පසුගිය කොටස් 1 2 3
ඉඟුරු කෑලි කැපිලා යන ඉක්මණට හිතේ සතුට පිරිලා යන නිසාද කොහෙද සංකලනිගේ මූණේ ලස්සන හිනාවක් ඇඳිලා තිබුණා. ඒත් එදා තමන්ගේ අතින් බාල්දිය පෙරලෙද්දි මේ හිනාව තිබුණේ නෑ නේද කියලා මිතුලට මතක් වුණා. ඒ සිද්ධිය මතක් වෙද්දිත් මිතුලගේ ඇඟට හීන් දාඩිය දානවා. කොහොමවුනත් මේ වෙලාවේ ඒක මතක් කරලා හිත නරක් කරගන්න මිතුලට කැමැත්තක් තිබුණේ නෑ. මිතුල දන්ගෙට ඇතුල් වෙලා බුලත් පුවක් තියලා තිබුණ මේසේ ලඟට ගියා ඕෂධ එක්ක
සංකලනිගේ ලඟ හිටපු ගමේ ගෑණු ලමයෙක් මිතුලගේ දිහා බලලා හිනාවුනා. ඒත් සංකලනී දැක්කේ නෑ, බැලුවෙත් නෑ.
“මචං වාතාවරණය එච්චරම නරක නෑ..උඹ ස්ථානගත වෙලා පොඩ්ඩක් බලාගනින් ඒ පැත්ත“
ඕෂධ කිව්ව කතාවට කවදාවත් නැතුව මිතුල අවනත වුණා. මිතුල මේසේ ලඟ වාඩි වෙලා පුංචි පිහියකින් පුවක් කපන්න ගත්තා, ගිරයක් තිබුණනම් ඉක්මණට කපලා ඉවර කරන්න තිබුණා. ඒත් එහෙම වුනොත් මෙතනින් ඉක්මණට යන්න වෙනවනේ, ඒත් පිහියෙන් පුවක් සුද්ද කරන්න වැඩියෙන් වෙලාව යන නිසා සංකලනි දිහා බලාගෙන ඉන්න මිතුලට පුළුවන් වෙනවා.
සමාව ගන්නවනම් දැන් ඒකට අවස්ථාව කියලා මිතුල දැනගෙන හිටියා. ඒත් තමන්ගේ හිත සමාවකට වඩා දෙයක් සංකලනිගෙන් බලාපොරොත්තු වෙනවා කියලා මිතුලට දැනුනා, සමහරවිට ඒක හිතවත්කමක්ද නැත්නම් එතනින් එහාට ගියපු දෙයක්ද කියලා මිතුලට තේරුනේ නෑ.
“මේකි ගල්වෙලාද බං...බලන්නෙම් නෑනේ මේ පැත්ත“
මිතුලට ඉවසගෙන ඉන්න බැරිම තැන ඕෂධට එහෙම කිව්වා. ඕෂධත් බැලැවා ඒ පැත්ත. ලඟ පාත හිටපු කෙල්ලෝ දෙතුන් දෙනෙක් බලලා හිනා වුනාට සංකලනී බලන ඡායාවක්වත් තිබුණේ නෑ.
“ඒක නේන්නම්...“
“පොඩ්ඩක් හිටපන්කෝ....“
එහෙම කියලා මිතුල කලේ අතේ තිබුණ පිහිය බිම අතෑරපු එක. ඒක සද්ද කරගෙන බිම වැටුණා, දන්ගේ ඒ වෙලාවේ තිබුණ කචකචය අස්සේ පවා ඒ සද්දේ හොඳට ඇහුණා. සේරම ඒ දිහා බැලුවා..දෙයියනේ සංකලනිත් බැලුවා මුලින්ම බිම වැටුණ පිහිය දිහා. පස්සේ පිහිය ගන්න පහත්වුණ අත දිහා, ටිකක් උඩට ගිහින් බැලුවා අතේ අයිතිකාරයා දිහා. මිතුල අහිංසක හිනාවකින් සංකලනිට සංග්‍රහ කලා, හරියට..අනේ සමාවෙන්න නංගි කියනවා වගේ.
