Apr 18, 2012

2 වසරක සැමරුම - අපේ ඉසව්ව සහ සිතුවිලි පලස


අපේ ඉසව්ව සහ සිතුවිලි පලස බ්ලොග් අඩවි යුගලය අද දෙවැනි උපන් දිනය සමරනවා. මේ මොහොත පුද්ගලිකව ඉතාමත් සතුටුදායක අවස්ථාවක්. 2010 වර්ෂයේ අප්‍රේල් මස 18 වෙනිදා ගාල්ල වටරැක සිට මුලින්ම සයිබර් අවකාශයට මුදාහල අපේ ඉසව්ව සහ සිතුවිලි පලස බ්ලොග් අඩවි දෙක වෙනස් අන්ත දෙකක සිට මගේ සංකල්පනා ලෝකයට දායාද කරන මාධ්‍යයන් දෙකක් බවට පත්වුනේ එතරම්ම ලොකු හැඟීමකින් නොවෙයි. නිවහල් මතය පවසන්නට “අපේ ඉසව්වත්“ කාව්‍ය සංකල්පනා එලිදක්වන්න “සිතුවිලි පලස“ත් නිර්මාණය කරාට එය නියම තත්වයට ගෙන එන්නට මාස කීපයක් ගතවුණා. ඒත් අද ඒ අඩවි දෙක සිටින තත්වය ගැන හදවතින්ම සතුටු වෙන්න පුළුවන්.

   සිංහල බ්ලොග් අවකාශය තුල විවිධ ක්ෂේත්‍රයන් යටතේ විවිධ දේ අකුරු කරන හිතවතුන් අතර අපේ ඉසව්ව හා සිතුවිලි පලසටත් පොඩි හරි ඉඩක් ඒ හදවත් වලින් ලැබුණනම් ඒ තමයි ලැබුණු ලොකුම සම්මානය. ඒ වගේම නිවහල් අදහස් අගය කරන වචනයක් මේ අඩවි දෙක වෙනුවෙන් කිසිවෙක් පැවසුවානම් එය තමයි ලැබුණු හොඳම ඇගයීම. කාර්යබහුල ජීවිතයේ කාලයක් යොදාගෙන මේ බ්ලොග් අඩවි දෙකත් එක්ක ගෙවුණු ජීවිතය හරි සුන්දරයි. හරියට වෙනස් හැකියාවන් ඇති පුංචි දරුවෝ දෙන්නෙක් එක්ක ජීවිතය ගෙවනවා වගෙයි.


   අපේ ඉසව්ව මගින් ඉදිරිපත්කල ස්වතන්ත්‍ර මත සහ නිර්මාණ වෙනුවෙන් පාඨක ඔබෙන් ලද දිරි සවි වචන වලට අද හදවතින්ම ස්තූතිය ප්‍රකාශ කරනවා. ඒ වගේම අපේ ඉසව්වට විවිධ චෝදනා සහ මඩ ප්‍රහාර මෙන්ම නිහඬවම පුරුදු පාරක නුපුරුදු ගමනක් යන අවස්ථාවලට එල්ලවුණු විවිධ විවේචන සම සිතින් ඉවසාගෙන යන්න ලැබුණේ පාඨක හැමගෙන් සහ හිතවත් සැමගෙන් ලැබුණ ශක්තිය නිසාවෙනි. ඒ වගේම සිතුවිලි පලසේ ලියවුණු කවි සියයකට වැඩි ප්‍රමාණ මගේම නිර්මාණ වශයෙන් නිහතමානී සතුටකින් ඉදිරිපත් කරන අතරම එයට ලැබුණු පැසසුම් ගැරහුම් ආදරයෙන් පිලිගන්නවා. සිතුවිලි පලසේ පලකල “කවි සිතුවම්“ අංගය වෙනුවෙන් ඡායාරූප එවූ සහ එවන සැමටම බොහොම ස්තූතියි. මොකද ඒ සිතුවම් වෙනුවෙන් යම්තාක් දුරට හෝ හොඳ කාව්‍ය නිර්මාණ කරන්නට හැකිවුණා යන්න මම විශ්වාස කරනවා.

