Sep 25, 2012

“නච්ච දා කව්“ - කාව්‍ය ගෙත්තම ඔබට..

සිංහල සාහිත්‍ය තුල බොහෝ කාව්‍ය කෘති බිහිවී ඇත. සිංහල සාහිත්‍ය යේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙණ කලිකාලසාහිත්‍ය,සර්වඥපණ්ඩිත සවැනි පැරකුම්බා රජ සමයේ නිර්මාණය වූ තරම් සාහිත්‍ය නිර්මාණ කවර කලෙකවත් මේ සිරිලක බිහිවී නැත. එසේම බෞද්ධ සාහිත්‍ය සහ ශිෂ්ටාචාරය යොදාගනිමින් සිංහල සාහිත්‍යය තුල බිහිවූ නිර්මාණද අදත් මහා වෘක්ෂ මෙන් අප අතර ශේෂව පවතී, සැළලිහිණි,පරවි,කෝකිල වැනි සඳැස් කාව්‍ය..කුස ජාතකය ඇසුරෙන් රචනා කල “කව්සිළුමිණ“ මෙන්ම සඳ කිඳුරු දා කව වැනි කාව්‍ය නිර්මාණ මෙකල්හිද නිර්මාණ කරුවන්ට අභියෝගවන මට්ටමට පවතී. තාක්ෂණය හෝ කිසිම සාධකයකින් දියුණු වූවත් අදටත් අපේ නිර්මාණ කරුවනට එම නිර්මාණ පරයා යමක් කල නොහැකි බව පිළිගත යුතුය.

  බෞද්ධ ඉතිහාසය පදනම් කරගෙන නිර්මාණයක් බිහිකිරීම වෙනුවෙන් කලක පටන් පැවති ආශාවක් ඉටුකරගනිමින් “නච්ච දා කව“ යන මෙම කාව්‍ය කෘතිය විද්‍යුත් ඊ- පුස්තකයක් ලෙස අද ඔබට මෙලෙස ගෞරවයෙන් පුදකරමි. “සබ්බ දානං ජිනාති ධම්ම දානං“ යන කියමනට අනුව සැම දානයකට වඩා උතුම් ධර්ම දානය පිරිනමනු වස් ජාතක කතා පොතේ එන “නච්ච ජාතකය“ පදනම් කරගෙන ලියන ලද කාව්‍ය කෘතියක් ලෙස මෙය ඔබට තිළිණ කරන්නෙමි.


 බුදුන් දෙසූ තෙවලා දහම විනය,අභිධර්ම සහ සූත්‍ර ලෙස අදටත් බුදුන් තැන්හි තබා බෞද්ධයන් පුද සත්කාර කරමින් අනුගමනය කරති. ත්‍රිටකයේ සූත්‍ර පිටකයේ ඛ ුද්දක නිකායේ ග්‍රන්ථ 15 අතරින් පලමු ග්‍රන්ථය ජාතක කතා පොතයි, දෙවන ග්‍රන්ථය වන්නේ ධම්ම පදයයි. ජාතක කතා පොතේ එන බුද්ධෝත්පාදක කතා අතරින් නච්ච ජාතක කතා වස්තුව මෙලෙස “නච්ච දා කව“ ලෙස ඔබට පිලිගන්වා ඇත.

  “නච්ච“ යනු පාලියෙන් නර්තනයවේ. මෙම ජාතකයේ කියවෙන්නේ තැන නොතැන බලා කල නර්තනය හා අශ්ශීල හැසිරීම හේතුවෙන් වාසනාවක් අහිමිකරගත් මොණරෙක් පිළිබඳව වේ. සැවැත් නුවර අනාථ පිණ්ඩික ආරාමය වන දෙව්රම් වෙහෙරේ බුදු හිමියන් වැඩ වසන කල්හි සංඝ සමූහයක් විෂයෙහි එක් තෙරණුන් වහන්සේ නමකගේ හැසිරීම අරඹයා දේශනා කල කතාවක් ඇසුරින් මෙය ලියා ඇත. ධර්මයට හිතැති ඔබ සැම මෙම කෘතිය කියවා සාහිත්‍ය මෙන්ම ධර්ම වින්දනයක්ද ලබමින් එය අන් අය අතරේද බෙදා හරින ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.

                              Download Book (3.09mb)


1 comment:

  1. වෙලා මදි නිසා භාගයයි කියෙවුවේ.. ඒ ටික නම් නියමයි ජනා.. ඩවුන්ලෝඩ් කරා.. හෙමීට බලන්නම්...

    ReplyDelete