හරියටම 1769 අවුරුද්දේ අගෝස්තු මාසේ 15 වැනිදා අජස්සියෝ නගරයට බොහොම සෞම්‍ය හිරු කිරණ පතිත වෙමින් තිබුණා. අජස්සියෝ කියන්නේ ඒ කාලේ කොර්සිකන් රටේ අගනුවර. ප්‍රංශ අධිරාජ්‍යයට අයිතිවෙලා තිබුණු මේ කොර්සිකාව මධ්‍යධරණී මුහුදේ පිහිටලා තිබුණු දූපතක්. ධීවර කර්මාන්තයට තිබුණු ප්‍රසිද්ධිය වගේම නාවික ගමනාගමනයේ ප්‍රධානතම සංධිස්ථානයක් වීමත් එක්ක ප්‍රංශ අධිරාජ්‍යයට කෝර්සිකාව කියන්නේ බොහොම වැදගත් තැනක්.
මේ කලින් කියපු දවසේ කොර්සිකන් දූපතේ, අජස්සියෝ නගරයේ මුහුදු වෙරළේ ඉඳන් සැතපුම් කිහිපයක් ඈත නගරයේ කෙළවරක නිවසකින් පුංචි දරුවෙක්ගේ හැඬීමක් ඇහුණා. ඒත් ඒ වෙද්දිත් මේ පුංචි හඬ පරයමින් අජස්සියෝ නගරයේ වගේම කොර්සියන් දූපත පුරාම පැතිරෙමින් තිබුණේ විරෝධතා හඬ විතරමයි. ඊට අවුරුද්දකට කලින් ජෙනෝවා රාජ්‍යට අයිතිවෙලා තිබුණු කොර්සිකන් දූපත ප්‍රංශ අධිරාජ්‍යයා මිළට ගත්තා. ඇත්තම කිව්වොත් බලෙන් අල්ලගන්න කලින් විකුණන්න සිද්ධවුණා.
ඒත් මේ දූපතේ ජීවත්වුණු ජනතාව ප්‍රංශ අධිරාජ්‍යයාගේ පාලනය පිළිගන්න සූදානමක් තිබ්බේ නෑ. අවුරුද්දක් ගතවෙලත් ජනතාව විවිධ විරෝධතා දක්වමින් ප්‍රංශ පාලනයට විරුද්ධව කැරළි ගැහුවා. ඒ කැරලි කෝලාහල අස්සේ තමයි මේ පුංචි කොළු පැටියා අජස්සියෝ නගරයේ උපදින්නේ. හැබැයි කව්රුවත් හිතුවේ නෑ කවදහරි මේ කොළු පැටියා ප්‍රංශයේ විතරක් නෙවෙයි, මුළු ලෝකයේම ඉතිහාසය වෙනස්කරන තරම් බලවතෙක් වේවි කියලා. අඩුම තරමේ අළුත උපන් කොළු පැටියා අතේ තියාගෙන, කඳුළු සලමින් හුරතල් බලමින් හිටපු අම්මාවත් මේ ගැන දශමයක්වත් හිතන්නේ නැතිව ඇති. ඒත් ඉතින් හැම අම්මෙක්ටම තමන්ගේ පුතා රාජ කුමාරයෙක් කියන එක බොරුවක් නම් නෙවෙයි.
මේ කොලුපැටියාගේ අම්මාගේ නම ලෙටීෂියා බොනපාට්. බොහොම ලස්සන වගේම ක්‍රියාශීලී කාන්තාවක්. ඇයම තමයි අලුත උපන් පුත්‍රයාට නැපෝලියන් කියලා නම තියන්න තීරණය කළෙත්. නැපෝලියන් තමන්ගේ ජීවිත කාලය පුරාම තමන්ගේ මව සම්බන්ධයෙන් කටයුතු කරපු විදිහ ඇතැම්විට පුදුමාකාරයි, තවත් සමහර තැන්වලදි ඉතාම සංවේදී යි. නැපෝලියන් සහ ලෙටීෂියා අතරේ සම්බන්ධතාවය කොච්චර නම් ශක්තිමත් ද කිව්වොත් නැපෝලියන් අඩුම තරමේ තමන්ගේ යහළුවෙක්ටවත් අම්මා සම්බන්ධයෙන් වැරදි වචනයක්වත් කියන්න දුන්නේ නෑ. දවසක් ලෙටීෂියාගේ ඇඳුමට කවටකම් කරපු කොළුවෙක්ට පුංචි නැපෝලියන් බිම දාගෙන පහර දුන්නේ ඒක සනාථ කරන්න තවත් එක් සාධකයක් එකතු කරමින්. නැපෝලියන් හැමදාම කිව්වේ ‘මගේ අම්මා සුවිශිෂ්ටතමක කාන්තාවක්, ඇය තමයි මේ ලෝකේ ඉන්න ශක්තිමත්ම වගේම ධෛර්යවන්තම කාන්තාව’. කියලා.