   අදටත් ලංකාවේ සංස්කෘතියට,සභ්‍යත්වයට සහ සෛවරීභාවයට හානයක් හෝ තර්ජනයක් නොවන දේ පලකිරීම සහ හැදිය යුතු තැන හදන්නටත් නැසිය යුතු තැන නසන්නටත් නිවහල් මතය නිදහස් අවකාශය තුල තබන්නට හැකිවීම අසීමිත සතුටක් ලබන කාරණයක්. හැමදාම වගේ මගේ විශ්වාසය අප මේ අවකාශයට ලියා ප්‍රසිද්ධකරන දේ අදටත් වඩා අනාගතයට වැදගත් වන දේවල්. කවදා හරි අනාගත ශිෂ්ටාචාරයේ නටඹුන් ලිපි ලේඛන වන්නේ අප මේ ලියනා දේවල්. එබැවින් එය සිත්හි තබාගෙන විකෘත නොවන ප්‍රකෘති දේ නිර්මාණය කල යුතු බව මගේ පුද්ගලික මතයයි. මන්ද අද අප විකෘති දේ සයිබරය මත තැබුව හොත් අනාගතය වර්තමානය පිලිබඳ විකෘති චිත්‍ර මවාගන්නා බැවිනි.

   අපේ ඉසව්ව හා සිතුවිලි පලස සමගින් හැමදාම රැඳෙන ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් මෙන්ම වාසනාවන්ත අනාගතයක්! මේ අඩවි දෙක මගේ ජීවිතයේ දෑල වී අවසන්. එබැවින් හැමදාම මෙන් අදත් කියන්නේ අති දෙකේ පණ තියනකම් හිතට අදහස් එනකම් මේ අඩවි දෙක වෙනුවෙන් නිර්මාණ කරනයේ යෙදෙන බවයි

20 comments:

  1. සුභපැතුම්!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සහෝදරයා

      Delete
  2. සුබ උපන්දිනයක් වේවා කියල ප්‍රාර්තනා කරනව. මේ අඩවියේ දේශපාලන ලිපිවලටයි මගේ වැඩි කැමැත්ත. ඒව බොහොම සමබරව ලියල තියනව.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් රාජ් සහෝදරයා..බොහොම ස්තූතියි හැමදාම අදහස් දක්වනවට සහ සැබෑ නිවහල් අදහස් අගයනවට

      Delete
  3. සුභපැතුම්!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සහෝදරයා...

      Delete
  4. සුභ පැතුම් සහෝ!! තව චිරාත් කාලයකට වාසනා.....ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම් කල්ප..ජයවේවා

      Delete
  5. සුභ පැතුම් සමග සුභ නව වසරක් වේවා! :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තනි අලියා..ඒ වගේම ඔබටත් සුබ නව වසරක්

      Delete
  6. උණුසුම් සුභ පැතුම්
    henryblogwalker the Dude ගෙන්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සහෝදරයා

      Delete
  7. අවුරුද්දක විතර කාලෙක ඉදන් මාත් මේ පැත්තේ එනවනේ.. මගෙනුත් සුභ පැතුම් දෙවසරක ගමන් මගට..

    ඒක නෙමෙයි " අදිසි වෙඩික්කරු " කතාවේ අන්තිම කොටස දැම්මේ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දිනේෂ් සහෝදරයා..අම්මපා කතාවේ අන්තිම කෑල්ලත් තියනවා නේද..මේ වැඩ නිසා ඒකත් අමතක වුනා

      Delete
  8. සුභ පැතුම් ජනේ අයියේ..!! :D

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි බනී මල්ලි

      Delete
  9. අපෝ තාම ටික දොහයි නෙ ඇවිත්.. තව අවුරුදු 60 - 70 ක් බ්ලොග් ලියන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා...!!!

    ReplyDelete
    Replies
    1. පුළුවන් තරම් කල් ලියනවා සහෝදරයා..ජයවේවා

      Delete
  10. ඔන්න මගෙනුත් සංවත්සර සුභ පැතුම් ! බ්ලොග් රචනයට ආපු දවස්වල ඉඳන්ම නොවුනත් ‘හමුවුනා අනේ හමුවුනා‘ කථාවේ ඉඳන්ම මම මේ බ්ලොග් එක කියවනවා... වෙලාව මදිකම නිසා කවි රස විඳින්න බැරිවුනාට මේ පැත්තේ නම් නිතරම ඇවිත් යනවා. වචනයකින් හරි හරවත් දෙයක් සයිබරයට දෙන්නට ඔබ දරන වෑයමට මගේ ආචාරය සමගින්, වඩාත් හොඳ කාර්යභාරයක් ඉටු කරන්නට, වඩාත් හරවත් බ්ලොග් කතිකාවකට, දිගු ලේඛන දිවියකට සුභපැතුම් මගෙන් !!! ජයවේවා සහෝ !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි චතුරංග සහෝදරයා..බොහොම දිරිගන්වන සුළු වදන් රැසක්..

      Delete