් වෙනුවෙන් ගානර් පිරිස මෙහෙයවීය. පැවසූ පරිද්දෙන්ම මාර්ග බාධකය අසලදී මැන්ඩල් ඇතුලු ආරක්ෂක අංශ වාහන වලින් බැස පාගමනින් යන්නට පටන් ගත්හ. ගානර් දුරකතන මාර්ගයෙන් මැන්ඩල් අසල සිටි ආරක්ෂක අංශ ප්‍රධානියා ඇමතීය.

“ ලුක්..මම දෙන විධාන ගැන අවධානයෙන් ඉන්න..වෙන බයිලා ගහන්න එපා..තේරුණාද?..නූලකින්වත් අඩුවක් වෙන්න බෑ“

“හරි සර්“

පිරිස පාගමනින් යන්නට පටන් ගත්තා පමණි ගානර්ගේ වොකි ටෝකි යන්ත්‍රය ක්‍රියාත්මක විය. ඒ රෙඩාර් යන්ත්‍රය බාර කණ්ඩායම වෙතින්

“සර් ..හඳුනානොගත් යම් දෙයක් ප්‍රදාන ආරක්ෂක අංශ වෙතට මීටර තුන්සීයක් පමණ දුරින්...වේගයෙන් චලනය වෙනවා...“

“එහෙමද..අවධානයෙන් ඉදලා එහි ක්‍රියාකාරිත්වය මට දැනුම් දෙන්න“

එසැනින්ම ඔහු නැවතත් මැන්ඩල් සමග යමින් සිටි කණ්ඩායම ඇමතීය 

“ලුක් අවධානයෙන් ඉන්න මගේ විධානය..හරිද“

“හරි සර්..“

ලුක්ගේ ස්වරයේ බිඳුමක් විය.ඔහු කලබල වී සිටින බව පැහැදිලි විය.

“සර් හදුනානොගත් වස්තුව තුවක්කුවක් වැන් දෙයක් ක්‍රියාත්මක කිරීමට සූදානම්..වහාම පියවරක් ගන්න එය දැන් මැන්ඩලින්ට මීටර දෙසීයක් පමණ ආසන්නයෙන්“

රෙඩාර් යන්ත්‍රය දෙසින් ලැබුණු පණිවුඩය ලැබුණු සැනින් හදගැස්මකට පවා ඉඩ නොතබා විධානය ලබාදුනි..

“ලුක් වහාම මැන්ඩල් ආරක්ෂා කරන්න..බිම හෙලන්න සියලු දෙනා..“

එසැනින්ම නුදුරින් වෙඩි පහරවල් කීපයක සිහින් ශබ්දය ඇසෙන්නට විය.ගිනි පුලිගු පිටවෙන එලිය ගානර් ඇතුලු පිරිසට දර්ශනය විය..

“වෙඩි තියනවා..වහාම වෙඩි තියනවා වම් පැත්තට..“

ගානර්ගේ විධානයට ආරක්ෂක භටයන් ක්‍රියාත්මකවී දිගින් දිගටම වෙඩි තැබීය. මැන්ඩල් ඇතුලු පිරිස ආරක්ෂාකාරීව වාහන වලට ගොඩවිය. හොටෙල් භූමියේ රැදී සිටි පිරිස කෑ ගසමින් සීසී කඩ දිව යන්නට විය. ගානර් දිව ආවේ රෙඩාර් යන්ත්‍රය අසලටය ස්ටීවන්ස් ද ඔහු  පසුපස දිව ආවේ ව්‍යාකූලවය.

“අදුනගත්තද ඒක..දැන් කොහේටද ඒක යන්නේ..වෙඩි වැදුනද ඒකට“

ගානර් “ඒක“ යන්නෙන් අදහස් කර දේ පිළිබඳව රෙඩාර් යන්ත්‍රය භාරව සිටි පිරිස හදුනාගෙන තිබිණි.

“ඔබ නිවැරදියි සර්..ඒක අපි හදුනාගත්තා..එයට වෙඩි වැදී නැහැ..දැන් වේගයෙන් පලා යනවා..“

“මොකක්ද ඒක“ ගානර් ප්‍රශ්න කෙරීය.

“හෙලිකොප්ටරයක්...ඉතා කුඩා ප්‍රමාණයේ දුරස්ථ පාලක නියමු රහිත හෙලිකොප්ටරයක්“






8 වැනි කොටස මෙතනින්

10 comments:

  1. ෂික් !!! මේක කරලා තියෙන්නේ යන්ත්‍රයක්නේ... කොහොම වෙතත් එළ... කථාව නියමෙට ගලාගෙන යනවා... ලබන පාර නඩු විභාගය !!!

    ReplyDelete
  2. එල එල අන්තිම කෑල්ලත් ඉක්මනට දාන්න

    ReplyDelete
  3. @චතුරංග - ඒකනේ නොහිතපු පැත්තක්..ස්තූතියි යාළුවා

    @මහිම - ස්තූතියි මහිම මල්ලි

    ReplyDelete
  4. මට අද දවාලෙත් මතක් උනා ජනරග මේ කතාවේ ඊළග කොටස දැම්මේ නෑ නේද කියලා.. :) ඉතුරු ටිකත් ඉක්මනට ලියමු..

    ජනරගත් මම වගේම 24 කතා මාලාවේ රසිකයෙක් වගේ...

    ReplyDelete
  5. @දිනේෂ්- ටිකක් පරක්කුවුනා දිනේෂ් වැඩ නිසා..මේක කලබලේට ලියන්නත් හිතට හරිනෑ..ඔව් මමත් 24 ආසාවෙන් බැලුවා..තාමත් පරණ ටිකක් පට්ට ගහනවා

    ReplyDelete
  6. අද තමා මම අනිත් කොටස් සේරම කියෙව්වෙ..හරිම ලස්සනයි
    ඊළඟ කොටසත් දානකම් බලාන ඉන්නවා.

    ReplyDelete
  7. ගොඩක් ස්තූතියි යාළුවා.ඉක්මණින් පලකරනවා අන්තිම කොටස

    ReplyDelete
  8. හපොයි මදයි මාත් ශර්ලොක් හෝම්ස් වගේ උපකල්පන කලා. එලටම ලියලා තියෙනවා....

    ReplyDelete
  9. ඒකත් එහෙමද යාළුවා..ස්තූතියි අදහසට

    ReplyDelete
  10. 7 කොටස අදයි බැලුවෙ. ඉක්මනටම ඉතිරි ටික දාන්න.

    ReplyDelete