නැපෝලියන් කියන්නේ ලෙටීෂියාගේ හතරවැනි දරුවා. ඒත් ඒ වෙද්දි නැපෝලියන් හැරෙන්න ජීවතුන් අතර හිටියේ ජෝසප් කියන වැඩිමහල් සොහොයුරා විතරයි. හරිහමන් පහසුකම් නැති නිසා වගේම පුංචි කාලේ හැදුණු රෝගී තත්ත්වයන් නිසා ලෙටීෂියාට හැඬු කඳුළින් කිරි කැටියන් දෙන්නෙක්ම පොළවේ තැන්පත් කරන්න සිද්ධවුණා.
කාලෝ මාරියා බොනපාට් කියන්නේ නැපෝලියන්ගේ තාත්තා. ඉතාලි මිශ්‍ර සම්භවයක් තිබුණු කාලෝ බොහොම බුද්ධිමත් වගේම නිදහස්කාමී පුද්ගලයෙක්. වෘත්තියෙන් නීතිවේදියෙක් විදිහට කටයුතු කරමින් සාරවත් ජීවිතයක් ගතකරමින් හිටියත්, කෝර්සියන් දූපත ප්‍රංශයට අයත්වීමත් එක්ක අලුත් පාලනයට විරුද්ධව පටන්ගත්ත අරගලයට කාලෝ එකතු වුණා. එතනදි බොහොම මුරණ්ඩු තීරණයක් ගත්ත කාලෝ නීති පොත පැත්තකින් තියලා, කඩුව අතට ගත්තේ ලෙටීෂියාව වගේම පවුලේ හිතවතුන්ගේ දැඩි විරෝධය මැද්දේ යි.
ප්‍රංශ පාලනයට විරුද්ධව කෝර්සියන් දූපතේ කැරල්ලේ ඉදිරියෙන්ම හිටපු නායකයෙක් වුණ පැස්කල් පාවොලී කාලෝ බොනපාට්ගේ මිත්‍රයෙක් වෙන්න ගියෝ බොහොම ටික කාලයයි. කැරැල්ල වෙනුවෙන් කාලෝගේ තිබුණු ධෛර්ය, කැපවීම සහ පක්ෂපාතිත්වය නිසා පාවොලී කාලෝට තමන්ගේ සහෝදරයෙක් තරමට සැලකුවා. පස්සේ කාලෙක පාවොලීගේ සහයකයා විදිහට කටයුතු කරන්නේත් කාලෝ. ඒ තරමටම මේ මිත්‍රත්වය පොදු අරමුණකට කැපවෙලා තිබුණා.
ඒත් මේ මිත්‍රත්තවයට කළු පැල්ලමක් එකතුවෙන්න වැඩි කාලයක් ගියේ නෑ. 1769 අග භාගයේදී ප්‍රංශ අධිරාජ්‍යයා විදිහට කටයුතු කරපු පහළොස්වන ලුවී රජතුමා කෝර්සියන් දූපතේ කැරැල්ල මර්දනය කරන්න තමන්ගේ සේනාව යෙදෙව්වා. මේ සටනින් දූපත් වැසියන්ගේ නිදහස වෙනුවෙන් අරගල කරපු පාවොලීගේ සේනාව පරාජයට පත්වුණා, මේක තමයි පස්සේ කාලෙක සුප්‍රසිද්ධ ෆොන්ටේ නූ සටන විදිහට හඳුන්වන්නේ. මේ පරජයෙන් පස්සේ සේනාවත් අතහැරලා දාලා පාවොලී බ්‍රිතාන්‍යයට පැනලා ගියා. ඒත් කාලෝ බොනපාට් පරාජය බාරගෙන ලුවී අධිරාජ්‍යයා ඉදිරියේ දණ ගැහුවා. ඒ නිසාම කාලෝ ඇතුළු පිරිසට තව කාලයක් ජීවත්වෙන්න අවස්ථාව ලැබුණා. මේ සටනින් පස්සේ කෝර්සියන් දූපත සම්පූර්ණයෙන්ම ප්‍රංශ අධිරාජ්‍යයාගේ බලයට යටත්වුණා. දූපත පදනම් කරගත්ත පාලනයේ ලුවී රජ්ජුරුවන්ගේ නියෝජිතයා විදිහට තෝරගත්තේ දූපතේ නිදහස වෙනුවෙන් කැරැල්ලේ ඉදිරියෙන්ම හිටපු නැපෝලියන්ගේ තාත්තා කාලෝ ම තමයි.