ක්ෂණයෙන් සංකලනී මේ මූණ අඳුනගත්තා, එතකොටම සංකලනිගේ මූණ වෙනස්වුණා. කර කර හිටපු වැඩේ පැත්තක දාලා එතනින් නැගිටලා යන්න ගියා. එතන හිටපු කෙල්ලෝ ටිකට තියා ඕෂධට අඩුම ගානේ මිතුලටවත් හිතාගන්න බැරිවුණා සංකලනී එහෙම යාවි කියලා. සංකලනී දන්ගේ දොරෙන් පිටවෙන්න ගියා. මිතුලත් දෙපාරක් හිතුවේ නෑ පිහිය පැත්තකින් තියලා මහ සද්දෙන් පුටුව පිටිපස්සට කරලා ඉක්මණින්ම දන්ගේ දොරින් පිටවුනේ කට්ටියම තවත් පුදුම කරලා.
“කොහෙද තෝ යන්නේ...“
“ටිකක් හිටපං...“
ඕෂධගේ ප්‍රශ්නෙට යන්තම් උත්තර දීපු මිතුල දුවගෙන ගියේ සංකලනිගේ පිටිපස්සෙන්. සංකලනී දන්ගේ සහ ආවාසගේ අතර දිගු කොරිඩෝවේ ඉක්මණ් ගමනින් යමින් හිටියා. කොහේ යනවද කියලා මිතුලට අරමුණක් තිබුණේ නෑ. කොරිඩෝවේ ඒ වෙලාවේ කව්රුවත් හිටියේ නෑ.
මිතුල ඉක්මන් ගමනින් සංකලනිට ලංවෙලා එක් අතකින් අල්ලා ගත්තා. සංකලනි බයවෙලා කෑගහන්න හැදුවා. මිතුලගේ පුරුදු මුරන්ඩු දඩබ්බර ගති ආයෙත් දවස් ගාණකට පස්සේ මතුවෙලා තිබුණා.
“කෑ ගහන්න එපා....මම ආවේ කරදරයක් කරන්න නෙවෙයි...ප්ලීස් නංගි මම කියන දේ ටිකක් අහන්න..“
ඒ වචන වලට සංකලනීගේ කෑගහන්න හදපු එක නැවතුනත් බයවෙච්ච බයවිල්ලනම් අඩුවුනේ නෑ. තාමත් මිතුල සංකලනිගේ අතින් අල්ලගෙන, සංකලනී අත ගසලා දැම්මා.මිතුල අත අතෑරියා.
“මොකක්ද තමුසෙට ඕන...එදා කරපු දේ මදිද අදත් මට කරදර කරන්න හදන්නේ...ප්ලීස් මට පාඩුවේ ඉන්න දෙනවා...නැත්නම් මම කෑගහනවා“
තමන්ට බැන්නත් ඒ වචන ටික කොච්චර සුන්දරද කියලා මිතුලට හිතුනා. තමන්ට මේ මුල්ම වතාවට සංකලනිගේ කටහඬ ඇහෙද්දී මිතුලගේ හිත කීරි ගැහිලා ගියා. ඒත් ඒ වචන හරිම රෞද්‍ර විදියට තමයි ඇහුණේ.
“දැන් කිව්වනේ සැරයක්...මම ඔයාට කරදයක් කරන්න ආවේ නෑ සංකි...“
තමන්ට ආදරේට කියන නම නන්නාඳුනන මිතුලගේ හඬින් ඇහුණම සංකලනිගේ හිත ගැස්සිලා ගියා. තිබුණ මුරණ්ඩුකම අඩුවෙලා අසරණකමක් දැනුනා. කව්රුහරි ඉන්න තැනකට දුවලා යන්න හිතුනා. පිරිත් පටන්ගන්න සූදානම් නිසා කව්රුවත් කොරිඩෝව පැත්තේ ආවෙත් නෑ.
“කරුණාකරලා මට යන්න දෙන්න...“
යන්න හදපු සංකලනිගේ ගමන් මග අහුරලා මිතුල හිටගත්තා. සංකලනි අසරණ විදියට බිම බලාගත්තා.
“මට සමාවෙන්න නංගි...එදා මම හිතලා නෙවෙයි වතුර බාල්දිය පෙරලුවේ...ඒක මගේ අතින් වෙච්ච අත්වැරැද්දක්..“
ඒ කාතාවටනම් සංකලනිගේ ඉවසීමේ සීමාව ඉක්මවලා ගියා. එදා තමන්ට වෙච්ච ලැජ්ජාව මතක් වෙද්දි සංකලනිට ඉවසුම් නැතිවෙලා ගියා.
