දශක තුනකට වැඩි කාලයක් තිස්සේ කුරිරු යුද්ධයකින් බැටකෑ අපිට යුද්ධයක ඇති බිහිසුණුබව අමුතුවෙන් කියා දිය යුතු නැත. සීතල බටහිරට නොදැනෙන යුධ වේදනාවන් අප අනන්තවත් විඳ ඇත. වසර ගණනාවක් තිස්සේ කෝටි ප්‍රකෝටි ගණන් මුදල් වියදම් කරමින් එකම රටේ එකම භූමියක ඉපදුණු මිනිසුන් දෙපැත්තකට වී මරා ගණිමින් මිනී කඳු ගොඩගැසූ යුගයක් අපදැන් පසුකර සිටින්නෙමු. ත්‍රස්තවාදය අවසන් කර ඇත, එහෙත් එකිනෙකා මරාගන්නා එක තවමත් නතර කර නැත.
සිරියාවේ දේශසීමාවක යුද ගැටමු පවතින ප්රදේශකයට එල්ලවුණු රසායනික අවි ප්‍රහාරයක් නිසා යුදමය තත්ත්වයට එළඹී සිටින කැරලිකරුවන්, සාමාන්‍ය ජනතාව,කුඩා දරුවන්, සහන සේවා නිලධාරීන් ඇතුළු 72ක් ඝාතනයට ලක්ව ඇති බව වාර්තාවේ. මෙය ලෝක ඉතිහාසයේ රසායනික අවි ප්‍රහාර එල්ලවූ මුල්ම අවස්ථාව නොවේ. එහෙත් මෙය අවසන් අවස්ථාව කරගැනීමේ හැකියාව මේ ලෝකයේ බල සංතුලනයට හැකියාව ඇත.