Feb 26, 2014

“බිහිරි අලින් මැද වීණාව“ අපේ ඉසව්වෙන් ඔබ වෙත



වසර හතරක් පුරාවට අපේ ඉසව්ව බ්ලොග් අඩවිය හරහා මා විසින් රචනයේ යෙදුන කාලීන සහ දේශපාලනික ලිපි සියයකට අධික ප්‍රමාණයක් අතරින් තෝරාගත් ලිපි මාලාවක් අන්ර්ගත කරමින් නිර්මාණය කල “බිහිරි අලින් මැද වීණාව“ The Fiddle among Deaf Elephants මෙලෙසින් ඊ-පුස්තකයක් ලෙස ඔබට තිළිණ කරන්නට තීරණය කලා. වසර හතරක් පුරාවට අපේ ඉසව්ව සමග නිරතුරුවම රැඳෙන සහෘද පාඨකයින් වෙනුවෙන් තිළිණ කරන මේ කෘතිය මෙහිදී ඔබට භාගතකල හැකියි.

   මෙම කෘතිය රසවිඳීමෙන් පසු ඔබගේ අදහස් උදහස් මා වෙත යොමුකරන මෙන් ඉතාමත් ආදරයෙන් ඉල්ලා සිටින්නට කැමතියි. මින් පෙර 2010 වර්ෂයේදී “හමුවුණා අනේ හමුවුණා“ නවකතාව, 2011 වර්ෂයේදී “කොස්කොලාලංකාරය“ නැමති හාස්‍ය උත්පාදක කාව්‍ය ග්‍රන්ථය, 2012 වර්ෂයේදී “නච්ච දා කව“ යන සඳැස් කාව්‍ය ග්‍රන්ථය සහ 2013 වර්ෂයේ “සිතුවම“ නැමති තෝරාගත් කෙටි කතා එකතුව යන කෘතිවල ඊ-පුස්තක අපේ ඉසව්ව බ්ලොග් අඩවියේ භාගත කිරීම පහසුව සකසා ඇත. ඒවා මෙතැනින් ඔබට ලබාගත හැක.
 
 


15 comments:

  1. අපූරුයි....

    අනිත් අයටත් මෙහෙම දයක් කර ගන්නේ කොහොමද කියලා කියා දුන්නා නම් ගොඩාක් වටිනවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මාතලන් සහෝදරයා..අනිවාර්යයෙන්ම හොඳ අදහසක්..මම ඒ ගැන දැනුවත් කරලා ඉදිරියෙදි ලිපියක් ලියන්න හිතාගත්තා..

      Delete
  2. නියම වැඩක් මචෝ.......මාතලන් කියල තියන දේත් බොහෝ වටිනවා හැමෝටම

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නලින් සහෝදරයා

      Delete
  3. මැක්ස කියන්ෙන ෙහාදම ඒක... ජය ෙව්වා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මිත්‍රයා..ජයවේවා

      Delete
  4. හිටපං අයියේ කියවලා බලන්ඩ.

    ReplyDelete
  5. ජනා, ඩවුන්ලොඩ් කරා.. නිදහසේ කියවලා උඹට කියන්නම්..

    ReplyDelete
    Replies
    1. හරි මචං දිනේෂයා..ඕක බොහොම වෙලාවක් අරන් කියවන්න ඕන එකක්..මොකද අවුරුදු හතරක දේවල් නිසා සිදුවීම් මතක් කරන්නම කාලේ යනවා

      Delete
  6. හොඳ වැඩක්...බාගෙන කියවලම එන්නම්...

    ReplyDelete
  7. හ්ම්ම්...අහන්න අකමැති,ඒත් ඇත්තම අදහසක් තියෙනවා මුලින්ම... :3 ඒ නිසාම ලිපි දෙකක් කියෙව්වා..වටනා අදහස් ටිකක් ගන්න පුළුවන් බව පෙනුනා...ඉඩ තියෙන වෙලාවට ටික ටික කියවන්න ඕන .... (කලින් කියවලා නෑ නේ :( )..
    ජය වේවා....!!!

    ReplyDelete