Mar 29, 2013

ෆැන්ටසි පුරය - 3 වැනි කොටස

පසුගිය කොටස් 1 2


“මම මේ....කා....රුණිකව නිකුත් කරන...අවෂන් නිවේදනයයි...කරු....ණාකරලා දොර අරිනවද නැද්ද? “

බීලා කණමදයා වගේ බෙරිහන් දෙන පොරගේ සද්දේ එන්න එන්නම වැඩිවුණා.

“කව්ද බං ඒ මධුමාධව?“

රත්ගමයා සරමත් බඩ උඩට කරලා ඇඳගෙන ශයංගයගෙන් ඇහුවා. ශයංගයත් කණදාලා හෙමීට උත්තර දුන්නා.

“ඔය සුජාතා ආන්ටික දයාබර පුත්‍ර රත්නය...රිද්මයා...ගෙදර එවුන් කියන්නේ පොඩි මෑන් කියලා..ෆැන්ටසි පුරේම දන්නේ ඒ නමින්..නොබී ඉන්න වෙලාවට හෙණ හොඳ පොර..බිව්වට පස්සේ පිස්සු කෝච්චිය..ඔය අදත් කොහේ හරි සෙට්වෙලා වගේ...“

එතකොටම පහල දොර අරින සද්දේ ඇහුණා. ඒ එක්කම රිද්මයාගේ කෑ ගැහිල්ලත් නැවතුනා.

“ආ...මග්ගේ...නංගි පොඩ්ඩට මගේ අවෂන් නිවේදනය ඇහිලා...එහෙනම්...අපේ මව්තුමියට තමයි ඕවා ඇහෙන්නේ නැත්තේ...“

“අනේ මේ අයියේ...බෙරිහන් දෙන්නේ නැතුව ඇතුලට එනවද...නැත්නම් මම වහනවා දොර...නිදාගන්නත් නෑ අපිට...අන්න අම්මා තාම නැගිටලා ඉන්නේ...තාත්තත් ඇවිත් නිදි....“

රිද්මයා ඇතුලට එන සද්දෙත් දොර වහන සද්දෙත් ඇහුණා. මමයි රත්ගමයයි මූණට මූණ බලාගත්තේ ඉඳලා ඉඳලා අපි බෝඩිං වෙන්න ආපු තැන අසිරිය දැකලා.

“මේ පොඩි මෑන්...බත් බෙදලා ඇති මේසේ...කනවනං කාලා නිදාගන්නවා කෑ ගහන්නේ නැතුව...අද අලුතෙන් ළමයි දෙන්නෙකුත් ආවා උඩට...“

සුජාතා ඇන්ටි නැගිටලා සද්දයක් දැම්මා රිද්මට.

“ආ...ඒකත් ...එහෙමද...මව්තුමිය කියන දෙයක් තමයි ඉතිං...ඒ....ක නෙවෙයි මව්තුමිය..ආවේ කෙල්ලෝ දෙන්නෙක්ද...“

“කෙල්ලෝ නෙවෙයි....කොල්ලෝ දෙන්නෙක්...ඇයි මොකද?“

“අප්පෝ....කොල්ලෝ දෙන්නෙක්ද?....නෑ...නෑ මම මේ දැනගැනීම සඳහා ඇහුවේ...එහෙනම් මවිතුමිය සහ දයාබර නැගණිය...ගුඩ් නයිට් සහ හැපී බර්ත් ඩේ ටූ යූ...“

රිද්මය සිවුරුහන් පාරකුත් දාගෙන යනවා ඇහුණා..අපිත් රෙදි පොරවගෙන බෝඩිමේ පලවෙනි රැය නින්දට ගියා.

                                        * * * * * * * *

උදේ පාන්දර වැඩට ගියා අපි දෙන්නම. වරදක් නෑ බැංකුව හොඳයි. කාර්ය මණ්ඩලේ අයත් හරි හොඳයි..එකෙක් දෙන්නෙක් ඉන්නවා නරුම කේස්. ඒ වුනාට සමස්තයක් වශයෙන් හොඳයි. අපිත් එක්ක කීප දෙනෙක්ම පිට් වුනා. සෑහෙන්න උදව්කලේ ශෂී කියලා කෙල්ලෙක්..ටිකක් මහත දෙහෙතට හිටියට හිතත් ඒ වගේම ලොකුයි..හැමදේටම ගොඩක් උදව් කලා. ෆැන්ටසි පුරේ ගැන ගොඩක් දේවල් ශෂී කියලා දුන්නා.

