May 1, 2016

සයිබර් සිහින බක්මහ උළෙලට පසු වචන කිහිපයක්....


2016 අවුරුද්දේ සයිබර් සිහින බක්මහ උළෙල හෙවත් සයිබර් අවකාශයේ බ්ලොග් රචකයන්, සමාජ ජාල පරීශීලකයන්, බ්ලොග් පාඨකයන් එක්ව වින්දනීයව සංවිධානය කරන අලුත් අවුරුදු උත්සහව වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනයේදී සාර්ථකව අවසන්වුණා. මුලින්ම එහි වැඩකටයුතු ඉතාමත් හොඳින් සහ දහසක් රාජකාරී අතරේ අතිරේක කාර්යයක් වන (කිසිඳු මූල්‍යමය හෝ වෙනත් ආකාරයක ප්‍රතිලාභයක් නොලැබෙන ස්වේච්ඡා සේවයක් වන) මේ වැඩසටහන සංවිධානය කරන්නට යෙදුන අපේ හිතවත් පිරිසට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා.

2011 අවුරුද්දේ නිර්මාණයවුණ සංකල්පයක් විදිහට එම වසරේ දෙහිවල එස්.ද.එස් ජයසිංහ ක්‍රීඩංගනයේදීත්, 2012 වසරේ වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනයේත්, 2013 වර්ෂයේ පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදීත්, 2014දී මහරගම තරුණ සේවා සභා ක්‍රීඩාංගනයේදීත්, 2015 දී නැවත වැල්ලවත්ත කුරේ ක්‍රීඩංගනයේදීත් සයිබර් සිහින බක්මහ උළෙල යථාර්තයක් බවට පත්වුණා. එතකොට 2016 පැවැත්වුනේ 6 වැනි වැඩසටහනයි. ඒ වගේම කුරේ පිටියේ පැවැත්වුණ තුන්වන වැඩසටහනයි. එදා ඉඳන්ම වෙනසක් නැතිව තිබෙන සහෝදරත්වය සහ සහභාගිත්වය පිළිබඳ අවංක සතුටක් තිබෙනවා. පුද්ගලිකව 2012 වර්ෂයේ ඉඳන් නොවරදවාම සයිබර් සිහින බක්මහ උළෙලට සහභාගිවෙන්නට ලැබීම නිසා මෙහි විකාශනය සහ වෙනස්කම් ගැන හොඳ අවබෝධයක් තිබෙනවා කියලත් කියන්න ඕන.


මේ වසර ගණනාව තිස්සෙම මා සමග මේ වැඩසටහන හා බැඳුණු නොවෙනස් සයිබර් අවකාශයේ මිත්‍රයින් ගණනාවක් අදටත් සිහිපත් කරන්න පුළුවන්. ඒ අතරින් වැප් නිෂාන්ත,ලිෂාන් පුවක්ඕවිට, තිසර මධුවන්ත(හීනයා), චතූෂ තුෂර කුමාර (මාරයා), දුලිප් සිකුරුරාජපති (ඕනයා), ප්‍රදීප් ගුණරත්න, රුවන් රංගනාත්, නර්තන ධනංජය (සුදු මහත්තයා), අභීත එදිරිසිංහ,මුෂ්ටාක් ෆාරුක්,රිද්ම කසුන්, චාපා උමයංගි, ගයාන් පෙරේරා,චතුරිකා දුලංජලී වගේ චරිත අමතක කරන්න බැහැ. ඒ වගේම අතර මැදදී හමුවෙලා තවමත් ඒ සබඳතාව වෙනසක් නැතිවම තබාගෙන ඉන්න සුභාෂ් දිල්රුක් කන්නන්ගර(සුදීක), පවනි තරංගා, සමිඳු නිමල්ක, රවීෂ තිලකවර්ධන අදටත් මෙහි හමුවෙන පුද්ගලයින් ලෙස මතක් කරන්න පුළුවන්.

