Apr 26, 2014

සංකලනී - 11 වැනි කොටස


සංකලනී පසුගිය කොටස් මෙතනින් කියවන්න......

“මොන රෙද්දක්ද බං...දෙයක් කිව්වම අහං ඉඳපං..“

සිසුරු කාමරේට ඇවිත් පිස්සු කියවද්දි මිතුල කෑ ගැහුවා. ඒත් සිසුරුවා නෙවෙයි නතර වුනේ. ඌ කියන්නෙම සංකලනි ගැන හිතේ තියනවනම් දැන්ම ඒ ගැන ඒකිට කියන්න කියලා. ඒත් යන්තම් යකඩයක් වගේ හිටපු සංකලනී ගිනියම් වෙලා මෙලෙක් වෙන්න පටන් ගත්තා විතරයි. ආයෙත් පොඩිහරි දෙයක් වෙලා ආයෙත් යකඩයක්ම වුනොත් ජීවිතේට සංකිට ලංවෙන්න බැරිවෙයි කියලා මිතුල හොඳටම දැනගෙන හිටියා. ඒක නිසා බොහොම සීරුවට වැඩේ කරගෙන යන්න ඕන කියලා මිතුල හිතුවා. 

“ඒ වුණාට මිතුලයා මොකෙක් හරි අර කැරකෙන ග්‍රහයෙක් ඕකිගේ පෘශ්ටයට පාත්වුනොත් ආයෙත් උඹ මැරෙන්නද..?“

සිසුරු කියන කතාව ඇත්ත වුනත් මිතුල තව ටිකක් හිතන්න ඕන කියලා හිතුවා.

“උඹ කියන එක ඇත්ත මචං.. ඒ වුනත් මේ වෙලාවේ හදිස්සි වෙලා බෑ..උඹත් හෙමීට  හිතපං...“

“මට ඇත්තම කියපං...උඹ අර කැත්තට පොල්ල වගේ ඉන්න සංකිට කැමති සිරාවටමද..නැත්නම් උඹ ඇරියස් එක කවර් කරන්නද ඒකි එක්ක යාළු වෙන්න හදන්නේ?“

සිසුරු ප්‍රායෝගිකවම අහන්න ඕන ප්‍රශ්නයක් ඇහුවා. මිතුලත් ක්ෂණිකව තමන්ගේ හිතෙන් මේ ප්‍රශ්නයම ඇහුවා. මිතුලට මුලින්ම සංකලනි ගැන හිතේ තරහක් වෛරයක් තිබුණට පස්සේ තමන්ගේ හිතේ දැන් තියෙන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් සුන්දර හැඟීමක් කියලා මිතුල තේරුම් අරගෙන තිබුණා. ඒ සුන්ද හීන හිනාව, පුංචි දිගැටි තොල්දෙක, අහිංසක ඇස්දෙක, දඩබ්බර හිත ගන්න ගතිගුණ ටික නිසාවෙන් මිතුලට සංකලනි ගැන තිබුණේ ආදරණීය හැඟීමක්.

“නෑ මචං...මම සංකිට ඇත්තටම ආදරෙයි..ඒක හරියටම තේරුම්කරලා දෙන්න බෑ“

මිතුල සිසුරුගේ උරහිසට අත තියලා එහෙම කියද්දි වචනවල වගේම මිතුලගේ ස්පර්ශයේ තිබුණ සත්‍යවාදීබව සිසුරුට හොඳට තේරුණා. තමන්ගේ ආදරණීය මිත්‍රයට හිතේ තියන බලාපොරොත්තු ඒ විදියටම ඉෂ්ට වෙන්න කියලා හිතින් ප්‍රාර්ථනාවක් කලා. ඒක තමයි නියම යාළුකම.

