May 3, 2013

දන්න කතාවක නොතේරුණ පැත්ත


එක්තරා නගරයක් හැඩි දැඩි මෙන්ම මදක් සෙල්ලක්කාර තරුණයෙක් විය. මේ තරුණයා සෑම දිනකම පාහේ ආදරය පතා පස්සෙන් යන රූබර මෙන්ම ඉතා ආඩම්බර තරුණියක්ද විය. තරුණයා විවිධවූ ආකාරවලින් තරුණියගේ පසුපස පැමිණෙමින් ප්‍රේමය පතා සිටියද තරුණිය කිසිවිටක සිය සිතැඟි වෙනස් කලේ නැත.තරුණයාට කලහැකි යමක් නොවීය.

    දිනක් තරුණයාට මේ කටයුත්ත එපා විය.තමන් මෙසේ පස්සෙන් ගියත් තමන්ව තඹයකට මායිම් නොකරන තරුණියට හොඳ පාඩමක් ඉගැන්විය යුතුයැයි තරුණයාට සිතුණි. ඔහු කලේ තමන්ගේම හැඩි දැඩි මිතුරෙක් ලවා ඇය උපකාරක පන්ති නිමවී ගෙදර යන මොහොතේ මගරැක සිට හොඳට රිදෙන්නට කම්බුල් පහරවල් කීපයක් දෙන ලෙස යොමු කිරීමයි. මිතුරාද එම කටයුත්තට එකඟවී මගරැක සිට තරුණිය එනවිටම පැන කම්බුල් පහරවල් කීපයක් දුන් අතර තරුණයාද එය දුරක සිට බලා සිටියේය. ටික වේලාවකින් අතිශ්‍යයින්ම බියට සහ කෝපයට මෙන්ම ලැජ්ජාවට පත්ව කම්බුල් පහරවල් කන තරුණිය දෙස  බලා සිටි තරුණයාට එක ගලින් කුරුල්ලන් දෙදෙනෙක්ම දඩයම් කල හැකි අදහසක් මතුවිය. ඔහු සැනෙකින් වීරයාගේ චරිතයට පණ පොවමින් තමන් විසින්ම යෙදවූ තමාගේ මිතුරා සහ තරුණිය අතරට පැන මිතුරාට නොරිදෙන්නට එහෙත් දැඩි පහරවල් ලෙස පෙනෙන සේ පහර කීපයක් එල්ල කලහ.


    මිතුරාද ගුටි කෑවාක් මෙන් ඇද වැටී තරුණායාට බොක්කෙන්ම උදව්වනු පිණිස වැඳවැටී සමාව ගෙන දිව යන්නට විය. දැන් තරුණියට පුදුම ලෙස සතුටුය. ඒ වගේම තරුණයා ගැන ආඩම්බරය.මෙතෙක් කල් තමන් ගණන් ඉස්සුවත් තමන් කරදරයට පත්වූ මොහොතේ තමන් බේරගන්නට ආ තරුණයා ගැන දුකක් මෙන්ම එය පරයා ආදරයක්ද මතුවිය. එහෙත් තමන්ට කරදර කරන්නට ආ මැරයා තරුණයාගේම මිත්‍රයා බව මෙන්ම ඒ තරුණයාගේ සැලසුමක් ලෙස තමන්ට පාඩමක් ඉගැන්වීමට කල දෙයක් බව ඇය නොදන්නීය. සැබවින්ම තරුණයා එහිදී ජයගත්හ.තරුණියට පාඩමක්ද ඉගැන්වූ අතර මිතුරාද ෂේප් එකේ තබාගෙන තරුණියගේ ආදරයද දිනාගත්හ.
    මෙය  පරණ මෙන්ම නිතර අපට අසන්නට දකින්නට ලැබෙන කතාවකි. පසුගිය  සතියේ ලංකාවේ විදුලිබිල දරාගත නොහැකි මට්ටමකට වැඩිකිරීමත් මැයි දිනයේදී හුරතල් විදියට උපක්‍රමශීලීව අඩුකිරීමත් දුටුවිට මා හට සිහිවූයේ ඉහත කතාවම මිස අන්යමක් නොවේ.