වසර ගණනාවක් තිස්සේ සයිබර් සිහින බක්මහ උළෙල නිවේදනය කරන නිසා දුලාන් දළුගම,නෙරංජි ඒකනායක,නලින් දිල්රුක්ෂ,රසික නානායක්කාර මිත්‍රයන් තාමත් ඒ කාර්යභාරයේදී එකතුවෙනවා. අන්තර් ජාලය පදනම් කරගෙන බිහිවුණු මිත්‍රත්වයන් හරහා සංවිධානය වන වැඩසටහන් අතර මම සහභාගීවන එකම වැඩසටහන විදිහට කුමනආකාරයේ බාධාවන් මැද්දේ පවා මේ බක්මහ උළෙල පැවැත්වෙන එක ඉතාම නිහතමානීව අගය කරනවා.

බොහොමයක් මා සමගින්ම වසර 6 කට වැඩි කාලයකට පෙර බ්ලොග් රචනය ආරම්භකල පුද්ගලයන් අතරින් ඉතිරිවෙලා ඉන්නේ අතේ ඇඟිලි ප්‍රමාණයටත් අඩු පිරිසක්. ඒ අතරින් බොහෝ දෙනෙක් දැන් ලියන්නේ වගේම කියවන්නෙත් නෑ. එක පැත්තකින් එය කණගාටුවට කාරණයක් වුනත් ඒ පිටුපසින් සාධාරණ හේතු ගණනාවක් තිබෙනවා. ඒත් සිංහල බ්ලොග් කලාව කියන එක හරාත්මක පැත්තට යනවාට වඩා දැන් සිදුවන්නේ රැල්ලට කුමක් හෝ පදනම් කරගෙන යමක් ලිවීම පමණයි. ඒවාත් විසිල් එකට සහ චියර් එකට ලියන දේ මිසක් සැබෑ ලෙසම සමාජයට වැදගත්කමක් ඇති දේ තියෙන්නේ ඉතාම අල්ප වශයෙන්.

නමුත් මීට වසර කිහිපයකට පෙර තිබුණේ මීට වඩා වෙනස් වටපිටාවක්. ඒ වටපිටාව නැවත නිර්මාණය වේවි කියලා හිතන්නත් බෑ. එහෙත් අපි අමතක නොකල යුතු එකම කාරණය අතීතය ගැන අපි නිගමන සහ තීරණ වලට එළඹෙන්නේ සෙල්ලිපි සහ පුරාණ ලේඛන පරිශීලයෙන්. එහෙනම් වර්තමානය පිළිබඳව අනාගතයේ බිහිවෙන පරපුරු තීරණය කරන්නේ අනාගතයට ඉතිරිවෙන අපේ මේ අන්තර්ජාල ලේඛන බව සිහිතබාගෙන රචනයේ යෙදෙන්න කියන ඉල්ලීමත් කල යුතුයි.


10 comments:

  1. දැන් තමයි බ්ලොග් වල ස්වර්ණමය යුගය... අපිත් එදා ඉඳලම ඉන්නවනේ....

    ReplyDelete
  2. මම බ්ලොග්ස් ඇසුරුකරන්නේ 2009 වගේ කාලේ. සිංහල බ්ලොග්ස් ලෝකය හරිම පුදුම දෙයක්.කාලයක් උඩ එනවා, ආපහු යට යනවා..ආපහු වෙනත් පිරිසක් ලියනවා. ආපහු උඩ එනවා...මේක අපූරු දාමයක්. ඉස්සර ලියපු අය දැන් නොලියන එක පාඩුවක්. දැනුත් බොහෝ හොඳ බ්ලොග්ස් තියෙනවා. බ්ලොග්ස් කියන්නේ අතිශය ස්වාධීන මාධය භාවිතයක් නිසා කැමතිදේ ලියනවා, හිතුනාම නවත්වනවා, ආපහු පටන් ගන්නවා...තමන් කැමති පත්තරේ කියවනවා වගේ වැඩක්නේ. සයිබර් අවුරුද්දට කවදාවත් එන්න බැරිවුනාට හදවතින් සුභ පතනවා.

    ReplyDelete
  3. මං ඔයින් දෙකකට විතරයි ආවෙ මතක විදියට..

