“අඟර දගර පොඩි හාමිගේ වත්ත ලස්සනයි..හේයි...අඟර දඟර පොඩි හාමිගේ වත්ත...“ ජංගම දුරකතනය අපූරුවට නාද වේ. නොදන්නා අංකයකි. සැකමුසු ගතියක් අංකයේ ඇත. ඒත් කෝල් එක ගත්තෙමි.
“ආයුබෝවන්..කව්ද මේ..“
“මේ ජනා පුතාද?..“
අප්පට සිරි ගජ..හුරු පුරුදු කටහඬකි..ඒත් කව්ද කියා නිනව්වක් නැත..බරපතලම කාරණයනම් මගේ කෙටි නමද හොඳාකාරව දන්නා පොරකි..දැන් කකුල් දෙක ජපන් මැන්ඩලින් ගසමින් රා රා රා බොම්බියේ ගීතය ගයති.
“ඔව්..ඔව්..එයා තමයි..“
“ජනා පුතා..මම මෛත්‍රී මාමා..“
“මෛත්‍රී මාමා කිව්වේ...“
“ඇයි පුතා අඳුරගන්න බැරිද..මම මෙත්‍රීපාල සිරිසේන..සෞඛ්‍ය ඇමතිතුමා...හි හි හිටපු...නිදහස් පක්ෂේ ලේකම්...ඇයි පුතා තව පොදු අපේක්ෂකයා මමයි..“
මල කෙලියයි අල ලොරියයි කිව්වලු..ඊයේ මාධ්‍ය සාකච්ඡාවක් තියලා මහින්ද මාමට ගුලි බස්සපු මෛත්‍රී මාමා මේ පාන්දර අහිංසක මට මොනවට කතා කරනවද කියලා මම බයවුණා.