Jul 14, 2013

හීනේ කළුවර වෙන්න කලින් ඉක්මණට සනීප වෙයං ශෂී..

බ්ලොග් ලියන සහෘදයෝ ඇතමෙක් මේ ඡායාරූපය දැක්කම කව්ද කියලා අඳුනනවා ඇති. එහෙම අඳුනගන්න බැරි අය ඇතැම් විට නමින් දන්නවා ඇති. මේ කළුවර හීනය බ්ලොග් අඩවිය රචනා කරන ශෂී එදිරිසිංහ සහෝදරිය. බොහොම සංවේදී විදියට නිර්මාණකරනයේ යෙදෙන්න වගේම හැමෝගෙම හිත් දිනාගෙන සුහදව කටයුතු කරන්න දන්න හිතවතියක්. ඒ වගේම බ්ලොග් අවකාශයේ බොහෝ කටයුතු වලදි එකතුවෙන මුණ ගැහෙන චරිතයක්. මීට දින කීපයකට කලින් සිදුවෙච්ච හදිසි අනතුරක් නිසා ඇය මේ වනවිට ඉන්නේ රෝගී තත්වයෙන්. එක් පාදයකට වෙච්ච අනතුරක් නිසා ඇවිදීමට පවා නොහැකිව රෝගී සයනයට වෙලා කාලය ගතකරන්නට ඇයට සිදුවෙලා. ඉතිං ආරෝග්‍ය පරම ලාභය බව හොඳින් දන්නා අපි හැමෝම මේ වගේ අවස්ථාවකදි බොහොම අසරණ වෙන එක සාමාන්‍යයි.

   ඉතින් බ්ලොග් අවකාශයේ හිතවතුන් විදියට වගේම ඇයගේ බ්ලොග් අඩවිය රසවිඳින හිතවතුන් වෙනුවෙන් ඇයට ඉක්මණ් සුවය ප්‍රාර්ථනා කරනවා. පුරුදු විදියට ඉක්මණින්ම ඇවිදින්න වරම් ලැබෙන්න කියලා. ඒ වගේම බොහොම දුක්ඛිත විදියට ලෙඩ ඇඳට වෙලා ඉන්න ඇයට ඔබේ කෙටි පණිවිඩයක් දුරකථන ඇමතුමක් ලැබුණොත් ගිලන් හිතට ලොකු හයියක් වෙයි.

ෆේස්බුක් ගිණුම - Shashi Edirisinghe 

14 comments:

  1. අයියෝ මේ කෙල්ලට මොකද වුණේ.ඉක්මන් සුවය ප්‍රාර්ථනය කරනවා.
    හැකිනම් මගේ එෆ් බී ඉන්බොක්ස් එකට ඇයගේ අංකය දෙන්න. මම ඉල්ලුවේ යැයි ඇයට කියන්න.

    ReplyDelete
  2. ඉක්මන් සුවය ලැබී ආපහු ඉක්මනින්ම අපි අතරට එන්න ලැබේවා

    ReplyDelete
  3. තියෙන දාංගලේ හැබෑට . .. කොහොම උනත් හොඳ වේවා,

    ReplyDelete
  4. අයියෝ කෙල්ලට මොකද වෙලා තියෙන්නේ , අර මඩිස්සලේ නිෂාන්ටත් ඩෙංගු හැදිලා

    ReplyDelete
  5. ඉක්නටම සනීප වෙනවා එක සුවර්..

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. ඔබට ඉක්මන් සුව පතමි ,
    ප.ලි - ( ඉහළ කොමෙන්ටුව තුල අකුරු වැරදීමක් වුනු නිසා මැකුවේ) 

    ReplyDelete
  8. ඇයට ඉක්මන් සුවය පතමි.

    ReplyDelete
  9. ඉක්මන් සුවය පතමි! මාත් ඔය කට්ට කාල තියනව

    ReplyDelete
  10. ඇයට ඉක්මන් සුවය පතමි මමත්

    ReplyDelete

  11. මන් වෙනුවෙන් ඉක්මන් සුව පතපු හැමොන්ටම හුඟක් ස්තුතියි
    ඉක්මනින් හොඳ වෙලා අයෙමත් එන්නම්

    ReplyDelete
  12. ශෂී, ඔබට ඉක්මන් සුවය පතනවා

    ReplyDelete
  13. මම සඳුදා යනවා.. මගෙ මැටි යාලුවා බලන්න...

    ReplyDelete