26 comments:

  1. ලොව ඇති එකම සත්‍ය දහම බුදුදහමයි. එය තවත් එක් ආගමක් නොවේ.

    ReplyDelete
    Replies
    1. බුද්ධ දර්ශනය ආගමක් කරගෙන එයට සීමා පවුරු දමාගත්තේ බෞද්ධයාම තමයි. නැත්නම් මේ නිර්මල දර්ශනය ලොව පුරාම මිනිස් ආධ්‍යාත්ම සුවපත් කරලා දුක්ඛිත සසර කෙලවර කරාවි

      Delete
    2. බුදු දහම කියන්නේ ආගමක් නෙවේ.මේක දර්ශනයක්.මේ දෙකේ ලොකු වෙනසක් තියනවා.ආගම තියෙන්නේ අදහන්න.එත් දර්ශනයක් තියෙන්නේ හේතු සාධක මත පදනම්ව එක පිළිපදින්න.අදහනවා කියන එකට පදනමක් නැති වෙන්නත් පුළුවන්.එක අන්ධ ඇදහීමක් වෙන්නත් පුළුවන්.එත් දර්ශනයක් කියන එක ඊට වඩා වෙනස්

      Delete
  2. හෙක්,, මම මේ කල්පනා කරේ ඒක ගලපලා තියන විදිය..

    ReplyDelete
    Replies
    1. ගැලපුවා නෙවෙයි බං..කල්පනා කරද්දි ගැලපුනා..අපෝ උඹ බුකියේ නාලා ඉවරවෙලා බ්ලොග්වලත් නාන්නද හදන්නේ..පව්බං උඹ

      Delete
    2. පැ යන්න.. :/

      Delete
    3. පව් බං..අයියූ ශම්මි

      Delete
  3. සරළ උනත් නියමෙට ගැලපෙන කතාව.

    ReplyDelete
    Replies
    1. හැම සැරයකටම වඩා හීන් සැරය බලවත්නේ මිත්‍රයා

      Delete
  4. Replies
    1. ස්තූතියි මිත්‍රයා..විඥ්ඥාණය නොවැ

      Delete
  5. Replies
    1. අන්තිමට කෙල්ල රැවටුනා..

      Delete
    2. ඒකනේ මේ රටේ බහුතරයක් මිනිස්සුන්ටත් උනේ

      Delete
  6. කියලා වැඩක් නෑ. දැන් හැමෝගෙම කතාව විදුලි බිලේ "අඩු" වීම. හොඳ සම්බන්ධයක් මිත්‍රයා. ජය...!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මිත්‍රයා..වැඩිවීමට වඩා අසුන්දරයිලුනේ අඩුවීම

      Delete
  7. බලන්න කොච්චර සෝයිද කියලා. මෙච්චර කරන මනුස්සයටනේ ඔච්චර පද හදන්නේ....

    ReplyDelete
    Replies
    1. ඒක තමයි දෙයියනේ.දුකේ බෑ

      Delete
  8. අදයි මේ පැත්තට ආවෙ .. සිරා කතාව ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතීය මිත්‍රයා

      Delete
  9. හැබෑට මේ රටේ වයසක උදවිය දැන ගත්තොත් ජනරඟට තෑග්ගක් දෙයි. මොකද තරුණිය කියන්නේ ලේසි ආමන්ත්රනයක්ද ?

    ReplyDelete
    Replies
    1. ඇයි නරකද ඉතින් සමස්ත ජනතාවටම නාඹර තරුණියකගේ චරිතය ආරෝපණය කිරීම

      Delete
  10. Film eka patan ganokotama api dana gata iwara wena vidiha.(niyamai).
    Jayawewa

    ReplyDelete
    Replies
    1. දැන් තියන ෆිල්ම්ස්වල හැටි එහෙමනේ මිත්‍රයා.පටන්ගනිද්දිම අහුවෙනවා

      Delete
  11. අම්මපා ඒක නම් ඇත්ත බං.. කතාවේ කෙල්ල වගේ අන්තිමේ රැවටුනේ අපිම තමා..

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං..අන්තිමට වෙන්නේ එකම දේ

      Delete