මේ සටන් මාලාවෙන් පස්සේ දූපතට සාමය උදාවුණා. කෝර්සියන් වැසියන් සාමයෙන් අලුත් පාලනයට යටත් වෙලා වෙලාවට කලාවට බදු ගෙවමින් ජීවත්වෙන්න පටන්ගත්තා. අලුත් පාලන රාජකාරී එක්ක කාලෝ බොනපාට් ටික ටික කාර්යබහුල වෙද්දි, නැපෝලියන්ට සැලකිය යුතු නිදහසක් ලැබිලා තිබුණා. ලෙටීෂියා වුනත් නැපෝලියන්ගේ නිදහසට බාධා නොකර ඔහුට පරිසරය, සමාජය වගේම මිත්‍රශීලී ඇසුර එක්ක ගොඩනැගෙන්න ඉඩදුන්නා. හැබැයි ඒ නිදහස ඇතුලේ ලොකු මහත් වෙමින් හිටියේ ටිකක් විතර කුකුළ් කේන්තිකාරයෙක්.
හැමදාම කව්රුහරි අම්මා කෙනෙක් ලෙටීෂියා හමුවෙන්න ආවේ නඩුවක් එක්ක. ‘නැපෝලියන් මගේ පුතාට ගහලා - නැපෝලියන් මගේ පුතාගේ අත හපලා - නැපෝලියන් මගේ පුතාගේ බෙල්ල සූරලා’ මේ බොහොමයක් නඩු නැපෝලියන්ගේ තාත්තට විසඳන්න පුළුවන් ඒවා නෙවෙයි. ඒ වගේම ලෙටීෂියා මේවා කාලෝගේ ලඟට නොයවන්නත් පරිස්සම්වුණා. තමන් අකමැති දේවල් ඇහෙද්දි, තමන් අකමැති දේවල් සිදුවෙද්දි අත පය දරදඬු කරගෙන කොල්ලන්ට පහරදෙන්න, හපන්න පනින නැපෝලියන්ව මට්ටු කරන එක ලේසි නෑ කියලා ලෙටීෂියා තේරුම්ගත්තා. දවස ගාණේ හෝදන මඩ පැල්ලම්, ලේ පැල්ලම් තැවරුණු නැපෝලියන්ගේ ඇඳුම් සෝදන ලෙටීෂියා තීරණය කලේ, මේ කොල්ලා දැම්මම මට්ටු කලේ නැත්නම් ඉස්සරහට මෙල්ලකරන්න බැරි අශ්වයෙක් ගාණට පත්වෙනවා කියලා දැනගෙනම තමයි.

නැපෝලියන් බොන පාට් කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් පිළිගන්නේ අධිරාජ්‍යයෙක් විදිහට. ඒ උනාට අපි දන්න හැටියට නැපෝ ලියන් කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රංශයේ පන්සල් රටේ කියලා තියෙනවානේ.
ReplyDeleteමොකද ඔහු මධ්‍ය දැන සදාතනික යුගයේ සහ සිසුරා නින්දේදී විශේෂයෙන්ම අඳුරු යුගය. ඔස්සේ මිනිස් චින්තන ධාරාව වෙනස් කිරීමට කටයුතු සිද්ධ කෙරූ අයෙක්.
ඒ වගේම තමයි ඔහුගේ තියෙන ගුණාංග වලින් ගනිද්දි යොදගාමී බවත් විශේෂයෙන්ම රණසූරයේ. එයත් අප සලකා බැලිය යුතුයි.
ගෘහ නිර්මාණ ශිල්පයට විශේෂ දක්ෂතා දක්වා තිබෙනවා.
මෙම පණිවිඩය සිංහලෙන් ටයිප් කරාට ගූගල් ආස්ලේටර් වලින් මට සිංහල බෑ හැමෝම ඉංග්‍රීසියෙන් දාපු එක තමයි මේ දැන් මේ අකුරු එහෙ මෙහෙ වෙලා ඇති.