    ReplyDelete
  4. //ඒත් සිංහල බ්ලොග් කලාව කියන එක හරාත්මක පැත්තට යනවාට වඩා දැන් සිදුවන්නේ රැල්ලට කුමක් හෝ පදනම් කරගෙන යමක් ලිවීම පමණයි//
    //නමුත් මීට වසර කිහිපයකට පෙර තිබුණේ මීට වඩා වෙනස් වටපිටාවක්//

    දැන් පෙරටත් වඩා හරයාත්මක ගුණාත්මක ලිපි ඕන තරම් පලවෙනවා. මුල්කාලේ තිබුන කැපිලි කෙටිලිත් දැන් ඉන්න අය අතරේ නෑ. ඒ ගැන මොකද හිතෙන්නේ.

    ReplyDelete
  5. එදා බ්ලොග් කමෙන්ට් අතරෙ ගිය වටිනා සන්වාද, හොඳ දේශපාළන ලීපි වගේ දේවල් අද දකින්න ඇත්තෙම නෑ. ඒ වෙනුවට තියෙන්නෙ හැරෙන පැත්තට බැනල හිට්ස් ගන්න ලියන ගොන් පෝස්ට් සහ එදිනෙදා පල් හෑලී. ඉකොනොමැට්ටා, ඉයන් වගේ දෙතුන් දෙනෙක් හොඳ යමක් ලිව්වත් කිසිම හරවත් සන්වාද නෑ, හැම තැනම පිට කසා ගැනීම් සහ මෝඩ ජෝක් විතරයි.

    අන්තර්ජාලෙ සහ බ්ලොග් කියන්නෙ තමන් කැමති දෙයක් ලිවීමේඉ නිදහස් ප්‍රකාෂනයක් නිසා ලියල දේ ගැන අපිට මුකුත් කියන්න බැරි උනත්, මීට වඩා හොඳ ලිපි තිබ්බ කාලයක් කවදාවත් තිබ්බෙ නෑ කියන්නෙ, හොඳ ලිපි කියව්වෙ නැති අය සහ ඒව නොතේරෙන ගොබ්බයො තමයි.

    බ්ලොග් නොලිව්වත් මේ අවුරුදු උත්සවය ද්ගට කරන එක වටිනව විතරක් නෙමෙයි අවුරුද්ද සැමරීම ගැන උපහාසයෙන් කතා කරන අය පවා එතනට එකතු වෙලා ඒ සතුට විඳ ගන්න එකත් අගය කරනව. ඒකට සන්විධායකයන්ට බොහොම ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. .ගොන් පෝස්ට් සහ එදිනෙදා පල් හෑල//

      එකෙන්ම.ඒවට මාර විදියට හිට්ස් තියෙන්නේ. සාවාදාත්මක හරවත් ලිපි ලිව්වට කවුරුවත් ගනන් ගන්නෙත් නෑ. හරවත් කොමන්ට් එකක් දැම්මට ඇති වැඩකුත් නෑ. ලිඳ ලඟ සංගමය වගේ ඕපදූප ලිපි වලට තමයි වැඩිපුර කැමති. හරවත් යමක් ලියන්න කැමති අයත් නොලිය ඉන්නේ ඒ නිසා.

      Delete
  6. අවුරුදු හයක් තිස්සේ එක දිගට එකතුවෙන්න ලැබෙන එකම හොඳ අත්දැකීමක්. අනික මේ වගේ ඉසව්වක් සංවිධානය කරන එක සුළුපටු නැහැ. මෙවර වෙන කවරදාටත් වඩා වැඩි තෑගී ප්‍රමාණයක් තරඟ වෙනුවෙන් වෙන් වෙලා තිබුනා. වෙනදා වගේම නිවේදනයෙන් සහ වෙනත් හැකි ආකාරයෙන්ම කල උදව්වලින් ජනා කරපු උදව් සංවිධායක මණ්ඩලය මතක් කරාවි. ලබන වසර මීටත් වඩා හොඳින් කරන්න බලමු. හොඳ පසුවදනක් මචං.
    ස්තුතියි..!

    ReplyDelete
  7. සංවිධායක මන්ඩලයෙ හිටියට මේ වතාවෙ කිසිම වැඩක් කරන්න බැරිඋනා

    ReplyDelete
  8. mama aawe naane.. elakiri saho.

    ReplyDelete