Professional Type Settings Sinhala/English/Tamil via Internet Just For Rs.60/= Call now - 076-999 57 51

May 17, 2014

සංකලනී - 12 වැනි කොටස



මිතුල සතුටට ඇඳ උඩ දඟලද්දි තමන්ගේ ජංගමේට ආපු කෙටි පණිවිඩයට පිළිතුරක් යවන්නත් කලින් ජංගමේ නාද වෙන්න පටන් ගත්තා. කෝල් එක එන දුරකතන අංකය දැක්කම මිතුලගේ ඇඟට දාඩිය දාන්න පටන් ගත්තා. සංකලනිගේ නම්බර් එක තමන්ගේ දුරකතනේ දිස්වෙද්දි මිතුලට වෙන්නේ මොනවද කියලා හිතාගන්න බැරිවුණා.

“මල කෙළියක් වෙන්න යනවද මන්දන්නේ නෑ...මම මේකි කියලා වෙන මොකෙක්ටවත් මැසේජ් කරලද දන්නේ නෑ...ඒත් මගේ නම කිව්වම අඳුනගත්තනේ..“

මිතුල එක එක විකාර කල්පනා කර කර ඉන්න අතරේ කෝකටත් කියලා ආන්සර් කලා. ඒත් මිතුල මොකුත්ම කියන්නේ නැතිව අහගෙන හිටියා.


“හෙලෝ...“

තත්පර කීපයකින් සුන්දර කටහඬක් එහා පැත්තෙන් ඇහුණා..ඒ කටහඬ සංකිගේ කියලා මිතුලට සීයට දාහක් විශ්වාසයි. තමන්ගේ හිතේ දවස පුරා දෝංකාර දෙන ගමන් ඔළුවම හොල්මන් කරවන මේ කටහඬ මිතුලට කොහොමනම් අමතක වෙන්නද. මිතුලගේ හිතේ තිබුණ ගැස්ම අඩුවෙලා ගියා.

“හෙලෝ...“

මිතුලත් ප්‍රතිචාර දැක්වූවා.

“මේ...ඔයා කොහොමද මගේ නම්බර් එක දන්නේ...මේක මාර වැඩක්නේ අප්පා..“

සංකි කියපු විදියට මිතුලට හිනාත් ආවා. ඒත් කෙල්ල අප්සට් වේවි කියලා මිතුල හිනාව තදකරගත්තා.

“ඔයා අහලා තියනවද කතාවක් අර දෙයක් හොයාගන්න ඕනනම් ඒකට මාර්ගයක් තියනවා කියලා...ඉතින් මම ඒ මාර්ගයෙන් හොයා ගත්තා..“

“ආ...ඒකත් එහෙමද...මම හරී කැමතියි ඒ මාර්ගේ දැනගන්න“

කෙල්ලත් අතාරින්නෙම නෑ..හොඳ කටර් එකක් තමයි කියලා මිතුලට හිතුනා. මිතුලටත් මේ වෙනදේවල් නිකන් හීනයක් වගේ. හින්දි චිත්‍රපටිවල එක එක විකාර කෑලි මිතුලට මැවිලා පේන්න පටන් ගත්තා.

“කියන්නෙම නෑ...“

“කියනවද නැද්ද...“

කෙල්ලට ටිකක් තරහා ගියා. 

“කිව්වේ නැත්නම් මොනාද කරන්නේ..?“

“කියන්නේ නැත්නම් මට මැසේජ් කරන්න එපා...“

ඒ කියපු කතාවටනම් මිතුලගේ හිත හෙල්ලිලා ගියා. ඒ කියන්නේ මැසේජ් කරනවට සංකිගේ අකමැත්තක් නෑ කියන එකයි එහෙනම්. හිත කූල්වෙලා ගියා. හරියට පාන්දර හයට විතර හිත ගලවලා පොල්හේනේ මූදු වතුරේ එබුවා වගේ.

