Dec 8, 2012

පාරේ බැහැලා යන්න බැරි වාහනේ

“දුවේ දුවේ..ඉක්මණට ගෙදර වරෙන්...අන්න අප්පච්චි වහ බොන්න හදනවා...“

උදේම කාර්යාලයට ආපු දුවට ගෙදරින් ආපු දුරකථන ඇමතුමත් එක්ක තරු පෙනුනා. උදේ ගෙදරින් එද්දිත් ගෙදර නොහිටපු අප්පචිචිට ගෙදර ආපු ගමන් වහ බොන්න හිතුනේ ඇයි කියලා දෝණි කල්පනා කලා. කෙටි නිවාඩුවක් අරගෙන කාර්යාලයෙන් පිටවෙලා දඩිබිඩියේ ගෙදර එන ගමනුත් දෝණි කල්පනා කලේ ඒක.

රාජ්‍ය සේවයේ කීර්තිමත් සේවා කාලයක් හමාර කරලා ඉසිඹුලමින් ගෙදර ඉන්න අප්පච්චි පහුගිය දවසක එකතුකරපු සල්ලිවලින් ත්‍රීවීල් එකකුත් ගත්තේ ගෙදර පාවිච්චියට. මෙච්චර දේවල් කරාට අප්පච්චිට වහ බීලා මැරෙන්න තරම් දෙයක් වුනේ නෑ කියලා දෝණිට හොඳටම විශ්වාසයි. තමන්ගෙන්වත් එහෙම නරක විදියේ අපවාදයක් ආවේ නැති බවත් දන්න නිසා දෝණිට හිතාගන්න බැරිවෙලා තිබුණේ වෙන්න යනදේ.


ගෙදරට ඇතුල් වෙද්දිම අම්මා අඬාගෙන ඉස්සරහට ආවා..

“අනේ දුවේ අප්පච්චිට මොකා වැහිලද දන්නෑ වහ බොන්න හදනවා..අනේ මම දන්නෑ දුවේ“

අම්මා සනසමින් දෝණි ඇහුවා මොකක්ද වුනේ කියලා

“දන්නෑ දුවේ...ඊයේ ලොකු මාමලගේ ගෙදර ගිහින් අද උදේ ආවා..ගැරේජ් එක පැත්තට ගියා මෙන්න මරවිලාප  තියාගෙන ආවා..මුලින්ම ලිඳේ පනින්න හදද්දි ලිඳේ වතුර අඩු නිසා ඒක නැවැත්තුවා...කඹයක් හොය හොය ගේ වටේ දිව්වා...ලොකු කඹේ සිසිලින් අරන් ගිහින්...දැන් වහ බොන්න හදද්දි මම වහ කුප්පිය උදුරලා ගත්තා...අන්න දැන් කාමරේට වෙලා ලවක් දෙවක් නැතිව විලාප තිය තිය අඬනවා...දුවේ උඹවත් තාත්තගේ මූණේ දැලි ගෑවෙන දෙයක් කලාවත්ද?“

“අම්මට  පිස්සුද අම්මේ...“

“අනේ එහෙනම් මේ මිනිහට මොන යකා වැහිලද...ඊයේ ගෙදර හිටපු නැති අතරේ ත්‍රීවිල් එකට අලුතින් නම්බර් එක ඇවිත් කිව්වම සුමනදාස කොලුවට කියලා ඒක ගෙන්නගෙන මම හයි කරලත් තිබ්බා අද ආවම ඒක දැකලා සතුටු හිතෙයි කියලා...කොහෙද දෙයියනේ ගරාජ් එක පැත්තට ගිහින් ආවේ මරවිලාප තියාගෙනමයි...“

දෝණි කාමරේට ඔලුව දාලා බැලුවා.හත්තිලව්වේ ඇත්තමයි..අප්පච්චි කොට්ටේ බදාගෙන හොටු පෙරාගෙන මරවිලාප තියනවා..

“අප්පචිචි...මොකද මේ“

දෝණිව දැක්ක ගමන් අප්පච්චි තවත් හයියෙන් මරවිලාප තියන්න වුණා. 

“අනේ දුවේ...අපි ඉඳලා ඉවරයි...අපි කොහොමද දුවේ පාරේ බැහැලා යන්නේ...අපේ මූණේ දැලි ගෑවා...“

දෝණි ඒවා අහලා ඔල්මොරොන්දන් වුනා

“මූණේ දැලි ගෑවා...කව්ද?“

“වෙන මොකෙක්වත් නෙවෙයි දුවේ...අර ලක්ෂ ගාණක් වියදම් කොරලා ගත්තු ත්‍රීවීලර් එක තමයි....අනේ දුවේ අපි කොහොමද පාරේ බැහැලා යන්නේ...අනේ මටනම් ජීවත්වෙලා වැඩක් නෑ“
අප්පච්චි කියන අපබ්‍රංසේ දෝණිට යංතංවත් තේරුනේ නෑ. අප්පච්චිට මොලේ විකාර වෙලාවත්ද කියලා දෝණිට හිතුනා.

