Nov 7, 2013

කජු කිරි කොල්ලන්ගේ සිනමාවේ තුන්වෙනි දිගහැරුම..ලඟදීම


මේ අපේ රටේ දේශීය සිනමා කර්මාන්තයට ටිකක් විතර හොඳ කාලයක්, පලමුවෙනි වතාවට දෙමල චිත්‍රපටයක් ලංකාවේ ප්‍රධාන සිනමා උළෙලකදී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ඇතුලු ප්‍රබල සම්මාන කීපයක් උරුම කරගන්නවා, ඒ අශෝක හඳගමගේ “ඉනියවන්“. දන්න තරමින් හඳයාවත් හිතන්න නැතුව ඇති දෙමල සිනමා පටයකට එහෙම තැනක් ලැබෙයි කියලා 83 න් පස්සේ. ඒ වගේම තමයි ජයන්ත චන්ද්‍රසිරි කියන රසිකයාගේ හදගැස්මට තට්ටුකරන නිර්මාණකරුවා දඬුබස්නාමානය, අකාල සන්ධ්‍යා, ගරිල්ලා මාර්කටින් වලටත් එහා ගියපු ආධ්‍යාත්මිආදරයකට කරන ආමන්ත්‍රණයක් පරිද්දෙන් නිර්මාණය කරපු “සමනල සංධ්වනිය“ චිත්‍රපටයත් ඉතාමත් රසික ප්‍රතිචාර මධ්‍යයේ තිරගත වනවා. ඒ අතරේ අපේ ඉසව්වෙන් මීට ටික කාලෙකට කලින් විස්තර කියපු කජු කිරි කොල්ලන් රංචුව යෙත් වෙනස් විදියයේ නිර්මාණයක් කරලා එය ප්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. ආධුනික සිනමා කරුවන් විදියට ක්ෂේත්‍රයට අඩිය තියන්න බලාපොරොත්තුවෙන් ඉන්න උන් ටික තමයි “නැව් ටෝක්ස්“ කියන කෙටි විනෝදාත්මක මෙන්ම නිර්මාණශීලී චිත්‍රපට මාලාව නිර්මාණය කල කණ්ඩායම. මේ කජුකිරි කොල්ලන්ගේ සිනමාව ගැන කලින් ලියපු ලිපිය නිසා ඒ කණ්ඩායම විශේයෙන් හඳුනගන්න ලැබූණා. ඒ අතරින් සචිත්‍ර යෂ්මින්ද ඉදිරි කටයුතු ගැන මාව දැනුවත් කලා.


   ඔවුන්ගේ නැව් ටෝක්ස් 3 වැනි ොටස ලඟදීම Youtube ඇසිදිසි ජාලයේ ඔවුන්ගේ පිටුවට  එක් කිරීමට නියමිතයි. කොහොම වුනත් අලුත් පරම්පරාවේ දක්ෂතා කොපි කිරීමේ කලාවෙන් ඔබ්බට ගිහින් තාක්ෂණය, ප්‍රයෝගාත්මක භාවිතයන් ඇසුරින් ඔවුන්ගේ දෙවැනි වීඩියෝව නිර්මාණය වුනා වගේතෙවැන්නත් එලෙසින්ම ේවි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා.ඒ වගේම වැරදි තිබුණොත් විවේචනය කරන්නත් සූදානමින් ඉන්නවා. කොහොම වුනත් ඔවුන් වගේම නිර්මාණශීලීව සහ සමාජ විරෝධී මෙන්ම කාලාවට විෂබීජ නොවන නිර්මාණකරුවන්ට අත දෙන්න අපි හැමදාමත් කැමතියි. 

   අන්න ඒ නිසාවෙන් අපේ ඉසව්ව මේ කජු කිරි කොල්ලන්ගේ සිනමාවේ මීලඟ දිගහැරුමට සුබ පැතුම් එක්කරනවා වගේම කලින් 14000 කට ආසන්න පිරිසක් නරඹපු නිර්මාණයටත් වඩා හොඳ නිර්මාණයක් බලාපොරොත්තුවෙන් ඉන්න සහෘද රසිකයන් සමගම ඉන්නවා කියන එකත් ප්‍රකාශ කරනවා.


11 comments:

  1. හ්ම්ම් ,,,
    ඒක නෙමේ අකුරු අවුල් වෙලා වගේ යාලු

    ReplyDelete
    Replies
    1. ඒක පොඩි තාක්ෂණික ගැටළුවක් සහෝදරී...ඒක නිවැරදි කලා...

      Delete
  2. ඒක ආව ගනම් දැනුම් දීමක් කරපං ජනා.. බලන්න ඕන..

    ReplyDelete
  3. අනිවාර්යයෙන්ම...හොඳ කියලා හරි බැනලා හරි ලිපියක් දානවා මම නිකුත් කරපු ගමන්ම

    ReplyDelete
  4. ජැකා නම් බලලා තියනවා. ඒක ගති

    ReplyDelete
  5. ඒ නිර්මාණය ඉහළ ගණයේ එකක් වෙයි කියල හිතෙනවා!

    මම දුලාගේ අඩවියේ™ දුලා
    පුලුවන් වෙලාවක් ඇවිත් යන්න අමතක කරන්න එපා:- දුලාගේ අඩවිය | Dula's Place

    ReplyDelete
  6. අප්ඩේට් කරහං දාපු ගමං ජය වේවා

    ReplyDelete
  7. බලමු බලමු ආවම.

    ReplyDelete
  8. උන්ගේ ඉදිරිවැඩ වලට සුභ පතනවා.THE වලිය හොඳයි.ජයෙන් ජය.

    ReplyDelete
  9. ඕකෙ එකයි දෙකයි.............අර තුන් වෙනි එකේ ලොකෙෂන් බලන්න යද්දි ජැකාව බයිට් කරන එකයි ඔක්කොම බැලුවා//.... හැක්.............!

    මම යූ ටියුබ් ගොහිං බලනවා නිතර ඒකෙ තුන එයි කියලා හිතුනා නිකමට වගේ

    ReplyDelete