“මේ අකිල...ෆැන්ටසි පුරේ හොඳට හොඳයි නරකට නරකයි...ඉතින් ඔයාලා දෙන්නට හොඳින් ඉන්න පුළුවන්නම් මරු...“

ශෂී කියපු කතාවට අපි දෙන්නා ටිකක් කල්පනා පාරක් දැම්මා. රත්ගමයාටනම් හීන් දාඩියත් දාලා තිබුණා. රත්ගම වුණාට මොකද මූ හරි බයයිනේ.

“ තෑන්ක්ස් ශෂී අක්කේ...“

රත්ගමයා කිව්වා. 

“අක්කේ...අනේ මේ යනවා...ඔයාට හරියට ගියානම් දරුවොත් ඉන්න ඕන වයස“

ශෂී කියපු කතාවට රත්ගමයගේ මූණ දෙක වුණා.

හවස අපි වැඩ ඇරිලා බෝඩිමට එනකොට බෝඩිමේ තත්වය ඉතා යහපත්. යක්ෂනියන් දෙන්නා ඇවිල්ලා හිටියේ නෑ. ශයංගයත් ඇවිත් නෑ..පහල හිටියේ සුජාතා ආන්ටි විතරයි. අපි දෙන්නා උඩට නගිද්දි මැද වයසේ පොරක් කැමරාවකුයි ලේන්සුවකුයි අරගෙන අපේ ඉසසරහට ආවා.

“අහා...මේ මල්ලිලා දෙන්නද අලුතෙන් ආවේ...සෝ හැපී...ආම් මිස්ට ප්‍රියන්ත වෙනිවැල්පිටිය...මේ ගෙදර අයිතිකාරයා..“

බොහොම  හිනා පාරකුත් දාගෙන ප්‍රියන්ත ලොක්කා කිව්වා. එතකොට මෙයා තමයි සුජාතා ආන්ටිගේ දයාබර හබී. අපිත් ඉතින් හිනා පාරක් දාලා පිලිගත්තා.

“ඔව් අන්කල්..අපි   තමයි..මම අකිල මේ රත්ගමයා...“
අන්කල් කිව්වම ප්‍රියන්ත ලොක්කගේ මූණ තවත් කළුවුණා. කටට උඩින් තිබුණු බුරුස් රැවුල නලියන්න ගත්තා.

“අයියෝ මල්ලිලා මේ මහන්සියට වයස පෙනුනට වැඩි වයසක් නෑ මට..මට ප්‍රියන්ත අයියා කියන්නකෝ..ඉතිං කොහොමද මෙහේ හොඳයිද?“

“වරදක් නෑ ප්‍රියන්ත අයියා...සේරම හොඳයි..ටික ටික පුරුදු වෙනවා“

රත්ගමයා උත්තර දුන්නා. අපි දෙන්නම බැලුවේ ප්‍රියන්ත ලොක්කගේ අතේ තිබුණු කැමරාව දිහා. මිනිහා ලේන්සුවෙන් ඒක සුද්ද කරන ගමන් හිටියේ.

“අහා...මගේ හොබී එක තමයි..පොටෝග්‍රැෆි..“

අපිත් එක්ක ටිකක් කතාකරලා ඉඳලා ප්‍රියන්ත අයියා ගියා. අපි හවස ශයංගයා ආවම මිනිහා ගැන විස්තර ඇහුවා.

“මරු පොර..මේ ගෙදර ඉන්න එකම ප්‍රායෝගික මනුස්සයා...හොඳ පොටෝ කාරයෙක් තමයි...ඉඳලා හිටලා අහල පහල ගෙවල් වලට කැමරාව දික්කරන්න ගිහින් කේස් වුණාට හිත හොඳ පොර...බොක්ක වුනත් දේවි...“

ශයංගයා කියපු කතාවට බකස් ගාලා දෙන්නටම හිනා ගියා. මරු ජීවිත තමයි මේ ෆැන්ටසි පුරේ ඉන්නේ.

                                             * * * * * * 

හවස් වෙන්න කඩේ පැත්තට  යන්න කියලා මම කාමරෙන් එලියට ආවා. රත්ගමයා ඔලුව කකියනවා කියලා කාමරේට වෙලා හිටියා. ඌට තියෙන්නේ සේරම ගෑණු ලෙඩ.
මම කාමරෙන් එලියට ඇවිත් කොරිඩෝව දිගේ ඉස්සරහට එද්දි ඇඟ සීතල වුනා දැකපු දෙයින්. එදා ස්කූටිය පැදගෙන ආපු සුන්දර ගිනිසිළුව එනවා රෙදි තොගයක් අරගෙන කොණ්ඩෙත් කඩා දාගෙන..අප්පේ ලස්සනේ බෑ..පුදුම ලස්සනක්..දුහුල් කලිසම..ඇඟට හිර ටී ෂර්ට් එක..වාත්තු කලා වගේ පෙනුම..අර සැර ගති සේරම අමතක වෙනවා දැක්කම..අඩියෙන් අඩිය ඉස්සරහට එද්දි මාව දැකලා එකපාරටම ගැස්සුනා..ඇස් උඩගිය විදියට මට තේරුණා එයා මාව අඳුනගත්තා කියලා..මම හිත හිත හිටියේ මේකි මට මොනවාහරි කියයිද කියලා..ඒත් බිම බලාගෙන ගියා මගේ ලඟින්...

