Nov 8, 2014

“මගුල් නැටීම“ යනු මෙය වේ


අපේ ආයතනයේ ගිණුම්කරණ අංශයේ හිතවතුන් පහුගිය දිනවල අමුතු අමුතු වාක්‍යය කියන්නට පටන් ගෙන තිබුණි. ඒවායින් කීපයක් නම් “මොන හු යන්නක් කියනවද?“..“අනේ බං මේ මොන ප යන්නක්ද“ වැනි වාක්‍ය උදාහරණ කීපයක් පමණි. ඒ අතර මා හට සිහිවුණේ අපේ වහරේ අප නිතරම භාවිතා කරන මගුල් නටනවා යන්නයි. “උඹ මොන මගුලක් නටන්නද මේ හදන්නේ?“ යනුවෙන් ඔබට අනන්තවත් ඇසී ඇත. ඒත් ඔබ කෙදිනක හෝ මගුල් නටනවා දැක ඇද්ද යන්න කල්පනා කලේද.

   විවාහ මංගල්‍යය අවස්ථාවලදි පති පතිනි යුවල පෝරුවට කැඳවාගෙන ඒමට වෙස් නැටුම් හෝ පහතරට නැටුම් ඉදිරිපත් කරන බව සත්‍යයකි. ඒත් ඒවා මඟුල් නැටීම් නොවන බව ඕනෑම එකෙකුට තේරෙන දෙයකි. එසේනම් මගුල් නැටීම් යනු මොනවාද.


   පහුගිය දිනක ප්‍රසිද්ධ හෝටලයක පැවති විවාහ මංගල්‍යයකට සහභාගීවූ මට මගුල් නැටීම ජීවිතයේ ප්‍රථම වතාවට සියැසින් දැකගන්නට අවස්ථාව ලැබුණි. උදේ පටන් යස අගේට මල් කලඹවල් අතින් අරගෙන මනාල යුවල පසුපසින් යන යන තැන ඇවිද ගිය දෙවනි මනමාලියන් සිව් දෙනා හවස් වරුවේ එක පාරටම ආවේස වුවාක් මෙන් මල් කලඹවල් විසිකර දමා රම්බරි කියපන් උඹේ නොම්මරේ ගීතයට නැටුමක් නැටුවාය. එය බලාගෙන සිටි නාකි අංකල් කෙනෙක් කිව්වේ Ahh...What a nice wedding Dance කියාය. එසේනම් මගුල් නටනවා යනු එය විය යුතුය. ඒත් එහි ඇති වරදක් නම් මට පෙනුනේ නැත. එසේනම් යම් කෙනෙක් මගුල් නටන්න එපා යනුවෙන් අවවාද කරන්නේ ඇයිද කියා දැන් ගැටළුවකි. ඒ මන්ද ඒ මගුල් නැටීමේ වරදක් පේන්නට නැති නිසාවෙනි. මගුල් නටන්නට යන ඇත්තන්ට හොඳට නර්තනයේ යෙදෙන්නට හැකිනම් එය අපූරු මගුල් නැටීමකි..ඇතැම් විට එය Surprising dance කියාද හඳුන්වනු අසන්නට ලැබේ. ඇතැම් තැන්වල් තඩි ආන්ටිලා මගුල් නටනවිට වංගෙඩි පෙරලනවා වැනි ඒ මල විකාරය ඉහත නමින් හැඳින්වීම කොතරම් සාධාරණද කියා මට සිතුනි. කෙසේ වූවත් මගුල් නැටීම නම් මරුය.

   සිහිනිඟ ඇති සුකුමල ලඳුන් ඉඟසුඟ නලවමින් මගුල් නටනවිට කාපු බීපු දේවල්ද අමතක වන බව කිව යුතුය. වෙනදා මගුල් කට් කල මම “මගුල් නැටීම්“ බලන්නට දැන් ලොකු ලොකු මගුල් ගෙවල්වල ආරාධනා ලෝභ නැතිව බාරගන්නා බවද කිව යුතුය. කෙසේ වෙතත් එවැනි සුන්දර මගුල් නැටීම ඔබටද දැකබලාගන්නට නොදුන්හොත් එය අඩුවක් වනු ඇත. 


4 comments:

  1. මේවා බලලා විතරක්ම වැඩක් නෑ.. කෝකටත් කියලා උඹත් දැම්මම Surprising dance එකකට ලෑස්ති වෙලාම ඉදින්..

    ReplyDelete
    Replies
    1. ඇයි උඹේ මගුලටද බං..මම උඹේ මගුලට තොවිල් නටනවා හිටපිය

      Delete
  2. එක්කෙනනෙක් ට නං සිහිනිගක් නෑ..

    ඕවා ඔහොම තමා. ඒ වෙලාවට දෙක්ක දාලා බැලුවා. ආතල් එක ගත්තා. ගෙදර ආවා අමතක කරා.. එච්චරයි

    ReplyDelete
    Replies
    1. මේ මම ගියපු වෙඩිම නෙවෙයි මිත්‍රයා..මේක මේ යූ ටියුබ් එකෙන් හොයාගත්ත මගුල් නැටිල්ලක්

      Delete