“එතකොට කිව්වොත් මට මැසේජ් කරන්න අවසර තියනවද..?“

ඒ කතාවට කෙල්ලා ගොළුවෙලා ගියා. තමන්ට වචනයක් වැරදුනා නේද කියලා සංකි කල්පනා කරනවා කියලා තේරුනා.

“මේ..අපෝ මම එහෙම එකක් කිව්වේ නෑ...මට දැනගන්න ඕනත් නෑ කොහොමද හොයාගත්තේ කියලා..ඒ වගේම මේකට ආයෙත් මැසේජ් කරන්නත් එපා..මේක මගේ නම්බර් එක නෙවෙයි...හරිද“

මිතුලට හිනාව නවත්තගන්න බැරිවුණා ඒ පාරනම්.

“ඔයා බොරු කියන්න දන්නේ නෑ අනේ...හොඳට පුරුදු වෙන්න ටිකක්..ඔයාමනේද ඇහුවේ ඔයාගේ නම්බර් එක දැනගත්තේ කොහොමද කියලා...මම ඔයාගේ නම්බර් එක හොයාගත්තේ ඊයේ ඔයා රීලෝඩ් කරපු කඩේ පොතෙන්“

සංකිට ලැජ්ජාවක් වගේම පුදුමෙකුත් දැනුනා. මේ කොල්ලා ඊයෙත් තමන්ගේ පස්සෙන් එලවලා කියලා  සංකිට තේරුණා. 

“තවත් රීලෝඩ් කරන්න හොඳ නෑ එහෙනම්...නැත්නම් තව කී දෙනෙක් මෙහෙම නම්බර් එක හොයාගනීවිද දන්නේ නෑනේ...හරි ඒක නෙවෙයි එතකොට මොකද මගේ පස්සෙන් ආවේ එතනට..“

මේ ප්‍රශ්නේ අහවි කියලා මිතුලට හිතුන නිසාම කොල්ලා හොඳ උත්තරයක් හිතේ හදාගෙන හිටියා.

“ලස්සන පස්සක් තියන නිසානේ අනේ පස්සෙන් ආවේ...ඒක බලන්න තමයි ඇත්තම කියනවනම් ආවේ..“
සංකිට එක පාරටම හිතුනේ මුටනම් තියෙන්නේ කටක් නෙවෙයි බෝක්කුවක් කියලා..තව තව කතා කලොත් තව තව තමන්ම බයිට් වෙනවා කියලා සංකිට තේරුනා..ඒ අතරේ මිතුල එහා පැත්තේ කොක් හඬ දාලා හිනාවෙනවා.

“මෝඩයා...“

එහෙම කියලා සංකලනි තරහෙන් වගේ දුරකතනය විසන්ධි කලා. ඒත් මිතුලගේ හිනාව නැවතුනේ නෑ. ඒ වගේම සංකිගේ හිතේ ගැස්ම සහ අමුතු හැඟීම නතර වුනෙත් නෑ.

“අප්පා මේකි හරි ස්පීඩ් නේ...මම කෝල් එකක් දෙන්න හිතන්නත් කලින් මේකි කොල් කලානේ...ලේසි වෙන එකක් නෑ වගේ ආදරේ ඉල්ලන්න නම්..“

හිතට දැනුන සතුට අතරේම මිතුල හිතුවා. ඒ විතරක් නෙවෙයි ජංගමේ අරගෙන ආයෙත් සංකිට කෙටි පණිවුඩයක් යැව්වා.

He He...thanks for calling :D

                                   
                                          * * * * * * * 

“ඒ කියන්නේ උඹේ සෑහෙන්න ප්‍රගතියක් තියනවා...මාරයිනේ බං උඹ“

එදා  හවස සිසුරුගේ කාමරේට සෙට්වුණ මිතුල සහ ඕෂධ කතාව බෙදා ගනිද්දි ඕෂධ කිව්වා. සිසුරුත් කට ඇරගෙන සිද්ධිය අහගෙන හිටියා.