                                     * * * * * * * * * * 

අවුරුදු කාලෙත් පහුවුණා. සංකලනි පවුලේ කට්ටියත් එක්ක රත්නපුරේ සංකිලගේ ගමේ ගිහින් හිටපු නිසා මිතුලට ඒ අවුරුදු කාලේ මහා මූසල කාලයක් වගේ දැනුනා. රැවුල කොණ්ඩෙවත් හරියට කපාගන්නේ නැතුව අවුරුද්ද දවස්වල ගෙදරට වෙලා හිටිද්දි අක්කයි අම්මයි විතරක් නෙවෙයි අන්තර්ජාලය හරහා මිතුලව දැකපු තාත්තත් බැන්නා.

“මොනවද පුතා ඔය පිස්සෙක් වගේ ඉන්නේ..කොණ්ඩෙයි රැවුලයි කපාගෙන එනවා...නෑදෑයෝ එහෙමත් එනවා නේද අවුරුද්දට...“

මිතුල ඒ වෙලාවේ කටවහගෙන ගිහින් කියපු දේ කරේ තාත්තව තරහකරගන්න තියන නොකැමැත්ත නිසාම මිසක් අක්කගෙයි අම්මගෙයි බර බරේටනම් නෙවෙයි. ඒත්  සංකිව නොදැක සති දෙකක් විතර ගතකරපු කාලය මිතුලට දරාගන්න අමාරුම කාලයක් වෙලා තිබුණා. අවුරුදු උත්සවය දවස්වල හැම තරඟෙටම සහභාගීවෙන මිතුල අවුරුදු කාලෙම ගතකලේ ගෙදරට වෙලා. සමහර ඒවට සිසුරුයි, ඉෂාරයි ඇවිත් අදගෙන ගියා. ඒත් මිතුල ඒ හැමදෙයක් අතරෙම හෙව්වේ සංකිගේ සුන්දර රූපයයි. ඒත් ඒ සතිදෙකම ගෙවිල ගියේ මිතුලට හිස්බව ඉතුරුකරලා.

සංකලනී ගෙදර අය එක්ක ගමට ආයෙත් ඇවිත් කියන සුබ ආරංචිය මිතුලට කෙටි පණිවිඩයකින් ලැබුණේ රාජු මාමගේ කඩේට ගිහින් ගෙදර එමින් හිටපු ඕෂධගේ ජංගම දුරකථනයෙන්. ඕෂධ දැකලා තියනවා සංකලනි මිදුල අතුගානවා, දත් තිස්දෙකම පෙන්නලා ඕෂධ මනුස්සකම පෙන්නන්න හිනාවුණාම සංකලනි ඔරවලා ගස්සලා දාන්න පුළුවන් වැඩ සේරම කරලා අලුත් අවුරුද්දේ වැඩ අල්ලලා තිබුණා. තව ටිකක් හිටියනම් ගණු දෙනු කරන්නත් ඉඩ තිබුණ නිසා ඕෂධ මාරුවෙලා ඇවිත් එනගමන් මිතුලට පණිවිඩය දුන්නා.

මිතුල එදාම හවස සංකලනිව දැක්කේ පල්ලිමුල්ල හංදිය හරියේ කඩයක් ලඟ. යාළුවෙක් එක්ක ගියපු සංකි දුරකථන කඩේකට යන විදිය මිතුල දැක්කා. මිතුල පාර මෙහා පැත්තේ ඉඳන් බලන් ඉන්නකොට සංකි කඩෙන් රීලෝඩ් කරන විදිය දැක්කා. මේ වෙලාවේ මිතුලට කූට අදහස් සහ උපක්‍රම ගලාගෙන එන්න පටන් ගත්තා.සංකිලා එතනින් යද්දිම මිතුලත් රුපියල් පනහක් ඇදගෙන කඩේට රිංගුවා.