“අත්වැරැද්ද...කරුණාකරලා මට මගේ පාඩුවේ ඉන්න දෙනවා...මම තමුසේ ගැන සේරම දන්නවා..එහෙම එකේ මට ඒක අත්වැරැද්දක් කියලා කියන්න එන්න එපා..එදා කරපු දේවල් මදිවටද අදත් කරදර කරන්නේ..කරුණාකරලා මට යන්න දෙනවා..“
එහෙම කියලා සංකලනී මිතුලවත් තල්ලුකරගෙන දුවගෙන ගියා. තමන්ව තල්ලු කරද්දි හරිම සියුමැලිව මිතුලගේ ඇඟේ වැදුණු ඇයගේ ස්පර්ශය මිතුලව මොහොතකට මත්කලා. කෙස් රැල්ල මිතුලගේ අත්වල වැදිලා හෙමීට ගිලිහිලා ගියා. ඒ මොහොත මිතුලටනම් හීනයක් වගේ. මිතුලගේ හිත ඉවසුම් නැතිව ගියා. සමාව නොදුන්නට ඒ පුංචි අත්දැකීමත් මහා වටිනාකමක් එකතු කලා.
* * * * * * * * * *
“මොකද යකෝ වුනේ....කියපං..“
ඉසුරු මිතුලගේ උර දෙකෙන් අල්ලලා හොලවලා ඇහුවත් මිතුල මොකුත් නොකියා හිනාවුණා.
“කියපං යකෝ ගල් බිල්ලා වගේ ඉන්නේ නැතුව..“
ඒ පාර ඉෂාරත් සද්දේ දාන්න ගත්තා. මිතුලට මොනවද කියන්නේ කියලා හිතාගන්න බැරිවුනා. හිතට සතුට වගේම කලබලකාරී ගතියකුත් හිතට දැනුනා.
“සමාව දුන්නේ නෑ බං....මාව තල්ලු කරලා දාලා ගියා“
යාළුවෝ ටික සේරම හුස්මක් උඩට අරගෙන පහලට දැම්මා.
“මදැයි ඔයින් ගියා...මම හිතුවෙම උඹගේ කණ කුඩුවෙන්න දෙකක් දීලා රවුම් හතරක් කරකවලා එවලා කියලා..ඒකි ලේසි පාසු කේස් එකක් නෙවෙයි බං...උඹට වැඩිය රිදෙන්න ගැහුවේ නෑ නේද...දෙයියනේ බං උඹට මෙච්චර කාලෙකට මේ ගමේ කොල්ලෝ විතරයි අත ඉස්සුවේ...දැන් කෙල්ලොත් නෙලන්න පටන් අරගෙනද...අනේ බං උඹට වෙච්ච සන්තෑසියක්..“
සිසුරුවා බෙරිහන්දෙන්න පටන් ගත්තා. පන්සලේ හිටපු අයත් මේ විගඩම දිහා බලන්න ගත්තා.
“කෙහෙල්මල..ඒකි මට අතවත් තිබ්බේ නෑ බං...ඒත් හිත මගේ අත්දෙක උඩින් තියලා ගියා...“
මිතුල අත්දෙක එකතු කරලා අරං පපුවට තියාගෙන තදකරගත්තා. යාළුවෝ ටික හොල්මන් වෙලා බලං හිටියා.
“හරි හරි...දැන් යමං ඇතුලට..අන්න පිරිත් පටන් ගත්තා..“
“උඹලා දැක්කද සංකලනී ගියපු තැන...?“
මිතුල ඇහුවට කාටවත් දෙන්න උත්තරයක් තිබුනේ නෑ. කට්ටියම බණ මඩුවට ඇතුල් වුනා. එතකොටත් කට කපන්න සෙනග. පරණ බණ මඩුවේ විශාලත්වය නිසාම හාර පන්සීයකට එකපාරට වාඩිවෙලා ඉන්න පුළුවන් වුනා. පිරිත් මණ්ඩපේ පිරෙන්න හාමුදුරුවරු..මිතුල ඇතුලු යාළුවෝ ටික බණ මඩුවට ගිහින් වාඩි වෙද්දි ගමේ බොහොම දෙනෙක් කිණ්ඩියට වගේ හිනාවුනා. ඒ බොහොමයක් අය මේ නසරානි සෙට් එකේ විවිධ තාඩන පීඩන වලට ලක්වුණු අයයි.
“ඒ බං...අර ගුණසෝමේයා නේද අපිට හිනාවෙන්නේ...“
ඉෂාර ඇහුවේ කට්ටියට එක පැත්තක් පෙන්නලා.