“ඒක තමයි කියන්නේ බං...ඒකි හරි කෙලින් චරිතයක් බං..කියන්න ඕන එක මූණටම කියනවා..“

මිතුල මේ ටික දවසට සංකිව තමන්ට දැනුන විදිය කිව්වා. ජීවිතේ ගැන මහලොකු බරපතලක් නොතේරුණාට මිතුලට ආදරය කියනදේ එක්ක දැනෙන හැඟීම හොඳටම දැනෙන්න පටන් අරගෙන තිබුණා. හැමදේම අතරේ පෙනුනේ සංකලනිගේ ලස්සන ඇස්දෙකයි, හිනාවයි. හැමදාමත් ඒ මිහිරියාව විඳින්න මිතුලට ඕනවෙලා තිබුණා.

“කොහොමහරි කමක් නෑ බං උඹ ගාණට වැඩේ කරගෙන පලයන්..ඒකි කොහොමත් චාටර් චරිතයක් නෙවෙයි බං..නැත්නම් මේ මාතර ටවුන් එකට ගිහිල්ලා කොල්ලෙක් නැතුව ගෙදර එන කෙල්ලෙක් හොයාගන්න හරි අමාරුයි බං..“

“ඒක ඇත්ත..“

සිසුරු සහ ඕෂධ සංකලනිට පක්ෂව කරුණු ඉදිරිපත් කරද්දි කොහොමත් මිතුලගේ හිතේ සංකිට ලොකු ඉඩක් වෙන්වෙලා තිබුණා. ඒ හැන්දෑවේ සුන්දරත්වයට වඩා සොඳුරු බවක් මිතුලගේ හිතේ තිබුණා.

“සංතෝසෙටත් එක්ක යමං කුරුම්බයක් බොන්න..“

ඕෂධ ඒ වෙලාවේ අපූරු යෝජනාවක් කලා.

“ඇයි උඹලගේ වත්තේ කුරුම්බා හැදිලද..?“

මිතුල අහපු ප්‍රශ්නෙට සිසුරු ඕෂධගේ පිටට එකක් ගැහුවා.

“අපේ වත්තේ කොහෙන්ද යකෝ පොල් ගස්..යමං අලුත් ගෙදර පිටි පස්සේ කුරුන්ඳ කෑල්ලට..මම දැක්කා අද අලුත් ගෙදර එවුන් අද පාන්දරම කාර් එකේ කොහේද යනවා..තාම ඇවිත් නැතුව ඇති..“

ඕෂධ හොර කුරුම්බා මෙහෙයුම පැහැදිලි කලා.

“උඹනම් නියම පොල් හොරෙක් බං...යමං යමං...උඹම නැගපන් හොඳද හැබැයි..“

“හරි මස්සිනා..උඹේ ලව් එක වෙනුවෙන් මම ගස් නෙවෙයි තව තැන්වල උනත් නගිනවා යකෝ..“

තුන් දෙනාම කාමරෙන් එලියට බැස්සේ සිසුරුගේ කාමරේට හුස්මක් ගන්න නිදහස දීලා.


                                         * * * * * *

මිතුල පුළුවන් හැමවෙලාවෙම සංකිට කෙටි පණිවුඩ යැව්වා. බොහෝ වෙලාවට සංකිගෙන් පිළිතුරුත් ආවා. ඉඳලා හිටලා දෙන කෝල් එකටත් සංකි ප්‍රතිචාර දැක්වූවා. දෙන්නා අතරේ ටිකෙන් ටික හොඳ ලඟ  සබඳතාවක් ගොඩනැගුනේ දෙන්නටම නොදැනී. මිතුලටත් සංකිට මැසේජ් කරන්නේ නැතුව ඉන්නම බැරිවුණා. ඒ වගේම සංකිටත් මිතුලගෙන් මැසේජ් එකක් ආවේ නැත්නම් හිතේ අඩුවක් වගේ දැනුනා.