“අයියා මට රීලෝඩ් එකක් දාන්න ඕන...“

“මොකක්ද නෙට්වර්ක් එක..ඩයලොග්ද? මොබිටෙල්ද? “

මිතුලට ඕන වුනේ සංකලනීගේ නම්බර් එක දැනගන්න. ඒත් සංකලනී නම්බර් එක ලිව්වේ මොන පොතේද කියලා බලාගන්න කොල්ලට බැරිවුණා. කොල්ලා කලේ හෙමීට කවුන්ටරේ පොරට ලංවුණ එක.

“අර කලින් ඇවිත් ගියපු සුදු ගෑණු ළමයා දැම්මේ මොන රීලෝඩ් එකක්ද..“

ටිකක් සැකෙන් වගේ බැලුවත් කඩේ පොරට හීන් හිනාවක් ගියා.

“එයානම් දැම්මේ ඩයලොග්ද කොහෙද..“

“අහා එහෙනම් මටත් ඩයලොග්...ඩයලොග් පනහක“

තමන්ගේ දුරකතනේ මොබිටෙල් එකක් වුනත් කවුන්ටරේ පොරදීපු පොත අරගෙන මිතුල බැලුවේ රීලෝඩ් කරපු අන්තිම නම්බර් එක. ෂා..මුුතු කැට අකුරින් ලියලා තියන නම්බර් එක දැක්කම මිතුලට සන්තෝසේ බෑ...පොන් එක අරගෙන නම්බර් එක ටයිප් කරගන්න එක අවුල් නිසා හිතේ තියාගත්තා..හිතේ තිබුණ සේරම අයින් කරලා ඒක විතරක් තියාගත්තා..මල කළෙියයි දැන් ලියන්න නම්බර් එකක් කෝ..ඩයලොග් නම්බර් එකක් තියන එකෙක් මතක් කලා..ඒ අතරේ සංකිගේ නම්බර් එකත් අමතක වෙනවා..කවුන්ටරේ එකා ගිලින්න වගේ බලන් ඉන්නවා..මිතුලට ඉෂාරගේ නම්බර් එක මතක් වෙලා ටක්ගාලා ඒකට රීලෝඩ් කලා. ඊට පස්සේ ආයෙත් හොඳට සංකිගේ නම්බර් එක ඔලුවට දාගෙන කඩෙන් එලියට බැස්සා.. එලියට ආපු ගමන් පෝන් එක අරගෙන නම්බර් එක ටයිප් කරලා සේව් කරගත්තා.

ඒ අතරේ ජංගමේ සල්ලි නැතුව කෙල්ලට කෝල් එකක්  දීගන්න බැරුව කාමරේට වෙලා හූල්ල හූල්ල හිටපු ඉෂාරයට රීලෝඩ් එකක් ආවම ඌට ඒක අදහගන්න බැරිවුනා..වැරදිලා හරි රීලෝඩ් කරපු එකාගේ හතරවරිගෙටම පින් දිදී ඉෂාර තමන්ගේ කෙල්ලට කෝල් එකක් ගන්න ඩයල් කලා. 

                                     * * * * * * * *

හවස හොඳට නාලා කියලා එහෙම ඇවිත් කාමරේට රිංගලා මිතුල ජංගමේ අතට ගත්තේ ගැහෙන හිතත් එක්කමයි. කොච්චර කොලු පවර් තිබුණත් ආදරේ ඉස්සරහා කොලුකම බලු වෙනවා කියලා කියන්නේ නිකං නෙවෙයි කියලා මිතුලට හිතුනා. කොහොමහරි මිතුල හිතට පවර් එක අරගෙන සංකිගේ නම්බර් එක හොයාගත්තා..කෝල් කරනවද???? නෑ නෑ කෝල් කරොත් වැඩේ අනාත වෙන්න පුළුවන්..ඒකි බලයි මම කොහොමද නම්බර් එක හොයාගත්තේ කියලා...ආයෙත් චාටර් වෙන්න බෑ...එහෙනම්??? මැසේජ් එකක් දානවා..මිතුල එහෙම හිතලා ටයිප් කරලා වැඳ වැඳ සෙන්ඩ් කලා.