“ඔව් ඔව්...දෙකක් අනින්න ඕන ඕකට ආයෙමත්...හෙට අනිද්දා දෙමු..“
කට්ටිය තව තව මරුමුස් වැඩවලට සෙට් වෙද්දි මිතුලයි සිසුරුයි දෙන්නා හෙව්වේ සංකලනී.
“අන්න ඉන්නවා මචං...“
සිදුරු පෙන්නුවේ බණමඩුවේ ඈත කොණ...සංකලනී වැඳගෙන බිම බලාගෙන හිටියා. මිතුලත් අත්දෙක නලලටම තියලා වැඳගත්තා.
ඊලඟ කොටසට....
අපේ ඉසව්ව Facebook පිටුව

ත්‍රාසජනක ජවනිකාවක් නෙ.මිතුලගෙ හිතෙ හයියනම් මරු
ReplyDeleteඒකා හෙණ නරුමයා...මම වගේ නෙවෙයි බං
Deleteකිවුවත් වගේ ගට තියන කොල්ලෙක්නේ...
ReplyDeleteඑහෙම තමයි නගේ මාතර කොල්ලෝ...
Deleteඅඩේ දකුණේ කොල්ලො කියපං.. මේ අපිත් ගාල්ලේ..
Deleteඔව් ඔව් ගාල්ලේ කොල්ලොත් වැඩ බැරිවුණත් එච්චර අවුලක් නෑ නේ බං :P
DeleteThis comment has been removed by the author.
ReplyDeleteසෑහෙන්න ගේමක් දීලා තමයි නංගියේ බ්ලොග් එක ගොඩදාගත්තේ..මොකක්දෝ මන්දා අවුලක් වෙලා තිබුණා
Deleteඑහෙනම් ඒ පාර හරි ගියෙත් නෑනේ.. බලමු බලමු.. කොහොමත් කෙල්ලෝ ඉස්සෙල්ලා ගනන් උස්සනවනේ බං..
ReplyDeleteThis comment has been removed by the author.
Deleteඔන්න දැන්නම් මට දිනේෂයා ගැන දුක හිතෙනවා..පව් අප්පා ඌ
Deleteගාල්ල මාතර කොල්ලෙක් නං කොහොමහරි වැඩේ ගොඩදා ගනී නේද මල්ලි.
ReplyDeleteහැබැයි මේ කතාවේ අන්තිමේ සම්මත බොරුවෙන විදියේ දෙයක් තමයි බොහෝවිට තියෙන්නේ
Deleteගාල්ල, මාතර කොල්ලෝ නම් වැඩේ.. උළුඳු වඩේ කරගනියිද දන්නේ නැහැ..ඕකුන්ට හිල් පේන්න බැහැ:D
Deleteඒකනම් සිරා කතාව මචං...ඇත්ත නැත්ත කෙසේ වුණත් කතාව මරු බං
Deleteකොහෙ උනත් ලංකාවෙ කොල්ලෙක් නම් කෙල්ලව බැරිනම් හොදම යහළුවව හරි ගොඩ දා ගනී.
ReplyDeleteඅපොයි අගහරුවාදා ඉදන් අපි බලන් හිටියෙ.
ස්තූතියි සහෝදරයා..තාක්ෂණික දෝෂයක් නිසා පහුවුණා ටිකක්...ලංකාවේ කොල්ලන්ගේ ලව් ගැන මම කලින් කතා දෙකකම ලිව්වා ඇතිවෙන්න..මේක ටිකක් වෙනස් විදියකට දුවන්න හදපු එකක්
Deleteමාත් කියෙව්ව.
ReplyDeleteඅප්පේ එහෙමද
Deleteදැන් ඉතිං කොනක ඉදන් බලන්න වෙයි බං
ReplyDeleteඔන්න ඔය වෙලේට තමා හිතෙන්නෙ සීනි දාලා වෙඩි තියන්න කූඹි කාලා මැරෙන්න... :D
ReplyDeleteකෝ මේ කතාව?
සංකලනිගේ හිතේ සෑහෙන්න තරහක් තියනවා වගේ ඒ කියන්නේ වටිනා දෙයක් කොල්ලට ගොඩ යන්න පුළුවන් වෙයි වගේ ආදරෙයි වෛරයයි අතර තියෙන්නේ කෙස් ගහක වෙනසක්ලු නේ
ReplyDeleteසංකලනි අතින් ඇල්ලුවම එහෙම මා හිටියද... සුවර් ඕකි ඇඹිලිපිටියේ එකියක් නං නෙවෙයි...හම්මේ හ්හ් -_-
ReplyDelete