“කියන දෙයක් තේරෙන්න කියන්න අප්පච්චි“

දඩ බඩ ගාලා ඇඳෙන් නැගිටලා අප්පච්චි දෝණිගේ  අතින් ඇදගෙන ගරාජ එක පැත්තට දිව්වා.අම්මත් පස්සෙන් දිව්වා..අප්පච්චි දෝණිව ගරාජ් එකට එක්ක ගිහින් ත්‍රීවීලර් එක පෙන්නුවා

“බලපන් දුවේ...අපි ඉඳලා ඉවරයි...අනේ අයියෝ අපි මෙච්චර කල් හදාගත්තු නම්බුව වතුරේ...දැන් ජීවත්වෙලා වැඩක් නෑ“

දෝණිටනම් ත්‍රීවිල් එකේවත් ඒ අහලකවත් තමන්ගේ පවුලට අවනම්බුවක් වෙන දෙයක් පෙනුනේ නෑ.

“කෝ මොකක්ද අප්පච්චි..මටනම් පේන්නෑ මොකුත්..අප්පච්ගේ විකාර“

මූණු දෙක කරගත්තු අප්පච්චි දෝණිගේ අතින් අල්ලන් පෙන්නුවා ත්‍රීවිල් එක

“බලපන් යෝදියේ අර ත්‍රීවිල් එකේ නම්බර් එක“

හොඳට ත්‍රීවීල් එකේ නොම්මර තහඩුව දිහා බලපු දෝණිට හීන් දාඩිය දාන්න වුණා.

නොම්මර  තහඩුවේ තිබුණේ

SEX - 6969

20 comments:

  1. යකෝ උඹ මාර මිනිහෙක්නේ අපිව හොල්මං කෙරෙව්වා. පට්ට වැඩක් බං මෙන්න නියම කතා. බොහොම අපූරුවට කියවන සේරම ඇන්දුවා. මේව එසේ මෙසේ කෙනෙකුට කරන්න බෑ බං උඹ හැබැ දක්ෂයෙක්. ජයවෛ්වා
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
    Replies
    1. අහා..ස්තූතියි නලින් මිත්‍රයා..බයික් එකේ එනකොට අලුත්තෙන් අංක දාපු ත්‍රීවීල් එකක් දැක්කම ඔලුවට ආපු කතාවක් මේක

      Delete
  2. ඉතාම හොඳ නිර්මාණයක්. ඉහලින් අගය කරනවා. හාස්‍යය උපරිමයි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  3. ශ්‍රී ලංකාවේ අයටත් පීඩියාවක් අරඹුවා ඔන්න ඔයාලත් එන් http://sinhapedia.blogspot.com/
    දැනුම බෙදාගන්න.
    සෑම සෙනසුරාදාම-තොරතුරු තාක්ෂණ ලිපිය
    සෑම ඉරිදාම ඉතිහාස ලිපිය

    ReplyDelete
    Replies
    1. ආරාධනාවට ස්තූතියි මිත්‍රයා..සුබ ගමනක්

      Delete
  4. යකො මට මෙක පස්සේනේ මීටරේට වැටුනෙ.... මෙ වගෙ නොම්බරත් පාරේ දුවයි ඉතින් දැන්.... අපුරු නිර්මානයක්..

    ReplyDelete
    Replies
    1. මීටත් වඩා හොඳ නම්බර් ඒවී වගේ බන්..

      Delete
  5. අපුරු නිර්මානයක්..

    ReplyDelete
  6. අඩේ!!!සෝයි නේ! එල එල 69 නේ!!!

    ReplyDelete
  7. හෑ...
    69 කියන්නේ හොද පොසිසන් එකක්නේ...
    මොකක්ද අප්පා ඕකේ ලැජ්ජාව..
    හිකිස්...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මරු පොසිෂන් එක..ඒත් බං වැඩිහිටි මිනිස්සුන්ට 69 කරන්න ගිහින් හුස්ම හිරවුනොත් එහෙම

      Delete
  8. මරුනේ...
    XXX එහෙමත් එයිනේ. XX නම් තියෙනවා. ලොල්

    ReplyDelete
  9. ලොක්කා...එලම කිරි ලිපිය හොඳේ ...

    ReplyDelete