“Hi... :D "

විනාඩි ගාණක් බලාගෙන හිටියා. ඒත් කිසිම ප්‍රතිචාරයක් නෑ..මිතුලට දැන්නම් ඉවසගෙන ඉන්න බෑ. බැරිම තැන ආයෙමත් මැසේජ් කලා.

“Hi...reply me :( "

ඒක යවලා ටිකකින්නම් “ටීක් ටීක්“ ගාලා ජංගමේ නාද වුනා..අලුත් මැසේජ් එකක ලාංඡනේ පේනවා මිතුලට.

“Who r u...?"

ඔන්න මිතුලගේ හිතට මහා සහනයක් ගෙනදීගෙන ප්‍රතිචාරයක් ආවා..මිතුල ටයිප් කරා තව එකක්.

"I'm a little tea pot...short and fat :P ''

ඒකටනම් උත්තර එන්න ටිකක් වෙලා ගියා..

"Who iz this? tell me who r u..unless don't text me"

මිතුල වැඩේ දෙල් වෙන්න කලින් තමන්ගේ නම කියන එක හොඳයි කියලා හිතුනා. ඒත් මේ සංකිමද කියලා දැනගන්න මිතුලට ක්‍රමයක් තිබුණේ නෑ..ඒත් මිතුල ආයෙත් මැසේජ් කලා තමන්ගේ නම එක්කම.

"Mmmmm...I'm Mithula..."

මිතුල ගැහෙන හදින් සෙන්ඩ් කලේ මොනවා වෙයිද කියලා හිතාගෙන.. තත්පර ගාණකින් ඒකටනම් පිළිතුරු ආවා..

“Mithula...U?????? "

මිතුල “යස්“ කියලා කෑගහගෙනම ඇඳෙන් නැගිට්ටා.






18 comments:

  1. maru!! eelaga ekath ikmanata danna...

    ReplyDelete
    Replies
    1. ඉක්මණට දානවා මිත්‍රයා..

      Delete
  2. ඇති යාංතං ලියලා

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං..කියලා වැඩක් නෑ මුගේ වැඩනම්

      Delete
  3. මට කොටස් ගාණක්ම මිස් වෙලා. ආයෙ මුල ඉදන්ම කියවලා එන්නම්.

    ReplyDelete
    Replies
    1. අහා මල්ලි..අනිවා කියවලා එන්නකෝ එහෙනම්

      Delete
  4. එල.. යන්තම් number එක හොයාගෙන තියෙන්නෙ
    …ඊළඟ කොටසත් ඉක්මනට දානවනම් හොඳයි :)

    ReplyDelete
    Replies
    1. නම්බර් එක හොයාගන්න අපි විඳින දුක් හා සමානයි බං

      Delete
  5. ඉතුරුටික ඉක්මනට දාපිය

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම දානවා මචං

      Delete
  6. lasana kathawa,ai machara paraku karane? akata maga virodaya -N

    ReplyDelete
    Replies
    1. සමාෙවන්න මිත්‍රයා..ඉදිරියට ඉක්මණට පලකරනවා

      Delete
  7. ඇති යන්තම් ලියන්න මතක් වෙලා.. කෙල්ලෙක්ගේ නොම්බරේ හොයා ගන්න හැබැයි ඕකත් හොද ක්‍රමේ නේද..

    ReplyDelete
    Replies
    1. ඔව් බන් ඒ්කත් මරු ක්‍රමයක් තමයි. ඒ්ත් ඉතින් ඒ්කත් පහසු නෑ බං

      Delete
  8. මොකද්ද මේ සංකලනි කියන්නෙ? නවකතාවක්ද?

    ReplyDelete
    Replies
    1. ඔව් මචං...කොටස් වශයෙන් පලකරන එකක්

      Delete
  9. see what happened? you for got where you stopped last time....

    ReplyDelete