මගේ මනමාල හිත යන්නෙම නෑනේ මාත් එක්ක.අඩියක් දෙකක් පහුකරලා ගිහින්  හැරිලා බැලුවනේ ලැසි ගමන් ලතාව...හරියටම හිරුද මුවාවි ලැසි ගමන බලාවී වගේ තමයි..පිස්සු හැදිලා ආයෙත් හොඳවෙනවා වරා මලක් හුලඟට යනවා වගේ පැද්දි පැද්දි යන ගමන් ලතාව..මට තප්පර දෙකක් ඕනනම් එහෙම බලන් ඉන්න වෙන්න ඇති එකාපාරටම මේකිත් හැරිලා පස්ස බැලුවනේ..මේකි දැක්කා මම කන්න වගේ මෙයාගේ ගමන බලන් ඉන්න හැටි..

“ඇයි මොනවද බලන්නේ?...“

මට  කට උත්තර නැතිවුනා.


-4 වැනි කොටස මෙතනින් -

18 comments:

  1. Replies
    1. ස්තූතියි ලයාන් මිත්‍රයා

      Delete
  2. godak hondai ape peththeth enna imalkiudana.blogspot.com

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම මිත්‍රයා

      Delete
  3. ada tama issellama me patte awe.maxxaaa..................

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අමිල සහෝදරයා

      Delete
  4. කොටස් තුනම එක පාර කියෙවුවේ බං.. උඹේ පෝස්ට් එහම මඟ අරින මනුස්සයෙක් නෙමෙයිනේ මං.. අනික් කොටස් බලාපොරොත්තුවෙන්..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම දිනේෂ් සහෝදරයා..මම ඒක දන්නවා නොවැ හොඳටම..

      Delete
  5. මන් බොට කිව්වා කියලා හිතා ගනින් ! අහල පහල ගෙවල් වලට කැමරාව දාන ???!!! :-D

    ReplyDelete
    Replies
    1. cool down වෙනී අයියා...මේ වෙන වෙනීවැල්පිටිය කෙනෙක් අනේ...ඔයා ෆැන්ටසි පුරේ නෙවෙයිනේ ඉන්නේ...හික්ස්..ඔයාගේ කැමරාව ගැන මම හොඳට දන්වනේ අයියණ්ඩියේ

      Delete
    2. ආ එහෙනම් කමක් නෑ.. අහුවෙයකො අවුරුදු උත්සවේදි මහරගම....ගිය පාර අවුරුදු උත්සවේ "පල නොකල" ෆොටෝ තියෙනවා මල්ලියෙ..එව්වා අස්සෙ හොඳ හොඳ කතන්දර තියේ.. :-D

      Delete
    3. අප්පට උඩු මෙන්න වෙනී අයියා මට සීතල තර්ජන කරනවා...අහා මේ ෆොටෝස් දැම්මට කමක් නෑ මම පුල් බෝධිසත්ව පාට් එකෙන් ගියපාර හිටියේ.හැබැයි ඉතිං ගියපාර අවුරුදු උත්සවේ ඉවරවෙලා දෙන්නෙක් මට මඩ ගහලා “කොස්කොලාලංකාරය“ කියලා කවි පොතකුත් ලියා ගත්තලු හොඳේ..මට මඩ ගැහුවොත් දන්නවනේ...හරිය රැවුල ගලවනවා...හිකිස්

      Delete
  6. yakoooo mu mage redi galawala..... hafoiiii..... ela ela kathawa hodata yanwa... (Y)

    ReplyDelete
  7. එ බන් ඇයි බන් මෙවාට අපිවම ඇදගත්තේ :/

    ReplyDelete
  8. ආ............. මෙකෙ මට මඟ ඇරුනා කියලානෙ හිතුවෙ.. එච්චරටම මඟ හැරිලා නැහැ :D (Y)

    ReplyDelete
  9. පෝලිමට බලාගෙන ආව... මාරයි බන්..හෙන ලස්සනයි...

    ReplyDelete