දවසක් මිතුලට තිබුණු වැඩ රාජකාරී වල අධිකබව නිසාම සංකිට දවස පුරාම පණිවිඩයක් යවන්න බැරිවුණා. සංකිත් හවස සාලෙට වෙලා ජංගමෙත් අතේ තියාගෙන පොතක් කියවමින් හිටියා. සංකිගේ තාත්තත් පත්තරේ කියවමින් හිටියේ ඊය නුදුරින්මයි. සංකි සැරින් සැරේ ජංගමේ බැලුවේ මිතුලගෙන් කිසිම සද්දයක් නැති නිසා. තාත්තා මේක කීප සැරයක්ම දැක්කා.

“පොඩ්ඩී..දැන් පෝන් එක අතේමයි නේද..?“

තාත්තා එහෙම ඇහුවම සංකලනි ටිකක් බයවුණා. මොකද තාත්තා වැඩිය සැර වැර නැතිවුණාට එහෙම කතාවක් කියන්නේ තීරණාත්මකවයි.

“නෑ තාත්තේ මේ හංසි කොල් කරනවා කිව්වා තාම නෑ..හෙට ක්ලාස් එකේ වැඩකට තාත්තේ..“

“හ්ම්ම්...එහෙමනම් කමක් නෑ..“

තාත්තා එහෙම කිව්වම තමයි සංකිට ආයෙත් හුස්ම වැටුනේ. ඒත් මිතුලගෙන් ප්‍රතිචාරයක් නැති එකේ අඩුවනම් පිරුනේ නෑ.


17 comments:

  1. කොටස් වශයෙන් දාන කතා එක් තරා පිළිවෙළකට නිශ්චිත දිනක දාන්න නැතිනම් නීරස වෙනවා

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත නලින් අයියා..එහෙම දාන්නනම් එක පැත්තකින් මේක වෘත්තීය කරගන්න වෙනවා..නැත්නම් කරන වෘත්තිය නවත්තන්න වෙනවා

      Delete
    2. ඉඩ තියන වෙලාවට ‍කොටස් කිහිපයක් ලියල පබ්ලිෂ් කරපං. නැත්තං එපා වෙනව මේ වැ‍ඩේ බං. මම දැනුත් කලින් කොටසට ගිහිල්ල මතක් කරගෙන ආවෙ.

      Delete
    3. හරි හරි මචංලා පොරොන්දු වුණා ඔන්න

      Delete
  2. අනේ මංද... කතාව නං ලෙසටම ගලං යනව..
    යලට මහට වැටෙනකොටනෙ ඉවසන්න බැරි.. මොකද කොටසක් කියවල අනික් කොටස කියවද්දි කලං වුනේ මොකදකියල අමතකයි

    ReplyDelete
    Replies
    1. සතිපතා ලියන්න පොරොන්දු වෙනවා මහේෂ් සහෝදරයා..බොහොම ස්තූතියි අදහසට

      Delete
  3. Fatta.. Ikmanata Danna puluwannam.

    ReplyDelete
    Replies
    1. ඉක්මණට දානවා මිත්‍රයා

      Delete
  4. අනේ හප්පේ මූ ලියලා ලියලා.. මම මේ මේක කියවන්නමයි මේ පැත්තට ගොඩවෙන්නෙ හැමදාම

    ReplyDelete
    Replies
    1. ආ උඹ ඉන්නවා නේද තාම

      Delete
  5. ඉතුරු කොටස තව කොච්චර කාලෙකින්ද.කොටසක් ලියන්න ඔච්චර කල් ගන්න එපා.

    ReplyDelete
    Replies
    1. සෑම සෙනසුරාදාවකම බලාපොරොත්තු වන්න

      Delete
  6. හොදයි,ලස්සනයි.මෙක මාතර පසුබිම් වුන කතාවක් කියල අද තෙරුනේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිත්‍රයා..අපි ඉතින් අපේ පැත්ත ගැන ලියන්න ඕනනේ

      Delete
  7. ma parath parakui neda? ath lassanai-N

    ReplyDelete
    Replies
    1. ප්‍රමාදය ගැන කනගාටුව මිත්‍රයා..

      Delete
  8. පරක්කු වැඩියි බන් . කලින් එක කියවන්න උනා -_- ආපහු

    ReplyDelete